වීදි දරුවාගේ පහන් සිතුවිල්ල

වෙසක් උදාවත් සමග කොළඹ නගරය ජනතාවගෙන් පිරි ඉතිරි ගොසිනි. සමහර ධනවතුන් මෙන්ම මැදපාන්තික මිනිසුන්ද වෙසක් කුඩු, වෙසක් පහන් මිලදී ගනුයේ එක් අතකින් වෙසක් උත්සවය සැමරිමට සේම,  තම අසල්වැසියන්ට වත්කම පෙන්වීමටය.

වෙසක් උදාවත් සමග කොළඹ නගරය ජනතාවගෙන් පිරි ඉතිරි ගොසිනි. සමහර ධනවතුන් මෙන්ම මැදපාන්තික මිනිසුන්ද වෙසක් කුඩු, වෙසක් පහන් මිලදී ගනුයේ එක් අතකින් වෙසක් උත්සවය සැමරිමට සේම,  තම අසල්වැසියන්ට වත්කම පෙන්වීමටය.

කුඩා දරුවන් තම දෙමාපියන්ගේ අතේ එල්ලි වෙසක් පත්, වෙසක් සැරසිලි රැගෙන යනුයේ උතුරා ගිය හදපිරි සතුටිනි.

මේ අතර සිටින වීදි දරුවන් ප්‍රිතියෙන් ඉපිලෙන එම කුඩා දරුවන් දෙස බලා සිතින් ඔවුන් හා එක් වී සතුටු වේ.

චුට්ටා යනු මෙම විදි දරුවන් අතරින් සිටි ගුණයහපත් කමින් පිරුණු දරුවෙකි.ඔහුට දවසටම එක වේලක් කෑම කා සිටිමට උපතේ සිටම පුරුදුය.අනෙක් වේල් සදහා වතුර වලින් කුස පුරවාගෙන අනාගතය ගැන සිහින මවන්නේ පාහොසතකු වීමට නොව ගුණයහපති කමින් පිරුණු පුරවැසියකු වීමටය.

වීදියේ සෑම අස්සක් මුල්ලක්ම වෙසක් අසිරියෙන් පිරි ඉතිරෙද්දි චුට්ටාටද තම වත් කම ගැන සිතීමෙන් ඵලක්  නොවන බව දනී. ඔහු නිතර සිතුවේ තම හැකියාවන් තුළින් මුදලක් උපයා ගැනීමටය.

වෙසක් කුඩුවක් සැදීමට චුට්ටෙට හැකියාව තිබුණ ද වෙසක් කුඩුව සදහා තෙල් කඩදාසි ගැනීමට ඔහු වත්කමක් නොමැත.

චුට්ටේ වැහිබර අහස්කුස දිහා  බලා සිටියේ  ඉතා ඕනැ කමිනි. වැහි ලිහිණියන්  ගී ගයමින් නිවි සැන සිල්ලේ පියාසර කරන ආකාරය නොපෙනි යන තෙක් බලා සිටියේ හද පිරි සෙනෙහසිනි.

ඔහු  කල්පනාවෙන් මිදි එසැනින් නැගිට සෙමින් සෙමින් වීදිය දිගේ බිම බලා ගෙන ටික දුරක් යනවිටදී ආණ්ඩුවට අයත් ඉඩමේ හොද අපුරුවට වැවි ඇති උන පදුර දුටු වේ අහම්බෙනි තම අත ඇති පිහිය, අසල තිබු ගලක අතුල්ලා හොදින් මුවහත් කර තම ඇගිලි තුඩු පිහිය තුල ඉතා සෙමින් පිරි මැද බැලුවේය. ඔහුගේ මුවගට සිහින් සිනා රැල්ලක් මතු වුයේ පිහිය හොදින් මුවහත් වු බව පැවසීමට ඇති ඉගියක් ලෙසිනි.

චුට්ටේ උනන්දුවෙන් උණ බට ලී පදුර දෙස දෑස් කරකවා බලා පදුරේ සරුවට වැඩුණු ඉතා සියුම් බටලී කිහිපයක්ම කපා එය පිලිවෙලකට අඩුක්කර තම කර මත තබා ගත්තේ රටක් රාජ්ජයක් කර තියා ගන්නා සේය.

ඉන් ටික වෙලාවකට පසු තමා ලැගුම් ගත් වීදියට පැමිණ තමා නිදා ගන්නා ස්ථානයට මඳක් දුරින් උණ බට අඩුක්කර දැම්මේ ඇගේ තිබෙන්නා වු විඩාවත් සමගය. තම මහන්සිය නිවා ගැනීමට වතුර විදුරුවක් ගුඩුස්…ගුඩුස් ගා බී ලොකු සුසුමක් වා තලයට මුදා හැරියේය සිහින් සුසුමක් සමඟිනි.

ඔහු වෙසක් කුඩු සාදා නිම කිරීමට ආශාව තිබුණද ඇගේ පතේ තිබෙන්නා වු තෙහෙට්ටුව වැඩි කම නිසා එය මදක් පසු කළේය. චුට්ටේ වීදියේ කණුවකට හිස තියා ගත් පසු  කෙටි කින්දකට නැටුනේ ඔහුට නොදැනුවත්වමය. ඉන් හෝරාවකට පසු කපුටෙක් ගේ නාදයට තිගැස්සි වට පිට බැලු විට ඔහුට එක පාරටම නෙත ගැටුනේ උණ බට ලී දෙසටය.

