රශ්මික මණ්ඩාවලගෙන්  The Restaurant of Lost Recipes නවකතාවේ සිංහල පරිවර්තනය — “අහිමි රස මතක සෙවීම”

හිසාෂි කෂිවායි විසින් රච්ත The Restaurant of lost recipes. නැමති කෙට් නව කතාව ජපානය තුළ ව්ශාල අලෙව්යක් වාර්තා කල සාහිතය කෘතියක් මෙය සිංහල භාෂාවට පරිවර්තනය කරම්න් එම රසය මෙරට පාඨක ප්‍රජාව හා බෙදාගන්නට රශ්ම්ත මණ්ඩාවල සමත්ව තිබ්ම අගය කල යුතුයි.

මෙහි ආකෘතිය හරි අපුරු එකක් ඒකම තමයි මෙම නව කථාව මෙතරම් ජනපිුය වීමට හේතුව කියලා කිව්වොත් එය නිවැරදියි කියලයි මට සිතෙන්නේ. මොකද රශ්ම්කගේ පරිවර්තය මුල් කෘතිියට සාධාරණයක් ඉටු කර ඇතැයි සිතනවා. නාගරේ නැමති පියාත් කොයිෂි නැමති ඔහුගේ දියණියත් එකතුව පවත්වා ගෙනයන කමොගාවා අවන් හල හරි අපුරැ එකක් , අතිතයේ රසව්දි කෑමක් අවුරුදු ගණනාවකට පසුව එම රසයෙන්ම එය කෑමට සපයාදීම නාගරේගේ සහ කොෂිගේ රැකියවයි. මෙම දෙදෙනා කොතරම් දක්ෂව එය කරනවාදැයි , මෙම.කෘතිය තුළ වඩාත් ව්දාරනය කිරිමට සමත්ව තිබේ. ආහාරය හා බැඳුණු ම්නිස් හැගිම් සහ මතකයන් ගැන සරල මුත් ගැඹුරැ සංවාද කෘතිය පුරා දිවයන්නේ ඉතා සැහැල්ලුවකින් සහ ආත්මීය ව්ච්ත්රත්වයකින් යුක්තවයි. ඇත්තෙන්ම ජපානයේ ආහාර සංස්කෘතිය ඉතා ව්ච්ත්ර වුවක් .

Hisashi Kashiwai

මෙම පොත සාවධානව කියවුවොත් ඔබව එහි අස්සක් මුල්ලක් නෑරවම කෂිවායි ඔබව අරන්යන් යන්නෙ ඔබටත් නොදැනිව. එහි රිද්මය නොනසම්න් රශ්ම්ක අපිට ආහාර වේලකට කරන සත්කාරය, එය සෑදීමට ගන්නා වෙහෙස ඒතුල ව්දින ප්‍රමෝදය අප හදවත් තුළ දනවන්නට ව්දින වේදනාව පාඨකයා තුළ තනිකොට එය ව්දීමේ ආරාධනාව භාරදී කෘතියෙන් ඉවත්ව යයි . මෙය පරිවර්තකයෙකුට ලෙහෙසියෙන් කල හැකි කාර්‍යක් නොවේ.

Rashmika Mandawala

සකුරා මල් පිපෙන කියතෝවේ ගං ඉවුර, , හිගෂි හොන්ගන්ජී පන්සල සහ ගොමෙන් දෝරි වැනි වීදී තුළ සැරිසරම්න් එහි සොබාව සෞන්දර්ය මනසින් ස්පර්ශ කරම්න් පාඨක ඔබව කෘතිය තුළ වහලෙකු කොට එහි සදාතනික සිරකරැවෙකු කරයි. අහිම් රස මතක සොයා පරිවර්ථනය කියවගෙන යන ව්ට ඔබට නිතර බඩගින්න දැනෙන්න නොගත්තොත් තමයි පුදුමේ. නාගරේ අපේ කෘතියේ කතා නායකයා සුප වෙීදයේ ම්හිරී රසයෙන් අපිව කෑම සංස්කෘතිය තුළ අතරමන් කරයි.

