අද බිළිඳිය හෙට යුවතිය සුරතලිය……

අද බිළිඳිය හෙට යුවතිය සුරතලියඅද දියණිය හෙට පතිනිය මෑණියයසිත සනසන සුව සලසන  සොයුරියයඇය මවමය ලොව මැවුමය අනගිමය!ලොව නවතී නැත පැවතුම  ඈ නැති කල  ඇත්ත එයයිසුව පහසුව මුදු තෙත් බව කොහි තිබේද ඈ නැත්නම් ඇත්ත එයයිරජ මැදුරෙද දුගී පැලෙද එළිය කොහිද  ඈ  නැත්නම් ඇත්ත එයයිඅද සමරා  ‘ඇගේ දිනය’ අගේ කරමු එකමුතුවී විය යුත්ත එයයි!බුදු හිමියන් එදා තැන දුන්නා ඉතිරියටබුදු සිරිතේ  ඇත පෙන්නා ලොව සැමටකත යනු කෙතකි යහ ගුණ දන්නා අයටසිත පතුලින් සෙත්  පතමි අද දින ඔබ සහ අපට!. ඒස්. අමුණුගම

කාන්තා දින අභිමුව කාන්තාව

ලොවට ජීවනාලිය සපයන ඇය කාන්තාවයි. උත්තරීතර වූ මාතෘත්වයට පත් විය හැකි එකම මනුෂය ප්‍රාප්තිකයා වන්නේ ඇයයි. සමාජයේ තීරණාත්මක පෙරළියක් ඇති කරනු වස් දියණියක්, සොහොයුරියක්, බිරිඳක්, මවක් ලෙස විවිධ භූමිකා රඟ දක්වන කාන්තාව සමාජයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන බලවේගය යි. වර්තමාන සමාජයේ සම්පූර්ණ ජන සංඛ්‍යාවෙන් හරි අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය වන්නේ  කාන්තාවන් ය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව මෙරට මුළු ජනගහනයෙන් 51.5% ක් කාන්තාවන් වන අතර පිරිමින් සංඛ්‍යාව 48.5%කි. නමුත් ඈත අතීතයේ සිටම විවිධ සමාජ පන්ති වලදී කාන්තාවට හිමි වුයේ යහපත් දේ නොවේ. එවන් පසුබිමක් තුළ ස්ත්‍රිය යනු කවුද? ඇයට සමාජයේ හිමි වූයේ කෙබඳු තත්ත්වයක්ද? යන්න මෙවැනි කාන්තා දිනයක අභිමුව සිට සාකච්ඡා කිරීම වැදගත් වේ. මානව ජීවියා ජීව විද්‍යාත්මකව ස්ත්‍රී හා පුරුෂ වශයෙන් කොටස් ද්විත්වයකට බෙදේ. ස්ත්‍රී පුරුෂ ලෙස ලෝකය තුළ මුලින්ම වෙනසක් හඳුනා ගත හැක්කේ ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වීමත් සමඟය. එලෙස ද්විතියික ලිංගික ලක්ෂණ පහළ වන්නේද ප්‍රජනනයට පමණකි. එහිදී පුරුෂයා ජීවයේ බීජය ලබා දෙමින් ද, ස්ත්‍රිය එම බීජය රෝපණය කරමින් ද, ලොව තුළ අඛණ්ඩ ජීවී පැවැත්මට සහය වේ.…

ෆෝසීතියා අහස…………

  සංසාරයේ සුවඳ සන්තාන මූකූටයෙ  පුරෝගෙන වැසි නැතත් වස්සානෙ එන බවට  දැනුම් දෙන රන්වනින් දිගාරින  ඇස් වලට උහුලගෙන ඉන්න බැරි කප්පරක් සුසුම් බර  උහුලා වැදෑරීම ‘ලස්සනැ’යි කියන්නට ඉඩහරින මේ තමයි  ෆෝසීතියා අහස…… ගලා යන  වලාකුළු  දන්නෙ නෑ  ඒ රහස…. ��…

අල් ජසීරා වෙතින් එළියට පැන්නේ රාජපක්ෂ වර්ගයේ ම  ඉංග්රීසි වර්ෂන් එකයි!

