veil of ignorance එහෙම නැතිනම් සිංහලෙන්”නොදැනුවත් කමේ තිරය” කියන තේරුම දේන අදහස ප්‍රධාන වශයෙන්ම ගෙනාවේ ඇමරිකානු දේශපාලන දාර්ශනිකයෙකු වන ජෝන් රෝල්ස් විසින්. ඔහුගේ “A Theory of Justice” කියන පොතේ මේ සංකල්පය ගැන විස්තර කරලා තියෙනවා.

ඔහු සමාජ සාධාරණත්වය පිළිබඳව තර්ක කරද්දී, මේ න්‍යාය පාවිච්චි කළා. ජෝන් රෝල්ස්ගේ නොදැනුවත් කමේ තිරය කියන සංකල්පය තව ටිකක් විස්තරාත්මකව පැහැදිලි කරගමු.රෝල්ස්ගේ අදහසට අනුව, සාධාරණ සමාජයක් ගොඩනැගීමට නම්, සමාජයේ නීති රීති සහ ප්‍රතිපත්ති තීරණය කිරීමේදී, පුද්ගලයන් නොදැනුවත් කමේ තිරය පිටුපස සිටිය යුතුයි. එනම්, ඔවුන් තමන් කවුද, තමන්ගේ හැකියාවන් මොනවද, තමන්ගේ සමාජ තත්වය කුමක්ද වගේ දේවල් ගැන නොදැන සිටිය යුතුයි.මේකෙන් බලාපොරොත්තු වන දේ තමයි අවිනිශ්චිතතාවය (Uncertainty) තමන්ගේ තත්වය නොදන්නා නිසා, තමන්ට අවාසිදායක තත්වයක් ඇති විය හැකි බවට බියක් ඇති වෙනවා. ඒ නිසා හැමෝටම සාධාරණ වන ප්‍රතිපත්ති තීරණය ගැනීමට පෙළඹෙනවා. අපක්ෂපාතී බව (Impartiality) සහ තමන්ගේ වාසිය ගැන නොසිතා, හැමෝටම එක හා සමානව සැලකෙන තීරණ ගැනීම. සාධාරණත්වය (Fairness) යන්න සියලුම පුද්ගලයන්ට සමාන අවස්ථා සහ අයිතිවාසිකම් ලැබෙන ආකාරයට ප්‍රතිපත්ති සැකසීම, මින් බලාපොරොත්තු වෙනවා.
උදාහරණයකට සමාජයේ ආර්ථික ප්‍රතිපත්ති තීරණය කිරීමේදී,නොදැනුවත් කමේ තිරය යටතේ සිටින පුද්ගලයෙකුට තමන් පොහොසතෙක්ද, දුප්පතෙක්ද, නැත්නම් මධ්‍යම පාන්තික පුද්ගලයෙක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා, ඔහු හෝ ඇය හැමෝටම යහපත් වන ආර්ථික ප්‍රතිපත්ති ගැනීමට උත්සාහ කරයි.රෝල්ස්ගේ ප්‍රධාන අරමුණ වුණේ, සාධාරණ සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික මූලධර්ම මොනවාද කියලා සොයා ගැනීමයි. ” නොදැනුවත් කමේ තිරය” කියන සංකල්පය ඔහුගේ න්‍යායේ ඉතාම ශක්තිමත් අංගයක්.
ජර්මන් ජාතික දේශපාලන දාර්ශනිකයෙකු සහ නීතිවෙදියෙකු වන කාල් ශ්මිට්ගේ දේශපාලන දර්ශනයේ වැදගත් අංගයක් තමයි “සතුරා-මිතුරා” සංකල්පය. මේකෙන් අදහස් කරන්නේ දේශපාලනයේ හරය තීරණය වෙන්නේ මිතුරන් සහ සතුරන් කවුද යන්න මත බවයි.මෙහිදී, ශ්මිට් “සතුරා” කියන වචනය පාවිච්චි කරන්නේ, තමන්ගේ පැවැත්මට තර්ජනයක් වන, “වෙනත්” කෙනෙක්ව හඳුන්වන්නයි. මේ සතුරා, හුදෙක් පෞද්ගලික විරුද්ධවාදියෙක් නොවෙයි. ඔහු සමූහයක් ලෙස, රාජ්‍යයක් ලෙස හෝ වෙනත් සමාජ කණ්ඩායමක් ලෙස පෙනී සිටින්න පුළුවන්. මිතුරා සහ සතුරා අතර වෙනස තීරණය කරන්නේ දේශපාලන තීරණ ගැනීමේදීයි. තමන්ගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට සහයෝගය දෙන, තමන්ගේ අරමුණු වලට සහාය දෙන කෙනා හෝ කණ්ඩායම මිතුරා වෙනවා. මිතුරාගේ පැවැත්මට තර්ජනයක් වන, මිතුරාගේ අරමුණු වලට විරුද්ධ වන තැනැත්තා හෝ කණ්ඩායම සතුරා වෙනවා.ශ්මිට්ගේ තර්කය වුනේ, දේශපාලනය කියන්නේ සාමය හෝ සාධාරණත්වය ගැන කතා කරන එකක් නෙවෙයි, ඒක බලය පිළිබඳ කාරණයක්. දේශපාලනයේ වැදගත්ම දේ තමයි සතුරා කවුද කියලා තීරණය කරන එක. ඒ වගේම, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සතුරාට එරෙහිව සටන් කිරීම (යුද්ධය ඇතුළුව) අවශ්‍ය වෙනවා.
