ජස්ටින් පියරත්න:
මනෝ ප්‍රනාන්දු විසින් පරිවර්තනය කරන ලද “රතු රුසියාාවේ හය මසක්” කෘතිය මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සුරිය ප්‍රකාශන කුටියෙන් ලබා ගත හැකිය. 2019දී මෙම කෘතිය එළිදැක්වූ අවස්ථාවේදී ප්‍රවීණ මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයෙකු වන ජස්ටින් පියරත්න විසින් කරන ලද දේශනය බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපි නැවත පළ කරන්නෙමු.
මුලාසනයේ සහෝදරය, මනෝ ප්‍රනාන්දු සහෝදරය, ප්‍රිය සහෝදර, සහෝදරියෙනි, ප්‍රියරසික රසිකාවෙනි, ජර්මානු දෘෂ්ටිවාදය නම් වූ කෘතියේ පරිවර්තකයා වශයෙන් හා විප්ලවවාදී කොමිනියුස්ට් සංගමයේ හා සමාජවාදී සමනතා පක්ෂයේ දීර්ඝ කාලීනව වැඩ කිරීමේ අත්දැකිම් මතත්, ඒ පොත පත හා වැඩපිළිවෙලවල් ඇසුර කිරීමෙන් ලද විශාල ඥාන සම්භාරය මතත් පදනම් වෙමිනුයි මම අද මනෝ ප්‍රනාන්දුගේ පොත විචාරයට බඳුන් කරන්නේ.

අපි මුලින් ම ගත්තොත් මනෝ ප්‍රනාන්දු සහෝදරයා තමාගේ වෘත්තීය කාලපරිච්ඡේදය තුළ දී, රුසියානු විප්ලවය ආශ්‍රතව මෙයත් එක්ක පොත් තුනක් නිම කරල තියෙනවා.

පළමුවෙන් ම ග්‍රෙගරි සිනොවිච් කියන බෝල්ශෙවික් නායකයාගේ දේශන මාලාවක් ඇසුරින් බෝල්ශෙවික් ඉතිහාසය කියන පොත පරිවර්තනය කළා. එම පොත බෝල්ශෙවික් පක්ෂයේ ආරම්භයේ සිට 1917 පෙබරවාරි කාල පරිච්ඡේදය අළලා ගෙන බෝල්ශෙවික් පක්ෂය වර්ධනය වූ ආකාරය විස්තර කරල තියෙනවා.

දෙවනුව ඔහු දේශපාලනික වශයෙන් අත ගැසුවේ රුසියාවේ ම, මේ අපගේ කතා වස්තුවට පසුව සලකා බලනු ලබන රුසියාවේ කම්කරු පන්තියේ බලය කොල්ලකා ගත් ස්ටැලින් විසින් තමන්ගේ භිෂණය දියත් කරද්දී අටවන ලද වහල් කඳවුරුවල අවුරුදු ගණනාවක් කාලය ගත කරපු නදේෂාදා ජොෆේ සිත සසල කරන අත්දැකිම්, වහල් කඳවුරුවල විඳපු අත්දැකීම් හරහා ස්ටැලින්වාදයේ දුෂ්ටත්වය එළිමහනට ගන්නට පුඵවන් වුනා. ඒ පොතේ නම කාලය දිගේ ආපස්සට. දැන් ඔහු අත තියල තියෙනවා

රුසියානු විප්ලවයේ අත්දැකිම් සියැසින් දැකලා, ඒවා වාර්තා කරමින්, අප ආවේශවත් කරන විප්ලවීය හැඟීම් දල්වාලෙන කෘතියක් අප ඉදිරියට ගේනවා. අප පාඨකයන් හැටියට මේ සියල්ලට ම මනෝ ප්‍රනාන්දු සහෝදරයාට ස්තුතිවන්ත වන අතර, මේ පොත් ප්‍රකාශ කරන ලද, මෙබඳු බැරැරෑම් කෘති ප්‍රකාශ කරන ලද සුරිය ප්‍රකාශකයන්ටත් ප්‍රශංසාවක් කළ යුතු යැයි මට මේ අවස්ථාවේ දී හිතෙනවා.
අපි දේශපාලන කෘතියක් ලිව්වොත් එය මුද්‍රණය කර ගැනීමේ අසීරුව ලේඛකයන් හැටියට හොඳාකාරව දන්නවා. ආර්ථික වාසි නොමැති පොත් ප්‍රකාශකයන් භාර ගන්නේ නැහැ. අපි දැන් රුසියාවේ රතු හය මසක් කියන පොත පිළිබඳව කතා කරමු. මේ පොත ලියා තිබෙන්නේ ඇමෙරිකානු ජාතික යුද වාර්තාකාරිනියක වන ලුවිස් බ්‍රයන්ට්. ඇය රුසියාවේ නිරීක්ෂණ චාරිකාවට එළඹෙන්නේ රුසියානු විප්ලවයේ ඇරඹුමත් එක්ක නෙවේ. ඇය ඇත්තටම එන්නේ පෙබරවාරියේ ඇරඹුන විප්ලවයේ මාස ගණනාවක් ගිහිල්ලා අගෝස්තු මාසයේ දී. අපට මුලින් ම හමුවෙනවා එම පොතේ අගෝස්තු 26දා පළ වන දැන්විම.

