සල්මන් රුෂ්ඩි ඝාතනයට තැත්කල මාතර්ට සිර දඩුවමි

ලෝකප්‍රකට නවකතාකරුවෙකු සහ බුකර් ත්‍යාගලාභී සල්මන්  රුෂ්ඩිට  2022 වසරේදී නිව්යෝර්ක් වලදී  පිහියෙන් ඇන ඝාතනය කිරීමට තැත්කල පුද්ගලයා වන  27 හැවිරිදි “හාඩි මාතාර්” ට වසර 25 ක සිර දඬුවමක් ලබා දෙයි.

තමා ඝාතනය කිරීමට තැත් කළ පුද්ගලයාට නිව්යෝර්ක් අධිකරණය උපරිම සිර දඬුවමක් ලබාදීම  ගැන තමන් “සතුටින්” සිටින බව සල්මන් රුෂ්ඩි  බීබීසී ඇතුලු  මාධ්‍යයන්ට  පවසා තිබෙනවා. මෙම පිහි ප්‍රහාර වලින්  සම්මානලාභී ලේඛක සල්මන් රුෂ්ඩිගේ එක් ඇසක් අන්ධව,  ඔහුගේ අක්මාවට හානි සිදුව ඇති අතර, ස්නායු හානි හේතුවෙන් ඔහුගේ  එක් අතක් අංශභාග තත්ත්වයට ද පත්ව සිටියි.

ඔහුගේ මතභේදාත්මක නවකතාවක් වන “The Satanic Verses” නම් පොත මගින්  මුහම්මද් නබිතුමාගේ චරිතයක් නිරූපණය වීම හා එහි කුරානය  පදනම්ව අපහාසයක් සිදුව ඇතැයි චෝදනා කිරීම හේතුවෙන්  1988 වසරේ සිටම ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා කොමේනිගේ පටන් මුස්ලිම් ප්‍රජාවගේ දැඩි  විරෝධයට හා විවිධාකාර පීඩාවන්ට සල්මන් රුෂ්ඩි ලක්ව සිටියි.

එකී මරණීය තර්ජන හේතුවෙන් ඔහු ගතකරමින් සිටින්නේ සැගවුනු ජීවිතයකි. අවසන් වරට 2022 වසරේ ඔහුට  නිව්යෝර්ක් වලදී ප්‍රහාරය  එල්ල වූයේ The Satanic Verses නිකුත් වී වසර 35 කටත්  පසුවය. 

The Satanic Verses” නවකතාව ඉන්දියාව හා රටවල් කිහිපයක තහනම් කිරීමෙන් පසු සල්මන් රුෂ්ඩි ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙම පොත  ඉස්ලාමයට එරෙහිව   කල එකක් නොව පුරාවෘත්ත කතාවක්  හා  ආදරය, මරණය, ලන්ඩන් සහ බොම්බේ  ගැන” බවයි. “The Satanic Verses” පොත ප්‍රකාශයට පත් වීමෙන් පසු “විට්බ්‍රෙඩ්” පොත් සම්මානය හිමි වූ අතර එය 1988 දී බුකර් ත්‍යාගය සඳහා කෙටි ලැයිස්තුගත කිරීමක් ද හිමි වුනා.

මෙම වසරේ නොවැම්බරයේ දී  සල්මන් රුෂ්ඩිගේ නවතම කෙටිකතා එකතුවක් වන “The Eleventh Hour”  ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටී. මෙය  මාරාන්තික  පිහි ප්‍රහාර වලින් පසු ලියන ඔහුගේ පළමු ප්‍රබන්ධ කෘතියයි.               ගාමිනී මුතුකුමාරණ

More From Author

“ගම අහිමි වූ නමුත් අපේ හදවත් අහිමිවී නැත “

“නොදැනුවත්කමෙි තිරය”

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348