ඒ ස්වීට්සර්ලන්තයට රැකවරණ පතා පැමිණෙන ජනතාව සදහා ස්වේච්ඡාවෙන් සේවාවන් පවත්වාගෙන යන ජනයාගේ ආදර්ශ පාඨය.
බිලියන 8.062 ක් වෙන ලෝක ජනග්‍රහණයෙන් 2024 වර්ෂයේදී ලෝකයේ මිලියන 122 ජනතාවක් සරණාගතයින් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස්ගේ වාර්තාව අනුව කියයි.

එම සංඛ්‍යා වාර්ගීක ගැටුම් , යුධ හේතුවෙන් රටවල් හී අභ්‍යන්තර අවතැන්වූවන් හැර විය හැක . රැකවරණ පතා පලායමින් සිටින අති බහුතරය වාර්ගීක ගැටුම් සහ යුද්ධ හේතුවෙන් එසේ යති.
ජීවිතය රැකගැනීමට වෙනත් රටවල් වලට සංක්‍රමණය වන බොහෝ ජනයාට , තමන් පැතූ රැකවරණය නොලැබෙති. 2014 වර්ෂයේ සිට එසේ පැමිණ , මධ්‍යධරණී මුහුදේ පමනක් මිය ගිය ගනන 30,000කට අධික වේ. දේශ සීමා හරහා යැමෙදී , රෝගාතුර වීම හේතුවෙන් මියයන අය කොතෙක්දැයි නොදනී.
මනුෂ්‍යකු සරණාගතයකුවීම ඛේදවාචකකි. දශකයකට වඩා ස්වීට්සර්ලන්තයේ සරණාගතයකු ලෙස දිවිගෙවූ මා ඒ ගැන ලැබූ අත්දැකීම් බොහෝවෙයි.
නැගෙනහිර ස්වීට්සර්ලන්තයේ සොලිඩරටී නෙට්(Solidaritätsnetz Ostschweiz)
, සෙන්ට් ගාලන්හී ජාතීවාදයට එරෙහී සංවිධානය CaBi Antirassismus-Treff St. Gallen
වැනි සංවිධාන සමග සමීපව කටයුතු කිරීම නිසා අපට එවැනි අත්දැකිම් සේම රැකවරණ පතා දේශසීමා පනිමින් පැමිණි ජනයාගේ කතා ඇසීමටද අවස්ථාව ලැබුනි.
එසේ පැමිණියද සැම දෙනාටම ජීවිතය නැවත ගොඩනගා ගැනීමට අවස්ථාව නොලැබේ.
රැකවරණ ඉල්ලීම් හී යුක්ති යුක්ත කිරීමේ වගකීම පැවරෙන්නේ ඉල්ලුම් කරුට හෝ ඉල්ලුම්කාරීයට වේ. සාක්ෂි ලෙස ලියකියවිලි ඉදිරිපත් කල හැක්කේ අතලොස්සකට පමනී. යුරෝපයට ජනයා රැගෙන එන මිනිස් ජාවාරම්කරුවන් කියන සේ පය තැබූ මොහොතේ සියල්ල සම්පූර්ණ නොවේ.
නොදන්නා රටක නොදන්නා භාෂාවක් කතාකරන සමාජයකට අවතීර්ණ වන ජනයා මුහුණ දෙන ගැටළු බොහෝ වෙයි.
බොහෝ පීඩනයන් මත පලමු සහ දෙවන සම්මුඛ පරික්ෂණ වලට මුහුණ දෙන්නන්ට ඔවුනට සිදුවන සුළු අතපසුවීමක් , ඔවුන්ගේ ජීවිතයට ගෙන දෙන්නේ විශාල හානියකි. භාෂා පරිවර්තකයින්ට එහිදී විශාල වගකීමක් තිබුනද ඔවුන්ගෙන් පවා බරපතල අතපසුවීම් , වැරදි වටහාගැනීම්ද රැකවරණ පතන්නන්ට හානියක්වේ. ඒ බව මට මාගේ දෙවන සම්මුඛ පරික්ෂණයේදී නිරීක්ෂණය වුනි.