ඇය එන විට එතැන දැන්විමක් අලවා තියෙනවා, ‘සියලු දෙනා ම සඳහා යි’ කියල. ඒ දැන්වීම නිකුත් කරල තියෙන්නේ අගමැති කෙරෙන්ස්කි. මෙය පොතේ 35/36 පිටුවල තියෙනවා.මෙය ඇය රුසියාවට ආවිට මුලින් ම දකින නිවේදනය. මම මෙය කිව්වේ, මේ පොත කියවන ආධුනිකයෙකුට, රුසියානු විප්ලවය ගැන මුලික අවබෝධයක් නොමැති කෙනෙකුට විශාල අවුලක් බවට පත්වෙනවා. අගොස්තු 26 අගමැති කෙරෙන්ස්කි කිව්වට දන්නේ නැහැ. අනික කෝරනිලොෆ් කියන චරිතය ගැන වැටහිමක් නැතිනම්, මේ කතාව අතරමැද සිට කියන නිසා, එක්තරා අසීරු තාවයකට පාඨකයා පත්වෙනවා. ඒ නිසා මම කැමැතියි, අපගේ මේ වස්තු විෂය වන රුසියානු විප්ලවය සම්බන්ධයෙන් බොහෝ ම කෙටියෙන් විස්තර කරන්න.

රුසියාවේ වුණේ මොකක් ද? පළමුවෙන් කෙටියෙන් න්‍යායාත්මකව ගැඹුරු තලයක විස්තර කරන්න. එවිට ඔබට මේ පොත තේරුම් ගැනීමට උපකාර වේවි. අපි මේ කතා කරන්නේ 1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවය කියන සංසිද්ධිය ගැන. මුලාසනයේ සහෝදරයා කිව්වා, මේ සංසිද්ධිය මානව ඉතිහාසයේ ඉතාම අර්ථභාරි සිද්ධියක් කියල. 20වැනි ශතවර්ෂය ගත්තොත් නිසැකව ම මානව වර්ගයාගේ වැදගත් ම සංසිද්ධිය කියල කියන්න පුඵවන්. අපි එහෙම කියන්නේ ප්‍රථම වරට සමාජවාදී විප්ලවයක් සිදු කිරීම, ප්‍රථම වරට කම්කරු පන්තිය රාජ්‍ය බලය සිය අතට ගැනීම පමණක් නෙවෙයි, පන්තියක් හැටියට තමා ම අහෝසි වීමේ ඉදිරි දර්ශනයක් හැටියට තියාගෙන බලය අතට ගැනීම මෙයින් සනිහටුවන් වන නිසා. කම්කරු පන්තිය බලය අතට ගන්නේ සමාජවාදී විප්ලවයක දී සදාකල් එය පවත්වා ගෙන යෑමට නෙවේ. ‘කම්කරු පන්තියේ ආඥාදායකත්වය’ කියන එක, දිගු කල් දිනේවා කියන එක වැරදි බව ලෙනින් එක්තරා අවස්ථාවක දී, ඔහු සහභාගි වූ දේශනයක දී පැහැදිලි කරනවා.
ආණ්ඩු බලය අතට අරගෙන ටික කලක් ගියාට පසු, ඔහු සහභාගි වූ රැස්වීමක වේදිකාවේ තිබුණේ ‘නිර්ධන පන්ති ආඥාදායකත්වය දිගුකල් දිනේවා’ කියල බැනරයක්. ලෙනින් එතැනදී පැහැදිලි කරනවා, ඒ සටන් පාඨය වැරදි යි කියල. එංගල්ස් පෙන්වා දුන් පරිදි ප්‍රතිවිප්ලවය පැන නැගීමට අවකාශය තිබෙන නිසා, කම්කරු පන්තියේ ආඥාදායකත්වය ආරම්භයේ දී අවශ්‍ය යි, නමුත් බලය තහවුරු කර ගැනීමත් සමග, රාජ්‍ය අහෝසි කිරීම කරා යා යුතු යි.නිර්ධන පන්ති ආඥාදායකත්වයට තිතක් තැබිය යුතු යි. එය නිසා එය දිගුකල් දිනේවා නෙවේ, හැකි ඉක්මනින් එය අවසන් කළ යුතු යි. මෙබඳු උත්තරීතර පරමාර්ථයක් සහිතවිසිවැනි සියවසේ සිදු වු විශිෂ්ට ම සිදුවිම පිළිබඳව තමයි, මේ පොතේ වස්තු විෂය වෙන්නේ.

