“ලෝක දෘෂ්ටිය” (Weltanschauung) නැමැති සංකල්පය කියලා හදුන්වන්නේ පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් ලෝකය දකින, තේරුම් ගන්නා සහ අර්ථකථනය කරන ආකාරයයි. මේක තනි පුද්ගලයෙකුගේ ලෝකය තුල සරලවම ඇතුළත් වන්නේ විශ්වාසයන් (Beliefs)විදිහටයි. ඒවා ආගමික, දාර්ශනික හෝ වෙනත් ආකාරයේ විශ්වාසයන් සහ වටිනාකම්ය.(Values) යහපත් දේ සහ අයහපත් දේ පිළිබඳ අදහස්, සංස්කෘතික සම්ප්‍රදායන් (Cultural traditions) සහ සමාජයේ චාරිත්‍ර, වාරිත්‍ර, සිරිත් විරිත්, අත්දැකීම් (Experiences)සහ පුද්ගලික සහ සාමූහික අත්දැකීම්, ලෝකය පිළිබඳ දැක්ම (Worldview)ඒ කියන්නේ යථාර්ථය පිළිබඳ සමස්ත චිත්‍රය, වැනි දේවල්ය. ලෝක දෘෂ්ටිය වැදගත් වන්නේ ඇයි? ලෝකයේ සිදුවන දේවල් වලට අර්ථයක් ලබා දීම. අපගේ ක්‍රියාවන් සහ තීරණ වලට මග පෙන්වීමක් කරනවා. අන් අය සමඟ සබඳතා ගොඩනඟා ගැනීමට සහ සමාජයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට උපකාරී වෙනවා.උදාහරණක් විදිහට ආගමික ලෝක දෘෂ්ටියක් ඇති පුද්ගලයෙකුට, ජීවිතයේ අරමුණ දෙවියන් වහන්සේට සේවය කිරීම විය හැකියි. දාර්ශනික ලෝක දෘෂ්ටියක් ඇති පුද්ගලයෙකුට, සත්‍යය සෙවීම ජීවිතයේ මූලික පරමාර්ථය විය හැකියි. දේශපාලන ලෝක දෘෂ්ටියක් ඇති පුද්ගලයෙකුට, සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරීම වැදගත් විය හැකියි.ඉතින්, “ලෝක දෘෂ්ටිය” කියන්නේ අපි ලෝකය දෙස බලන කණ්ණාඩියක් වගේ. එය අපගේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් තීරණය කරනවා.
ෆ්‍රොයිඩ්ට අනුව විද්‍යාත්මක ක්‍රමයක් මත පදනම් වෙනවා කියලා කියන්නේ නිරීක්ෂණ, පරීක්ෂණ සහ සාධනීය සාක්ෂි මත එල්බ ගැනීමයි. විද්‍යාව,ඒ කියන්නේ ලෝකය වාස්තවිකව (objective) අධ්‍යයනය කරන අතර, යථාර්ථය තේරුම් ගැනීමට උත්සාහ කරනවා. විද්‍යාව, සාමාන්‍ය නීති රීති සොයා ගැනීමට උත්සාහ කරන අතර, ඒ ඔස්සේ නිගමන පල කරනවා. විද්‍යාත්මක දැනුම නිරන්තරයෙන් වෙනස් විය හැකි අතර, නව සාක්ෂි ලැබෙන විට සංශෝධනයට ලක්විය හැකියි. :ෆ්‍රොයිඩ්, ඔහුගේ කෘතිවල මාක්ස්වාදය ගැන එතරම් කතා කර නැහැ. නමුත් ඔහු, මාක්ස්වාදයේ සමාජ-ආර්ථික න්‍යායන්ට වඩා මනෝවිශ්ලේෂණයේ (psychoanalysis) මූලධර්ම කෙරෙහි අවධානය යොමු කළා. ෆ්‍රොයිඩ්ගේ සමහර අදහස්, මාක්ස්වාදයට පටහැනි වුණා. ඒ නිසා, ඔහු මාක්ස්වාදය ගැන වැඩි වශයෙන් සාකච්ඡා නොකළා වෙන්න පුළුවන්. කෙසේ වෙතත්, ඇතැම් විචාරකයන් පවසන්නේ, ෆ්‍රොයිඩ්ගේ සමහර අදහස්වල මාක්ස්වාදයේ බලපෑමක් ඇති බවයි.ඥානවිභාගය කියන්නේ දැනුම පිළිබඳ අධ්‍යයනයයි. ඥානවිභාග රාමුවක් මගින්, දැනුම ලබාගන්නා ආකාරය, දැනුමේ ස්වභාවය, සහ දැනුමෙහි සීමාවන් පිළිබඳව විමර්ශනය කරනවා. ෆ්‍රොයිඩ් ඔහුගේ න්‍යායන් ගොඩනැගීමේදී, ඥානවිභාගය මත පදනම්ව ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඔහු, මනෝවිශ්ලේෂණයේදී රෝගීන්ගේ අත්දැකීම් සහ සිහින විශ්ලේෂණය කිරීමෙන් ලබාගත් දැනුම, විද්‍යාත්මක දැනුමක් ලෙස බොහෝ දුරට මුල් කාලයේදී සැලකුවා.
ෆ්‍රොයිඩ් මාක්ස්වාදය ගැන කතා කරන්නේ ඉතාමත් ප්‍රවේශමෙන්. ඔහු මාක්ස්වාදය පිළිබඳව එතරම් ප්‍රසිද්ධ විවේචකයෙකු නොවූ නිසා, ඔහුගේ අදහස් ඉතා පරිස්සමෙන් ඉදිරිපත් කරන්න ඇති. ලෝක දෘෂ්ටික මාක්ස්වාදය (Worldview Marxism)ලෙස ෆ්‍රොයිඩ් මාක්ස්වාදයේ එක්තරා ප්‍රභේදයක් පමණක් තෝරාගන්නවා. ඒ, ලෝක දෘෂ්ටියක් ලෙස මාක්ස්වාදය දකින ප්‍රවේශයයි. මෙහිදී මාක්ස්වාදය යනු, ලෝකය පිළිබඳ දැක්මක් සහ සමාජය වෙනස් කිරීම සඳහා වන මූලධර්ම සමූහයක් ලෙස සැලකෙනවා. ෆ්‍රොයිඩ්ට අනුව, මාක්ස්වාදය සහ ආගම අතර යම් සමානකම් තිබෙනවා. දෙකම, ලෝකයට අර්ථයක් දෙන, ජීවිතයට මග පෙන්වන සහ සමාජය සංවිධානය කිරීමට උපකාරී වන විශ්වාස පද්ධති (belief systems) ලෙස සැලකිය හැකියි. දෙකම, යම් ආකාරයකින් මිනිසුන්ට සැනසීමක් සහ බලාපොරොත්තුවක් ලබා දෙනවා.ෆ්‍රොයිඩ්, මාක්ස්වාදය සහ ආගම අතර ඇති සමානකම් සාකච්ඡා කිරීමෙන්, දෙකෙහිම ඇති ශක්තීන් සහ දුර්වලතා විවේචනය කරන්නට ඇතැයි සිතිය හැකියි.

