බුද්ධගයාවේ සිට හයිගේට්ස් සුසාන භූමිය තෙක්…

පසුගිය ඉරිදා නොහොත් මාර්තු 16 වෙනි ඉරිදා උදේ 11. 30 පමන උතුරු ලංඩනයේ High Gate සුසාන භූමියේ මාක්ස්ගෙ ස්මාරකය අභියස පොතක් එළිදැක්වීමේ කෙටි උත්සව සභාවක් පැවැත්වුනා. ආරාධිත අමුත්තන් වූ අපට මෙය තරමක දුර්ලභ සිදුවීමක් තරම්. සහභාගී වුනු වැඩි දෙනකු කතුවර තරුණයා ගේ කැළණිය විශ්ව විද්‍යාලයී මිතුරන් පිරිසක්. ඉන් බාහිරව සිටියේ අප තිදෙනෙකු පමණයි. දැඩි ශීතල දේශගුණයක් මැද වුනත් අපි හැමෝම උනුසුම පිරුණු හදවත් වලින් යුතුව බලා සිටියෙ මේ නුහුරු නුපුරුදු පරිසරයක පොතක් එලිදැක්වූ ඒ අසිරිමත් මොහොත උදාවන තෙක්…

පොතේ නම: “ලන්ඩන් මියුසියම්” (London Museum)
කතුවරයා: ජයන්ත කුමාර විල්මට්
ජයන්ත කේම්බ්‍රිජ් සරසවියේ ගණකාධිවරයෙක්. ජයන්තගේ කුළුදුල් නිර්මාණයට වස්තු විෂය වී තිබෙන්නේ සිය පියා කළ කැපකිරීම්. පියා දරුවන් වෙනුවෙන් කල කැපකිරීම් නොව මේ සමාජය වෙනස් කිරිමට, සාතිශය බහුතරයක් පීඩාවට පත්කරන මේ සමාජ ක්‍රමය වෙනුවට වඩා සාධාරන සහ යුත්ති ගරුක සමාජයක් ඔහු කල කැප කිරිම්. අපේ රටේ එක්ස් පරපුරෙ සහ බේබිබූම් (Baby Boom) පරපුරෙ මිනිස්සු මේ ලෝකය වෙනස් කරන්න කරපු කැප කිරිම් Y හෝ Z පරපුරෙ මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි තරම්. ජයන්තගෙ තාත්තට කියන්නෙ “විල්මට් සහෝදරයා“ කියල. ඔහු ගැන මේ කියන තොරතුරු මා ඇතුලු සහභාගී වුනු අය දැන ගත්තෙ එහිදී එතන සිදුවුණු කතා බස් වලින්.
ජනතා විමුක්ති පෙරමුණේ එක්සත් රාජධානියේ ප්‍රධාන සංවිධායක දර්ශන හෙට්ටිආරච්චි සහ ගාමිණී මුතුකුමාරණ සහෝදරවරුන්ට මෙහිදී පොත ගැන අදහස් දක්වන්නට ආරාධනා ලැබ තිබිණි.

දර්ශන හෙට්ටිආරච්චි සහෝදරයා සිය කතාවෙදි ජනතා විමුක්ති පෙපෙරමුණේ ඉතිහාසය ගැන බොහෝ කරුණු ගෙනහැර පෑවා. ජයන්තගේ පියා වුනු විල්මට් සහෝදරයා වැනි සහෘදයින් ගොඩනැගෙන්නට හේතු වුනේ මාක්ස්වාදය නිසා බවත් පැවසුවා. ජයන්තගේ පොත ප්‍රබන්ධ කෘතියක් වුවත් එහි එන නිර්වාණයට ළඟා වූ මුණිවරයන් බඳු නිවුනු මිනිසුන් ගොඩ නැගුනේ මේ අප අභියස සිටින කාල් මාක්ස් නම් ශ්‍රෙෂ්ඨතම ගුරුවරයා ඉදිරිපත් කල කොමියුනිස්ට් දර්ශනයේ බලපෑම බව ඔහු බොහෝ උපහැරණ ඉදිරිපත් කරමින් පැවසුවා. නමුත් ලංකාවෙ තියෙන බෞද්ධ සංස්කෘතිත් අපේ සමහර ගුණාංග වලට බලපෑම් කලා කියන අදහස ඔහු පිලිගන්නා බවත් දර්ශන හෙට්ටිආරච්චි සිය කතාවෙන් පෙන්නුම් කලා.