මෙය හුදු රුසියානු සංසිද්ධියක් ද? රුසියාවේ තමයි, කම්කරු පන්තිය බලය අතට ගත්තේ. නමුත් මෙය හුදෙක් රුසියානු සංසිද්ධියක් නෙවේ. ස්ටැලින්වාදින් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බොහෝවිට ප්‍රිය කරන්නේ මෙය රුසියාවට ලඝු කරන්න. ඌනනය කරන්න. නැහැ. රුසියානු විප්ලවය පැහැදිලිව පැන නැගුණේ අධිරාජ්‍යවාදී පද්ධතියේ පැවති පරස්පරතා පුපුරා යෑමේ ප්‍රතිඵලයක් හැටියට. ඔබ හැම දෙනාම දන්නවා, පළමුවන ලෝක යුද්ධය පැන නැගුණේ යුරො ්පා අධිරාජ්‍යවාදීන්ගේ පරස්පර විරෝධයන්, ආර්ථික අර්බුදය පුපරා යෑම, ඒ තුළින් ලෝකය අලුතින් බෙදා ගැනීමේ උවමනාවේ කලබෑගෑනිය හමුවේ. ඒ අවස්ථාවේ දී තමයි, රුසියානු කම්කරු පන්තිය තමන් අතට රාජ්‍ය බලය ගත්තේ.
එතැනදී ලෙනින් මේ ප්‍රශ්නය විසඳනවා. ඔහු කියනවා, රුසියාවේ මේ සිදුවුන සිද්ධිය, රුසියාවේ ප්‍රිස්මය තුළින්, රුසියාවේ ජාතික රාජ්‍ය මුල් කරගෙන හිතුවොත් කවදාවත් තේරුම් ගන්න බැහැ කියල. එබඳු පුද්ගලයෙකු අනිවාර්යෙන් ම අවමංගත වෙනවා. ඔහුට මෙය වටහා ගන්න බැහැ. මෙය තේරුම් ගත හැක්කේ ලෝක අධිරාජ්‍යවාදී පද්ධතියේ ඇති වූ පරස්පර විරෝධයන් මත, ඒවායේ පුපුරා යෑමේ
ප්‍රතිඵලයක් හැටියට, අධිරාජ්‍යවාදී දම්වැල එහි දුර්වලම පුරුකෙන් සිඳීබිඳී ගියා කියන ුත්‍රය අනුව යැයි කියල ලෙනින් පැහැදිලි කළා. මම හිතන්නේ මෙය පැහැදිලි යි. රුසියාව තුළ ඉතා ම අන්ත වැඩවසම් ක්‍රමයක් තිබුණේ. බොහෝම මෑතක දී ධනපත ි ප්‍රාග්ධනය පැමිණි, කල් පසුවී පැමිණි, රුසියාව තුළ නුගත්කම, සාගතය, මේ සියල්ලෙන්ම පිරි තිබුණා. ඒ නිසා යි ඉතා ම දුර්වල පුරුක කියල කිව්වේ. ලෙනින් එය පැහැදිලි කරනවා, සිඳීබිඳී ගියේ පුරුක පමණක් නෙවේ, සමස්ත දම්වැලම බිඳී ගියා.
එකේ ඉතා බරසාර දේශපාලනික නිගමනයක් තියෙනවා. ඒ නිගමනය තමයි, රුසියාවේ විප්ලවය වූ කලී උප්පත්තියෙන් ම ජාත්‍යන්තර ප්‍රපංචයක්ය කියන එක. එය ජාතික එකක් නෙවේ. එය පැන නැගීමෙන් ම ලෝක සමාජවාදී විප්ලවයේ පළමු වෙඩි මුරය බවට පත ් වුණා. අපි එය මතක තබා ගන්නට අවශ්‍ය යි. මේක තනි රටක සිදුවූ දෙයක් නෙවේ. එය උපතින් ම, එය සම්භයෙන් ම, ජාත්‍යන්තරව අධිරාජ්‍යවාදී පරස්පරයන්ට දක්වපු ප්‍රතිචාරයක්.
මෙයින් අපි ඉස්මතු කර ගත්තේ මෙය ලෝක සමාජවාදී විප්ලවයේ පළමුවැනි වෙඩිමුරය වශයෙනු යි. ලෙනින් හා ට්‍රොට්ස්කි දෙදෙනාගේ ම කතා විමසා බැලුවොත් ඔබට පෙනේවි රුසියාවේ කම්කරු පන්තියේ ජයග්‍රහණය සුරක්ෂිත කර ගත හැක්කේ, කල් පවත්නා දෙයක් බවට පත් කර ගත හැක්කේ, මෙය ලෝක විප්ලවය කරා ව්‍යාප්ත වුවහොත් පමණ යි කියන කාරණාව තමයි, ඔවුන් මතු කර ගත් දේශපාලන නිගමනය වුණේ. 1919 දී ලෙනින්ගේ නායකත්වයෙන් තුන්වැනි ජාත්‍යන්තරය ආරම්භ කිරීමේ එල්ලය, ඒ තුළ අපට අවබෝධ කර ගන්න පුඵවන්. නැතිනම් ඔවුන්ට රුසියාවේ විප්ලවය කරල, එතැනින් නවතින්නට තිබුණා. ඒ වෙනුවට ඔවුන් ඒ විගසින් 1919 වන විට දී තුන් වැනි ජාත්‍යන්තරය ස්ථාපිත කරනවා. ඒ විප්ලවය ව්‍යාප්ත කිරීම සඳහා. යුද්ධය මැද්දේ අප අවබෝධ කර ගත යුතු දෙයක් සිදු වුණා. ඒක තමයි, එවකට බෝල්ශෙවික් පක්ෂයත් අන්තර්ගතව පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ව්‍යාපාරය නැතිනම් දෙවැනි ජාත්‍යන්තරය.

දේශපාලනයට ආධුනික කෙනෙක් ඉන්නවානම් තේරුම් ගන්න, 1864 දී කාල් මාක්ස් එංගල්ස් ප්‍රධානත්වයෙන් කම්කරු පන්තියේ පළමු වැනි ජාත්‍යන්තරය ගොඩ නගනවා. එය ඒ අවධියේ බකුනින්වාදයට විරුද්ධව අරගලයක් මෙහෙයවනවා.

