නදීගේ සටහන
මට ඉන්නේ අක්කා විතරයි.අක්කා මට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්.එයා හරිම ලස්සනයි.වැඩිය යාලුවෝ නෑ..පාඩුවේ ඉගෙන ගත්තා.කොටින්ම ලකුණූ සීයෙන් සීයක්ම දෙන්න පුලුවන් හොද ලමෙක්.
අපේ තාත්තට තිබ්බ ලොකුම හිසේ අමාරුව මම.
තාත්තට මටත් වඩා මානසික වදයක් වුනේ මගේ යාලුවෝ.ඒ කාලෙත් මට හිටියා මේවගේම යාලුවෝ සෙට් එකක්.එතකොට අපිඔක්කොම කැම්පස් එකේ මිඩීයා ඉගෙන ගන්නවා.
උබේ ඔය එක යාලුවෙක්වත් මට අල්ලන්නේ නෑ.
ඇයි
මන්දා
තාත්තට මම ගැන තිබ්බ ලොකු බය තමයි මම සංවිදානාත්මක දේශපාලනයට යොමුවෙයි කියලා. ඒත් කොච්චර කිව්වත් එයා පිලිගත්තේ නෑ මට ඒක ඇලජික් කියන එක.
ඉතිං මට ටිකක් ගෙදරින් නීතින්දැම්මා.තාත්තා මාව ගෙනියන්න කැම්පස් එකලගට ආව.
ඒත් යාලුවෝ , අඩුවුනාද? මම හැදුනද නෑ
එක පොසොන් එකකට අපි මාලිගාතැන්නේ යන්න දාගත්ත.අනිත් එවුන්ට කිසිම බාදාවක් නෑ.මට තමයි අවුල.
පෝය දවසේ මට යන්න වෙනවා අම්මේ..
කොහේද
අපි කැම්පස් එක ලග දන්සලක්දෙනවා
තාත්තා ඇරලවයි…නිවාඩු දවසෙත් ගෙදර ඉන්න බෑ මෙයාට.
දැන් තාත්තාට කොහෙන්ද දන්සලක්පෙන්නන්නේ.මගේ එකම ගැලවුම් කාරයා මල්ලී…පුංචිගේ පුතා.මගේ ෆිට් එක
මොකක් හරි කරපංකෝ
මම තමුසෙගේ එක යාලුවෙක්වත් දන්නේ නෑ.ඒත් උන් ඔක්කොම මම අදුර විදිහට තමුසේ ගෙදර උන්ව අන්දලා.මොකක් හරි වෙච්ච වෙලාවට මම ත් ඉවරයි.
ඔයා එන්න ඕනේ නෑ තාත්තේ මල්ලී එනවා.
එයත් ඉන්නවද…
ඔව්…
ඔන්න මල්ලී උදේ ඇවිත් මාව කඩවතින් දැම්මා.
චූටී අක්කේ හරියට වෙලාවට ගෙදර යනවා.
හරි අපේ ගෙදරින් කවුරු කතාකලත් උබ පෝන් ආන්සර්කරන්න එපා
ම්
ඔන්න කට්ටිය සෙට් වුනා. මාරා ආතල් ගමන.මට අදටත් හිතාගන්න බෑ මොකද වුනේ කියලා.ගලකින් ගලකට ලිස්සුවා.මම මගේදකුණු අත දිහා බැලුවේ එකසැරයයි…එක පදාසයක් උඩුහම ගැලවිලා ගිහින්.අදටත් ඒ කැලල මගේ අතේ තියෙනවා.
ඩිස්පැන්සරිඑකක් හොයාගන්න බෑ.පෝය නිසා.අමාරුවෙන් තැනක් හොයාගත්තා.තුවාලේ දැකලා ඩොක්ටර් බය වුනා.
මෙයා හොස්පිටල් ගෙනියන්න…මේක සුද්දකරලා බේත් දාන්න ඕනේ…
නදී යමන්
යාලුවෝ බයවෙලා
මලත් ඉස්පිරිතාලේනම් යන්න බෑ…මචන්
ඩොක්ටර්ට වැදලා බේත් දාන්න ගත්තා.සේලයින් වතුරෙන් හෝදද්දී මම මරලතෝනී දුන්නා.මගේ කෑහැහිල්ලට යාලුවෝ විතරක් නෙමෙයි ඩොක්ටර්ත් බයවුනා
මචන් ඉවසපං කෝ…අපිටත් බයයිනේ
දීනූ පුලුවන් ඉක්මනට වරෙන්කෝ
මගේ යාලුවෙක් මල්ලිට කෝල් එකක් ගත්තා.
ඇයි..
නදී ටපොඩි ඇක්සිඩන්ඩ් එකක් වුනා.කෑගහනවා බංඅපිටත් බයයි බං වරෙන්කෝ.
ඌ ආව.ඒත් .කොහොම ආවද කියලා මං දන්නේ නෑ.මොකද ඌත් ගියේ මම වගේම ගමනක්
අත උරිස්සේ ඉදන් ඇගිලි වෙනකං බැදලා….මට තාත්තගේ මූන මැවි මැවී පේනවා.
මම තාවකාලිකව ඔයාලගේ ප්‍රශ්නේ තේරුම් අරන් බෙහෙත් දැම්මේ …ඒත් ඔයා හොස්පිටල් යන්න ඕනේ
ඩොක්ටර් අනතුරු ඇගෙව්වා.
මොකද ඕයි කරන්නේ
මල්ලී මගෙන් අහනවා.මං හිටියේ වේදනාව ඉවසගන්න බැරුව.
අපි දෙන්නම බයික් එකෙන් වැටුනකියමු.
ඔව් මුන්ව නම් අල්ලන බෑ…එහෙම කියමු.තමුසේ බයික් එකේ කණ්නාඩියක්වත් බිද ගන්නවකෝ.
පිස්සුද ඕයි තමුසෙට…මට බෑ ඒක කරන්න.
ගෙදර ආව.අම්මා මාවදැකලා බයට කෑගැව්වා.
මොකද වුනේ…සේරම අපි දෙන්නව වට කර ගත්තා.අරූ බොරුවට නොන්ඩි ගැහැහැව්වා.
බල්ලෙක් පැන්නා…
මෙච්චර ලොකුතුවාලයක්….
නෑ උඩුහම ගිහින් බෙහෙත් දාලා තියෙන්නේ.මුගේ කකුලට මොකක් හරි වෙලා තියෙන්නේ.ඒක බලන්න බැරුව ගියා.ඇත්තටම මටඕන වුනේ මට එන අවධානය නැති කරගන්න.
ඒක හරියටම වැඩ කලා.
කොල්ලගේ කකුල කැඩිලද දන්නේ නෑ…දෙයියනේ
නෑ නෑ මට අමාරුවක් නෑ කියලා ඌ කියද්දීඔක්කොම උන් ඌව තීවිලර් එකක දාගෙන අරගෙන ගියා..
නදීෂා සඳමාලි