අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ මහනුවර පිළ හා සී ආර් සහ එෆ් සී තරගයෙන් ලකුණු (39/20) ලෙස මහනුවර පිළ…
ජාත්‍යයන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්
මාර්තු මස 08 වැනිදාට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනය හා සමගාමීව නිතැතින් ම කියැවෙන ප්‍රමුඛ නාමයකි ක්ලාරා සෙට්කින්. ජාත්‍යන්තර විප්ලවවාදිනියන්…
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සූර්ය විදුලිබලය ජාතික විදුලි බල පද්ධතියට ඒක් කරයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංවර්ධන සැලැස්මට අනුව විශ්වවිද්‍යාලයේ විදුලිබල සැපයුම මුළුමනින්ම හරිත කිරීම ප්‍රධාන ඉලක්කයකි. ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සූර්ය බල ශක්ති උත්පාදනය සදහා විශ්වවිද්‍යාල සූර්ය විදුලිබල පද්ධති ස්ථාපනය කළ අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ පළමු අදියර 2025 මාර්තු 10 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදු කරන ලදී. විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනක ස්ථාපනය කර ඇති මෙම සූර්ය විදුලි බල පද්ධති තුන මගින් දිනකට විදුලි ඒකක 6000 (කිලෝ වොට් පැය) ජනනය කිරීමට හැකිව පවතී. සූර්ය විදුලිබල පද්ධති දෙකක් ඉංජිනේරු පීඨයේ ද තවත් සූර්ය විදුලි බල පද්ධතියක් ශ්‍රාස්ත්‍ර පීඨ අධ්‍යාපන විද්‍යා පීඨයේ ද ස්ථාපනය කර ඇත. ඉංජිනේරු පීඨයේ ස්ථාපිත පද්ධති දෙක 820 kWp ක ජනන ධාරිතාවක් සහිත වන අතර ශාස්ත්‍ර පීඨයේ ස්ථාපිත සූර්ය විදුලිබල පද්ධතියෙහි ජනන ධාරිතාවය 380…
මතක අවුළුවන මතක මල් අතර හුදෙකලා මිහිරක…
“…රසයෙන් තොරව ලේසියෙන් ඉඳුරන් පිනවිය නො හැකිය. ඒ නිසා ම නීරසව ලියන දෙයින් සිත පිනවීම අපහසුය. රසවත් ආහාරයකින් රස නහර…
බංකොලොත් ධනවාදයෙන් වැඩිපුරම පීඩාවට පත්වන්නේ තරුණයින්ටයි!
2025 මාර්තු 1එක්සත් රාජධානියේ තරුණ විරැකියා සංඛ්‍යාලේඛන නිකුත් කර ඇති අතර, එය 2024 ජූලි මාසයේදී 500,000 ක් වූ අතර එය…
සමුගැනීමේ පියාසැරිය…
සොබා දහමේ අධ්‍යනය කරන්න හුඟක් ලස්සන දේවල් තියෙනව. එයින් එකක් තමයි bird landing සහ bird’s flying …මේක සරලව කියනව නම්…
වත්මන් ගැහැණිය සහ නූතන ගැහැණිය ලෝක සාහිත්‍යය ඇසුරින්
ගැහැණිය කියන්නෙ මනුශ්‍යයාගේ ජීවිතය හැඩගැස්වීමේ අතිශය බලවත් සහ අනන්‍යය වූ චරිතයකි. යුගයකින් යුගයකට, සමාජ සංවර්ධනයක් හා සංස්කෘතික විපර්යාසයන්ට අනුකූලව, ගැහැණියගේ…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව
පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායකගරු කතානායකතුමනි, අද අපිට විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ළඟදිම සිදුවෙච්ච මාර්ග රිය අනතුරක්…
නිහඩ ණයකාරයා.