ජෝන් රෝල්ස් වැනි දාර්ශනිකයන්, බටහිර ලෝකයේ සාර්ථකත්වයක් ලෙස සලකන්නේ ආගමික ඉවසීමයි. එනම්, විවිධ ආගමික විශ්වාසයන්ට ගරු කිරීම සහ ඒවාට නිදහසේ අනුගත වීමට ඉඩ දීමයි. මෙය සාධාරණ සමාජයක් ගොඩනැන්වීමට අත්‍යවශ්‍ය දෙයක් ලෙස රෝල්ස් සලකනවා. ෂ්මිට්ට අනුව, ආගමික ඉවසීම යනු අර්බුදයකට පිවිසීමේ මාවතක් පමණයි. ඔහු විශ්වාස කරන්නේ, එක් යුගයක උදාසීනත්වය (ඉවසීම) ඊළඟ යුගයේදී අර්බුදයක් බවට පත්විය හැකි බවයි. මෙහිදී ෂ්මිට්ගේ අදහස වන්නේ, යම් ගැටුමක් සමනය කිරීමට උත්සාහ කිරීමේදී, එය අනාගතයේදී වෙනත් ආකාරයකින් මතුවිය හැකි බවයි. ආගමික ඉවසීම යනු සාධාරණ සමාජයක් ගොඩනැගීමේ අංගයකි. ආගමික ඉවසීම යනු අනාගතයේදී ඇතිවිය හැකි අර්බුදයකට මඟපාදන දෙයකි.මෙම අදහස් දෙක එකිනෙකට වෙනස් වන්නේ, ඔවුන් ඉවසීම දකින්නේ කෙසේද යන්න මතයි. රෝල්ස් එය ධනාත්මක දෙයක් ලෙස දකින අතර, ෂ්මිට් එය අනාගතයේදී ගැටලු ඇති කළ හැකි දෙයක් ලෙස දකිනවා.
අපි දැන් ෂ්මිට් සහ රෝල්ස්ගේ අදහස් තවත් පැහැදිලි කරගමු.ජෝන් රෝල්ස්ගේ දර්ශනයේ මූලික අදහසක් තමයි සමාජය සාධාරණ විය යුතුයි යන්න. සාධාරණත්වය පදනම් වන්නේ හැමෝටම සමාන අයිතිවාසිකම් සහ අවස්ථා ලැබිය යුතුයි යන මූලධර්මය මතයි. රෝල්ස්ට අනුව ආගමික ඉවසීම ඉතා වැදගත්. එයින් අදහස් කරන්නේ, හැමෝටම තමන්ගේ ආගම නිදහසේ අදහන්න පුළුවන්කම තියෙන්න ඕන. රෝල්ස් යෝජනා කරනවා, සාධාරණ නීති හදන්න කලින් අපි නොදැනුවත්කමේ වැස්ම තුල ඉන්න ඕන. ඒ කියන්නේ, අපි අපේ තත්ත්වය, හැකියාවන්, ආගම, ජාතිය වගේ දේවල් අමතක කරලා නීති හදන්න ඕන. එවිට අපි හැමෝටම සාධාරණ වන නීති හැදේවි කියලා.කාල් ෂ්මිට්ට අනුව දේශපාලනය කියන්නේ මිතුදම සහ සතුරුකම අතර වෙනස හඳුනා ගැනීමයි.
(Friend vs. Enemy) ෂ්මිට්ට අනුව, ආගමික ඉවසීම කියන්නේ දුර්වලකමක්. එයින් අදහස් කරන්නේ ගැටුම්වලට මුහුණ දීමට ඇති නොහැකියාව ප්‍රගුණ කරලිමයි. එවිට ඇතිවන්නේ උදාසීනත්වය සහ අර්බුදයයි කියලා ෂ්මිට් විශ්වාස කරනවා, ඉවසීම සහ උදාසීනත්වය නිසා ගැටුම් සම්පූර්ණයෙන්ම නැති වෙන්නේ නැහැ. ඒවා වෙනස් ආකාරයකින් නැවත මතුවෙනවා. උදාහරණයක් ලෙස, ආගමික ඉවසීම නිසා ආගමික මතවාදයන් පුද්ගලික වන අතර, එයින් සමාජයේ එකමුතුකම නැති වී නව මතවාදී ගැටුම් ඇතිවීමට පුළුවන්. රෝල්ස් විශ්වාස කරන්නේ, ඉවසීම සහ සාධාරණත්වය තුළින් සාමකාමී සමාජයක් ගොඩනගන්න පුළුවන් කියලා. ෂ්මිට් විශ්වාස කරන්නේ, ඉවසීම සහ උදාසීනත්වය නිසා ගැටුම් සමනය වුණත්, ඒවා නැවත ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා.සරලව කිව්වොත්: රෝල්ස්ට අනුව ඉවසීම හොඳයි, සාධාරණ සමාජයක් හදන්න. ෂ්මිට්ට අනුව ඉවසීමෙන් අර්බුද ඇතිවෙන්න පුළුවන්.

Mandis Murrukkuwadura