මාක්ස්වාදීන්, මාක්ස්වාදය විද්‍යාත්මක න්‍යායක් ලෙස තමයි සලකන්නේ. ආගම, විද්‍යාත්මක නොවන මිථ්‍යා මතයක් ලෙස ඔවුන් දකිනවා. ෆ්‍රොයිඩ් මාක්ස්වාදය සහ ආගම එකම තලයකට ගෙන ඒමෙන්, මාක්ස්වාදයට විද්‍යාත්මක තත්ත්වය අහිමි කරනවායැයි ඔවුන් සිතන්න පුළුවන්. මාක්ස්වාදීන්ගේ අරමුණ වන්නේ සමාජ විප්ලවයක් ඇති කිරීමයි. ෆ්‍රොයිඩ්ගේ අදහස්, සමාජ විප්ලවය සඳහා අවශ්‍ය වන විශ්වාසයන්ට හානි කරනවායැයි ඔවුන් සිතන්න පුළුවන්. මාක්ස්වාදය පදනම් වී ඇත්තේ ආර්ථිකය, පන්ති, සහ ඓතිහාසික භෞතිකවාදය වැනි සංකල්ප මතයි. ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ න්‍යායන්, මෙම පදනම්වලට අභියෝග කරනවායැයි ඔවුන් සිතන්න පුළුවන්. ෆ්‍රොයිඩ්, සෑම දෙයක්ම තේරුම් ගැනීමට මනෝවිශ්ලේෂණයේ මූලධර්ම භාවිතා කළා. මිනිසුන්ගේ හැසිරීම් තීරණය වන්නේ අවිඥානිකව ඇති ආශාවන් සහ ගැටුම්වලින් බව ඔහු විශ්වාස කළා. ෆ්‍රොයිඩ්, ආගම දකින්නේ මානව වර්ගයා විසින් නිර්මාණය කරන ලද මනෝවිද්‍යාත්මක සංසිද්ධියක් ලෙසයි. ඔහුට අනුව, ආගම මගින් මිනිසුන්ගේ බිය සහ අනාරක්ෂිත බවට පිළිතුරු සපයනවා. ෆ්‍රොයිඩ්, දේශපාලනය සහ සමාජය තුළ මිනිස් ස්වභාවයේ බලපෑම දුටුවා. සමාජ ගැටුම් සහ බල අරගල අවිඥානික ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඔහු සැලකුවා.ෆ්‍රොයිඩ් ඔහුගේ අදහස් ගොඩනැගුවේ විද්‍යාත්මක පර්යේෂණ, රෝගීන්ගේ අත්දැකීම් සහ දාර්ශනික අදහස් පදනම් කරගෙනයි. 19 වන සියවසේ විද්‍යාත්මක සොයාගැනීම්, ඔහුගේ චින්තනයට බලපෑවා. ෆ්‍රොයිඩ් ජීවත් වුණේ සමාජමය වශයෙන් ඉතා සංකීර්ණ කාලයකයි. පළමු ලෝක යුද්ධය, කාර්මික විප්ලවය සහ ලිංගිකත්වය පිළිබඳ නව අදහස්, ඔහුගේ චින්තනයට බලපෑවා. ෆ්‍රොයිඩ්, නීට්ෂේ සහ ඩාවින් වැනි දාර්ශනිකයන්ගේ අදහස්වලින් බලපෑමට ලක් වුණා.මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ, ෆ්‍රොයිඩ්ගේ අදහස් තේරුම් ගැනීමට නම්, ඔහුගේ මනෝවිශ්ලේෂණ න්‍යායන්, සමාජ පසුබිම සහ දාර්ශනික බලපෑම් පිළිබඳ අවබෝධයක් තිබිය යුතු බවයි.
ෆ්‍රොයිඩ්ගේ “මනෝවිශ්ලේෂණය පිළිබඳ නව හැඳින්වීම් දේශනා” (New Introductory Lectures on Psychoanalysis) නම් ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදයේදී මේ සියලු සංවර්ධනයන් අපට දැකගත හැකියි.ඒ වගේම, මේ කෘතිය 1933 වර්ෂයේදී ප්‍රකාශයට පත් කිරීමත් ඉතා වැදගත්.”මනෝවිශ්ලේෂණය පිළිබඳ නව හැඳින්වීම් දේශනා” (New Introductory Lectures on Psychoanalysis) නැමැති ග්‍රන්ථයේ අවසාන පරිච්ඡේදය, තුල ෆ්‍රොයිඩ්ගේ චින්තනයේ පරිණතභාවය පෙන්නුම් කරනවා. එහිදී, ඔහු ලෝක දෘෂ්ටිය, ආගම, මාක්ස්වාදය සහ සමාජය පිළිබඳව ඔහුගේ අදහස් පැහැදිලිව ඉදිරිපත් කරනවා.

