අපි වැය කළා
මිලක් දෙන්නට බැරි තරම්
ලෝභ නැතුවම
ඇති තරම්
ලස්සන ම ලස්සනයි
මුළු හිතම එළියට ඇවිත්
අද ගැන ද හෙට ගැනද
ඔබ ගැනද මා ගැනද
නැත කිසිම අදහසක්
ඒත් අපි කියෙව්වා
දහස් ගණනින් රහස්
ඒවා හරි ලස්සනයි
කාටවත් ඇහුනෙ නැති
අපිට අපි තෙපලූ
හිත තුල ම ඇඳුන
සිතුවම් පෙළක්
කවුරුත් නොදන්නා
හැංගිච්ච වදන් වැල්
හරවත් ද රසවත් ද
අපි ම විතරක් දන්න
මියෙන තුරු හිත පතුලෙ සැඟව මතුවන
මැණික් කැට සේ දිදුලමින් මතුව එන
කාලයක් මිලක් නියමයක් නැතිව නිවි නිවී දැල්වෙන
පහන් ආලෝකයයි
වදන් සුමිහිරි…
එස්. අමුණුගම