ඉන් අවුරුදු 10ක් විතර ඇවැමෙන් විශේෂයෙන් ම 1871 දී පැරිස් කොමිනියුනය පැන නැගිලා, ඒ පරාජයත් සමග ඒ කාලවකවානුව අවසන්වෙලා, දෙවැනි ජාත්‍යන්තරයක් එංගල්ස් විසින් ආරම්භ කරනවා. එංගල්ස් විසින් ආරම්භ කළ පක්ෂ හැඳින් වුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂ හැටියට. විශේෂයෙන් ජර්මනියේ ඉතා විශාල වශයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය බලවත්ව සිටියා. ඔවුන්ගේ පාර්ලිමේන්තුවේ සිටියා සමාජ ප්‍රජාතන්ත්‍රවාදි මන්ත්‍රින් 111 දෙනෙකු සිටියා.
දැන් මේ යුද්ධය මැද්දැැවේ ලෙනින්ගේ ආස්ථානයක් තිබුණා, මාක්ස්වාදී පක්ෂයක් හැටියට අපි යුද්ධයට මුහුණ දෙන්නේ කොහොම ද? ඒක න්‍යායක් හැටියට කිව්වොත්, ‘විප්ලවීය පරාජකවාදය’කියලයි එය නම් කරන්නේ. එයින් කියවුණේ අධිරාජ්‍යවාදි යුද්ධයක් පැනනගින මොහොතක, යම් රටක මාක්ස්වාදීන් කළ යුත්තේ තමන් ජීවත්වන රටේ පාලක පන්තියට විරුද්ධව, ධනපති පාලකයන්ට විරුද්ධව, අපි අවි අතට ගත යුතු යැයි කියනඑක. මෙයින් කියන්නේ අධිරාජ්‍යවාදී යුද්ධය පුපුරනවා, ඒ පුපුරන අධිරාජ්‍යවාදී යුද්ධය දී, අප ඒකට හවුල් වෙනවා වෙනුවට, මාක්ස්වාදින් කළ යුත්තේ තමාගේ රටේ ධනපති පාලක පන්තිය පලවා දැමීම පිණිස අවි අතට ගැනීම. ඒකට තමයි කියන්නේ, යුද්ධයක දී ‘විප්ලවීය පරාජකවාදී’ ආස්ථානය කියල. නමුත් මෙම ආස්ථානය, පළමුවැනි ලෝක යුද්ධය පුපුරා යන 1914 දී, ගැනීමට තරම් කම්කරු පන්තියේ සවිඥානකත්වයක් අත්පත් කර ගෙන සිටියේ ලෙනින්ගේ බෝල්ශෙවික් පක්ෂය පමණ යි.
ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය කයිසර්ගේ යුද වියදම්වලට අත ඉස්සුවා. එයට අප කියන්නේ සමාජ ජාතෝතමවාදය. විප්ලවීය පරාජකවාදයට පිටුපාමින්, තම රටේ පාලක පන්තියත් සමග එකතු වුණා. එය සමාජ ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ දැවැන්ත පාවා දීමක් වශයෙන් ලෙනින් හැඳින් වුවා. ඇත්ත වශයෙන් ම මින් වුණේ බෝල්ශෙවික් පක්ෂය ලෝකය පුරා හුදකලා වුණා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ වැඩ කටයුතු හරහා අප කලින් කිව්ව ලෝක සමාජවාදි විප්ලවය පැතිරෙන්නට තිබු අවකාශය සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් විසින් විනාශ කරනු ලැබුවා.
මා මෙතනදී මතක් කරන්න ඕන, එක තැනක දී කතාවෙනවා කාල් ලිබ්නෙක් ගැන. ජර්මානු විප්ලවය සංවිධාන කිරීමේ දී අපරනිත පක්ෂයක් හැටියට, කොමිනියුස්ට් පක්ෂයක් තිබුණා, රෝසා ලක්ස්සම්බර්ග් හා කාල් ලිබ්නෙකෙට්ගේ නායකත්වයෙන්. මොවුන්ව අරගෙන ගිහිල්ලා ඝානය කරන්නට ජර්මානු පාලක පන්තියට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් පිටුබලය දුන්නා. එසේ කිරීම හරහා අපි බලාපොරොත්තු රැඳවූ ජර්මනියේ විප්ලවය ගබ්සා කිරීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ක්‍රියා කළා.

