ඔයා කෙනෙකුට ආදරේ නම් එයාට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න ඕන

මහේෂි බී.වීරකෝන්:

ජපානේදි, ආදරය නිර්වචනය වෙන්නේ අනුරාගයෙන්වත්, මහා ප්‍රේමණීයත්වයෙන්වත්, විශේෂ දවස් වල තෑගි දෙන මල් පොකුරුවලින්වත් නෙමේය කියලා මම කියවලා තියනවා.

ඔවුන්ගේ සංස්කෘතිය තුළ, ආදරය කියන්නේ, දිගින් දිගටම සමීපබව ඉල්ලා සිටීම හෝ ප්‍රශ්න ඇසීම නෙමෙයි. “ඔයා කෙනෙකුට ආදරේ නම් හැම වෙලේම එයා ලඟින් ඉන්න ඕනි” කියලා අපි නිතර කියනවා උනත්, ඔවුන් හිතන්නේ, “ඔයා කෙනෙකුට ආදරේ නම් එයාට නිදහසේ හුස්ම ගන්න ඉඩ දෙන්න ඕනි” කියලා.

ඔවුන් අතරේ “oyakake bukaeru” නමින් සංකල්පයක් පවා තියනවා. එයින් අදහස් වෙන්නේ, කෙනෙකු අසලින් රැඳෙන නිහඬතාවය. වචනයක්වත් නොකියා පැය ගානක් උනත් ලඟින් වාඩිවෙලා ඉන්න තියෙන හැකියාව. ඒ ඔයා කේන්තියෙන් නිසා නෙමෙයි. ඒ, ඔයාට සංසුන් බවක් හැඟෙන නිසා. හුඟක් සංස්කෘතීන් නිහඬබව දිහා බලන්නේ ගැටළුවක් විදියට. ජපානෙදි, ඒක ගැඹුරුබවේ සළකුණක්.

එහිදි, ආදරෙන් කියවෙන්නේ “නිරතුරුව එකට හිඳීම” නොවෙයි. ජපානේදි, වෙන් වෙන් වූ කාමර වල නිදාගැනීම, තනි තනිව නිවාඩු යෑම, නැතිනම් වෙනස් වෙනස් දේ හඹා යෑම, යුවළකට සාමාන්‍ය දෙයක්. ස්වාධීනත්වය කියන්නේ ද්‍රෝහීවීම නොවෙයි. දුරස්බව කියන්නේ අවසානය නොවෙයි. සියළු දේට වඩා වැදගත් වෙන්නේ එකිනෙකාගේ සාරයට බාධා නොකිරීමයි.

සතුට කියන්නේ අනෙකාගෙන් බලෙන් ඉල්ලා හිටින දෙයක් නොවෙයි. සතුට කියන්නේ ඔයා සබඳතාවය තුළට ගෙන එන සාමයට. ජපානය තුළ දික්කසාද අනුපාතය අඩු ඒ නිසයි. මානසික කඩා වැටීම් සහ විඩාවට පත්වීම් ඊටත් අඩුයි.

බාගවිට, ඒ, එයාලගෙ සබඳතාවයන් පරිභෝජනය මත නොවී ගෞරවය, නිහඬ දයාර්දබව සහ අනේකාට ඔහේ ඉන්න දීමේ නිදහස මත ගොඩනැඟිලා තියෙන නිසා වෙන්න ඇති.

The Therapeutic Bookshelf

පරිවර්තනය : මහේෂි බී.වීරකෝන්

මහේෂි බී.වීරකෝන් -Maheshi B.Weerakoon

More From Author

ප්‍රියංවදාගේ අලුත් පොත් ද්විත්වය

ප්‍රංශය කොයිබටද? ලියොන් ට්‍රොට්ස්කි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348