මෙම පරිච්ඡේදය තුළ, ඔහුගේ න්‍යායන්ගේ සංකීර්ණ බව සහ ගැඹුර පැහැදිලිව දැකගත හැකියි. 1933 වර්ෂය, කියන්නේ ලෝක ඉතිහාසයේ ඉතාමත් වැදගත් වර්ෂයක්. ඒ වසරේදී, ජර්මනියේ බලයට නාසි පක්ෂය පාලනයට පැමිණියා. නාසීන්, මනෝවිශ්ලේෂණය සහ මාක්ස්වාදය වැනි දේ දැඩි ලෙස විවේචනය කළා. ෆ්‍රොයිඩ් යුදෙව් ජාතිකයෙක් වූ අතර, නාසි පාලනය යටතේ ඔහුට සිය ජීවිතය පවා අනතුරේ හෙළීමට සිදුවුණා. 1933 වර්ෂයේදී මෙම කෘතිය(දෙවැනි කොටසත් ඇතුළුව) ප්‍රකාශයට පත් කිරීම, ඉතාමත් වැදගත්. ඒ කාලයේ පැවති දේශපාලන තත්ත්වයත් සමග ෆ්‍රොයිඩ්ගේ අදහස්වල තිබූ නිර්භීතකම සහ ධෛර්යය එයින් පෙන්නුම් කරන නිසයි.මේ අනුව, “මනෝවිශ්ලේෂණය පිළිබඳ නව හැඳින්වීම් දේශනා” කෘතියේ අවසාන පරිච්ඡේදය සහ එය ප්‍රකාශයට පත් කළ ඓතිහාසික මොහොත, ෆ්‍රොයිඩ්ගේ චින්තනය, ඔහුගේ ධෛර්යය සහ එම කාලයේ පැවති දුෂ්කරතා පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වෙනවා.
1929 වර්ෂයේ ඇතිවූ මහා ආර්ථික බිඳවැටීම, ලෝකයේ බොහෝ රටවලට දැඩි ලෙස බලපෑවා. ජර්මනියද එයින් බැහැර වුණේ නැහැ. උද්ධමනය, විරැකියාව සහ සමාජ අස්ථාවරත්වය වැනි ගැටළු ඇති වුණා. මේ තත්ත්වය, නාසි පක්ෂය බලයට ඒමට හේතු වුණා. 1933 ජනවාරි මාසයේදී, ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ චාන්සලර් ලෙස පත් වුණා. මෙය, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව එල්ල වූ තවත් පහරක් වුණා. නාසීන්, ඉක්මනින්ම සියලුම විරුද්ධවාදීන් මර්දනය කරමින්, ඒකාධිපති පාලනයක් ගොඩනැගුවා. සෝවියට් විප්ලවය, ලෝකයට නව බලාපොරොත්තුවක් ගෙනාවා. නමුත්, ස්ටාලින් යටතේ එය ඒකාධිපති පාලනයක් බවට පත් වුණා. ස්ටාලින්වාදය, මාක්ස්වාදයේ මූලධර්ම විකෘති කරමින්, මිලියන ගණනක් මිනිසුන්ගේ ජීවිත බිලිගත්තා.1933 වර්ෂයේදී ෆ්‍රොයිඩ් සිය කෘතිය ප්‍රකාශයට පත් කිරීම, මෙම ඓතිහාසික පසුබිම තුළ ඉතාමත් වැදගත්.

ඔහු, ඒකාධිපතිවාදයට එරෙහිව සිය අදහස් ඉදිරිපත් කළා. ඔහුගේ කෘතිය, මානව නිදහස සහ බුද්ධිය වෙනුවෙන් කළ කැපවීමක් ලෙස සැලකිය හැකියි.
විද්‍යාව සහ ආගම අතර සම්බන්දය (antagonisms පාසමිතුරුතා) ගැන සාකච්ඡා කරනකොට, ෆ්‍රොයිඩ් එකපාරටම එතෙක් කල් පැවතුණු ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදීන් (Freudo–Marxism – ෆ්‍රොයිඩ්ගේ සිද්ධාන්ත සහ මාක්ස්වාදය එකතු කරපු අය) ගැන ඔහුගේ විවේචනාත්මක අදහස් (critical responses – ඒ ගැන එයාගේ විවේචන) ඉදිරිපත් කරනවා . ඒ කියන්නේ, ෆ්‍රොයිඩ්, ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදය කියන කණ්ඩායම ගැන තමන්ගේ අදහස් ප්‍රකාශ කරනවා. ඒ අයගේ අදහස් වලට විරුද්ධව අදහස් දක්වනවා. ඒ වගේම, ඒ කාලයේ හිටපු දරුණු විවාදකාරයෙක් (enfant terrible – ටිකක් අමුතු විදියට කතා කරන, හැමෝම එක්ක එකඟ නොවෙන කෙනෙක්) විදියට සැලකුවේ විල්හෙල්ම් රයික් (Wilhelm Reich) කියන කෙනා. ඔහු ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදයේ වැදගත් චරිතයක් වුණා.සරලවම කිව්වොත්, ෆ්‍රොයිඩ් විද්‍යාව සහ ආගම ගැන කතා කරන අතරේ, ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදයට එරෙහිව ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා. ඒ අතරේ විල්හෙල්ම් රයික් කියන කෙනා ෆ්‍රොයිඩියානු අදහස් දැඩිව විවේචනය කරනවා.