මේදි හසන් (Mehdi Hasan) යනු කවුද, ඔහුගේ සම්මුඛ සාකච්ඡා හැසිරවීමේ ශෛලිය කෙබඳුද යන්නත්, අල් ජසීරාවේ Head to Head වැඩසටහනේ ස්වභාවය කුමක්ද යන්නත් ගැන හාංකවිසියකවත් අධ්‍යනයක් තිබුණානම්  රනිල්ට ගතහැකිව තිබූ  පියවර දෙකක් විය. පළමුවැන්න, එහිදී තමන් නිර්දය ලෙස ප්‍රශ්නකෙරෙන බව, ඒ ප්‍රශ්නවල කේන්ද්‍රය ‘රට ආගාධයෙන් ගොඩගැනීම‘ ගැන ඔහුගේ පම්පෝරි ගැසීම්වලට ඉඩදීම නොව රටේ රාජ්‍ය අපරාධ සම්බන්ධයෙන් රාජ්‍යයේ වගකීම හා වගවීම ප්‍රශ්න කැරෙන එක බව පැහැදිළිව තේරුම් ගෙන ඊට මුහුණදීමට සූදානම් වී එහි යාම ය.  එවැනි ප්‍රශ්නකිරීමක දී කෝප ගැනීම, කිසිදු වගකීමකට හා වගවීමකට සූදානම් නොමැති බව පෙන්වීම, අත උඩ ඇති තොරතුරු සහ සංඛ්‍යාලේඛන අසත්‍යයයි  කීම (අතේ පත්තු වූ බටලන්ද කොමිසමේ වාර්තාව වැනි) හා අවම වශයෙන් රාජ අපරාධ සම්බන්ධයෙන් සහකම්පනයක්වත් නොදැක්වීම තමන්ට නොව රටටම බූමරංගයක් සේ කැරකෙන බව දැනගෙන ඊට ගැලපෙන පරිදි වචන සහ ශරීර භාෂාව තෝරාගෙන ඒ පැයකට අඩු කාලයට ශිෂ්ට සම්පන්න ලෙස මුහුණ දීමට සූදානම් වීම ය. එහි දී ලැබෙන්නේ උණ්ඩ වැනි ප්‍රශ්න සහ මුවහත් පිළිතුරුවලට ඉතා කෙටි කාලයක් බවත්, වැල්වටාරම් බයිලාවලට බාධාකිරීම් සිදුවන බවත් දැනගෙන ඊට මුහුණ දීම ය. එහි තමන්ගේ පම්පෝරි තම්මැට්ටම් ගසන්නට ඉඩ නොලැබෙන බව තේරුම්ගෙන හැසිරීම ය‍. දෙවැන්න, ඒ ආකෘතිය සහ ශෛලිය තමන්ට නොගැලපෙන්නේ නම් ජාත්‍යන්තරය ජයගැනීමේ බොරු පම්පෝරි නැතුව සාකච්ඡාවට නොයා සිටීම ය.…

ජනමාධ්‍ය නියාමන බලළා කොට්ටහච්චිගේ මල්ලෙන් එළියට

ජනමාධ්‍ය නියාමනය කිරීම ගැන පාර්ලිමේන්තුවෙන් ඇසුණු කතාවක් නිසා මේ සටහන ලියන්නට සිත් විය. සාමාන්‍යයෙන්  ආණ්ඩුවකට ජනමාධ්‍ය  පාලනය කිරීමේ අදහස ඇති වෙන්නේ තමන්ගෙ පාලනය ජනතාවගේ අප්‍ර‍සාදයට ලක්වන පාලන කාලයේ දුරක් යාමේදීය. එහෙත්, ඊයේ දින ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මංත්‍රීවරියක්  ‘ජඩමාධ්‍ය‘ ගැන කියමින් ජනතාවට බොරු කියන මාධ්‍ය පාලනය කිරීම ගැනත් යාවත්කාලීණ නොවූ ජනමාධ්‍ය  ආචාරධර්ම පිළිබඳ යමක් කරන්නට ආණ්ඩුව සූදානම්වන බවත් පවසන ලදී.  මෙම ‘පාර්ලිමේන්තු ප්‍රකාශය‘ සිදුවන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විශේෂයෙන් ඇමතිවරු පවා ‘ජනමාධ්‍ය භාවිතයෙන් සිදුවන නරක‘ ගැන අවස්ථා කීපයකදී දුක්ගැනවිලි කියා ඇති පසුබිමකය. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමේදී ජනමාධ්‍ය ප්‍රචාරණය උපරිම ලෙස යොදාගත් බවත්, ඇතැම්විට එම පුද්ගලාභිවාදන, අධිතක්සේරු සහගත ප්‍රචාරණයන්  සහ විරුද්ධ මතධාරින් දෙස අගතිගාමී අර්ථකතන ප්‍රකාශයට පත් කිරීම් පමණ ඉක්මවා ගිය ආකාරයත් ගැන මැනීමක් ඇති අයට මේ ‘උත්ප්‍ර‍සාත්මක තත්වය‘ ගැන කිසියම් විනෝදයක් ඇති වීම වැළැක්විය නොහැකියි. එහෙත් මෙම තත්වය නව වර්ධනයක් බවත් එහි දේශපාලන ඇඟවුම විනෝදජනක නොවන බවත් සටහන් කළ යුතුය. විශේෂයෙන්ම විමතික දේශපාලන අදහස්, ප්‍රථිවිරුද්ධ මතවාද සහ සද්භාවයෙන් ගෙන එන විවේචන සම්බන්ධ ගරුත්වයක් නැති අකාරයට ක්‍රියාකාරිත්වයක් පැවතීමත් ඒ අගතීන් ඔස්සේම ජනප්‍රියවාදයක් නඩත්තු කරමින් සමාජ අගතියේම රැල්ල නැංවීමට දැරූ උත්සාහයන් ගැනත් අප අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ඒ අනුව, වැල යන අතට මැස්ස ගැසීමේ ප්‍රශ්නයට මුහුන දීමේ අභියෝගයක් දැන් ආණ්ඩුව හමුවේ ඇත. එවැනි පසුබිමක බලයට පැමිණීමෙන් පසුව, සමාජ මාධ්‍ය හා ජනමාධ්‍ය‍ තුළින් ආණ්ඩුවට හෝ එහි ඉදිරි පෙළ සිටිනවුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති පෞද්ගලික හිරිහැර හා අගතිය ගැන කනගාටුව ප්‍රකාශ කරන්නට මෙය අවස්ථාවක් කරගනිමි. කෙසේවුවත්,…