මේ කාරණයේ දී අපි තේරුම් ගන්නේ රුසියාවේ පමණක් බෝල්ශෙවික්වාදීන් විප්ලවීය පරාජකවාදි ආස්ථානයට සටන් කරන කොට විශාල මර්ධනයක් රුසියාව පුරා ආවා. අපි එතැනදී ඉගෙන ගත යුතු කාරණාවක් තියෙනවා. මොන තරම් මර්ධනයට ලක් වුණත්, පෙනී පෙනී අපි කොන් වෙයි කියල පෙනුනත්,බොල්ශෙවික් වාදීන් ප්‍රතිපත්ති ගරුක වුණා කියල අපි මතක තියා ගන්න ඕනෑ.විශේෂයෙන් අද අප දකින විවිධ අවස්ථාවාදීන්, වාම පක්ෂවල ගොඩ ලොකු කර ගන්න ප්‍රතිපත්ති පාවා දෙමින් අවස්ථාදීන් එක් එක් අවස්ථාවේදී ක්‍රියා කරන අන්දම අපි දකිනවා.
බෝල්ශෙවික් පක්ෂය පැහැදිලිවම දන්නවා පසුගාමි කම්කරු පන්තියක් තමයි රුසියාවේ සිටියේ, මේ පසුගාමි කම්කරු පන්තිය දේශ ව්‍යාප්තවාදයට ඉතා ඉක්මනින් ගැට ගැහෙන කම්කරු පන්තියක්. නමුත් බෝල්ශෙවික්වාදීන් අඛන්ඩව ස්ථිරසාරව තමන්ගේ විප්ලවවාදි පරාජකවාදී ආස්ථානයට සටන් කළා. ඔවුන් ඒ වේලාවේ තහනමට ලක් වුණා. පිටුවහල් කරනු ලැබුවා. ඒ සියලු දණ්ඩනයන්ට ඔවුන් යටත් වුණා.
ඒ නමුත් තිරසර විප්ලවීය මතය කෙලෙස ගත්තේ නැහැ. දැන් මේ වේලාවේ, රුසියාව තුළ තව ක්‍රියාවලියක් දියත් වුණා. සොල්දාදුවො ් වශයෙන් හමුදාවේ සිටියේ ගොවියෝ. ඔවුන් යුද පෙරමුණුවලට ගියා. පළමුවැනි ලෝක යුද්ධය ගැන මම කියන්නේ. එවකට බලයේ සිටියේ 300 වසරක් තිස්සේ රුසියාවේ පාලන බලය අතට අරගෙන හිටපු රොමනොව් කියන රාජවංශිකයෝ. එහි 2වැනි නිකොලොස් සාර් රජ තමයි, බලයේ සිටියේ. ඒ වන විට ඉතා ම කල් පසුවී පැමිනි ධනේශ්වර ක්‍රමය යටතේ විශාල වශයෙන් කම්කරු පන්තිය සංකේන්ද්‍රවෙලා හිටියා, සාන්ත පීටර්ස්බර්ග් හා මොස්කව්වල. යුද්ධය නිසා රුසියානු හමුදා භටයින් ලක්ෂ 25ක් ජර්මානු වෙඩි උණ්ඩවලට ගොදුරු වුණා, මිය ගියා. මේ සොල්දාදුවො ් හැටියට ගියේ ගොවියන්. තවත් ලක්ෂ ගණනාවක් ජර්මානුවන්ගේ සිරකාරයන් බවට පත් වුණා. ලක්ෂ 40ක් යුද අගල්වල තුවාල කාරයන් බවට පත් වුණා. ඒත් එක්කම ආර්ථිකය බිඳ වැටීම, ඒ සමග ම මුඵ රට ුරා ම සාගතයක් ඇති වීම, විශාල වශයෙන් කෑම හිඟය, පාන් පෝලිම් ඇති වුණා. මේ ආර්ථික අර්බුදයත් එක්ක, ජීවන කොන්දේසි කඩා වැටීම එක්ක විශාල වශයෙන් කැළඹිළි සහගත ස්වරූපයක් රුසියාව තුළ ඇතුළතින් පැන නැග්ගා. නමුත් පැහැදිලි නායකත්වයක් නැහැ. හේතුව බෝල්ශෙවිකයන් පිටුවහල් කරල. දැන් රුසියාව තුළ සිටියේ 1905 විප්ලවයේ අත්දැකිම් උකහා ගත්තු විසිරුණු කම්කරු පිරිසක් පමණ යි.
ඔවුන් 1905 විප්ලවයේ අත්දැකිම් ප්‍රයෝජනයට අරගෙන තමයි, ඔවුන් සංවිධාන කටයුතු කළේ. එතැනදී විගෝද් දිස්ත්‍රික්කයේ බෝල්ශෙවිකයන් සමහර ෆැක්ටරිවල ඉතිරිවෙලා සිටියා, ඔවුන්ගේ නායකත්වයක් ලැබුණා. නමුත් අප මතක තියා ගත යුතු යි, ඒ වන විට රුසියාවේ ඉතා ම දැනුවත් කම්කරු පන්තියක් හිටියේ නැහැ. නමුත් 1917 පෙබරවාරි 23දා මේ කිසිම දැනුම් දීමක් නැතුව, සැලැස්මක් නැතුව, කාන්තා දිනයේ දී රෙදි වියන කම්කරු ස්ත්‍රීන් පාරට බැස්සා, අප තේරුම් ගත යුතු යි, මෙය වුණේ කිසිම සැලැස්මක් නැතුව.මේ යන්නේ කොහාට දැයි දන්නේ නැහැ.කම්කරු ස්ත්‍රීන් විදී බැස්සා. ඔවුන් නිකන් සිටියේ නැහැ. ඔවුන් ලෝක කම්කරුවන්ට පණිවුඩය ගෙන ගියා. අපට සහයෝගය දීමට වරෙල්ලා. ඒ කොහොම ද ? කවුරුවත් දන්නේ නැහැ.නායකත්වයක් නැහැ. විප්ලවයේ හැටි ස්වභාවය ඒ ආකාරයයි.

ඒ වන විට කේඩර පක්ෂයක්, දැනුවත් කම්කරු පන්තියේ පක්ෂයක්, පෙබරවාරි 27 වන විට 90000ක කම්කරුවන් පෙට්රෝගාඩ් නුවර විදී බැස්සා. එවකට බලයේ සිටිය සාර් අණ කළා වෙඩි තියන්න. නමුත් 90000ක පිරිසක් එනකොට, මෙතැන සිටියේ යුද්ධයෙන් බැටකාපු සොල්දාදුවෝ, සොල්දාදුවන්ට අන්ත අසීරුතා තිබුණා, මොවුන් හමුදාවට බැඳෙන්න ඉස්සෙල්ලා දුප්පත් ගොවින්. මේ නිසා හමුදාව අනෙත් පැත්ත හැරුණා.කම්කරුවන් 100ක් පමණයි, මරණයට පත් වුණේ. සාර්ගේ අණ ප්‍රතික්ෂේප කළා. ට්‍රොට්ස්කි පැහැදිල කරනවා, ඉතා කුඩා සෙලවිමකින් පවා බිඳ වැටෙන කුණුවූ පළතුරු ගෙඩියක් මෙන් සාර් ආණ්ඩුව පෙරලුනා කියල.