Higashi Honganji Temple.

නොරිබෙන් , කෑම සොයාගිය කිතානෝ නැමති පිහිනුම් ශුරයාට සිය ළමා කාලය තුළ තම සූදු අන්තුවෙකු වු පියා සාදාදෙන ලද කෑම වට්ටෝරැව තුළ තමා ලත් ආස්වාදය සහ එම ආත්මීීය වේදනාව නැවත වතාවක් පසුකාළිනව ඔහුව වේදනාත්මක සතුටුවීමකට ලක්ව සිට් මොහොතක තම පියා සමග ඇති ආත්මීය සම්බන්දය නොරිබෙන් නැමති කෑම වට්ටෝරැව තුළින් එම බීදීගිය ජීව්තයේ කඩතොලුව ගිය තැන් ප්‍රතිෂ්ඨාපනය කරන්නටත් ,මිනිස් සම්බන්ධතාවයකට නැවත සක්‍රියව මුලපුරන්නටත් නාගරේ සුපවේදියාත් කොයිෂී ඇගේ දියණියත් කරන මැදිහත්වීීම තුළ හැකිවේ.

මම අවුරුදු 5කින් මගේ තාත්තාට කතා කරලා නෑ.

එයා ජීවත්වන තැන දන්නවද ?

එයා ජීවත් වෙන්නේ ෂීමානේවල.

කොයිෂිගේ දෑස් පුදුමයෙන් ව්ශාල වුනා.

බ්දීගිය පියපුතු සම්බන්දතාවයන් තුල ආත්මීය වේදනාවල් වලින් ලත් තුවාල සුවකරන්නට ආහාර සංස්කෘතියට හැකිද? එසේනම් ඒ කෙසේද ? කමොගවා කෑම රහස් පරික්ෂකයෝ තුළින් එය අපට කියවාගැනීමට සලස්වයි. තම පියා අතිතයේ සදාදෙන ලද නොරිබෙන් නැවත වතාවක් එම රසයම ව්දගැනිමේ අවස්ථාව ඉටු කරදුන් නාගරේට සමුදී නැවත යෑමට සැරසෙද්දි කියන දෙය බලන්න.

මට ඔයාට කියන්න අමතක වුණා. මෙතන ඉඳලා මම සමනළ ආර ව්තරක් පීනන්න තීරණය කලා .

ඒක බුද්ධ්මත් තීරණයක් , නාගරේ කීවෙී හිස මඳක් නමා ආචාර කරමින්.

මෙම වදන් සමුදාය තුළ කොතරම් ජීවන පරිචයක් ගැබ්ව ඇතිද යන්න කියවා ගැනීම ඔබට කෘතියතුල හැකිය යන්න නොරහසක්.

කෑම සමග සබැඳි ආත්මීය කතන්දර රාශියකින් යුුක්ත ,අතීතකාමී මතකයන් හාරා අවුස්සන්නටත් එම වේදනාත්ම මතකයන් තුළින් නැවත සතුටුවීමටත් නාගරේ සහ කොයිෂිගේ මැදිහත්ව්මි වලින් ගලායන ප්‍රබන්ධ මානය අල්ලා ගැනිමට පාඨකයා පොලබවාලන ආකාරය ප්‍රසස්ත මට්ටමක පවතී. සමකාලීන සමාජයේ ම්නිසුන්ගේ ආත්මීයත්වයට කතා කරන අවස්ථා ව්රලව පවතින මොහොතක එය කියවා ගැනිමේ මහඟු අවස්ථාව රශ්ම්ක මෙම පරිවර්ථනය තුළ පාඨකයාට ගෙන ආ ආකාරය , පාඨකයා එය කියවා ගන්නා ආකාරය මත ගොඩ නැගෙන සංවාදය බලවත්ය.

