තීරු ලිපි 2,
ඒ දූ ගොඩාක් පොඩි කාලේය.අමිලත් මමත් ජීවිත ය පටන් ගත් කාලයය.
අපි උන්නේ කුලී ගෙදරකය. පරන උලු ගෙයක් වූ එහි පිනි බෑවිල්ලට කෙල්ල නිතර අසනීප වූවේය.
මේ ගෙදරට ආවත් හරි ලමයා ලෙඩ වෙනවා…
මම කියවන්නෙමි.එහෙත් ගෙදර මාරු කිරීම හිතන තරම් ලෙහෙසි වූවෙත් නැත.
නිතර කැස්ස හෙම්බිරිස්සාව හැදෙන කෙල්ලට බඩේ අමාරුවකුත් හැදුනේය.වතුර පොදක් බිව්වද වමනය දැම්මාය.
මම බයෙන් බිරාන්තවිමී.ඇය ව පෙන්නන සුපුරුදු වයිද්‍යවරියට ඇය පෙන්නුවෙමි.
මම බෙහෙත් දුන්නා…දිගින් දිගටම වමනය ලූෂ්මෝෂන් තිබුනොත් බලන් ඉන්න එපා හොස්පිටල් ගෙනියන්න.මේ කොලේ මම ලියලා තියෙනවා..මගේ වෝඩ් එකටම ගේන්න.
අඩුවක් නොවුනේය.
අ…ම්…මී ජිජ්ජී
කෙල්ල කියන්නේ එපමනි.තත්වය අවදානම්.බව තේරුම්ගත් අමිල හොස්පිටල් යන්නට ලෑස්ති වූවේය.
මට බයයි අමී
බයවෙන්න එපා මැඩම් ගේන්න කිව්වනේ
කෙල්ලගේ බඩු බෑග් එකත් කෙල්ලවත් තුරුලු කරගෙන මම අමිලගේ බයික් එකට නැග්ගෙමි.
මම අතවූ කොලය ඇතුලත් කිරීමේ වයිද්‍යවරියට පෙන්නුවෙමි.
අද ඒ වෝඩ් එකට තමයි කොහොමත් ඇඩ්මිෂන් ඒකටම දාන්නම්.
වාට්ටුවේ වයිද්‍යවරයාට දූ පෙන්න්නට තිබුනේ තව එක ලෙඩෙකුට පසුවය.
මැඩම් නෑ තාම…මේ දෙවෙනි එක්කෙනා
මට කලින් වුන් මුස්ලිම් කාන්තාව කීවාය.
ඩොක්ටර්ට අත වූ මැඩම් ගේ කොලය පෙන්නුවෙමි.එය බැලූ ඔහුගේ මුහුන අමුතු වී යනවා මම දුටුවෙමි.අනේ ඩොක්ටර්ට පෙන්නන හිද ගනිද්දීම මගේ පපුවේ මුහුන ඔබා ගෙන උන් කෙල්ල වමනය දැමුවේය.අමිල ඇයව අතට ගෙන පිස දැමුවේය.මගේ හැට්ටය ඇගේ වමනයෙන් තෙත්වන්නට විය.අමිල අත වූ ලොකු ලේන්සුව ගෙන මම පුලුවන් හැටියට පිසදා ගතිමි.ඒ වමනය දැමීමෙන් පසු කෙල්ල තවත් මැලවී ගියේය.

අම්මා ලමයා බලන්න කලින් ඔයාගේ ඇදුම මාරු කරන් එන්න.
පුටුවෙන් ඉදගන්නට ගිය මට වයිද්‍යවරයා කීවේය.මම අමිලගෙන් ආයේත් ලේන්සුව ගෙන හැට්ටය ආයෙමත් පිස ගතිමි.
අම්මට සිංහල තේරෙන්නේ නැද්ද…ඔය ඇදුම මාරු කරන් එන්න.
ඔහු වාට්ටුවටම ඇසෙන්නට කෑගැසුවේය.
ඩොක්ටර් මම මට ඇදුම් ගෙනාවේ නෑ…ප්ලීස් දුවට අමාරුයි
වමනේ යන ලමෙක් ගේනකොට ඇදුමක් අරන් එන්න දන්නේ නැති බබෙක්ද ඔයා
ඩොක්ටර් බබාගේ ඒවා විතරයි ගෙනාවේ හදිස්සයට
ඈතට වී උන් අමිල අඩියට දෙකට ලගට ආවේය.මගේ ජීවිතෙයේ කිසිම දවසක ඔහු එහෙම ආවේගයෙන් ඉන්නවා දැක නැත.මගේ අතින් ඇදලා ගත් ඔහු හැට්ටයේ බොත්තම් ගලවන්නට හැදුවේය.
ලැජ්ජාවට වඩා අපිට ලමයා වටිනවනේ නදී…ඩොක්ටර්ට ප්‍රශ්නෙ ඔයාගේ හැට්ටෙනේ ගලවන්න නදී ඒක.
තාත්තා එපා ඕක කරන්න
ලොකු හෙදිය අමිල ගේ අතින් අල්ලා නැවැත්තුවේත් ප්‍රදාන වයිද්ද්‍ය වරිය ආවේත් එකටමය.
බිගූ ගේ අම්මා ඇයි මේ
මා දුටු ඈ ඇසුවාය.වචන නොව මගේ කදුලු ඉස්සර විය.අමිල ගේ අවේගය වචන වූවේය.
මම තමුන් ගැන පස්සේ බලාගන්නම්.. ..ඉක්මනින් මේ ලමයට සේලයි දෙනවා…ලමයා විජලනයට ඇවිත්…
තත්පර ගානක් ඇතුලත ප්‍රතිකාර පටන්ගත්තේය.ටිකට් කපාගෙන ගෙදර එනතුරුත් මට ඒ දොස්තර ඇස නොගැටුනි.එහෙත් බිය…දුක අසරනකම…එකට බැදුනු ඒ කතාව රෝහලක් දකිද්දීත් අදත් මට සිහිවේ.
ලොකු කමකට නොවුනත් ඉන්පසු අද වනතෙක් මම ඈට අවශය ප්‍රතිකාර සදහා…අදාල වයිද්‍යවරයා චැනෙල් කර බෙහෙත් අරන් දීම පුරුද්දක් කරගත්තෙමි.
නදීශා සදමාලි