නදේෂ්ඩා කෘප්ස්කයාගේ උපන් දිනය අදයි

1869 දී මෙම දින‍ බොල්ෂෙවික් විප්ලවකාරියක වූ නදේෂ්ඩා කෘප්ස්කයා (Nadezhda Krupskaya) උපත ලැබුවාය.

බොහෝ විට ලෙනිනගේ බිරිඳ ලෙස සරලව කෙටියෙන් හැඳින්වුවද, (ලෙනින් සමඟ ඇයගේ හවුල්කාරිත්වය වැදගත් බැව් සැබවි), මාක්ස්වාදී-ලෙනින්වාදී අරමුණ සඳහා ඇයගේ උත්සාහයන් සහ දායකත්වයන් අතිශයින් විප්ලවකාරී විය.

මාක්ස්වාදී ශිෂ්‍ය සමාජවල කෘප්ස්කයාගේ මුල් කාලීන මැදිහත්වීම කම්කරු පන්ති ජනතාවගේ අරගල සහ අසාධාරණකම් පිළිබඳ ඔවුනට අව‍භෝදයක්  ලබා දීමට ඉවහල් විය. ඇය පක්ෂයට සහ සෝවියට් සමාජයේ විප්ලවීය පරිවර්තනය වෙනුවෙන් වසර 50 කට ආසන්න කාලයක් කැප කළාය.

විප්ලවයෙන් පසු සෝවියට් අධ්‍යාපන හා පුස්තකාල පද්ධති සංවිධානය කිරීමේදී කෘප්ස්කයා ඉතා වැදගත් විය. ගුරු පුහුණුව, වැඩිහිටි අධ්‍යාපනය සහ නූගත්කම තුරන් කිරීම ඇතුළු අධ්‍යාපන ප්‍රතිපත්තියේ  සියලු අංශවල වගකීම තිබුණේ ඈ වෙතය. අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඇයගේ කාර්යය මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත වැඩිදියුණු කළ අතර සමාජවාදයේ මූලධර්ම ඊළඟ පරම්පරාවට ලබා දීමට වැඩපිළිවෙලක් සැකසූබවට ඈ සහතික කළේය.

තොරතුරු @redstreamnet වෙතින්.

More From Author

කසාඳ බැදපු හෝ නොබැදපු පිරිමියෙක් හෝ ගෑහැනියක් තව කෙනෙකුට ලංවෙන විට ගොඩාක් හිතන්න  …

වදන් සුමිහිරි…..

Leave a Reply

Categories

LDM Columns