Aufhebung” කියන්නේ ජර්මන් වචනයක්. දර්ශනය ඇතුළේ, විශේෂයෙන්ම හේගල්ගේ දර්ශනයේදී, මේක ටිකක් සංකීර්ණ අදහසක්. සරලවම කිව්වොත් “Aufhebung” කියන්නේ යමක් නැති කර දැමීම හෝ අවලංගු කිරීම විතරක් නෙවෙයි. ඒ වගේම යම් දෙයක් පරිවර්තනය වෙලා, අලුත් දෙයක් විදියට ඉහළට එසවීමක් (transcendence) ඒකෙන් අදහස් වෙනවා. ඒ කියන්නේ, යම් දෙයක් නැති කරලා, ඒකෙ හොඳ දේවල් ටික ඉතුරු කරගෙන අලුත් දෙයක් හැදෙනවා වගේ දෙයක්. හේගල්ගේ දර්ශනයේ, Aufhebun”” යනු ඔහුගේ අපෝහක ක්‍රමයට කේන්ද්‍රීය වූ සංකීර්ණ සංකල්පයක්. එහි තේරුම යමක් නිෂේධනය කිරීම හෝ අවලංගු කිරීම යන දෙකම වන අතර ඒ සමඟම එය සංරක්ෂණය කර ඉහළ මට්ටමේ අවබෝධයක් හෝ යථාර්ථයක් දක්වා ඔසවා තැබීමයි. එයට ප්‍රතිවිරුද්ධ අදහස් (නිබන්ධනය සහ ප්‍රතිවිරුද්ධ අදහස) අන්තර්ක්‍රියාවෙන් නව තත්වයක් මතුවන ගතික ක්‍රියාවලියක් ඇතුළත් වන අතර එමඟින් දෙකම ඉක්මවා යන සංස්ලේෂණයක් ඇති වේ.
ජනප්‍රිය මතයේ තිබුණේ ලිංගිකත්වය ළමා කාලයේ නොමැති දෙයක් කියලයි. ඒක සැලකුවේ යොවුන් වියේදී ඇතිවන ශාරීරික වෙනස්කම් එක්ක එන “ස්වාභාවික චාලකයක්” විදිහටයි. මේක කෑම බීම අවශ්‍යතාව වගේ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවක් ලෙසයි සැලකුවේ. ඒ වගේම, මිනිස්සු අතරේ “බලකළ නොහැකි ආකර්ෂණයක්” විදිහටත් මේක ගැන කතා වුණා.ෆ්‍රොයිඩ් මේ මතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කලා. ඔහු කිව්වේ ලිංගිකත්වය ළමා කාලයේ පටන්ම තියෙන දෙයක් කියලයි. ළමයින් තුළත් ලිංගික ආශාවන් සහ හැඟීම් තියෙනවා. ඒක ඔවුන්ගේ වර්ධනයට ලොකු බලපෑමක් කරනවා.

ෆ්‍රොයිඩ් කොහොමද මේ තත්වය තේරුම් ගත්තේ කියලා බලමු. මුලින්ම”Aufhebung” තේරුම් ගන්න පුළුවන් වෙනත් උදාහරණ කිහිපයක් ගමු. බීජයක් පොළොවේ සිටුවන විට, එය මුලින්ම වියෝජනය වෙනවා. ඒ කියන්නේ බීජය නැති වෙනවා. නමුත් ඒ නැති වීමෙන් පසුව, බීජය තුළ තිබූ දේවලුත් එක්ක, නව ගසක් හටගන්නවා. මෙතනදී “Aufhebung” සිද්ධ වෙනවා, මොකද බීජය නැති වුණත්, එහි තිබූ දේවලුත් එක්ක අලුත් ගසක් නිර්මාණය වෙනවා. ළමා කාලයේදී අපි යම් යම් දේවල් කරනවා, හිතනවා. නමුත් අපි වැඩෙන විට, ළමා කාලයේ තිබූ බොහෝ දේවල් වෙනස් වෙනවා. ඒත් ඒ වෙනස් වීමත් එක්කම, ළමා කාලයේ තිබූ අත්දැකීම් සහ දැනුම, වැඩිහිටි ජීවිතයට එකතු වෙලා, නව ආකාරයක ජීවිතයක් හදාගන්න පුළුවන්. මෙතනදීත්, “Aufhebung” වෙනවා. ප්‍රශ්නයක් ඇසූ විට, පිළිතුරක් සොයා ගැනීම සඳහා අපි ඒ ගැන හිතනවා, පරීක්ෂා කරනවා. පිළිතුර සොයාගන්නා විට, මුලින් තිබූ ප්‍රශ්නය නැති වෙනවා. නමුත් ඒත්, ප්‍රශ්නය ඇසීමෙන් ලැබූ දැනුම හා අවබෝධය, පිළිතුරට යන ගමනට උදව් වෙනවා. මෙතනදීත් “Aufhebung” සිද්ධ වෙනවා.”Aufhebung” කියන සංකල්පය ටිකක් සංකීර්ණයි. නමුත් මේ උදාහරණ වලින් අපිට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
ෆ්‍රොයිඩ් ඔහුගේ “ත්‍රිත්ව නිබන්ධන” three essays of sexuality තුළින් ජනප්‍රිය මතයේ තිබූ ලිංගිකත්වය පිළිබඳ අදහස් වෙනස් කරනවා. ඔහු ඒක කරන්නේ, හෙගල්ගේ Aufhebung කියන සංකල්පය පාවිච්චි කරලා. ඒ කියන්නේ, යම් දෙයක් සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා වෙනුවට, ඒක රැකගෙන, දියුණු කරලා, අලුත් තලයකට ගෙනියන එක.ෆ්‍රොයිඩ්,එතැනදී ජනප්‍රිය මතය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ නැහැ. ඒ වෙනුවට, ඔහු ඒ අදහස් අධ්‍යයනය කරලා, ඒවාට අලුත් අර්ථයක් දෙනවා. ඔහු කියන්නේ, ලිංගිකත්වය කියන්නේ හිතන තරම් සරල දෙයක් නෙවෙයි, ඒක සංකීර්ණ දෙයක්.”ත්‍රිත්ව නිබන්ධන” වල තියෙන පරිච්ඡේද වලින් (ලිංගික විකෘති, ළමා ලිංගිකත්වය, යොවුන් වියේ ලිංගිකත්වය) ඔහු පෙන්නුම් කරන්නේ ලිංගිකත්වය කියන්නේ එක දිශාවකට විතරක් යන දෙයක් නෙවෙයි කියලා. ළමා කාලයේ අත්දැකීම්, සමාජයේ බලපෑම සහ අවිඥානය තියෙන දේවල් වගේ ගොඩක් දේවල් එක්ක එකතු වෙලා තමයි ලිංගිකත්වය හැදෙන්නේ කියලා ඔහු කියනවා.

Mandis Murrukkuwadura