සම්ප්‍රදාය සහ නවීකරණය තුළ ඇති ගැටුම මාසාසුකි සහ යෝෂි දෙපලගේ හදිසි අනතුරකින් මියගිය පුතු මගින් ව්දාරනය කරන ආකාරය අපුරැය. එසේම පුතුගේ ව්යෝව ( truma ) තුළ නැවත අර්ථාන්ව්ත ලෝකයකට පැම්නෙන්නට ඔවුන් දෙපළ කත්සුයා නැමති ශිෂ්‍යයාගේ චරිතය තුළ ගෙන ඒමට සමත්ව ඇති ආකාරය තුළ කෂිවායිගේ මෙම කෘතිය වඩාත් අර්ථවත් තැනකට ඔසවා තැබ්මට සමත්වේ. මේ බලන්න

කත්සුයා තමයි මේ ළමයගේ නම , ඔහුගේ පෙනුම තරමක් දීප්තිමත් ව්ය. එයා ජපන් කේක්වලට කැමතියි. සතියකට එකපාරක් හරි එනවා ඒවා අරගෙන යන්න. සති දෙකකට කලින් අපි කඩේ වහලා යන්න හදද්දී, එයා හදිසියේම ඇව්ල්ලා එයාව ආධුනිකයෙක් ව්දියට බඳවා ගන්න පුළුවන්ද ඇහුවා.

අපිට අදහසක් නෑ තව කොච්චර කාලයක් මේ කඩේ අපිට කරගෙන යන්න පුළුවන්ද කියලා.

ඔයා හිතනවා එයාට පුළුවන් කඩේ ගෙනියන පස්වෙනි පරම්පරාව බවට පත්වෙන්න කියලා?

ඒකට තව සෑහෙන කාලයක් තියෙනවා. ඒත් එයාව ගන්න කලින් අපි ඒක සලකා බලන්න ඕන. අවංකව කියනවා නමි අපිට ඒක තේරෙන්නේ නෑ , මොකක්ද කරන්න ඕන කියලා. ඒක කකේරැව ( ම්යගිය පුතා ) අමතක කරනවා වගේ ,

අපිට තාමත් සුදානම් නැති බවක් දැනෙනවා.

නාගරේ සහ කොයිෂී තම උදව් ඉල්ලා එන අයට අදාළ කෑම සදාදෙම්න් කරන මෙහෙය තුළ ඔවුනටද තම කුටුම්භ ජීව්තය තුළ අත හැරැනු ම්නිස් සම්බන්දතාවයන් ඇති බවට සපයන ඉගිතුල ගැඹුරැ ජීවන පරිචයක සාරයක් කෘතිය තුළ අභිමුඛ වේ.

අපි තුන්දෙනාට කවදාවත් එකට වාඩ් වෙලා නත්තල් කේක් එකක් කන්න ලැබුණේ නෑ නේද ? ඒවන ව්ට නාගරේගේ බ්රිද ම්යගොසින්, සිය මව සිහිගන්වන පුජාසනය දෙස බලා කොයිෂී මෙසේ කියයි.

අවුරැද්දේ ඔයා කාර්යබහුල බව ඔයා හැමදාම කිව්වා. ඇගේ ස්වරය හැඟුම්බර ව්ය. අපි දෙන්නා ව්තරයි නේද අම්මේ?

කදුළුවලින් පිරි ගියද සිනාසුණ කොයිෂි සහ නාගරේ පුජාසනය දෙස බලා සිට්යහ.

නාගරේගේ කුටුම්භය තුළද අනෙකුත් අයගේ ජීව්ත තුළ මෙන්ම මග හැරැනු තැන් බොහෝමයක් තිබේ තම කලින් කරන ලද වෘතිය ජීව්තය තුළ තමන්ට ස්වකිය පවුලේ සබැඳියන් සමග මග හැරනු ජීව්තය තුළ ලත් අඩුව ඔහුටද වේදනාත්මක සතුටුව්මකට ඉඩහසර සලසන්නේ තම නව ජීවන වෘතිය තුළ ලත් අත්දැකිම් අනුසාරයෙනුයි.