ෆ්‍රොයිඩ්, ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදීන්ගේ අදහස් එක්ක එකඟ වුණේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණ න්‍යායන් (psychoanalytic theories) සහ මාක්ස්ගේ දේශපාලන හා සමාජ න්‍යායන් (political and social theories) සම්පූර්ණයෙන්ම එකිනෙකට ගැලපෙන්නේ නැහැ. ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් පුද්ගලයාගේ අභ්‍යන්තර ලෝකය (inner world) ගැන වැඩියෙන් කතා කළා. මාක්ස්ගේ න්‍යායන් සමාජයේ ආර්ථික හා දේශපාලන ක්‍රම (economic and political systems) ගැන කතා කළා. ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදීන් මේ දෙක එකතු කරන්න හැදුවම, ෆ්‍රොයිඩ්ට ඒක එතරම් සාර්ථක වුණා කියලා හිතුනේ නැහැ. ෆ්‍රොයිඩ්, ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදීන්ගේ අදහස් වල අඩුපාඩු දැක්කා. සමහරවිට ඔවුන් ෆ්‍රොයිඩ්ගේ මූලික සංකල්ප (basic concepts) වැරදියට තේරුම් ගත්තා කියලා ඔහු කිව්වා. උදාහරණයක් විදියට, මනස, ලිංගිකත්වය වගේ දේවල් ගැන ෆ්‍රොයිඩ්ගේ අදහස්, ඔවුන් වෙනස් විදියකට අර්ථකථනය කරන්න ඇති. සමහරවිට ෆ්‍රොයිඩ් කිව්වා, ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදීන් ඔහුගේ න්‍යායන් වැරදියට තේරුම් අරන් ඒවාට අනුව ක්‍රියා කළා කියලා. ඔහුගේ අදහස් වල හරය (core) ඔවුන් මගහැරියා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔහුගේ අදහස් ඔවුන්ගේ දේශපාලන අරමුණු (political goals) ඉටු කරගන්න උදව් වෙන විදියට වෙනස් කළා වෙන්න පුළුවන්. අවසාන වශයෙන්: ෆ්‍රොයිඩ්, ෆ්‍රොයිඩියානු-මාක්ස්වාදීන්ගේ අදහස් එක්ක එකඟ නොවුණේ ඔවුන් ඔහුගේ න්‍යායන් නිවැරදිව තේරුම් ගත්තේ නැහැ කියන හැඟීම නිසා වෙන්න පුළුවන්. ඒ වගේම, ඔහුගේ අදහස් සහ ඔවුන්ගේ අරමුණු අතර යම් ගැටුමක් තිබුණා වෙන්නත් පුළුවන්.
ෆ්‍රොයිඩ් මුල් කාලේ විශ්වාස කළා මනෝවිශ්ලේෂණය, නූතන විද්‍යාත්මක සම්ප්‍රදායට අනුකූල විය යුතුයි කියලා. ඒ කියන්නේ, විද්‍යාවේ තියෙන ක්‍රමවේද (methodology) අනුගමනය කරමින්, සාධක පදනම් කරගෙන, තර්කානුකූලව (logically) කරුණු පැහැදිලි කරන්න ඕනේ. ෆ්‍රොයිඩ්ගේ අදහසට අනුව, මනෝවිශ්ලේෂණය දේශපාලන අරමුණු (political agendas) සඳහා යොදා ගැනීම හෝ ඒ අනුව හැඩගැස්වීම වැරදියි. ඔහු දැක්කේ, එහෙම කළොත් මනෝවිශ්ලේෂණයේ විද්‍යාත්මක බව නැතිවෙනවා කියලා. ඒක නිසාම, ඇතැම් අය මනෝවිශ්ලේෂණය තමන්ගේ දේශපාලන අදහස් වලට ගැළපෙන විදියට වෙනස් කරනවාට ඔහු කැමති වුණේ නැහැ. ෆ්‍රොයිඩ් එහෙම කියද්දී, ඔහු වක්‍ර ලෙස (implicitly) දොස් පවරන්නේ, තමන් වටා සිටි පිරිස විසින් මනෝවිශ්ලේෂණය ඔවුන්ගේ දේශපාලන අදහස් වලට අනුව වෙනස් කරන්න හැදුවාටයි. ඒකෙන් අදහස් වුණේ, සමහර අය මනෝවිශ්ලේෂණය පාවිච්චි කළේ තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න හෝ තමන්ගේ දේශපාලන මතවාදයන් ප්‍රවර්ධනය (promote) කරන්නයි. ෆ්‍රොයිඩ්, මනෝවිශ්ලේෂණය විද්‍යාත්මකව තබාගත යුතු බව අවධාරණය කළා. ඒ වගේම, ඒක දේශපාලනයට යොදා ගැනීම හෝ ඒ අනුව හැඩගැස්වීම ඔහු දැඩි ලෙස හෙළා දුටුවා.
නමුත් මෙතැනදී, කෙනෙකුට තර්ක කළ හැකියි මනෝවිශ්ලේෂණය පිළිබඳ දේශපාලනික කියවීම් ෆ්‍රොයිඩ්ගේ සමාජ කියවීම් පිළිබඳ සාකච්ඡාවලින් සම්පූර්ණයෙන්ම අසම්බන්ධ නොවන බවත්,එම සාකච්ඡා දැනටමත් ස්වයංසිද්ධ දේශපාලන දර්ශනයක් (spontaneous political philosophy) බිහි කර ඇති බවත් යන්න.ෆ්‍රොයිඩ්ගේ අදහස් වලින්, දේශපාලන තේමාවන් වන බලය, පාලනය, සමානාත්මතාවය වැනි දේවල් පිළිබඳව අපට අදහස් ලබා ගත හැකියි. ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් භාවිතා කරමින්, සමාජ අසාධාරණය, හිංසනය, සහ වෙනස්කම් වැනි දේ විවේචනය කිරීමටත් පුළුවන්. මෙය කිසිදු නිශ්චිත දේශපාලන න්‍යායකට හෝ පාර්ශවයකට සීමා නොවන, නමුත් ෆ්‍රොයිඩ්ගේ අදහස් වලින් ස්වයංසිද්ධව බිහිවන දේශපාලනමය අවබෝධයක්.සරල උදාහරණයකට අනුව ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් අනුව, නායකයෙකුගේ ජනප්‍රියත්වය ඔහුගේ ආකර්ෂණය, බලය පිළිබඳ හැඟීම සහ ඔහු සමාජයේ අවශ්‍යතා නියෝජනය කරන ආකාරය තේරුම් ගැනීමේ හැකියාව පවතී. මේක දේශපාලන විශ්ලේෂණයට හොඳ උදාහරණයක්.සමූහ මනෝවිද්‍යාව සහ අහම විශ්ලේෂණය (Group Psychology and the Analysis of the Ego) නැමැති කෘතියේ දී ෆ්‍රොයිඩ්, පුද්ගලයන් සමූහයකට එකතු වන විට ඔවුන්ගේ හැසිරීම් වල වෙනස්කම් සිදුවන ආකාරය විස්තර කරනවා.

