කසාඳ බැදපු හෝ නොබැදපු පිරිමියෙක් හෝ ගෑහැනියක් තව කෙනෙකුට ලංවෙන විට ගොඩාක් හිතන්න  …

මොකද තවත් කෙනෙකුට  ලංවෙලා ඉන්න කෙනෙකුට බැදෙන්න එපා  …..

තමන් සමග ජීවත් වෙන කෙනා මොන විදිහකින් හරි දුර්වල කෙනෙක් නම්   එයාගෙන් අයින් වෙන්න හරිම අවංක විදිහට  දරුවෝ නිසාවත් සමාජය නිසාවත්  තව පුද්ගලයකුට වේදනාවක් වෙන්න එපා …………….

මොනම යම් කෙනෙක් වත්  කැමති නෑ තමන් සමග සිටින කෙනා තව කෙනෙක් තුරුලේ  හුරතල් වෙනවට  …………….

කොටින්ම තමන්ගේ ගෑනි හෝ මිනිහා  කශේරුකාවක් පණනැති පුද්ගලයෙක් කරන්නෑ හොද  බිරිදක්  හොද සැමියෙක් …

තමන්ගේ පෞද්ගලික අවයව තමන්ගේ සහකරුට  සහකාරියට ඇරෙන්න  පිට පුද්ගලයන්ට නිරාවරනය   කරන්නෑ  වැදගත් සමාජ මට්ටමක ජීවත් වෙන  සංවරපිරිස  තමන්ගේ මිතුරාගේ  බිරිදට අසම්මත ඇසුරකට ආරාධනා කරන පිරිමියාට උල්පන්දන් දෙන්න කිසිම කාන්තාවකට සදාචාරාත්මක අයිතියක් නැහැ…

තමන් ලඟ සිටින පුද්ගලයා සමග ජීවත් වුනා ඇති යැයි දැනෙනවානම් ….

නම්බුවට බම්බු ගහගන්න කියලා වැදගත් විදිහට අයින් වෙන්න ……. 

එතකොට තමන්ට කාලයත් සමග තේරේවි  වටේම ගෑනු පිරිමි ලග හුරතල් වෙන එකට වඩා තමන්ටම කියලා ජීවිතයක ඉන්න තිබුන ජීවිතේ කොච්චර ලස්සනද කියලා…… 

ගෑනිගේ ආදරේ නෑ මිනිහගේ ආදරේ නෑ කිය කියා වටේමම  යන්නේ තමන්ට තමන්ගේ හිත පාලනය කරගන්න බැරි වනචර  හිත් තියෙන ……

තව ගෑනියෙකුට මිනිහෙකුට  ගින්දර නොදී වැදගත් විදිහට අයින් වෙලා.   ඕනෙ තරම් එවුන් එක්ක  හිටියනං  ඉවරයි.  …… 

කාටවත් බැදිමක් නෑ රිදිමක් නෑ ….

ඔහොම ගිය අයට වෙන්නේ කවදා හරි අනුන්ගේ  අගු පිලක   වැටිලා මැරෙන්න …

මොකද තමන්ගේ ගෑනි  හොර  මිනිහා  ඇරෙන්න වෙන කිසිම කෙනෙක්  හොර මිනිහට හොර ගෑනිට ප්‍රසිද්ධියේ  සලකන්නෑ ….. 

දෙන්නට තියෙන්නේ ඇස් හතරක් වුනාට වටේට ඇස් දහස් ගානක් තියෙනවා ….  

දඩාවතේ යන ගෑනු පිරිමි  ඊ ලග භවයේ ඉපදෙන්නේ දඩාවතේ යන සුනඛයන් වෙලා ……

මේ සසර හරි බිය කරුයි.  ගෙදර කෑම  ඇති වෙලා පිටින් කෑම හොයන එවුන් දැන් ගන්න ඕනා  ගෙදර කෑම පිරිසිදුයි විශ්වාසයි  ඒ හදන්නේ තමන්ගේ ගෙදරට විතරයි කියලා. පිට කෑම  ඔයා වගේම වෙන අයත්  රහ  බලනවා …..

අන්න ඒකත් හොදට මතක තියාගන්න …..

ඒ වගේම තමා තමන්ගේ එකාව පිට එකෙකුට දීලා උඩ බලාගෙන  හම්බ කරගෙන කන්නේ සිංහ ලීලාවෙන් ඉන්න  බල්ලො. බැල්ලියෝ ….   

හොඳ නරක මොකක්ද කියලා දැන දැනත් ඒ වරදම ආයේ ආයේ කරනවානම්  ආයේ කවමදාවත් මිනිස් ආත්මයක් ලැබෙනේ නෑමයි.

කොච්චර වලලෙන්න හැදුවත් එයා මට ආදරෙයි ..

ඔයා මගේ විතරයි මම ඔයාගේ විතරයි කියලා  ඔයා මගේ නේද රත්තරං කිව්වට ……..

එයා ඔයාට ඇත්තටම  ආදරේ නම්  ඔයා ඉද්දිම  තව එකක් තියා ගන්නෑ …   එයා ඉද්දිම  ඔයාව ගන්නේ නෑ…..

උඹලගේම වචන වලින් කියනවානම්   දෙගොල්ලොම කරන්නේ   ආතල් එකට උඹව පාවිච්චි කරන එක විතරයි ….

රටට ලෝකෙට විහිළු නොවි තමන්ගේ තත්වේ තියා ගත්තම හොදටම  ලස්සනයි ,……. 

More From Author

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු – මාධ්‍ය ඉස්සරහ ගෝඨාභයව විහිළුකාරයෙක් කිරීම

නදේෂ්ඩා කෘප්ස්කයාගේ උපන් දිනය අදයි

Leave a Reply

Categories

LDM Columns