ඉතා කුඩා සුළඟට පවා සෙලවන පළතුරු ගෙඩියවක් සේ සාර් ආණුඩුව බිඳ වැටුණා. සාර් ආණ්ඩුව බිඳ වැටුණාම 1905 අත්දැකිම් මත කම්කරුවෝ විගසින් සෝවියට් සභා හදන්න පටන් ගත්තා. සෝවියට් සභා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රමයට ෆැක්ටරිවල, වතුපිටිවල, හැමතැනම කම්කරු, ගොවි හා සෙබළ කණ්ඩායම්වල නියෝජිතයන් තෝරා ගෙන සකස්වුන සංවිධානය යි. මේ සෝවියට් සභා හදන විට ජන්දය දෙන්න ඕන කම්කරුවන්, එතැම් දැනුවත් කම්කරුවන් නොසිටියත්, ඔවුන් එක දෙයක් තේරුම් ගත්තා. සාර් එපාවෙලා සිටියේ, ඒ වගේ ම අලුතින් පැන නැගී තිබු ධනපති පන්තියත් එපා. ඒ නිසා ඔවුන් එක තැනක සිටියා, අපි දෙන්නේ සමාජවාදීන්ට යි. අපි තේරුම් ගත යුතු ප්‍රශ්නය ඇත්තේ මෙතනයි. සමාජවාදීන් කියල සියල්ලන්ම එක ගොඩකට දැමුවා. මෙන්ශෙවික්වරු, සමාජ විප්ලවවාදීන් හා බෝල්ශෙවික්වරුන්. මේ තුන්ගොල්ලෝම සිටියා. බෝල්ශෙවික්වාදින් කියන්නේ ලෙනින්ගේ පක්ෂය. එය විප්ලවවාදී ජාත්‍යන්තරවාදීන්ගේ පක්ෂය යි.
ඔවුන් ලෝක සමාජවාදී විප්ලවයක් කරා යෑමේ අදිටයෙන් සිටි කණ්ඩායමක්. විප්ලවවාදී ජාත්‍යන්තරවාදි පක්ෂයක්. මෙන්ශෙවික්වරු හා සමාජ විප්ලවවාදීන් යන අය සුඵ ධනපති ප්‍රජාතන්ත්‍රවාදීන්. මේ කණ්ඩායම් දෙක අතර වෙනස මේකයි. මෙන්ශෙවික්වාදින්ගේ හා සමාජ විප්ලවවාදීන් යන දෙගොල්ලොන්ගේ ම ඉලක්කය තිබුණේ පළමුව ධනපතියන් අතට බලය, ධනපති සංවර්ධනයකින් පසුව දෙවනුව සමාජවාදී විප්ලවය. රුසියාවේ වැඩවසම් ක්‍රමය අභිබවාගෙන නීතියක් හැටියට ම එන්න ඕනා, ධනපති ක්‍රමය. ධනපති ්‍රමය වර්ධනය වෙලා, එකමත්එක කලක දී තමයි, කම්කරු පන්තිය බලය අතට ගත යුත්තේ. ඒ නිසා ඔවුන් සෝවියට් සභාවල මුදුනට නැග්ගත්, ඔවුන් හැමවිටම ධනපති පන්තිය වෙතට නැඹුරු වුණා. ධනපති පන්තියට බලය දුන්නා. කම්කරුවන් වැඩි පිරිසක් සිටියේ බෝල්ශෙවික් පක්ෂය වටා නෙවේ. ඔවුන් ගොනුවෙලා සිටියේ සමාජ විප්ලවවාදීන් වෙත යි.
මා කලින් කිවු පරිදි ඔවුන් තුළ දේශ ව්‍යාප්තවාදයේ මනෝ ගතිය පැවතුණා. ඔවුන්ගේ සහයෝගය ලැබුණේ මෙන්ශෙවික් හා සමාජ විප්ලවවාදීන්ට. අපි ඔවුන්ට සම්මුතිවාදින් කියල නම් කරනවා. හේතුව ඔවුන්ගේ සම්මුතිය තිබුනා, ධනපති පන්තිය සමග. කම්කරුවෝ විදි බැහැල සෝවියට් සභා හැදුවා, කම්කරුවන්ගේ බලය එක පැත්තක. නමුත් මෙහි මුදුනේ ඉන්නේ ධනපති පන්තියට නැඹුරුවූ සම්මුතිවාදින් කණ්ඩායමක්. කෙරෙන්ස්කි සමාජ විප්ලවවාදීන්ගේ නායකයා.මාටොව්මෙන්ශෙ වික්වරුන්ගේ නායකයා.

