ලයනල් බෝපගේ:
2025 ඔක්තෝබර් 8 වන දා
මාධ්‍ය නිවේදනය
සංවර්ධන කටයුතු මන්නාරම් දූපත්වාසීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොකල යුතුයි
සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර සම්බන්ධව ප්‍රජා අදහස් විමසන ලෙස ඉල්ලා දින 60 කට ආසන්න කාලයක් දිවා රාත්‍රි සත්‍යග්‍රහයක නිරත වූ මන්නාරමේ ජනතාව වෙත සැප්තැම්බර් 27 වන දින එල්ල කරන ලද කුරිරු පොලිස් මර්දනය යහපත අපේක්ෂා කරන සියළු දෙනා විසින් තරයේ හෙළා දැකිය යුතුයි.

මන්නාරම් ප්‍රදේශවාසීන්ට විශේෂ වූ දිගු කාලීන නිෂේධනාත්මක බලපෑම් යථාර්ථයක් විය හැකි වන විට මන්නාරම් ජනතාවගේ සමාජ ශුභ සාධනය සහ ඔවුන්ගේ පරිසර සංරක්ෂණය පිළිබඳව නිසි ලෙස සලකා බැලිය යුතුය. ආණ්ඩුවේ කැමැත්ත ජනතාව මත බලහත්කාරයෙන් පැටවීම සහ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව අධික පොලිස් බලය යෙදවීම කිසි විටෙකත් විසඳුම විය නොහැකිය. ඒ වෙනුවට, ඕනෑම තිරසාර සංවර්ධනයකට සහභාගීත්ව ප්රජාතන්ත්රවාදය මඟ පෙන්විය යුතුය.
නිමල් ගුණතිලක විශ්‍රාමික මහාචාර්යවරයාට අනුව, පළමු අදියරේ තම්බපාවනි සුළං බලාගාර ව්‍යාපෘතියට වඩා යෝජිත සුළං බල ව්‍යාපෘතියේ දෙවන අදියර මන්නාරම් කලාපය වෙත විශාල අවදානමක් මතු කරයි. මධ්‍ය ආසියානු ගුවන් මගේ පක්ෂි විශේෂීන් සඳහා ඉතාමත් වැදගත් වන සංක්‍රමණික පිවිසුම් මාර්ග අතර පිහිටා තිබෙන මුළු උතුරු අඩ, එනම්, ආදම්ගේ පාලම ජාතික වනෝද්‍යානය, වන්කාලෙයි අභයභූමිය (රැම්සර් තෙත් බිම් අඩවියක්) සහ විඩතල්තිව් සොබා දහම් රක්ෂිතය ආවරණය වන පරිදි දූපතේ බොහෝ පෙදෙස්වල දැවැන්ත සුළං ටර්බයින පනස් දෙකක් (52) අතුරා ලන්නට නියමිත ව තිබේ. [දිවයින – 2024 අප්‍රේල් 1]

