(මේ දවස්වල බූරු කතාවක් ගැන සමාජයේ කතාබහක් තියනවා. මේ තවත් බූරු කතාවක්. නමුත් මේ බූරු කතාව ඒ බූරු කතාව වගේ එකක් නෙමෙයි.
මේක දරුවන් වෙනුවෙන් පාඩමක්. අවශ්‍ය දේටයි අනවශ්‍ය දේටයි දෙකටම හොම්බ දාන්න යන බූරුවන්ටත් පාඩමක්. ජාන්නි රොදාරි 1955 ලියන බූරු කතාවක් . )
පැරණි ප්‍රබන්ධ කතාවක බූරුවා ගැන මෙහෙම කියනවා – එකල බුරුවා ඔපෙරා ගායකයකුටත් වඩා හොඳින් මිහිරට ගයනා කලා . ඒ කාලයේ කැලේ රජු වූ සිංහයාගේ මුලිකත්වයෙන් කැලේ සියළු සතුන් ඒකරාශි කර මහා සභාවක් පැවැත්වුවා . සිංහ රජු එහි ප්‍රශ්න අසන්නා විය .
- අප අතර වඩාත්ම ලස්සන වන්නේ කවුද?
- මම ! – බූරුවා හඬ නගා පැවසීය.
- හරි, ඔබ වඩාත්ම ලස්සන වනු ඇත. එතකොට වඩා ශක්තිමත්ම කවුද?
- මම ! – තවත් කෙනෙකුට කට අරින්නට ඉඩ නොතබා බූරුවා කෑගැසුවේය.
- හොඳයි, – සිංහයා කිව්වා, – එහෙමනම් කියන්න අප අතර මෝඩයා කවුද?
- මම! – ඒ පාරත් සියල්ලන්ටම ප්‍රථම බුරුවා මහා හඬින් බෙරිහන් දුන්නේය . සියල්ලෝම සිනා සුනහ. ලජ්ජාවට පත් බුරුවගේ හඬ යටපත් වූ අතර එතැන් සිට ඔහුට පැවසිය හැකි වුයේ : <<ඊ….යෝ ! ඊ….යෝ !>>. පමණි .
එහෙත් පල ප්‍රයෝජන ගොඩක් තියෙන ගොවියාට තවමත් බූරුවාගේ හඬ වඩාත් සුන්දරය.
- කවුද මගේ මිතුරා? මට උදව් කරන සහ මා වෙනුවෙන් වැඩ කරන? – ගොවියා විමසයි .
- මම ! – පිට උඩ පටවා ඇති බර උසුලාගෙන බූරුවා පිළිතුරු දෙයි.
එවිට ගොවියා මෙසේ පවසයි . - ඔයා හරියටම හරි !
හිල්මි සුපුන් | තරුෂ පෙරේරා
චිත්‍රය – තරුෂ පෙරේ