මෙහි රැකවරණ ඉල්ලන්නන්ගේ , ඉල්ලුම් පත්‍රයට තීරණයක් ලැබෙන තෙක් ඔවුන්ට රැදී සිටීමට N බලපත්‍රයක් ලැබෙන අතර එය මාස හයෙන් හයට දීර්ඝ කෙරේ. ඔවුන්ව මෙහි ප්‍රාන්ත 26 න් එකකට මාරුකර හරින අතර , මාස තුනකින් පසු ඔවුන්ට රැකියාවක් කිරීමේ අයිතිය ලැබේ.
එසේම ඔවුන් මෙහි ජාතික භාෂා හතරින් තමන් අනුයුක්ත ප්‍රාන්තයේ ජාතික භාෂාව ඉගෙන ගත යුතු වේ. ඒ සදහා පහසුකම් සැපයේ. ජර්මන් , ප්‍රංශ , ඉතාලි සහ රෙතෝරොමානිෂ් මෙහි ජාතික භාෂාවන් වෙයි.
රැකවරණ ඉල්ලීම ප්‍රතික්ෂේප වුවහොත් ස්වීට්සර්ලන්තයේ අභියාචනා අධිකරණයට යාහැකිවේ . එහි තීරණය නෙගටිව් වුවහොත් , රැකවරණ පතන්නන්ට රටින් පිටවෙන ලෙස දන්වනු ලැබේ. මෙහි රැදී සිටීමට අවසර නොමැති වුවද ඇතැම් රටවලට ජනයා පිටුවහල් නොකෙරේ.නයිජීරියාව ආදී රටවල් ඊට අයත්වේ. යුද්ධය පැවති සමයේ ලංකාවෙන් පැමිණෙන දෙමළ ජනයාවද එසේ පිටුවහල් නොකිරිනි. ඒ ඔවුන් දෙමළ වීම නිසාම ලංකාවේ අවමං සහගත සැලකිළි වලට භාජනය වන බවට , හිංසනයන්ට ලක්වන බව නිගමනය කර තිබූ බැවිනි. එවැනි ජනයාගේ රැකවරණ අයදුම්පත පිළිනොගත්තද ඔවුන්ව පිටුවහල් නොකරන බැවින් ඔවුනට F බලපත්‍රයක් දෙනු ලැබේ . ඒ රටෙහි තත්වය යහපත් වුවහොත් රටින් පිටවිය යුතු මට්ටමේ බලපත්‍රයකි. රැකියාවක් සොයාගේන , භාෂා ප්‍රවීනතාවයක් ලබාගන්නා එවැන්නන්ට B බලපත්‍රයකට හිමිකම් පෑ හැකියි. ස්වීට්සර්ලන්තයේ ජීවත්වෙන 60,000 පමන වූ දෙමළ ජනයාගෙන් අති බහුතරය එසේ මෙහි ජීවිතය ගොඩනගා ගත්තන් වෙයි.
ඇෆ්ගනිස්ථායේ සිට පැමිණෙන ජනයාට මෙන්ම සෝමාලියාවේ සිට පැමිණෙන ජනයාට එසේ නෙගටිව් බලපත්‍ර ලැබේ.(Vorläufig aufgenommene Flüchtlinge Ausweis F)
ඇෆ්ගනිස්ථායේ තලේබාන් පාලනයෙන් කාන්තාවන්ට වෙනස්කොට සැලකීම් ලැබෙන බැවින් එම කාන්තාවන්ට පොසිටිව් B බලපත්‍රයක් ලැබේ.
රැකවරණ අයදුන්පත පිලිගත් අයට පොසිටිව් B බලපත්‍රයක් ලැබෙන අතර(Anerkannte Flüchtlinge Asylgewährung) (B-Ausweis) , ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ටද ස්වීට්සර්ලන්තයට පැමිණීමට අවස්ථාව ලැබේ. ජීවිත කාලයටම ඔවුන්ගේ රැකවරණ වගකිම ස්විස් පෙඩරල් රජය පිලිගනී.
B බලපත්‍ර හිමි ජනයාට වසර 5 කින් මෙහි ස්තීර පදිංචිය C බලපත්‍රයකට ඉල්ලුම්කල හැකියි. එසේ ස්තීර පදිංචිය හිමි අයෙක් , ස්විට්සර්ලන්තයේ වසර දහයක් B බලපත් ලබාගත් දින සිට ජීවත්වී ඇත්තම් මෙහි පුරවැසිකමට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලැබේ.
