ප්‍රියංවදාගේ අලුත් පොත් ද්විත්වය

සුනිලා විජේසිංහ:

දශක ගණනක් තිස්සේ අඛණ්ඩව ලේඛන කලාවෙහි නිරතව හිඳිමින් හෙළ සාහිත කලාවෙහි පෝෂණයට මහත් දායකත්වයක් දක්වා ඇති කෘතහස්ත ලේඛිකාවක වන ප්‍රියංවදා ඇම් බන්දුවර්ධන මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ද අලුත් ම ග්‍රන්ථ දෙකක් සමඟින් ඔබ හමුවට පැමිණෙන්නීය.

ප්‍රියංවදා ඇම් බන්දුවර්ධන

ස්ටාලින් විසින් සෝවියට් යුක්‍රේනයෙහි නිර්මාණය කරන ලද අති අමානුෂික හොලොඩොමර් (Holodomor) සාගතයත් යුක්‍රේනියානු සහෝදරියන් දෙදෙනෙකු වූ කතියා සහ ඇලීනා එයට මුහුණ දුන් ශෝචනීය නමුත් ධෛර්යසම්පන්න ආකාරයත් ඔස්සේ ගොඩනැගී ඇති ‘කීව් දියණියෝ’ සැබවින්ම විශ්මය ජනක කතාවක් රැගත් පාඨක මනස මහත් සේ සසල කරවන පරිවර්තිත නවකතාවකි.
ඉතිහාසයේ සැඟව ගිය සැබෑවක් අපූර්වාකාරයෙන් හෙළිදරව් කරන මෙම කෘතිය එළිදැක්වෙන්නේ සරසවි ප්‍රකාශනයක් හැටියට ය’


‘තවත් සින්ඩරැල්ලාවක්’ ප්‍රියංවදාගේ සුපුරුදු සරල සුන්දර ලේඛන ශෛලිය තවදුරටත් ඔප් නංවන ලද ස්වතන්ත්‍ර කෙටිකතා සංග්‍රහයකි. බොහෝ දුර රටක වසර ගණනාවක් වාසය කළද ස්වකීය මාතෘ භූමියේදී තමා අත්දුටු අසාමාන්‍ය අත්දැකීම් ඇගේ සිත තුළ කොහේ හෝ සැඟව තිබුණා විය හැකිය.

මෙහි එන කෙටිකතා බොහොමයකට පාදක වී ඇත්තේ ඇය ඇසූ දුටු එබඳු සංවේදී සංසිද්ධීන් කිහිපයකි. තවත් සින්ඩරැල්ලාවක් ඇතුළු කෙටිකතා දහ හතරක් රැගත් මෙම කෙටිකතා ග්‍රන්ථය සුරස, ෆාස්ට් පබ්ලිෂින් ආයතනයෙහි ප්‍රකාශනයකි.

සුනිලා විජේසිංහ-Sunila Wijesinghe

More From Author

ස්වාභාවික පරමාණුව සහ කෘත්‍රිම පරමාණුව අතර වෙනස

ඔයා කෙනෙකුට ආදරේ නම් එයාට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348