“රුක් මත සරනා පුංචි රුවන්” යොවුන් නවකතාවේ හා “පොඩි ජෙනරාල්” යොවුන් කතා කෘතියේ කර්තෘ, ප්‍රවීණ ලේඛක සරත් මුණසිංහ ආරච්චි, මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : ඉදිරියේදී ජනගත කිරීමට නියමිත “රුක් මත සරනා පුංචි රුවන්” යෙවුන් නවකතාව හා “පොඩි ජනරාල්” යොවුන් කතා කෘති පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ හැකිද?
පිළිතුර : රුක් මත සරනා යොවුන් නවකතාවෙන් කියවෙනනේ යළි පදිංචි කිරීම යනුවෙන් හදුන්වමින් පීඩිත ජන කොටස් අලි වලසුන් වෙසෙන අන්ත දුෂ්කර කැලෑබද ප්‍රදෙස්වල ගාල් කිරීමයි. ගොවිතැට කියා පැමිණියාට කලක් යනකොටයි වැටහෙන්නෙ තමන් කඩාවැටිලා තියෙන්නෙ හිටියටත් වඩා අන්ත අගාධයකට බව. මේ කැලෑ ප්‍රදේශ අලි ඇතුන් විසින් ඔවුනගේ බව බෝග පමණක් නොව නිවාස පවා කඩාබිඳ දමනු ලබයි. අලි වැටවල් කියා තනන වැටවල් පවා ප්‍රමිතියෙන් තොරයි. බොහෝ තැන්වල එවැනි වැටවල් පවා නැත ඔවුන්ට සිය පරිපීඩිත දිවියෙන් ගැලවී ආපසු යෑමට
තැනක් නැත.

පොඩිජෙනරල් කෘතිය එංගලන්තයේ ජීවත්වෙන ශ්‍රීලාංකික සම්භාරයක් ඇති දරුවෙකු වටා ගෙතුනු කතා පුවතකි. සීයයි ආච්චියි කැටුව යෑමට පැමිණ කිලිනොච්චිය ප්‍රදේශයේ සංචාරයක නිරතවෙන මෙම දරුවා එහිදී යුද්ධය යනු කොතරම් කෲර දරුණු දෙයක්දැයි අත්දකියි. යළි ගොඩනැගෙමින් තිබුණෙත් කිසිදිනෙක නොමැකෙන දුක්මුසු සටහන් එම භූමියේ ඉතිරිවී තිබෙනයුරු ඔහු සිය ඇස් දෙකෙන්ම දැක ඔහු කැළබෙනවා වෙනුවට මේ ලෝකෙ එහෙම දේවල් ඇතිවෙන්නෙ කෙසේදැයි සිතන්නට පෙළබෙයි.

ප්‍රශ්නය : ඔබගේ පෙර ප්‍රකාශිත කෘතීන් සම්බන්ධව විස්තර කළොහොත්?
පිළිතුර : මගේ ප්‍රථම කෘතිය කවි පොතක් විය එය අසූව දසකයේ බිහිවුණු තුඩු නැමති කවි පොතය. ඉන් පසු මෝදු, සැපත් වේ, ආයිත් ඒවි කිරිබණ්ඩේ, ලොවට හඩගා, හැම මලක්ම ඔබටයි, නිරෝගී කුසුම් , යන කවි පොත් ද, අන්තිමයි වහාම එන්න, සල් උයන , එමලින් ගේ බාබර් සාප්පුව, කදවුරෙන් එළියට , පොඩි එකාගේ තාත්තා, යන කෙටිකතා ද, රොබරොසියා ගසක් පාමුලදී, යුද්ධය සහ අනාතවූවෝ, නවකතා ද, නාදුගොල මාමා, පුංචි ම්මි, වරුන් සහ වසන්, පොඩි ජෙනරාල් , තුරු මත සරනා පුංචි රුවන් යොවුන් නවකතා ද ඇතුලත් විය.







ප්‍රශ්නය : මෙම කෘතීන් සඳහා ඔබට හිමිවූ සම්මාන පිළිබඳව කෙටි විස්තරයක් ලබා දිය හැකිද?
පිළිතුර : “වරුන් සහ වසන්” මෙම කෘතිය වතුකරයේ ලයිම් කාමර වල ජිවත්වෙන ළමයින් දෙදෙනෙක් වටා ගොඩනැගුනු කතා පුවතකි. මෙම පොත 2020 ගොඩගේ අත්පිටපත් තරගයේ ජයග්‍රාහී යොවුන් නවකතාවයි. මෙම කෘතිය 2024 වසරේ රජත පුස්තක සම්මාන වටයට නිර්දේශිත කෘතියයි.
ප්‍රශ්නය : යොවුන් සාහිත්‍ය තවමත් පවතින්නේ පැරණි රාමුවේද?
පිළිතුර : වර්තමානයේ යොවුන් සාහිත්‍යය තුළ උසස් ගනයට අයත් කෘතින් ද බිහිවෙන අතර බොහෝ කෘතින් බොල් වීර චරිතම මවා පෙන්වන යතාර්ථයෙන් බොහෝ ඈත් වූ කෘතින් බව කියාපානේය. ළමා පරපුර සිහින ලෝකයක අතරමං කිරීම නොව ජිවිතය හා ලෝකය ගැන අවබෝධයක් ගෙනදීමයි යොවුන් නවකතාවෙන් වුව සිදුවිය යුත්තේ. මෙවන් විය්‍යකූල සමාජ වටපිටාවක් තුළ ජිවත්වෙන දරුවන් ලේසියෙන් ම සමාජ ගොදුරු බවට පත්වේ. යාන්ත්‍රිකව හුදෙක් පාසල් අධ්‍යාපනයේ ම හිරකොට සිටින දරුපරපුරට ජිවිත අවබෝධය ලැබෙන ප්‍රධාන මාධ්‍යකි යොවුන් සාහිත්‍යය.
ප්‍රශ්නය : ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ විස්තර කළොහොත්?
පිළිතුර : ඉදිරියේදී මම යොවුන් නවකතා කිපයක් නිර්මාණය කරමින් සිටිමි. ඒ කතාවලට පවා තේමාව වූයේ අන්ත අසරණ තත්වයට පත්වූ පිඩිත ළමුන්මය.
සංවාද සටහන: සුභාෂ්
රුක් මත සරනා පුංචි රුවන්|Ruk Matha Sarana Punchi Ruwan| පොඩි ජෙනරාල්| Podi General [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