පොසිටිව් F යනුවෙන් තවත් බලපත්‍රයක් ඇති අතර බොහෝවිට ටිබෙට් , බුටාන් වැනි රටවලින් පැමිණෙන්නන්ට එය හිමිවේ.(Anerkannte Flüchtlinge vorläufige Aufnahme als Flüchtling) (F-Ausweis)
රුසියාව යුක්ක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු මෙහි රැකවරණ පතා එන එම ජනයාට රැදී සිටීම සදහා ලබාදෙන බලපත්‍රය S ලෙස හැදින්වේ.
අනෙක් රැකවරණ පතා එන ජනයා විෂයෙහි ඔවුන්ව විශේෂකොට සැලකීම නිසා ස්වීට්සර්ලන්තයේ සරණාගතයින් පිලිබද ද්විත්ව සදාචාරටක් ඇතැයි චෝදනා නැගූවන්ද වේ.
කිසිදු රැදී සිටීමේ බලපත්‍රයකට හිමිකම් නොකියන අය නීතී විරෝධි රැදී සිටින්නන් ලෙස හැදින්වේ ඔවුන්ව Nothilfe ලෙස වර්ගීකරණය කෙරේ. ඔවුනට නිදාගැනීමට ඇඳක්, ආහාරයට යමක් සහ අත්‍යාවශ්‍ය ප්‍රතිකාර පමනක් ලැබේ.
* ජීවිතයට ඇති අයිතිය ස්වීට්සර්ලන්තයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිලිගෙන ඇති ඇති බැවින් ස්විස් ෆෙඩරල් අධිකරණයේ තීන්දුවක් අනුව Nothife ජනයාට එම හිමිකම ලැබි තිබේ.
එසේ වසර පහක් මෙහි රැදී සිටින්නෙකුට ” මානූශීය හේතුන් මත ” රැදී සිටීමේ බලපත්‍රයක් B පර්මීට් ඉල්ලිලුම් කල හැකිවේ.
* අපරාධ වැරදී නොමැතිබව
* භාෂා ප්‍රවීනතාවය A2 ලිඛිත සහ B1
කතාකිරීම
* යහපත් සමාජ සබඳතා
* යම් හෙයකින් රැදී සිටීමට අවස්ථාව ලදහොත් ඔහුට හෝ ඇයට රැකියාවක් ලබාදීමට සුදානම් බවට සේවා යෝජකයකුගේ එකඟතාවය ( ලිඛිතව ) ඊට අවැසි වේ
මෙසේ අවස්ථාව ලැබෙනුයේ ඉතා සීමිත පිරිසකට වේ . තමා පදිංචි ප්‍රාන්තය ඊට එකඟව පෙඩරල් රජයට තම නිර්දේශ ඉදිරිපත් කලයුතු වේ.

බරිස් සහ නූරියා යුවල මීට වසර හයකට පෙර තුර්කියේ සිට ස්වීට්සර්ලන්තයේ රැකවරණය පතා ආ කුර්දී ජාතික යුවලකි. ඔවුන්ට පුතකු සහ දියණියක්ද වෙයි.කුර්දී ජනවර්ගයට අයත් ඔවුන් තුර්කියේ වෙනස්කොට සැලකීම් ලබන සුළු ජන කොටසකි.
ඒ නිසාම කුර්දි නිදහස් අරගල දශක ගනනාවක් පුරා තුර්කියේ පවතී.
සන්නද්ධ දේශපාලන කණ්ඩායම් සේම එසේ නොවන දේශපාලන කණ්ඩායම්ද තුර්කියේ ක්‍රියාත්ම වේ. බරීස් කියන පරිදි ඔහු එහි දේශපාලන රැඳවියකු වූයේ දෙවන කාන්ඩයේ දේශපාලන ක්‍රියාකාරියකු වීමෙනි.
ස්වීට්සර්ලන්තයේ ඔහුගේ රැකවරණ ඉල්ලීම සේම මානුෂීය හේතූන් මත රැදී සිටීමට කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නේ, ඔවුනගේ නිරීක්ෂණ අනුව තුර්කියේ ඔහුට අනතුරක් වීමට තරම් ඔහු දේශපාලන චරිතයක් විය නොහැකි බැවින් යැයි කියයි.