මේ අය තමන්ගේ අතට බලය ගන්න මැලි වුණා. ඔවුන් සිය කැමැත්තෙන් ම ධනපති ඩුමාවේ ඇමැතිවරුන්ට බලය මාරු කළා. දැන් ද්වන්ද බලයක් හට ගත්තා. බලයන්, බලයන් දෙකක් තියෙනවා. එකක් ධනපතියෝ, රාජාණ්ඩුවාදියෝ හා සම්මුතිවාදියෝ. මොවුන් සියල්ල ම එක පැත්තක. සෝවියට් සභා ගොඩ නැගුවා, විදී බැස්සා, කම්කරු බලය සෝවියට් සභා තුළ. මේ දෙකේ ගැටුම තමයි,1917පෙබරවාරිවල ඉඳන් අපි දකින්නේ සැප්තැම්බර්වල සිට ඔක්කෝබර් බලය ගැනිමේ කාල වකවානුව වෙන තෙක්. අපි මේ දෙකේ අරගලය තමයි, දකින්නේ. ඔවුන්ට මේ සම්මුතිය පවත්වාගෙන යෑම සඳහා, ඒ කියන්නේ ධනපති පන්තිය සමග පවතින සම්මුතිය පවත්වාගෙන යෑම සඳහා ආණ්ඩු තුනක් හදන්න සිදු වුණා. මුලින් ම තාවකාලික ආන්ඩුව හැදුවා. 1917 පෙබරවාරිවල. අගමැති හැටියට පත් කළේ ධනපති කැඩෙට් පක්ෂයේ කුමාරයෙක්. බලය පැවරුවේ කුමාරයෙකුගේ අතට. දෙවැන්න මැයි 06දා, ස්ථාපිත කරන්න සිද්ධ වුනා, සභාග ආණ්ඩුවක්. සභාග ආණ්ඩුවේ විශේෂබලයක්සම්මුතිවාදින්ට ලැබුණා.
අවසානයේ දී අගෝස්තු මාසයේ දී ඇත්ත වශයෙන් ම ජුලි මාසයේ දී සංක්‍රමණීය ආණ්ඩුව කියල තුන්වැනි එකක් හැදුවා. ඒ සංක්‍රමණිය ආන්ඩුවේ අගැමැති කෙරෙන්ස්කි. තුන්වැනි ආන්ඩුවේ ඉන්නේ කැඩෙට්වරු, මෙන්ශෙවික්වරු හා සමාජ විප්ලවවාදීන්. මම අවසානය භාගයට යනවා. මේ අතරේ දී අප්‍රේල් මාසයේ 05දා ලෙනින් පිටුවහලේ සිට පැමිණියා. ඔහු ඇවිත් අප්‍රේල් ප්‍රවාදය ඉදිරිපත් කළා. අප්‍රේල් ප්‍රවාදවලින් පැහැදිලි කළේ අපේ වැඩේ තාවකාලික ආන්ඩුවට හුරේ දැමිම නෙවේ. බෝල්ශෙවික් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලෙනින් පිටුවහලේ සිටින අතරේ කැළැඹිලි සහගත තත්වයක් තිබුණා. බෝල්ශෙවික් මධ්‍යම කාරක සභාවේ මතය වුණේ තාවකාලික ආණ්ඩුව ප්‍රතිවිප්ලවයට සහයෝගය නොදෙන තාක් කල් අපි ආන්ඩුවට සහයෝගය දෙනවා යන මතය යි.
ලෙනින් මතු කළ ප්‍රශ්නය වුණේ නිවැරදි ආස්ථානය නොගතහොත්, යම් පක්ෂයක් නිසි අවස්ථාවට නිසි තීරණ නොගහොත්, මුඵ ව්‍යාපාරය ම සුන්නද්දුලිවෙලා යනවා යන්න යි. බෝල්ශෙවික් පක්ෂය තුළ ම ගිය දක්ෂිණාංශික හැරීම නවත්තලා,
ලෙනින් පැහැදිලි කළා, ‘සෝවියට් සභා අතට බලය’ කියන සටන් පාඨය. ඔවුන්ගේ වැඩපිළිවෙල වුණේ සෝවියට් සභාව තුළ සම්මුතිවාදින්ගෙන් කම්කරු පන්තිය කඩාගැනීම යි. ලෙනින්, ට්‍රොට්ස්කි සියලු දෙනා සෝවියට් සභා තුළ සටන් වැදුනා. ඔවුන්ගේ
සටන් පාඨය වුණේ තාවකාලික ආන්ඩුව භංගවේවා, සෝවියට් සභා අතට බලය, සියලු සම්මුතිවාදින් භංගවේවා. අප්‍රේල් ප්‍රවාදය ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවය පිළිබඳ න්‍යාය සාක්ෂාත් කිරීමක් බවට පත් වුණා.

ට්‍රොට්ස්කි පැහැදිලි කරල තිබුනා, 1917ට
බොහෝ කලින් කාලපරිච්ඡේදයේ දී ධනපති ප්‍රජාතන්ත්‍රවාදි විප්ලවය කල් පසුවී එන රාජ්‍යයක් තුළ බලය අතට ගන්නා වූ කම්කරු පන්තියට සිද්ධවෙනවා, ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ කර්ත්‍යවයින් ඉටු කරන්න. එය නොනැවති සමාජවාදය දෙසට ම ගමන්
කරනවා. නොනවතින විප්ලවය න්‍යාය කියන්නේ ඒක යි. ධනපති විප්ලවය සාක්ෂාත් කර නොගත්, රුසියාව වැනි රටක, බලය අතට ගන්නා වූ කම්කරු පන්තියට කාරණා දෙකක් ඉෂ්ට කරන්න වෙනවා. ඒ ධනපති විප්ලවයේ කර්ත්‍යයන්. විශේෂයෙන් ජාතික ප්‍රශ්නය විසඳිම සහ රටේ කෘෂිකාර්මික ප්‍රශ්නය විසඳීම. මේ දෙක තමයි, විසඳීමට ඇති ප්‍රශ්න දෙක. මේවා විසඳීම පමණක් නොව සමාජවාදය දෙසට බලය ගෙන යෑම යන කරුණු දෙක ම සාක්ෂාත් කර ගත යුතු ය. මෙම නොනවතින විප්ලව න්‍යාය සමග මෙම නිගමනයට ලෙනින් හා ට්‍රොට්ස්කි ආවේ පාරවල් දෙකකින්. ඊට පස්සේ මෙයින් අවසාන
නිගමනය වුයේ ‘කම්කරු පන්තියේ ආඥාදායකත්වය’ යන සුත්‍රයට යි. කම්කරු පන්තියේ ආඥදායකත්වය යනු දුප්පත් ගොවි ජනතාවත්, දැනට සොල්දාදුවන් ලෙස වෙස්
වෙළාගෙන සිටි ගොවියනුත්,කම්කරු පන්තිය වටා රැළි කරගෙන ස්ථිර සාර ලෙස සෝවියට් සභා මුක්ත කර ගැනීම සම්මුති භාවය යි. ඒක තමයි, 1917 ඔක්තෝබර් විප්ලවය ලෙස නම් කරන්නේ.
ඔක්තෝබර් 10 දා සම්මත කර ගන්නවා සන්නද්ධ නැගිටිම, බෝල්ශෙවික් පක්ෂය ම්‍ය්‍යම කාරක සභාව බොහෝම සුමට ම ඒ නිගමනයට ආවේ නැහැ. ඇත්ත වශයෙන් ම ලෙනින් කුපිතව විශාල ලේඛන සම්භාරයක් ලියන්න සිද්ධ වුණා, මේ වේලාවේ බලය අත් කර ගත යුතු යි යන කාරණාව තහවුරු කරන්න. ඒක නිසා පක්ෂය තුළ ගෙන යන ස්ථිරසාර අරගලය ඉතා වැදගත්. 1917 ජුලි 06දා ඉඳන් ඔක්තෝබර් 25දා වෙන කන් ලෙනින් සිටියේ සැඟවිලා. ජුනි දවස්වල ලෙනින් ජර්මානු ඔත්තුකරුවෙක් යැයි ප්‍රචාරය කළා. මෙයට කියන්නේ ජුලි මඩ ගැසිම කියල. ට්‍රොට්ස්කි බ්‍රිතාන්‍ය විසින් අත්අඩංගුවට ගන්නවා. ඔහුටත් ජර්මානු ඔත්තුකරුවෙක් කියල කියනවා.
මෙම විශාල මඩ ගැසිම මධ්‍යයයේ තමයි, ජෙනරාල් කොරිඩොෆ්,රාජාණ්ඩුවාදියෙක්, ඔහු ප්‍රතිවිප්ලවය සංවිධානය කළා. මෙහි දි මාක්ස්ගේ කියමනක් සිහිපත්වෙනවා, විප්ලවයක් පැනගින්නේ ප්‍රතිවිප්ලවයේ කසපහර වැදුනාට පසුව යි. එවිට විප්ලවය දලුලා වැඩුනා කියන කාරණාව යි.