මෙහිදී අදහස් ඉදිරිපත් කල ගාමිණී මුතුකුමාරණ ජයන්තගේ පියා විල්මට් සහෝදරයා හා ඒ යුගය ගැන අප නොදැන සිටි බොහෝ දේවල් පැවසුව. විල්මට් සහෝදරයා 71 අරගළය කාලේ ඉදන් ජවිපෙට සම්බන්ධ වෙලා සිටි බවත්, පසු කාලයේ 87 / 89 වැනි ජනතා විමුක්ති පෙරමුණේ දුෂ්කරම කාලවලදීත්, 94 න් පසු නැවත ජවිපෙ ගොඩ නැගීමේදිත් තම වගකීම ඉටුකළ සටන් සගයෙක් බැව් ඔහුගේ කතාවෙදී පැවසුව.
ගාමිණී ගේ අදහස් දැක්වීමේදි ජයන්තගේ මෙම පොත ප්‍රබන්ධයක් වුනත් එහි කියවෙන බුදු දහම හා මාක්ස්වාදය අතර සබඳතාවයක් ගොඩ නැගී ඇතයි කියන තර්කය බිද දැමීමක් සිදු වුනා. ආගම සහ මාක්ස්වාදය පටලවා නොගත යුතු බැව් ගාමිනී මෙහිදී අවධාරන කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බවකුත් පෙනෙන්නට තිබුන. ගාමිණීට අනුව මාක්ස්වාදයේ හරය ද්වීඝටනාත්මක භෞතිකවාදයයි. මාක්ස්වාදයට අනුව ඓතිහාසික භෞතිකවාදය යනු භෞතිකවාදී දෘෂ්ටියකින් ඉතිහාසය විග්‍රරහ කිරීමක්. එය මුලුමනින්ම විද්‍යාත්මක ඉදිරිපත් කිරීමක්. භෞතිකවාදය ඈත අතීතයේ සිටම මිත්‍යා සංකල්ප මිත්‍යා ඇදහිලි වලින් මානව සමාජය මුදවා ගැනීමට සේවය කල එකක්. ඒ නිසා ප්‍රබන්ධ කෘතියක් තුලින් හෝ ආගම සහ මාක්ස්වාදය පටලවා නොගත යුතු බැව් ඔහු දැඩිව කියා සිටියා. මාක්ස්ගේ ස්මාරකය අභියස සිට එවන් මිත්‍යාවක් සමාජ ගත කිරීම මාක්ස්ට කරන සාහාසික අවමානක් බැව් ඔහු පෙන්වා දෙන්නටත් ඔහු උත්සාහ කල කතාවක් වගෙයි මට ඔහුගෙ කතාව දැනුනෙ. මාක්ස් බෞද්ධ දර්ශනය ගැන දැන සිටියත් එය ඔහු ඉදිරිපත් කල කොමියුනිස්ට් දර්ශනයට පිටුවහලක් වූ බවට ශාක්ෂි සොයාගත නොහැකි බවත් ගාමිණී පැවසුවා. එහෙත් ජයන්ත සිය පොත තුලින් කිසියම් සමාජ මෙහෙවරක් කරන්නට උත්සාහයක් දරනා බව පිලිගනිමින් ඔහුට සුබ පතනා බවත් ගාමිණී පැවසුවා.
මෙයට සහභාගී වුනු ආරාධිතයෙකු වූ මට දැනුනු අදහසත් කෙටියෙන් සටහන් කරන්නම්. ජයන්ත සිය පියා විසින් සමාජ ව්‍යාපාරයකට කල අසීමිත කැපකිරීම් නිරීක්ෂනය කොට එහි සාධනිය ලක්ෂණ සමාජ ගතකිරීමටත් නව පරපුර සමග බෙදාගැනිමටත් දරන ප්‍රයත්නය අගේ කලයුත්තක්. ඇත්තටම ඔහුගෙ කෘතිය සිය පියාට කෙරෙන පුද පඩුරක්. පොතේ අඩංගුව සැකෙවින් ගෙනහර දක්වනවා නම් මම දකින්නෙ මේ විදියට.