ලංකාවේ මෙන්ම තුර්කීයේද දැඩි මර්දන නීතීවෙයි. එවා සුළු ජන කණ්ඩායම් වලට එරෙහිව ම්ලේච්ච ලෙස යොදාගනී . ලංකාවේ ඊශ්‍රායලයට විරෝධය පා මෑතකදී මුස්ලිම් තරුණයකු ස්ටිකරයක් ඇලවීම නිසා , ආන්ඩුව ඔහුට එරෙහීව ත්‍රස්ත පනත යොදා ගැනීම ඊට ආසන්නතම උදාහරණයක් වෙයි.
වරක් පාන්දරින් විශාල පොලිස් කණ්ඩායමක් පැමිණ බරිස් සහ ඔහුගේ බිරිද සහ දරුවන් පිටුවහල් කිරීමට දැරූ ප්‍රයන්නය ව්‍යර්ථ වුවද ” අපි ඊලග වතාවේ එන්නේ මෙසේ නොවේ යැයි කියා තිබුනි”

අපගේ සොලොනට් ෆ්‍රවුන්ඩ්ෆෙල්ඩ් Solidaritätsnetz Frauenfeld කංඩායමේ , තුර්ගාවු ප්‍රාන්තයේ ජාත්‍යන්තර දේවස්ථානයේ Internationale Kirche Thurgau – Chrischona Frauenfeld –Freikirche නිරීක්ෂණය වූයේ බරිස් සහ නූරියා යුවලගේ ” මානූෂීය හේතූන් මත රැදීසිටීමේ ” ඉල්ලීම ගැන ප්‍රමානවත් අවධානයක් ප්‍රාන්තයේ බලධාරීන් යොමුකර නොමැති බවයි. එසේම ඔහුගේ නීතීඥයා පෙන්වාදී තිබුනේ දැනටමත් තුර්කියේ ඔහුට විරුද්ධව නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇතිබැවින් , යම් හෙයකින් ඔවුන්ව පිටුවහල් කලහොත් ඔහුට සිර දඩුවම් විඳීමට සිද්ධවන බවයි.
එසේම එම යුවලගේ දරුවන්ද ස්වීට්සර්ලන්තයේ හොදින් අධ්‍යාපනය ලබා මෙහි සමාජයට අනුගතවී ඇති බැවින් ඔවුන්ටද පිටුවහල් කිරීමෙන් අයුක්තියක් සිදුවෙන බවයි.
එබැවින් බරිස් පවුල පිටුවහල් නොකරන ලෙස ඉල්ලා අප සකස්කල පෙත්සමට ඉතා කෙටි කලකින් 4000 කට වැඩි පිරිසක් අත්සන් කිරීමද විශේෂ සිදුවිමක් වීය .

එක්සත් ජාතීන්ගේ ළමා සහ මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමද ඊට සමගාමීව ලබාගැනීමට හැකිවීය.
එහි ප්‍රතිථලයක් ලෙස බරිස් සහෝදරයා ඇතුලු පවුලේ සාමාජිකයින් පිටුවහල් කිරීම අත්හිටුවා ඇත. එය අප පමනක් නොව බරිස් පවුල ලද ජයකි.
යුක්තීය උදෙසා අපගේ මැදිහත්වීම අවසන් නැත. එහෙත් අප සියලු දෙනා තුලම යහපත් බලාපොරොත්තුවක් ඇත.
පෙත්සම ස්වීට්සර්ලන්තයේ ආගමන විගමන කාර්‍යාලයට සහ අප ප්‍රාන්ත ආන්ඩුව වෙත බාරදීම 2025.05.22 දින සිදුවිනි
“මිනිසුන් කිසිවෙක් නීතීවිරෝධි නැත “

සරත් මද්දුමාගේ-Sarath Maddumage
(ලංකාවේ හිටපු වෘත්තීය සමීතී , දේශපාලන ක්‍රියාධරයෙක් මාධ්‍යවේදීයෙක්.දේශපාලන සිරකරුවෙක්.)





