ජීවිතයට පාඩම් උගන්වන්න දිට්වා ට වැඩිකාලයක් ගත වුනේ නෑ

ජීවිතයට පාඩම් කියාදෙන්න සැහැල්ලුවෙන් ජීවත්වෙන්න කියාදුන් පාඩම් වලට ගෙවී ගියේ පැයකිහිපයක් පමණයි.
එකිනෙකා තේරුම් ගන්න එකිනෙකාට උදව් කරන්න.. හැමෝටම බිමින් යන්න කියාදෙන්න ගතවුනේ කෙටි කාලයයි.

පසුගියදා අත් විදි කොවිඩ් වසංගතය වගේම දිට්වා කුණාටුවට පුළුවන් වුණා මිනිසුන් අවදි කරවන්න..මිනිසුන්ගේ හදවතට කතා කරන්න.
ඒ අතර දුටු ඇත්ත මිනිසුන්ගෙ හිතුවක්කාරකම..පරිසර විනාශය..තමන් මුදුනා වීමට යාම..අනුන්ට ඇහුම්කන් දීමට ඇති අකැමැත්ත …අදහන ආගම්ව වල සත්‍යතාවය කියාදුන් අපූරුව.. මිනිසුන් ගේ ආදරය කරුණාව සතා සිව්පාවා පවා ගංවතුරෙම රැගෙන යාම..අලුත උපන් බිළිදා බෙිසම මත තබා රැගෙන යාම..පුංචිම පැටවුන්ගේ පවා ජීවිත සුරකීමට දැරූ උත්සාහයන් අපදාවට ලක්වු නිවෙස් වල ගෙහිමියන්,සොයා වෙහෙසෙන මලවුන්..තැවි ලතවන නෑදැයින්,නොනිදා පහන් කල සියලුම මිනිසුන් ,නිහඬවම ලතවුණු හදවත් ,දිවිය කැපකොට ගංවතුරෙ බැස ගිය ජනී ජනයන්, දිවි බේරාගන්න දඟලන මිනිසුන් ,මව්පියන් සොයා වෙහෙසෙන පොඩිඑවුන් දුරකථන ඇමතුමක් දී ගන්න නොහැකිව ලතවු අය,අඳුරේ දෙනෙත් පියාගෙන ඊළඟ මොහොත ගැන සිතපු අය,පස් කදුවලට යටවී නැවත හුස්ම ගත් අය..සිය පවුුල් වල මිහිදන් වු අය ගැන නොදත් මිහිදන්ව ගිය නෑදැ පිරිස,බලා සිටියදි හදාගත් සිය නිවෙස මහ පොළොවට සමතලා ව යන අයුරු දුටු අය…සිහින මාළිගා සුන්ව ගිය පසු ජිවත්ව සිටින අයට දැනෙන සිතුවිලි දැනුණු පිපාසය.බඩගින්න ,සෞඛ්‍යය අවශ්‍යතා …සහ තවත් දෑ…පමණක් සිතුවම් සේය…

වසර 31 පමණ දැරණියගල සීතාවක ගඟ අසලම නිවෙසක ජීවත් වන මා දුටු ලොකුම ගංවතුර ඒ…ගම්මු කියන විදිහට හා අත්දුටු ආකාරයට වසර 40 කින් දුටු ලොකුම ගංවතුර.විශාලම හානියක් සිදු කල ගංවතුර ,සාමාන්‍යයෙන් දැරණියගල සීතාවක ගගේ වසරකට දෙපාරක් විතර පාලම මතින් යනවා…නමුත් මේ වසරෙ නොවැම්බර් 28 තමයි ඒ දවස අමතක නොවන සේ දැනුනෙ…

ජලයෙන් යටවූ දැරණියගල සීතාවක පාලම

ජුලි අග හෝ අගෝස්තුවේදී දේවාල පෙරහරෙන් පසුව ඇතිවන ගංවතුර ⁣දැනෙන්නම ලැබුනෙ නොවැම්බර් අග…බහුතර මතයන් නිර්ණායකයන් වෙනස් වී ඇත…
පරිසර පද්ධතිය රැකගැනීම මිනිසාගේ පරම යුතුකම විය යුතුය.
සිය වාසිය වෙනුවෙන් පරිසරය වෙනස් නොකල යුතුය .පිහිටීම වෙනස් කල විට අත් වි්දින්නට ඇත්තේ විනාශය පමණමයි.
කිසිවෙකුට සතුටු විය හැකි දිනක්, කාලයක් තව ටික කාලයක් යනතුරු නොදැනෙයි.

මිහිදන්ව ගිය හිතවතුන් සිහියට නැගෙයි..

ඇතැමුන් ගේ විලාප හඬ දෝංකාර දෙයි..

ජීවිතය යනු සිහිනයක් පමණයි…

අදහන දහමට අනුව දිවිය ගෙවීම හොදම තෝරාගැනීමයි…

සාමුහිකත්වය සහජීවනය මිනිසාට නැවත වතාවක් සිහිපත් කරදී එකාවන්ව නැගී සිටින්නට දිට්වා කියා දුන්නේ සියලු දෑ අයිති සොබාදහම ට බවද මිනිස් සිත්හි ජනිත කරවමිනි..

More From Author

මහවැලිය, කිසිවක් සිදු නොවූවා සේ අද නිසොල්මනේ ගලා බසී.

ව්‍යසනයෙන් පසුව මානසික සෞඛ්‍යය ගොඩනැගීම

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348