ජාන්නිගේ පිළිතුරු සැපයීම     

ජාන්නි රොදාරි  l’Unità  පුවත්පතේ ළමුන් සඳහා විශේෂ අතිරේකයක්  පවත්වාගෙන ගියේය. එම අතිරේකයේ නම      “ඇයි“. ළමා යොවුන් වැඩිහිටි අය ඉදිරිපත් කළ  ප්‍ර‍ශ්න වලට ජාන්නි පිළිතුරු සැපයීම ඉන් කළා.  1955 සිට 1958 දක්වා කාලය තුළ  දරුවන් යොමු කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු ලබා දී තිබුණා. එකල එය දරුවන් අතර ජනප්‍රිය අතිරේකයක් බවට පත්වී තිබුණි . එහි පළ වූ දරුවන්ගේ ප්‍රශ්න සහ පිළිතුරු පොතක් බවට පත් වන්නේ  ඔහුගේ මරණින් වසර හතරකට පමණ පසුවයි. ඒ 1984 දී යි. දරුවන් ඉදිරිපත් කළ ප්‍රශ්න වලට ජාන්නි පිළිතුරු ලබා දී තිබුණේ තාර්කිකත්වය, පරිකල්පනය, විද්‍යාව සහ කවිය සහජීවනය කැටි කර  අලුත් සාහිත්‍යයක්  ඒ තුළින් නිර්මාණය කිරීමෙන්.  පමණක් ද නොව ඔහුගේ  පිළිතුරු තුළ වූයේ ප්‍රායෝගික, විද්‍යාත්මක, වින්දනාත්මක, හාස්‍යයි.  ඉන්  දරුවාගේ ඉදිරි සංවර්ධන ගමනට රුකුලක් ලබා දෙන එක ඔහුගේ උත්සාහයයි. පළමු පැනය සහ පිළිතුර ලෝකය කැරකෙන බව අපිට දැනෙන්නෙ නැත්තෙ ඇයි ?…

කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය

21/02/2025 සිට 01/03/2025 දක්වා) අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් තායි එයා ගුවන් යානයකින් කාම්බෝජයේ අගනගරය වන නොම්පෙන් වෙත ළඟා වුණා. කාම්බෝජය දකුණු ආසියානු…

දාර්ශනික – ඇරිස්ටෝටල්

තරමක  පිස්සු  ගතියක්  නොවේනම් යමෙක් තුළින් මහ විශාල  ප්‍රතිභාවක්  නිර්මාණය නොවෙයි.   දාර්ශනික-ඇරිස්ටෝටල් මා සිත, මගේ සිහින  තුළ සැමවිටම අවදියෙනි.…

වැවක් ඉකි බිද අඩනවා……………………  

       වැව් බැම්මෙ එක පැල්මකින් වැවක් ඉකිබිඳ හඬනවා පන් ගාල මැද කුඩා අගලක කඳුළු සීරා රැඳෙනවා ගිනිගහන අව් කූටකේ මිරිඟුවක්…

ඇමරිකානු ධනවාදය මූල්‍යමය ‘හෘදයාබාධයකට’ මුහුණ දෙයි – සමාජවාදී විප්ලවය ඉදිරි මාවත පමණි

3 සඳුදා මධ්‍යම රාත්‍රියේදී (ඇමරිකානු වේලාවෙන්) එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප්, ඇමරිකාවේ විශාලතම වෙළඳ හවුල්කරුවන් දෙදෙනා වන මෙක්සිකෝව සහ කැනඩාව මත…

Categories

LDM Columns