මහවැලිය, කිසිවක් සිදු නොවූවා සේ අද නිසොල්මනේ ගලා බසී.

මහා සැඩ, ජල පහරට හසුව ගිය කලු පාලම බලන්නට ගියෙමි.

පාලම මැදින් ඇඹරී ගොසිනි.

යකඩ සිල්පර අතරින් ඛාදනය වී සෑදුන ගැඹුරු වලවල් ය.

සැඩ ජල පහරට ගසාගෙන ආ, සුන්බුන් තාමත් පාලම මත වැතිරී ගෙනය.

මහනුවර සිට කෝච්චියේ ගමන් යාමට කාලයක් ගතවේවි.

ගං ඉවුරේ සිට සරසවි මාවත දක්වා ම ඇති නිවෙස්වල වහල මත රැඳුන රොන් මඩ වියැලෙමින් පවතී.

රේල් පාර දෙපස, තෙමුන සහතික පත්, පොත් පත් වේලන දරුවන් සමූහයකි.

ගත පුරා තැවරුන මඩ සහිත පියවරුය.

කෑම පැකැට්ටුවක් ලැබෙන තෙක් මග බලන, එතෙක් දරුවන් අස්වසන මව්වරුය.

මෙය, මහ ගං දියේ එක ම එක කුඩා සිද්ධියක් පමණක් වන්නේ, දෑසින් නොදුටු මහා ඛේදවාචක සමූහයක් ඇති බව හේතුවක් පැහැදිලිව කිව නොහැකිව, දැවෙන සන්තානය පසක් කොට ඇති බැවිනි.

මහවැලිය, කිසිවක් සිදු නොවූවා සේ අද නිසොල්මනේ ගලා බසී.

2025.12.01

More From Author

බස්නාහිර පළාතට අඛන්ඩව ජලසැපයුම …

ජීවිතයට පාඩම් උගන්වන්න දිට්වා ට වැඩිකාලයක් ගත වුනේ නෑ

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348