ඔහු “සමූහයාගේ මානසිකත්වය” ගැන කතා කරනවා.ඒ කියන්නේ රංචු මානසික තත්වය. එහිදී පුද්ගලයන්ගේ තර්කනය අඩු වී, හැඟීම් වලට මුල් තැන ලැබෙනවා. ෆ්‍රොයිඩ් තවදුරටත් නායකයන්ගේ චරිතය ගැන කතා කරනවා. සමූහයා නායකයා කෙරෙහි විශ්වාසය තබන අතර, ඔහුගේ අණට කීකරු වෙනවා. නායකයා බොහෝ විට “ආදරය කරන ලද පියා” (father figure) ලෙස සැලකෙන අතර, ඔහුගේ ප්‍රතිරූපය සමූහය තුළ එකමුතුකම ඇති කරනවා. උදාහරණයක් ලෙස, දේශපාලන රැළි සහ උද්ඝෝෂණ වලදී, සමූහයාගේ හැඟීම් ඇවිස්සීම, නායකයා කෙරෙහි විශ්වාසය තැබීම, සහ තනි පුද්ගලයන්ගේ විවේචනාත්මක චින්තනය අඩු වීම වැනි දේවල් දැකිය හැකියි. (Totalitarian Personality)
ෆ්‍රෑන්ක්ෆර්ට් පාසලේ විද්වතුන්, දෙවන ලෝක යුද්ධයේදී නාසිවාදය වැනි ඒකාධිපති පාලනයන් බිහිවීමට හේතු වූ කරුණු සොයා බැලුවා. ඔවුන් “සර්වාදිකාරී පෞරුෂත්වය” යන සංකල්පය හඳුන්වා දුන්නේ, ඇතැම් පුද්ගලයන් ඒකාධිපති මතවාදයන්ට සහයෝගය දක්වන්නේ මන්දැයි පැහැදිලි කිරීමටයි. මෙම පෞරුෂත්වය තුළ, අන්‍යයන් කෙරෙහි සැක සහිත වීම, බලයට කීකරු වීම, සහ වෙනස් මතවාදයන් ප්‍රතික්ෂේප කිරීම වැනි ලක්ෂණ තිබෙනවා. ෆ්‍රොයිඩ්ගේ අදහස් (උදා: අවිඥානික, ළමා කාලයේ අත්දැකීම්) භාවිතා කරමින්, මෙම පෞරුෂත්වයේ මූලයන් සොයා බැලීමට ඔවුහු උත්සාහ කළා. (Civilization and Its Discontents)කියන පොතේ ෆ්‍රොයිඩ්, ශිෂ්ට සමාජය මිනිසුන්ට සතුට ගෙන දෙන අතරම, ඔවුන්ගේ අසහනයට ද හේතු වන බව පවසනවා. සමාජයේ නීති රීති නිසා පුද්ගලයන් ඔවුන්ගේ ස්වභාවික ආශාවන් මර්දනය කිරීමටත්, එයින් අසහනයට පත් වීමටත් සිදුවෙනවා. ෆ්‍රොයිඩ්ට අනුව, නූතන සමාජය ලිංගිකත්වය, ආක්‍රමණශීලීත්වය වැනි ස්වභාවික ආශාවන් පාලනය කිරීමට දැඩි උත්සාහයක් දරනවා. මේ නිසා මිනිසුන් තුළ, කෝපය, බිය, සහ ආතතිය වර්ධනය වෙනවා. සමාජයේ සංවර්ධනයත් සමඟ මිනිසුන්ගේ සතුට ප්‍රශ්නකාරී වෙය යන අදහස මෙහිදී වැදගත් වෙනවා.
ෆ්‍රොයිඩ් ඔහුගේ පසුකාලීන කෘති වලදී, මනෝවිශ්ලේෂණය දේශපාලනයට කෙලින්ම යොදා ගැනීම සම්බන්ධයෙන් සැකයක් දැක්වූවා. ඒ වගේම මනෝවිශ්ලේෂණමය ලෝකදෘෂ්ටියක් (psychoanalytic worldview) යන සංකල්පය ඔහු ප්‍රතික්ෂේප කළා.හර්බට් මාකුස් වැනි ෆ්‍රෑන්ක්ෆර්ට් පාසලේ සාමාජිකයන් ෆ්‍රොයිඩ්ගේ අදහස් සමාජ විවේචනය සඳහා යොදා ගත්තා. ඔවුන් සමාජයේ බලය, මර්දනය, සහ ලිංගිකත්වය වැනි දේවල් ගැන ෆ්‍රොයිඩ්ගේ න්‍යායන් උපයෝගී කරගත්තා. මාකුස් “සමාජීය මැඩපැවැත්ම” ගැන කතා කළා. ඔහුට අනුව, සමාජය පුද්ගලයන්ගේ සතුට සහ ආශාවන් මර්දනය කරනවා. ඒකෙන් ඇතිවන්නේ අසහනය සහ විරෝධයයි. ෆ්‍රොයිඩ්ගේ අවිශ්වාසයට ප්‍රධාන හේතු කිහිපයක් තිබුණා.
ෆ්‍රොයිඩ් මුල් කාලයට වඩා පසුකාලිනව විශ්වාස කළේ මනෝවිශ්ලේෂණය විද්‍යාත්මක ක්‍රමවේදයක් නොවන බවයි. එය අර්ථකථන සහ අනුමාන මත පදනම් වූවක්. දේශපාලනයට කෙලින්ම සම්බන්ධ කිරීමෙන්, එහි පවතින ස්වභාවය නැතිවී යා හැකි බව ඔහු කල්පනා කළා. දේශපාලන ගැටලු ඉතා සංකීර්ණයි. මනෝවිශ්ලේෂණය හරහා සියලු දේශපාලන ගැටලු පැහැදිලි කිරීමට යාම සරල කිරීමක් විය හැකි බව ඔහු සිතුවා. මනෝවිශ්ලේෂණය දේශපාලනයට යෙදීමේදී, එය ඇතැම් දේශපාලන මතවාදයන්ට යට විය හැකි බවට ඔහු බිය වුණා. මනෝවිශ්ලේෂණය මගින් සමාජය මුළුමනින්ම වෙනස් කළ නොහැකි බව ඔහු විශ්වාස කළා. ෆ්‍රොයිඩ්ට අනුව, මනෝවිශ්ලේෂණය හරහා සමාජය විවේචනය කිරීම, සමාජයේ පවතින තත්ත්වයන් වෙනස් කිරීමට බාධා ඇති කළ හැකියි. ෆ්‍රොයිඩ් විශ්වාස කළේ මනෝවිශ්ලේෂණය පුද්ගලයන්ගේ මනස තේරුම් ගැනීමට උපකාරී වෙනවා. නමුත් එය දේශපාලන ක්‍රියාකාරකම් සඳහා කෙලින්ම යොදා ගැනීම සුදුසු නැහැ. ඔහුගේ අදහස වූයේ, මනෝවිශ්ලේෂණය දේශපාලනයට බලපාන ආකාරය වක්‍රව තේරුම් ගත හැකි වුවත්, එය දේශපාලන ක්‍රියාකාරකම් වලට සෘජුවම සම්බන්ධ නොකළ යුතු බවයි. ෆ්‍රොයිඩ් ඔහුගේ න්‍යායන් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් තිබූ අවිශ්වාසය තේරුම් ගැනීම, ඔහුගේ අදහස් වල සීමාවන් සහ වැදගත්කම තේරුම් ගැනීමට උපකාර වෙනවා.