ජෛව විවිධත්ව විද්‍යාඥයින් සහ සංරක්ෂණවේදීන් කිහිප දෙනෙකු පෙන්වා දී ඇති පරිදි මන්නාරම් දූපත පාරිසරික වශයෙන් ආරක්ෂිත අභයභූමි කිහිපයකින් වට වී ඇත; ඒ අනුව, එයට සැලකිය යුත්තේ එහි ස්වාභාවික සම්පත්වල පැවැත්ම, නිරාපදාව සහ පෝෂණය උදෙසා වන මූලික අයිතිවාසිකම්වලින් සමන්විත ‘ජීවමාන ආයතනයක්’ ලෙස යි.
2011 දී මුල්ම ලිඛිත විරෝධතා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ දූපතට සමාජයීය වශයෙන්, ආර්ථික වශයෙන් සහ භූ-විද්‍යාත්මක වශයෙන් බලපාන පාරිසරික අවදානම් ඉස්මතු කර දක්වන්නට ඔවුන් දැරූ දිගු කාලීන ප්රයත්නයන් එවකට පැවති ආණ්ඩුව විසින් නොසලකා හරින ලද බවට මන්නාරම් පුරවැසි නියෝජිතයෝ හඬ නගති. 2020 වසරේ සුළං ටර්බයින 30ක් ස්ථාපනය කිරීමෙන් පසු, ලිඛිත ව සහ මුහුණට මුහුණ හමුවීම් වල දී වඩා නිරන්තර ව විරෝධතා ඉදිරිපත් කර ඇත. ව්‍යාපෘතියේ පළමු අදියරේ සිදු වූ නිෂේධාත්මක බලපෑම් අතර (අ) මිනිසුන් පදිංචිව සිටින ප්‍රදේශ, විශේෂයෙන් පේසාලේ ස්වාභාවික ජල පෝෂක ප්‍රදේශය වාර්ෂිකව ජලයෙන් යට වීම, (ආ) මුරුංගා ගස් සහ තල් ගස් මියැදීම හේතුවෙන් කෘෂිකාර්මික ආදායම අහිමි වීම (ගස් 10,000 කට ආසන්න ප්‍රමාණයක් කපා දමා ඇති අතර තල් කර්මාන්තයට ලැබෙන ආදායම සැලකිය යුතු ලෙස අහිමි වීම), (ඇ) ධීවර ජනතාවට අනුව, සුළං ටර්බයින ධ්වනිත කරන ශබ්දය නොගැඹුරු ජලයේ වසන මසුන් වෙත කරන බලපෑම ධීවර කර්මාන්තයේ ඇති කර තිබෙන ප්‍රතිඵලය, (ඈ) ස්ථාපිත හැම ටර්බයිනයක් සඳහා ම වාසයට සුදුසු/වගා කළ හැකි ඉඩම් අක්කර හතක් අත්පත් කර ගැනීම (ඉ) මෙම වසරේ ජනවාරියේ දී මධ්‍යම ආසියානු ගුවන් මග හරහා සංක්‍රමණය වන පක්ෂීන්ගේ එළඹීම සැලකිය යුතු ලෙස අඩු වීම, සහ එහි ප්‍රතිඵලයක් ලෙස සංචාරකයින්ගෙන් ලැබෙන ආදායම අඩු වීම ද ඇතුලත් වේ. පක්ෂි විශේෂීන් 150 ක් නියෝජනය කරමින් පක්ෂීන් මිලියනයක් පමණ මන්නාරම ට පමණක් පැමිණෙමින් තිබුණි.
මන්නාරම් දූපත් වාසීන්ගේ ජීවනෝපාය සහ ප්‍රජා යහපැවැත්ම කෙරෙහි බල පෑම් කරන මෙම නීත්‍යානුකූල ගැටළු පිලි ගත යුතු අතර, ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු විකල්ප භූමි භාග සොයා ගත යුත්තේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව ය. සැබවින්ම, මන්නාරම් ජනතාවට අවශ්‍ය වන්නේ බලශක්ති උත්පාදනය, පාරිසරික සංරක්ෂණය සහ ප්‍රජා ශුභ සාධනය අතර මටසිලුටු සමබරතාවක් පවත්වා ගනිමින් මන්නාරම් දූපතෙන් පිටත, එහෙත් මන්නාරම දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමයි.
මන්නාරමේ ප්‍රධාන භූමි භාගයේ විකල්ප ස්ථාන පිළිබඳ පිරිවැය-ප්රතිලාභ විශ්ලේෂණයක් හෝ ඇගයීමක් සිදු කරනු ලැබීමෙන් තොරව, බලපෑමට ලක් වූ පාර්ශ්වයන් විසින් මතු කරන ලද කරුණු විසඳීමේ දී විනිවිදභාවයක් නොමැතිව, සහ සමාදානයෙන් බේරා ගැනීමට ඇති ඉඩකඩ සීමා කර, ආණ්ඩුව විසින් ඉහළ සිට පහළ දක්වා වන ප්‍රවේශය නිසාවෙන් – මෙම කාරණය අදාළ සියලු දෙනා වෙත වඩා අයහපත් ප්‍රතිඵලයක් අත් කර දී ඇත.
අවසාන වශයෙන්, සුළං බලාගාර ශ්‍රී ලංකාව සඳහා උපාය මාර්ගික අවශ්‍යතාවයක් වුවද, ඒ අවශ්‍යතා වෙනුවෙන් සමාජ සාධාරණත්වය සහ පාරිසරික ආරක්ෂණයන් අතරමග සමාදානයට ලක් කල නොහැකිය. මෙවැනි සංවේදී කරුණු සම්බන්ධව තීරණ ගන්නා විට ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති සම්පාදනය කරන අය ඔවුන්ගේ උපදේශක කමිටු තුල ප්‍රදේශවාසීන් නියෝජනය වන බව සහතික කළ යුතුය. ස්වාභාවික සම්පත් තිරසාර ලෙසත් කාර්යක්ෂමවත් භාවිතා කිරීම ආණ්ඩුවට පැවරී තිබෙන රාජකාරියක් වුවද, ප්‍රදේශවාසීන්ගේ ජීවනෝපාය සහ පැවැත්ම පිළිබඳව පවතින සැක සාංකාවන් ආමන්ත්‍රණය කිරීම, ආර්ථික ප්‍රතිලාභවලට වඩා ප්‍රමුඛත්වය අත් කර ගත යුතු වේ.
(අ) සාමකාමී ලෙස විරෝධය පෑම අපරාධයක් ලෙස සැලකීම නතර කරන ලෙසත්, පොලිස් කෲරත්වය ගැන ස්වාධීන පරීක්ෂණයක් දියත් කරන ලෙසත්, සහ වැරදි කරුවන් වගකිව යුතු බවට පත් කරන ලෙසත්;
(ආ) සංවර්ධන කටයුතු කිසි විටෙකත් මානව අයිතීන් උල්ලංඝනය නොකල යුතු බැවින්, තිරසාර සංවර්ධනය සඳහා මන්නාරම දූපත් වාසීන්ගේ නීත්‍යානුකූල ආයාචනයට සවන් දෙන ලෙසත්;
(ඇ) මන්නාරමේ ජනතාව සහ පැවිදි පක්ෂය කෙරෙහි මෙම ව්‍යාපෘතිය ඇති කර තිබෙන දැවැන්ත ආවේගාත්මක බලපෑම වඩා විශාල, දේශපාලනික වශයෙන් මිල අධික වැරැද්දක් බවට පත් වන්නට පෙර ඊට පිළියම් කරන ලෙසත්;
අපි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
මෙයට අවංක,
අත්සන් කලේ
ආචාර්ය ලයනල් බෝපගේ
ශ්‍රී ලංකාවේ යහපාලනය් සදහා වූ ඔස්ට්‍රේලියානු සහයෝගිතාවේ
විධායක කමිටුව වෙනුවෙන්
Email: lionel.bopage@gmail.com

ලයනල් බෝපගේ-Lional Bopage