ඔහු කට කොනකින් මද සිනවක් පා උණ බටයක් අතට ගෙන කූඩු සෑදීමට තීරු තීරු වලට කපා තමාගේ ඇගිලි තුඩු මැනවින් උපයෝගී කර ගනිමින් වෙසක් කූඩු නිම කිරීමට ගතවුයේ වරුවක් තරම් කෙටි කාලයකි.

ඔහු කුඩු විකිණීමට හොදම ස්ථානය කුමක්දැයි කල්පනා කරමින් සිටින විටදී, කොළඹ කොටුව සිට මොරටුව බලා යක බස්  රථයක කොන්දොස්තරයකු වැල්ලවත්ත ,දෙහිවල මොරටුව ..මොරටුව යනු වෙන් කෑ ගසන ශබ්දය ඇසුනේ අහම්බෙනි. චුට්ටෙට වෙසක් කුඩු විකිණීමට ඇති හොදම ස්ථානය බස් නැවතුම්පොළ බව පසක් විය.

ඔහු වහා නැගිට වෙසක් කුඩු රැගෙන බස් නැවතුම්පොළ අසල ඇති ලයිට් කණුවේ එල්ලා විකිණීම පටන්ගත් විගසම කුඩා දැරිවියක් අතින් අල්ලා පැමිණි මධ්‍යම පාන්තික කාන්තාවක්ය. ඇය ප්‍රසන්න සිනාවක් පා,

“දරුවා මේ  කූඩු කියද?

කුඩුවක් රු.200 වෙනවා නෝනා.

මේ කන්තාව සිනාමුසු මුහුණින් රු.400ක් දී කූඩු දෙකක්ම රැගෙන ගියේ චුට්ටේ ගේ වෙසක් කුඩු සැදීමේ සිහිනය සැබැ වීමේ පළමු පියවර ලෙසිනි. වෙසක් කූඩු ඉතා සාර්ථක ලෙස විකිණී හමාර වීමට තව කුඩු දෙකක් ඉතිරිව ඇත.

බොහෝ උජාරුවට ඇද පැලඳ ගත් මැදිවියේ කාන්තාවක් ද පැමිණ,

“ළමයෝ… මේ වෙසක් කූඩු කීයද?

එකක් රූ.200ක් වෙනවා නෝනා.

“අයියෝ..ගණන් වැඩිනේ.. තව ටිකක් අඩු කරන්න බැරිද  ළමයෝ.

අනේ බැහැ නෝනා මම කලින් විකුණුවෙත් මේ ගණනට.

උජාරුවට ඇද ගත් නෝනා ගේ මුහුණ අදුරු පැහැ වී ගිය මුත් වෙසක් කූඩු දෙකටම රු. 300 දි බලෙන්ම කුඩු රැගෙන ගියේ හිතක් පපුවක් නොමැතිවය.

චුට්ටේ රු.300 දිහා ටික වෙලාවක් බලා සිට සුසුමක් හෙලා තම කමිස සාක්කුවේ ඉතා පරිස්සමින් දමාගෙන වහා ගොස් තෙල් කඩදාසි මිලට ගෙන තමාගේ ඉතිරි වු වෙසක් කුඩු සෑදිමට පටන් ගත්තේ බොහේ සතුටිනි.

වර්ණවත් වෙසක් කුඩු රැසක් නිම කිරිමට ඹහුට හැකි විය. වෙසක් දිනය උදාවීමට ඇත්තේ තව හෝරා කිහිපයකි  චුට්ටෙ තමා වාසය කරන ස්ථානයේ කූඩු එල්ලීමට තීරණය කළ නමුත් වැසි බර කාලගුණයක් ඇති බැවින් තම වාසස්ථානයේ ඔබ්බට වෙන්න වෙසක් කුඩු එල්ලිමට තීරණය කළේය.

කුඩා මේස කෑල්ලක් ගෙන එයට නැග කූඩු  එල්ලිමට පටන් ගත්තේ හද පිරි සතුටිනි.

ඒ සෑම කූඩුවක්  දෙස දෝරේ ගලා ගිය සතුටින්. ඔහු තව තවත් ඈතට ගොස් තම වර්ණවත් කුඩු දිහා බැලුවේ අහිංසක ආඩමිබරයෙනි. ඔහු කුඩු එල්ලීම අවසන් කර එය දිහා නැවත බලා සිතුවේ මේ වෙසඟය තුළ තමන් උපයා ගත් මුදලින් මෙවැනි දෙයක් කිරිම ගැන මෙනෙහි කරමින් තමාට හුරු පුරුදු විදියේ අයිනක ඉඳගත්තේ සියුම් වු ආත්ම අභිමානයක් ද සමගින්ය.

More From Author

මට මා හමුවුණේ ඔබ නිසා

අම්මත් අඬයි පුතුනේ වැඩියෙන් ඊට

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348