නමුත් පසුකාලිනව ෆ්‍රොඉඩ් පවසන්නේ, එක්සත් කරන ලෝකදෘෂ්ටියක්, අවිඥානික පවතින ආශාවන් (unconscious desires) සමග සම්බන්ධයක් පවත්වන බවයි. මීට අමතරව, එම ආශාවන්, ලෝකදෘෂ්ටිය ගොඩනැගීම හරහා ප්‍රකාශ වන බවත් ඔහු පවසනවා. එක්සත් කරන ලෝකදෘෂ්ටියක් යනුවෙන් අදහස් කරන්නේ, යථාර්ථය සමස්තයක් ලෙස සලකන, සියලුම දේ එකම රාමුවක් තුළට ගෙන එන ලෝකදෘෂ්ටියක්. ලෝකදෘෂ්ටියක් යනු, හුදෙක් බුද්ධිමය ගොඩනැගීමක් පමණක් නොවෙයි. එය අවිඥානිකව පවතින ආශාවන්ගේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැගෙන දෙයක්. ලෝකදෘෂ්ටියක්, මිනිසුන්ගේ අවිඥානිකව පවතින දේවල් ලෝකයට ප්‍රකාශ කරනවා.ෆ්‍රොඉඩ් “ලෝකදෘෂ්ටි යාන්ත්‍රණ පිළිබඳ විවේචනය” කියන එකෙන් අදහස් කරන්නේ, සංකේතාත්මක දේවල් හරහා, අවිඥානිකව තියෙන දෙයක් ඉටු කරගන්න හදන ක්‍රම ගැන කරන විවේචනයක්.මෙහිදී, මනෝවිශ්ලේෂණයේ මුල් කාලයේ තිබුණු සොයාගැනීම්වලට අනුව, යම් යම් යාන්ත්‍රණ තියෙනවා, ඒවා අපේ නොදැනුවත්වම යම් අවශ්‍යතාවක් ඉටු කරනවා. ෆ්‍රොයිඩ් විශේෂයෙන්ම මේක පැහැදිලි කරන්න සිහින ගැන උදාහරණ ගත්තා. සිහින තුළින් අපේ අවිඥානිකව තිබෙන දේවල් සංකේත හරහා එළියට එනවා කියන එකයි ඔහුගේ අදහස වුනේ.තෘප්තියක්(satisfaction) ලබා ගැනීම සඳහා මිනිසා යෙදෙන ක්‍රියාවන් සරල ජීව විද්‍යාත්මක අවශ්‍යතාවයක් පමණක් නොව, සංකේතමය සහ බුද්ධිමය වශයෙන්ද සිදු වන බව ෆ්‍රොයිඩ්ගේ න්‍යාය පෙන්නුම් කරයි. මේ සතුට, එනම් ,තෘප්තිය බොහෝවිට සෘජුවම වස්තුමය ආකාරයකින් නොව, සංකේතමය ක්‍රමයන් හරහා (symbolic means) අත්විඳින දේවල් වේ. උදාහරණයක් ලෙස, කෑම කන එකෙන් සතුටක් ලැබෙන අයෙකුට, එම තෘප්තිය කෑම පිළිබඳ සිහින, කතාබහ, හෝ කල්පනා කිරීම මඟින්ද අත්කරගත හැකිය.මෙය සෘජුවම සම්බන්ධ වන, ෆ්‍රොයිඩ්ගේ “මුල්කාලීන ආශාව පිළිබද න්‍යාය” යටතේ, ආශාවන් සැබෑවටම ඉටු වීමක් නොව, සිහින, හෝ වෙනත් ව්‍යාකූල ආකාරවලින් ‘අස්ථිර’ ලෙස ඉටු කරගැනීමක් ලෙස තේරුම් ගත හැකිය. මෙවැනි ආශාවේ ක්‍රියාවන් අපට ක්‍රියාකාරී තෘප්තිමත් බවක් ලබා දෙනවාක් මෙන් පෙනුනත්, ඒවා බොහෝවිට වාචික යාන්ත්‍රණ මත පදනම් වේ.