කෙටි කතාවක්කෙල්ලේ ඉඳා මේ මාළු ටික ගනින්මට එපා අම්මෝ අපේ අම්මා ඕක මගේ ඔලුවේ ගහයි.යකෝ මම උබේ බාප්පා උබේ තාත්තාගේ…
තවත් එක් ගැහැණියක්……
මුළු පරිසරයම අඳුරින් වෙලිලා කෑලි කැපිය හැකි කළුවර අතීතය වගේම මහ දුකක් ඇස් පිය මත ගුලි ගැහිලා…. හැමෝම මේ නිදගත් මොහොතේ මගේ සිත පමණක් අවදිවෙලා… නිදිමත අතිත මතකයන් පලවාහැර දමලා… පියවී ඇති නෙතුපියන් අතරින් ගලායන උණුම උණු කඳුළු බිඳු මුහුණ දිගේ ඇදී ගොස් කොට්ටය මත නොයෙක් නොයෙක් දිශාවන් පුරා විසිරි ගිහිල්ලා හරියට මගේ ජීවිතය වගේ….. ” දැන් නිදාගනින් දුවේ “ ආදරණිය කටහඬින් කණ වැටුණු සැනෙන් මට දැණුනේ ඇයත් මං එක්කම නිදිනැතිව හඬාවැටෙන බවයි තනියට ඇගේ සිතත් ඒ මතම අම්මේ මං දන්නවා මගේ ජීවිතය නුඹට මහ දුකක් බව…. විවාහය බිඳ වැටිලා.. කුරිරු මිනිසෙකු ලඟ දිවි ගෙවමින් දුක ම ජීවිතයම කරගත් මම නුඹ ලඟට ආපහු ඇවිල්ලා…. මගේම කුසින් බිහිකරපු දියණයත් සමඟම….. එදා මම දීග යන දවසේ නුඹ හැඬුවත් දන්නවා මම නුඹ තරම් කව්රුත් සතුටු නොවුනු බව මිහිමත තාත්තාවත් නැති මගේ අනාගතය…. මගේ ජීවිතයේ සතුට හා රැකවරණය තවත් මිනිසෙකුගෙන් ලැබෙන බව නුඹට දැනුණ නිසා ……මහමෙරක් පැතුම් සිත පුරා ඉතිරිලා… අළුත් කැදැල්ලකට… සෑම ගැහැණියකගේ ජීවිතයේ සතුට සිනහව උණුසුම රැකවරණය ……. හා ආරක්ෂා වත් බලාපොරොත්තුවුන ගැහැණු අතර මමත් තවත් එක් ගැහැණියක් වුණා…. එහෙත්… ගතවු කාලය….. සුන්දර කතාබහ වෙනුවට රළු දරුණු විස වදන්… දයාදර උණුසුම වෙනුවට රත් පැහැගත් අතැඟිලි වල හැඩතල සිරුර පුරා පුපුරලා…. සෙනෙහසක දැවටීම වෙනුවට කතානොකරන දින සති ගෙවන්නට සිදුවෙලා…… මට මාවම අහිමි කරලා විවාහය……. ජීවිතයේ නීරසම කාලය බවට පත්වෙලා ඔහුගේ එකම සතුටේ බාදකය මා බව මට වැටහුණා පා පහරින් එළියට වීසිවුනු ජීවිතය යළිත් මගේ අම්මත් සමග…… මට වැඩියෙන්ම දුක මගේ අම්මා මා නිසා විඳින වේදනාවයි ….. මේ කිසිත් නොදන්නා නරුමයකුගේ ලෙයින් උපන් දියණියකගේ හෙට දවසේ අනාගතයයි…… මේ රාත්‍රිය ….අළුත්, වේදනාවෙන් ඇරඹෙන මේ රාත්‍රිය දිගුයි.. උදෑසනක් යළිත් හමු නොවන ලෙස වේදනාවෙන් ගෙවන මේ රාත්‍රිය අවිනිශ්චිත ජීවතය අවසන් වනතෙක් විඳින්නට…ම නොගැලෙපෙන මිනිසෙකු ජීවිතයට ලන්කරගත් වැරැද්දට………. සුධර්ම රත්නායක 2025 මාර්තු 08