  1. මිනිසෙකු ඉපදි හැදී වැඩුනු සමාජ ආර්ථික සහ සංකෘතික ජීවිතයෙන් විප්රවාසිව දිවිගෙවිමේදි ඇතිවන මානසික පීඩනය.
  2. ⁠අවුරුදු 76 රට පාළනය කල මුග්ද පාළකයින් අවසානයේ අපට ඉතිරි කලේ බංකොලොත් රටකි.
  3. ජයන්ත සිය පියාට කරන උපහාරයක් ලෙස මේ පොත නිර්මානය කර ඇතිමුත් සාධාරන සමාජයක් ගොඩ නැගීම වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කල සියළු සගයන්ට තම පියාද ඇතුළු කෙරෙන නිළිනයකි.
  4. බෞද්ධ දර්ශනයේ මූළීක හරපද්ධතීන් සමග මාක්ස්වාදය සහ කොමිනිස්ට් වදයා බද්ධ කිරීමට ඔහු ගන්නා උත්සාහය.
    ජයන්තගෙ පොත කියවල එහි අඩංගුව පිළිබදව සංවාදයක් ඇතිකර ගතු යැයි මම සිතනව. ජයන්තගෙ පරපුරේ මිනිසුන්ගේ අදහස් හා ආකල්ප ඔහු ඔහුගේ භාසාවෙන් ඉදිරිපත් කිරීමට උත්සාහයක යෙදෙනවා.
    • කෙටිකතා, නවකතා, ටෙලි නාට්‍ය, චිත්‍රපට හෝ ඕනෑම සාහිත්‍යයක් කලා නිර්මාණයක් ලෙසට අපට හඳුන්වන්න පුලුවන් වෙන්නෙ ඒවා මනඃකල්පිත ලෝකයක වුනත් ඒ තුල කතාවක් කියන්නට නිර්මාණ කරුවා දරන උත්සාහයට කියලයි මම හිතන්නෙ. ඒ අනුව කල්පනා කලාම ජයන්තගෙ කුලුඳුල් උත්සාහය අගය කල කරන්නට ඕන. නමුත් ජයන්තගෙ මේ නිර්මාණ උත්සාහයේදී සමාජයේ සැබෑ චරිත වලට කැලලක් වුනා කියන එකයි ගාමිණී ගෙ අදහස වුනේ. මේ ගැටලුවම මම දැක්ක මෑතක ජනප්‍රිය වුනු රානි චිත්‍රරපටය තුලත්.
      • ප්‍රකට වෛද්‍යවරියක වන රිචඩ් ද සොයිසාගේ මව මනොරානි සරවනමුත්තු ගේ කතාව චිත්‍රපට නිර්මාණයක් ඔස්සේ ඉදිරිපත් කලත්, එහිදි රිචර්ඩ් ද සොයිසා ඝාතනයෙන් ජනාධිපති ‌ප්‍රේමදාස බේරල තියෙනවා කියල චෝදනාවක් එහි නිෂ්පාදක අසෝක හඳගමට බොහෝ විචාරකයන් ගේ චෝදනා ඇත

More From Author

පැරිස් කොමියුනයේ 154 වැනි සංවත්සරය …..

කම්පුචියා හෙවත් කාම්බෝජ සංචාරය (21/02/2025 සිට 01/03/2025 දක්වා) 4 /5

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348