වාචික යාන්ත්‍රණ (verbal mechanisms) ලෙස හැඳින්වෙන්නේ, වචන, කතාබහ, සංකේත භාවිතය, සහ භාෂාවට සම්බන්ධ සමාජ ක්‍රියාවලියන් යටතේ ක්‍රියාත්මක වන ආකාර වේ. මිනිසා තමන්ගේ අභිලාෂයන්, තෘප්ති, සහ තදින් හැඟීම් ප්‍රකාශ කරන්නේ මේවා හරහාය. මෙයින් සමාජය තුළ අන්තර්-විෂයී යථාර්ථයක් (intersubjective reality) නිර්මාණය වේ.අන්තර්-විෂයී යථාර්ථය යනු, තනි පුද්ගලයකුගේ යථාර්ථය පමණක් නොව, අන් අය සමඟ සිදුකරන සංකේතමය හුවමාරු තුළින් පිළිගන්නා ලද, පිළිගත් යථාර්ථයකි. ඒ කියන්නේ, කෙනෙකුගේ අදහසක්, එය සමාජ සාකච්ඡාවකට ලක් වීමෙන්, අන් අයගේ අදහස් සමඟ මුසුවීමෙන්, නව අදහසක්, නව යථාර්ථයක් බවට පත්වේ.ෆ්‍රොයිඩ්ගේ මනෝවිශ්ලේෂණ න්‍යාය මේ සියල්ල යටතේ මිනිසාගේ සතුට, තෘප්තිය, සහ ආශාවේ ක්‍රියාවන් සමාජීය වශයෙන් ගොඩනඟන ආකාරය පැහැදිලි කරයි. තෘප්තිමත් දෙයක් ලබාදෙන ක්‍රියාවන් සංකේතමය බවත්, එය වාචික සහ අන්තර්-විෂයී ගොඩනගීම් තුළින් සත්‍යයක් බවට පත්වන බවත් ඔහු පෙන්වා දෙයි.වඩාත් නිවැරදිව සඳහන් කලහොත්, ෆ්‍රොයිඩ් ඔහුගේ ලෝකදෘෂ්ටි පිළිබඳ විවේචනය හරහා අවිඥානික නැබුරුව පිහිටිය යුතු ස්ථානය අපට නිරූපණය කරලා දෙනවා. එහිදී ඔහු කියා සිටින්නේ, අපගේ හැසිරීම්, අදහස්, සහ හැඟීම්වලට බලපාන අවිඥානික අන්තර්ගතයන් සමාජීය සහ සංකේතමය ක්‍රියාවලියන් තුළින් මතුවෙන ආකාරය පිළිබඳව ඔහු සැලකිලිමත් විග්‍රහයක් සිදු කරයි.
ෆ්‍රොයිඩ් උගන්වන්නේ,අවිඥානය යනු අභ්‍යන්තරිකව සඟවා ඇති මනෝවිද්‍යාත්මක අවකාශයක් නොවෙයි. එය සමාජය තුළ තිබෙන භාෂාමය සහ සංස්කෘතික ව්‍යුහයන් මගින් හැඩගැසෙන, සම්බන්ධකාරී අවකාශයකි. මෙහිදී, අවිඥානය පිහිටුවන තැනට අදාලව, මිනිසාගේ ආශාව අවධානයට ලක් වේ.ෆ්‍රොයිඩ්ගේ දැක්මෙන්, ආශාව යනු සරල මනෝවිද්‍යාත්මක හැඟීමක් පමණක් නොවෙයි. ඒ වෙනුවට, එය විෂයීය යථාර්ථය (අපි තනි පුද්ගලයන් ලෙස ලෝකය දකීන ආකාරය) සහ සමාජීය යථාර්ථය (අපි එක්සත්ව සාදන, පිළිගන්නා ලෝක දෘෂ්ටිය) අතර සම්බන්ධය නිර්මාණය කරන රේඛාවක් ලෙස ක්‍රියාකරයි. ආශාව යනු ඒ සම්බන්ධය හැඩගැසීමේ ක්‍රියාවලියට අයත් ව්‍යුහාත්මක ක්‍රියාකාරකමකි.
සරලව පැහැදිලි කළහොත්, ආශාව කියන්නේ තනිවූ හැඟීමක් නොව, මිනිසාගේ අභිලාෂයන් සමාජයේ භාෂාමය සහ සංකේතමය ව්‍යුහයන් තුළින් හැඩගැසෙන ආකාරය නිරූපණය කරන සංකීර්ණ ක්‍රියාවලියකි. එය මනස තුළ සහ සමාජය තුළ ව්‍යුහමය පාලමක් සේ ක්‍රියාකරයි. තනි පුද්ගලයකු ලෙස අපගේ අදහස් හා හැඟීම් සහ සමාජයේ පිළිගන්නා අදහස් එකට බැඳීමේ ක්‍රියාවලියක් ලෙස ඔහු එය දකී.එසේ ම, ෆ්‍රොයිඩ්ගේ ලෝකදෘෂ්ටි විවේචනය, අවිඥානික ස්ථානය විවෘත කරමින්, ආශාවේ සමාජීය සම්බන්දය විග්‍රහ කරයි. මෙය පෙන්වන්නේ, ආශාව යනු අභ්‍යන්තර අභිලාෂයක පමණක් සීමා වන්නේ නැති අතර, එය සමාජය සහ සංකේතයන් මත පදනම්ව නිර්මාණය වන සම්බන්ධකාරී ව්‍යුහයක මූලික අංගයකි.ෆ්‍රොයිඩ්ගේ විශ්ලේෂණාත්මක දැක්මෙන්, ආශාව යනු තනි හැඟීමක් නොවෙයි. එය වඩාත්ම විශේෂිත, පරිණත ව්‍යුහයක නාමයකි අත්‍යන්තයෙන් කිවහොත් වෙනත් යථාර්ථයක් නොමැති දේයක් ලෙසත් තේරුම් ගත හැකිය. මේ සීමාව හරහාම අපි ලෝකය දකිනවා, හැඟීම් විඳිනවා, තීරණ ගන්නවා. එය වඩාත්ම මූලික මට්ටමකින්ම අපගේ හැසිරීම්, සමාජ සම්බන්ධතා, සහ විශේෂයෙන්ම අපේ හැඟීම් හැඩගස්වයි
එබැවින්, ෆ්‍රොයිඩ්ගේ ලෝකදෘෂ්ටි විවේචනය හුදෙක් මනෝවිද්‍යාත්මකවාදයක් (psychologism) ලෙස විග්‍රහ කළ නොහැක. ඔහුගේ විග්‍රහය අවිඥානය ආශාව, සහ පුද්ගල හැසිරීම් පමණක් නොව, සමාජ සම්බන්ධතා, සංකේත පද්ධති, සහ සංස්කෘතික ව්‍යුහයන් පිළිබඳවද යොමු වේ.
