“දෛවයේ උරුමය” කෙටිකතා සංග්‍රහයේ කතෘවරිය වන ලේඛිකා රංජනී දැරණියගල මෙවර ලංකා ඩේලි මේල් වෙබ් අඩවියේ අරුනැල්ල සමඟ එක්වෙයි.

ප්‍රශ්නය : ඔබේ අලුත්ම නවකතා පොත “දෛවයේ උරුමය”. ඒ පිළිබඳ විස්තරයක් කළොත්?
පිළිතුර : අලුත් ම පොත දෛවයේ උරුමය කෘතිය…ඒක කෙටිකතා සංග්‍රහයක්… කෙටිකතා දහයක්.. තියෙනවා..ඒවා විවිධ තරග ඔස්සේ ලියා ජය ලැබූ කෙටිකතා…සමාජයේ නොයෙකුත් තරාතිරම් වල ඇතැමුන් අත්විඳින කටුක මෙන්ම ආදර්ශයක් ලබාදීමට හැකි ඇතැම් සංසිද්ධින් ඔස්සේ මෙම කෘතිය ලියා තිබෙන්නේ… බොහොමයක් වෙලාවට අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට වටිනා අත්වැලක් වේවි මේ කෘතිය.

ප්‍රශ්නය : ඔබේ ලේඛක ජීවිතය ආරම්භ වුණේ කොහොමද?
පිළිතුර: මගේ ලේඛක ජීවිතය ඇරඹීම සිදු වුණේ පාසල් කාලයේදී සිට…ඒක මුවහත් වුණා… පූවත්පත් කලාව නිසා…වසර විසි පහක් පමණ පුවත්පත් කලාව තුළ මම ජීවත් වුණේ…ඒකත් ලස්සන කතාවක්…මගෙ ගෙදර පරිසරය පුවත්පත් එක්ක මං ගැටෙන ගෙදරක්.. ඇහෙන්නේ ම ඒ වචන විතරමයි.මුලින්ම ලංකාදීප පුවත්පතේ දැරණියගල ප්‍රාදේශීය වාර්තාකාරිණිය මම… දෙවනුව ලක්බිම පුවත්පත, තෙවනුව ඩේලි මිරර් පුවත්පත.. අදටත් එහි වැඩ කරනවා…
ප්‍රශ්නය : වර්තමාන සාහිත්‍ය නිර්මාණ ගැන ඔබේ ඇගයීම කෙබඳුද?
පිළිතුර: වටිනාකමක් තිබෙන බොහෝ දේ සැගවෙලා තියෙනවා කියලා තමයි මං හිතන්නේ… ප්‍රසිද්ධ කිරීම සහ සන්නිවේදන කාර්යය මත නිර්මාණ වලටත් තැනක් ලැබෙනවා…. හැකියාව තිබෙනවා නම් නිර්මාණය ඔසවා තබන්නට එය මහත් පිටුවහලක් සිය නිර්මාණකරණයට….බොහොමයක් සාහිත්‍ය නිර්මාණ හමුවේ ලොකු තරගයක් නිර්මාණය වෙලා තියෙනවා..ඒක ගොඩක් වටිනවා….
ප්‍රශ්නය : වෘත්තියෙන් මාධ්‍යවේදිනියක්, ඊට අමතරව විවිධ කලා කටයුතුවල ඔබ නියෙළෙයි. දෛනිකව මේ හැම දෙයක්ම සැලසුම් කර ගන්නේ කොහොමද?
පිළිතුර: වෘත්තීය මට්ටමේ මාධ්‍ය වේදීනියකට වඩා මගේ වෘත්තීය වෙලා තිබෙන්නේ රාජ්‍ය සේවය…. රැකියා ව කරන්නෙත් විඳිමින්….ඒකට තෝතැන්නක් නිර්මාණය වෙලා තිබෙනවා නොයෙකුත් තරග…ඒ ඉදිරිපත් වීමත්..වටිනවා…ලේඛන කලාව ඔප් නංවා ගන්නට..ජීවිතයම නිර්මාණය කරගන්න මම දැඩි වෙහෙසක් ගන්නවා…මම නොයෙකුත් ගැටළු හමුවේ..මට ඖෂධයක් වුනේ හැමදාම පොත් පෑන…මගෙ වැඩේ කවි ගීත නිසදැස් මම ලියනවා..ඒ නිර්මාණ මට පුදුමාකාර ශක්තියක් හිත නිවාගන්න… ගොඩක් හිත හදාගන්න පුළුවන්… හිතන්න පුරුදු වෙන්න නිර්මාණකරණය හරිම ශක්තියක්..මම ගොඩක් පරිසරයට ආදරෙයි…සහ මම අයුක්තිය අසාධාරණයට නම් හරි විරුද්ධ කෙනෙක්…..සහ මට ගෙදර හොඳ පරිසරයක් නිර්මාණය වෙලා තියෙනවා ලියන්න කියන්න.. වැඩිපුරම පොත් පත් පරිහරණය කරනවා..ලබන අත්දැකීම් පවා ලේඛන කලාවට හරි වටිනවා… ලිවීම කලා කියලා කිසිම දෙයක් මම මග හැර ලා නෑ…දුකටත් සතුටටත් මම ලියනවා .. ගීතයක් නිසදැස ක්…මගෙ මහත්තයා ජනමාධ්‍යවේදියෙක් වූ නිසා මම ලියනවා කියලා ගැටළු ඇවිත් නෑ…ඒ සවිය ලොකු වාසනාවක් ලේඛන කලාවට…
ප්‍රශ්නය : ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු පිළිබඳ විස්තර කළොහොත්?
පිළිතුර: මගෙ ඉදිරි නිර්මාණ ගැන කියනවනම්… හරිම සතුටුයි.. දවසින් දවස හොඳ හොඳ මිනිසුන් මුණ ගැසෙනවා…මේ ක්ෂේත්‍රය තුළ..ඒ තුළින් තව තව විවිධාකාර අදහස් ලැබෙනවා වටිනාකමක් තිබෙන.. තෝරාබේරා ගෙන වැඩ කටයුතු කිරීම තමයි කල යුතු වන්නේ….මේ දිනවල ගැහැනු සිත් නවකතාව සහ තවත් යොවුන් නවකතාවක් ලියමින් ඉන්නෙ…ඊට අමතරව සුන්දර දැරණියගල ශාස්ත්‍රීය ග්‍රන්ථය නිර්මාණය කිරීමට නොයෙකුත් ගවේෂණයන් අධ්‍යයනය කරමින් ඉන්නවා… සමාජයට පලදායි පණිවිඩයක් ලබාදෙන නිර්මාණයන් කිරීම තමයි මගේ එකම පැතුම… නොනවත්වාම ලියන්න ආසයි…ඒ ලබන සැනසීමට මිලක් දෙන්න බෑ මට
ඉදිරි නිර්මාණ සියල්ල ම නිකුත් වන කර්තෘ නාමය රංජනී දැරණියගල…ඒක බොහෝ දෙනෙකු ගෙ ඉල්ලීමක්….
සංවාද සටහන: සුභාෂ්
අමාලි නොදුටු සාපය|Amali Nodutu Sapaya|දෛවයේ උරුමය| Daivaye Urumaya [YouTube] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය.





