හිල්මි සුපුන්|තරුෂ පෙරේරා:
මුහුදේ යාත්‍රා කරන ලස්සන නැව
ඔබට කොපමණ දේවල් රැගෙන යා හැකිද?
මිනිසුන් දහසක්
ගල් අඟුරු උර සියයක්
ජීවිත ආරක්ෂක බෝට්ටු තුනක්
සමඟ මට රැගෙන යා හැකියි
ලොකු බඩ ගෙඩියක් ඇති කපිතාන්වරයෙක්
මට පුළුවන් වේගයෙන්
චීනයේ සිට පොර්තෝරිකෝ වෙත යන්න
මුහුද මැද සුළි කුණාටු නම්
මගේ සුක්කානමට පුංචි කිති කැවීම්
නමුත් මට අසනීප වන දවසක් ඒවි
ඒ මා මතට බෝම්බා සහ කාලතුවක්කු පටවනා දින
ඔබ දන්නවාද ? එ දින මා කරන්නේ කුමක්දැයි – ගිලී මුහුදුබත් වෙමි

ජාන්නි රොදාරිගේ “කතන්දර සහ සුරංගනා කතා එකතුව (1949-1951) පොතේ එන කවියකි” .

හිල්මි සුපුන් | තරුෂ පෙරේරා-Hilmi Supun | Tharusha Perera