සරලව කිව්වොත්, ලෝකදෘෂ්ටිය කියන්නේ තේරුම් ගන්න අමාරු ප්‍රශ්නයක්. ෆ්‍රොයිඩ් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්නේ අර්ථය හොයලා. ඒක හරියට යථාර්ථය සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න හදනවා වගේ දෙයක්. පසුකාලිනව ෆ්‍රොයිඩ් පැහැදිලි කරන දේ වන්නේ, ලෝකය පිළිබඳ අපේ දැක්ම කියන්නේ සරල තර්කයකින් විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒකට ඔහු හෝ ඇය ගෙවන්නේ අර්ථය සෙවීමෙනි.ලෝකයෙහි ඇති දේවල්වල තේරුම අවබෝධය කරගන්න උත්සාහයකි. මේ උත්සාහය හරහා, ඔහු හෝ ඇය යථාර්ථය සම්පූර්ණයෙන්ම තේරුම් ගැනීමට උත්සාහ කරයි. ඒ තේරුම් ගැනීම සෙවීමේ ගමන පැහැදිලි කිරීම සඳහා ෆ්‍රොයිඩ් හයිනේගේ කවියක් උදාහරණයක් ලෙස ගෙන එනවා.එහිදී දර්ශනයට සිනාවක් ද, විවේචනයක් ද සිදු වෙයි.අපි බලමු ඒ කවියේ අර්ථය කුමක්ද කියා.
ජීවිතය හා ලෝකය බිදී ගිය බවට කවියාගේ හඬ අපට ඇසේ. මෙය ජීවිතය පිළිබඳ තිරසාර කලකිරීමක් හෝ අසාර්ථක අත්දැකීමක් ගැන කියයි. එය අවබෝධ කර ගැනීමට අපොහොසත් වූ ගැඹුරු ප්‍රශ්නයක් බවට ඉඟි කරයි.මෙම ප්‍රහේලිකාවට පිළිතුරු සොයා, කවියා “ජර්මානු මහාචාර්යවරයකු” වෙත හැරේ. මෙම චරිතය ජීවිතය තාර්කිකව විග්‍රහ කිරීමේ ශිල්පියා ලෙස සංකේතවත් කරයි. ඔහු කුසලතාවයෙන් යුතුව ජීවිතය “සැකසීමට” තැත් කරයි හොඳ හා නරක, හේතු හා ප්‍රතිඵල යනුවෙන් තාර්කික රාමුවක් තුළින් ජිවිතේ තේරුම් ගැනීමට උත්සහ දරයි.
නමුත් මෙම උත්සාහය අසාර්ථක වන අවස්ථාවක් කවියා විසින් ශක්තිමත් රූපකයකින් ඉදිරිපත් කරයි,මහාචාර්යවරයා රාත්‍රී තෝප්පිය හා ඇඳුම් කඩ කැබලි වැනි සුළු ද්‍රව්‍ය ගෙන අභ්‍යවකාශයේ සිදුරු පුරවන්නට උත්සාහ කරයි. මෙය ලස්සන රූපකයකි.රාත්‍රී තෝප්පිය/ඇඳුම් කඩ යනු ජීවිතයේ කුඩා, අසාර්ථක හෝ අර්ථරහිත අත්දැකීම්ය.අභ්‍යවකාශයේ සිදුරු යනු ජීවිතයේ ගැඹුරු හිස්තැන්, පිරවිය නොහැකි ප්‍රශ්න හෝ අවබෝධයෙන් ඔබ්බට යන රහස් දේවල්ය.මෙහි රසවත් කොටස වන්නේ තාර්කික ක්‍රම මගින් ජීවිතයේ සුන්බුන් පිරවිය නොහැකි බවයි.කුඩා දේවල් වලින් මහා ප්‍රශ්න විසඳීමට තැත් කිරීම, අභ්‍යවකාශ සිදුරක් රෙදි කැබලි වලින් අතුරා දැමීමට සමාන අසාර්ථක උත්සාහයකි.කවියේ මූලික අර්ථය වෙන්නේ ජීවිතය තාර්කික සූත්‍රවලට අයත් නොවේ. එහි සමහර තැන් තර්කයෙන්ම තේරුම් ගත නොහැක.මෙතැනදී ෆ්‍රොයිඩ් සංකේත (symbols) සහ වචන (words) භාවිතා කරන විදිහ ඉතාමත් වැදගත්. මොකද ඔහු කියනවා, අපි සිතිවිලි, හැඟීම්, අපේ අවිඥානික නැඹුරුව ප්‍රකාශ කරන්නේ, වචන සහ සංකේත හරහා කියලා.
මේකෙන් තේරෙන්නෙ, ෆ්‍රොයිඩ්ට අනූව අවිඥානික නැඹුරුව කියන්නේ පුද්ගලික දෙයක් විතරක් නෙවෙයි. ඒක සමාජයේ මිනිස්සු එක්ක එකිනෙකාට බැඳෙන විදිහත් එක්ක සම්බන්ධයි. මිනිසුන්ට වචන තියෙන්නේ තමන්ගේ හැඟීම්, බිය, ආශාවන් පවා කියන්න. ඒ නිසා අවිඥානික නැඹුරුව සමාජීය සබඳතා තුළ වැඩ කරන දෙයක්. එහෙම බැලුවොත් ෆ්‍රොයිඩ්ගේ අදහස් මනෝවිශ්ලේෂණයට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔහු කියන දේ දාර්ශනික (philosophical) අරමුණු තියෙනව. ඔහුගේ අදහස් ජීවිතය ගැන, සමාජය ගැන අලුත් ආකාරයක සිතා බලන්න ආරාධනා කරනවා.ඔහුගේ පහත ප්‍රකාශයෙන් ලෝක දෘෂ්ටියක් නොවන ලෙස මනෝවිශ්ලේෂණය දේවල් තේරුම් ගන්නේ කෙසේදැයි පැහැදිලි කරනවා.
Ladies and Gentlemen, – Allow me in conclusion to sum up what I had to say of the relation of psycho-analysis to the question of a Weltanschauung. Psycho-analysis, in my opinion, is incapable of creating a Weltanschauung of its own. It does not need one; it is a part of science and can adhere to the scientific Weltanschauung. This, however, scarcely deserves such a grandiloquent title, for it is not all-comprehensive, it is too incomplete and makes no claim to being self-contained and to the construction of systems. Scientific thought is still very young among human beings; there are too many of the great problems which it has not yet been able to solve. A Weltanschauung erected upon science has, apart from its emphasis on the real external world, mainly negative traits, such as submission to the truth and rejection of illusions. Any of our fellow-men who is dissatisfied with this state of things, who calls for more than this for his momentary consolation, may look for it where he can find it. We shall not grudge it him, we cannot help him, but nor can we on his account think differently.(New Introductory Lectures On Psycho-Analysis )

Mendis Murrukuwadura





