දහසය වැනි විය වන තුරා මාක්ස්ගේ නමවත් දැනගත නොහැකි තරම් වූ රුසියාවේ හද්දා පිටිසර පරිසරයකින් පැමිණි ලියොන් ට්‍රොට්ස්කි විසි දෙවන විය වන විට රුසියානු මාක්ස්වාදී ව්‍යාපාරයේත් ඉනික්බිති ජාත්‍යන්තර මාක්ස්වාදී ව්‍යාපාරයේත් අග්‍රගන්‍ය නායකයකු බවට පත්විය.හමුදාවක් නොතිබූ තැනක රතු හමුදාව ගොඩනගා රටවල් 14කගේ ප්රතිවිප්ලවය පරාජය කිරීමට වසර දෙකක් පුරා යුධ පෙරමුණේ ම රැඳෙමින් නායකත්වය දුන්නේය.රුසියානු විප්ලවයේ ඉතිහාසය නම් දැවන්ත කෘතිය රචනා කරමින් විප්ලවයේ ඉතිහාසඥයාද බවට ද පත්විය.
රුසියානු විප්ලවයෙන් වසර සියයකට වඩා ගත වී තිබියදී , සෝවියට් දේශය ද බිඳ වැටී තිබියදී පවා තවමත් ට්‍රොට්ස්කිගේ චරිතාපදානය වැදගත් වන්නේ මහා මිනිස් අරගලයකට සජීවී ව සහභාගී වූවෙකු වශයෙන් කතුවරයාගේ ඓතිහාසික වැදගත්කම මෙන් ම තමන් විශ්වාස කල අදහස කිසිදු පීඩනයක් , බාධකයක් හමුවේ අත් නොහැරීම පිළිබද මීට වඩා පරිපූර්ණ උදාහරණයක් සමස්ත ලෝක දේශපාලනය තුල ම හමුවීම විරල වන බැවිනි. දේශපාලන අදහස අභිභවා මතුවෙන ට්‍රොට්ස්කිගේ විප්ලවීය ජීව ගුණය , අප්‍රතිහත ධෛර්යය ,කැපවීම , නායකත්ව පෞරුෂය , ලොව සෑම දේශපාලන ව්‍යාපාරයකට ම පමනක් නොව පුද්ගල පෞරුෂය ගොඩනැගීමේ ලා ද ආශ්වාදජනක උත්තේජනයක් වී ඇත්තේ ඒ නිසාවෙනි.
මේ වූ කලී ස්වයං චරිතාපදාන ග්‍රන්ථාවලියේ අති සුවිශේෂී කෘතියකි. එය හුදෙක් තනි පුද්ගලයකුගේ ජීවන තොරතුරු අඩුක්කු කෙරුණු කෘතියක් නොව මුළු මහත් යුගයක් පිළිබඳ කෙරෙන විශ්ලේෂණාත්මක කෘතියකි.ස්ටාලින් විසින් පිටුවහල් කරන ලදුව කොන්ස්තන්තිනෝපල් හි දී ලිවීම ආරම්භ කළ මෙම දැවැන්ත කෘතිය විශිෂ්ටත්වයට ගෙන ඒමට ප්‍රමුඛම හේතුවක් වන්නේ ට්‍රොට්ස්කිට ම ආවේණික අදහස් ප්‍රකාශ කිරීමේ නිරවුල් , ස්තිර , සෘජු ස්වභාවයයි.ප්‍රකට ට්‍රොට්ස්කිවාදියෙකු හා ට්‍රොට්ස්කිගේ විශිෂ්ටතම කෘතීන් සිංහල පාඨකයන් ට හඳුන්වාදීමේ ලා පුරෝගාමියෙකු වන ටී .අන්ද්‍රාදි විසින් සිංහලට පරිවර්තනය කරන ලද මෙම පරිවර්තනය තුල ද ට්‍රොට්ස්කිගේ රචනා ශෛලිය ඒ හැටියෙන් ම නිරූපනය වන්නේ පරිවර්තකයා ද විශිෂ්ට රචකයෙකු වීම අමතර වාසියක් කර ගනිමිනි.
වසර ගණනාවක් මුද්‍රණයේ නොතිබූ මෙම කෘතිය දැන් ඔබට පොත්.com වෙතින් 20% ක සුවිශේශී වට්ටමක් සහිතව මිලදී ගත හැක.

තුල්සිරි අන්ඳාදි -Tulsiri Andradi
පොත්.com