මේ පොතේ සාකච්ඡාවෙන්නේ මෙන්න මේ 1917 පෙබරවාරිවල ඉඳන් දිග හැරුණු විප්ලවය අගෝස්තු මාසයේ සිට විස්තර කිරීම යි. මා පැහැදිලි කළ කරුණු වලින් ඔබට මෙම කෘතිය ඉතා හොඳින් රස විඳින්න පුඵවන්. ආවේශයෙන් යුතුව කියවන්න පුඵවන්. තව එක වැදගත් කාරණයක් සඳහන් කරන්න කැමැති යි. මේ පොතේ දේශපාලන මතිමතාන්තර එනකොට සදොස් ඒවා තියෙනවා. උදාහරණයකට 62 පිටුවේ තියෙනවා,අගෝස්තු මාසයේ දී කෙරෙන්ස්කි බලයේ සිටිනවා අගැමැති හැටියට, කෙරෙන්ස්කි
කොර්ලොෆ්ගේ ප්‍රතිවිප්වය දියත් වන විට දී, ප්‍රතිවිප්ලවය ජය ගනිවි කියල බයවෙලා, කෙරෙන්ස්කි බොහෝම යහපත් චෙතනාවෙන් පූර්ව පාර්ලිමේන්තුව සහ කොංග්‍රසය තියෙනවා. ඔහු කළේ ස්ටැලින්වාදය බිඳිම නෙවේ, ස්ටැලින්ගේ නාමය වටා තිබු වන්දනාමානය හෙළා දැකලා, ස්ටැලින් කරපු භිෂණය, ප්‍රචණ්ඩත්වය හෙළිදරව් කළා.
ඔහුගේ පසුවත් පාලනය බලය ගෙන ගියේ තනි රටේ සමාජවාදය පවත්වා ගෙන ගිය දරු මුනුපුරුන් රැළකි. එහි දී ඔවුන්ට උචිත ඉරනම කරා ඔවුන් ගමන් කළා. මෙය ට්‍රොට්ස්කි පෙර දැකල තිබුණා. කතාව අවසන් කරන්නට මා මෙහෙම කියනවා, අද අප ඉදිරියේ තියෙන්නේ නිම නොවූ,ලෝක සමාජවාදි විප්ලවය සාක්ෂාත් කර ගැනීම. ඇත්ත වශයෙන් ම රුසියානු විප්ලවය
ආරම්භ කළා, එය ලෝක සමාජවාදි විප්ලවයේ පළමුවැනි වෙඩි මුරයකියල, නමුත් ඒ වෙඩි මුරය අවුරුදු 101 ගිහිල්ලා, අදටත් අපට සාක්ෂාත් කර ගන්න බැරිවෙලා තියෙනවා.
නොවිසිඳුණු ප්‍රශ්න ගොඩ ගැහිලා. අද තුන්වැනි ලෝක යුද්ධය පුපුරන්නේ ඇමෙරිකාව හා චීනය අතර ද, ඇමෙරිකාව රුසියාව අතර ද කියල, එක්කෝ ජෝජියා ප්‍රශ්නය මුල් කරගෙන ද නැතිනම් සිරියානු ප්‍රශ්නය මුල්කරගෙන ද, එහෙම නැතිනම් අපි අද තුන් හිතකින්වත් නොහිතන දුර්වල පුරුකෙන් තුන්වන ලෝක යුද්ධය පුපුරයි ද කියල කියන්න බැහැ. නමුත් අපට එකක් ස්ථිර යි. අධිරාජ්‍යවාදින්ගේ මෙම පරස්පර විරෝධතාවයන් අනිවාර්යෙන් ම මානව වර්ගයා නෂ්ටික යුද්ධයක් කරා, තුන්වන ලෝක යුද්ධයක් කරා ගෙන යන මුව විට අප ඉන්නවා. ඒ අනතුර හැම මොහොතක ම පවතිනවා. ඒ නිසා අප සියලු දෙනාගේ ම කර්ත්‍යය වෙලා තියෙන්නේ අපේ ම ‘ඔක්තෝබරයන්’ සංවිධානය කර ගැනීම. ඒ නිසායි පාඨකයාට මෙවැනි පොත් වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ. ඒවායින් ආවේශ වන කම්කරු පිඩිත මහ ජනතාව ඉතිහාසය දෙසට හැරේ.

ජස්ටින් පියරත්න-Justin Piyaratne