ඩ්‍රාවුසි නැමති නාගරේගේ සුරතල් පුසා ද කෘතියේ සමබරතාවය රැකුමට මහඟු පිටුවහලක් සපයයි. කියවන්නෙකුට කෘතියේ කවරය තුළින් කරන ආරාධනා වට වඩා ගැඔුරැ ජීව්තාවබෝදයක් සහ ම්නිස් ආත්මීයත්වය ව්දාරණය කරන්නට රශ්ම්ක ව්සින් සිංහල භාෂාවට පරිවර්ථනය කරන ලද මෙම කුඩා ජපන් සාහිත්‍යය කෘතිය සමත්ව් තිබ්ම ඔහුගේ නිර්මාණ කාර්යයේ ඉදිරිගාම් පිම්මක් ලෙස හැදින්ව්ය හැක.

රාමේන් නැමති කෑම සාදා ගැනිම සඳහා පැම්ණි කත්සුජී සමග ඇති වු සංවාදයක දි නාගරේගේ කියමනකින් අපි කමොගවා කෘතිය කොතරම් ගැඹුරැ මානයන් ම්නිස් දිව්ය ව්නිව්දින්නට සමත්වී ඇත්දැයි දැන ගැනිමට පාඨක ඔබට භාර කරම්. එය ඔබට ස්පර්ශ කල හැකිවීමේ සිමාවන් මත කෘතිය ඔබේ ආධ්පත්‍යයට නතුකල හැක.

දැන් හුඟ කාලෙකට කලින් මම මගේ හීන අතහැරියා, ඉතින් මම ඒ ගැන කතාකරන්නෑ. කත්සුජී දෙස බලාගෙනම නාගරේ දිගටම කියාගෙන ගියේය. ඒත් මම හිතන්නේ මේකයි. ඔයා යම් දෙයක් වෙනුවෙන් , ඒක ඔයාගේ රස්සාව උණත් ජීව්තයේ වෙන දෙයක් වුනත් ඔයා ඒක මුළු හදවතින්ම කරනවානම් ඔයා නවත්වන තැනින් ඒක කරගෙන යන්න කව්රුහරි කෙනෙක් හැම වෙලාවෙම එනවා

මොකක් අරගෙන යන්නද ? කත්සුජී ඇසුවේය. ඔයා දන්නවද පරණ කියමනක් තියෙනවා, මොනතරම් වන්දියක් ගෙවන්න වුණත් තරුණ කාලේ කිසිම උත්සාහයක් අපතේ යවන්න එපා කියලා ? ඇත්තටම ඒකේ තව එකක් තියෙනවා.

ඒ මොකක්ද ?

අපේ තරුණ කාලේ පොහොසත් හීන කිසිදාක ව්කුණන්න තියෙන ඒවා නෙමෙයි ,

ඉතින් අහිම් රස මතක සොයා නැමති මෙම මහඟු පරිවර්තන කෘතිය ජපන් ජන සමාජයේ ම්නිසුන්ගේ ආත්ම්යත්වයේ වේදනාවන් තුළ එක් පැති කඩක් ව්දාරණය කරන ගමන් මෙයම ලාංකීය සංදර්භයක කෙනෙකුට සොයායා හැකි නම් එය පරිවර්තකයාට කරන මහඟු පිටුවහලක් වනු නොඅනුමාණය.

More From Author

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ස්විට්සර්ලන්තය විය යුත්තේ ඇයි?

ලෝක දෘෂ්ටිය” (Weltanschauung) නැමැති සංකල්පය කියලා හදුන්වන්නේ පුද්ගලයෙකු හෝ සමාජ කණ්ඩායමක් ලෝකය දකින ආකාරයයි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348