බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව

පාර්ලිමේන්තුවේ සභා නායක බිමල් රත්නායක
ගරු කතානායකතුමනි, අද අපිට විවාදය පටන් ගන්න වෙන්නේ බොහොම කණගාටුදායක ප්‍රවෘත්තියකින්. ළඟදිම සිදුවෙච්ච මාර්ග රිය අනතුරක් පිළිබඳව දැනුම් දීමෙන්. පෙරාරි ලයිෂන් එකක් තියෙනවා කියපු කෙනා අල්ජසීරා එකේ හැප්පිලා කුඩු පට්ටම් වෙලා. එතුමගේ මොළයට සෑහෙන්න ඩැමේජ් වෙලා තියෙනවා. එතුමා මේ දවස් වල විකාර කියවනවා. ප්‍ර‍වාහන අමාත්‍යංශ විවාදයේදී ඒ පෙරාරි ලයිසන් එක තියනවා කියන කෙනාට කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි ඒ සිදු වෙච්ච අකරතැබ්බය ගැන.
2025 මාර්තු 06 වනදා අල් ජසීරා මාධ්‍ය ආයතනය විසින් රනිල් වික්‍රමසිංහ සමඟ කළ හෙට්ටු හෙට් වැඩසටහන විකාශනය කළා. එම වැඩසටහන තුළ නිවේදකයා බටලන්ද වධකාගාරය පිළිබඳවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධවත් යොමු කළ ප්‍රශ්න වලට රනිල් වික්‍ර‍රමසිංහ නිසි පිළිතුරු නොදී විකට ආකාරයෙන් මගහැරයාමත්, බටලන්ද කොමිෂන් වාර්තාව ප්‍රතික්ෂේප කිරීමත් උත්සාහ දැරුවා. නමුත් මාධ්‍යවේදියා දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් කළ ප්‍රරශ්න කිරීම් හමුවේ රනිල් වික්‍ර‍රමසිංහ නිරුත්තර වීම සහ එම වැඩසටහනට සම්බන්ධ වී සිටි ප‌ේක්ෂකයන් හමුවේ අපහසුතාවයට පත්වීම පිළිබඳව තමයි බිමල් රත්නායක අද පාර්ලිමේන්තුවේදී ප්‍රවාහන අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඒ සිදුවීම උපහාසයට ලක් කළේ.
බිමල් කළ යුතුව තිබුණේ රනිල් වික්‍ර‍රමසිංහව උපහාසයට ලක් කිරීමද
බටලන්ද වධකාගාරය සහ රනිල් වික්‍ර‍රමසිංහ අතර ඇති සම්බන්ධතාවය පිළිබඳව අමුතු රහසක් නොමැත. මෙතෙක් සිදු නොවී තිබුණේ බටලන්ද වධකාගාරය හා සම්බන්ධ අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක නොකර චන්ද්‍රිකා‍ කුමාරතුංගගේ සිට රනිල් වික්‍ර‍රමසිංහ දක්වා 2024 වෙනකම් පැවති ආණ්ඩු අපරාධකරුවන්ට ආරක්ෂාව සැපයීමයි. වර්තමාන ආණ්ඩුව බටලන්ද වධකාගාරයේ වින්දිතයන්ව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ සමග සැදුම්ලත් ආණ්ඩුවක්. බිමල් රත්නායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම මේ ප්‍රශ්නය නිසි බරින් ගෙන තිබුණා නම් පාර්ලිමේන්තුවේදී බිමල්ට කිරීමට සිදුවන්නේ වික්‍ර‍රමසිංහව උපහාසයට ලක් කිරීම නොව එම සාකච්ඡාවේදී රනිල් වික්‍ර‍රමසිංහ මතුකළ වැදගත්ම කරුණ පාර්ලිමේන්තුව හමුවට ගෙන ඒමයි.
මොකක්ද මේ නිශ්චිත වැදගත් කරුණ
මාධ්‍යවේදීන් බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව අදහස් ප්‍රකාශ කරන විට රනිල් වික්‍ර‍රමසිංහ කියා සිටින්නේ එය නීත්‍යානුකූල ලියවිල්ලක් නොවන බව. ඒ නීත්‍යානුකූල නොවන බව සනාථ කරන්න ඔහු මතු කරන කරුණ තමයි වාර්තාව පාර්ලිමේන්තුව තුළ සභාගත කර නොමැතිකම. මේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සඟවන්නේ චන්ද්‍රිකා කුමාරතුංග. ඇයට අවස්ථාව තිබුණා මුල් වරට මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා සභාගත කරලා එහි නිර්දේශ ක්‍රියාත්මක කරන්න. එය එසේ සිදුවන්නේ නැහැ. එතැන් සිට මහින්ද රාජපක්ෂ මෛත්‍රි‍රිපාල සිරිසේන ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මේ සියලු දෙනා මේ සාපරාදී අපරාධය සදාතනිකවම වසා දමන්නට උත්සහ දරනවා.
බිමල් රත්නායක අද කළ යුතුව තිබුණේ ඉතිහාසයක් සාක්ෂි දරන අපරාධකරුවෙකු වන රනිල් වික්‍ර‍රමසිංහ බටලන්ද වධකාගාරයේ මිනිමරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කරන්නට නොහැකි හේතුව පෙන්වා දුන් අවස්ථාව ප්‍රරයෝජනයට ගෙන සිදුවී ඇති දුර්වලකම මගහරින ප්‍රවේශය නිර්මාණය කිරීමයි.

ජන අරගල සන්ධානය නියෝජනය කරමින් දුමින්ද නාගමුව මේ සම්බන්ධයෙන් මාර්තු 07 වන දා දැක්වූ අදහස බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අතර තියෙනවා රනිල් වික්‍ර‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා ඔහුට එරෙහිව නඩු දමන්න කියලා. නමුත් චන්ද්‍රිකා එක කලේ නැහැ. රනිල්ව ආරක්ෂා කළා. බටලන්ද වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න දැන් අවස්ථාව තියෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරන 159 ක් ඉන්නවා. එහි විශාල ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ. මේ වාර්තාව පාර්ලිමේන්තුවට ගෙනත් රනිල් වික්‍ර‍රමසිංහට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනා.


විජයදාස ලියන ආරච්චි සහෝදරයලට සාධාරණය ඉෂ්ට කරන්න අද අවස්ථාව ඇවිල්ලා. අයුක්ති සහගතව ඝාතනය වූ සියලු දෙනාට යුක්තිය ඉෂ්ට කරන්න අද අවස්ථාව ලැබිලා තියෙනවා.
මේ ආණ්ඩුව මේ අපරාධයට යුක්තිය ඉටු කරන්න ප්‍රවේශයක් නොමැතිව හිටියනම් අද ඒ සඳහා අවස්ථාව ලැබිලා තියෙනවා. ප්‍රවේශය විවර වෙලා තියෙනවා.

මේ ලැබුණු අවස්ථාව කෝචොක් නොකර NPP ඇතුළු ජනතා විමුක්ති පෙරමුණ බටලන්ද වධකාගාරයේ ඝාතකයන් වූ රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමට දඬුවම් කර ඝාතනයට ලක්වූවන්ට සාධාරණය ඉෂ්ඨ කරන්න සමාජ වටපිටාව නිර්මාණය වී ඒ වෙනුවෙන් අවධානය යොමු වී තිබීම විශේෂ අවස්ථාවක් වෙනවා.

More From Author

නිහඩ ණයකාරයා.

වත්මන් ගැහැණිය සහ නූතන ගැහැණිය ලෝක සාහිත්‍යය ඇසුරින්

Leave a Reply

Categories

LDM Columns