හමිදාන් බල්ලාල් වෙත

මේ වසරේ හොඳම වාර්තා චිත්‍රපටය සඳහා වන ඔස්කාර් සම්මානය දිනා ගත් පලස්තීනයේ බටහිර ඉවුර පාදක කරගත් “No Other Land” චිත්‍රපටයේ සම අධ්‍යක්ෂ හම්දාන් බල්ලාල් (Hamdan Ballal) වෙත, පිහි සහ බේස්බෝල් පිති සහිත වෙස්මුහුණු පැළඳගත් ඊශ්‍රායල බලහත්කාර පදිංචිකරුවන් පිරිසක් විසින් පහර දී ඇති අතර ඔහුගේ හිසෙහි සහ බඩේ තුවාල සිදුවී ලේ ගලමින් තිබී ඇත.
එහිදී ඔහු කැඳවූ ගිලන් රථයට ඇතුළු වූ ඊශ්‍රායල සොල්දාදුවන් ඔහුව ගිලන් රථයෙන්ම පැහැරගෙන ‍ගොස් ඇති අතර එතැන් සිට මේ වනතෙක් ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් නොමැත.

සම්මානය ගැනීමට වේදීකාවට පැමිණි "No Other Land" චිත්‍රපටයේ කණ්ඩායම "පලස්තීන ජනතාවගේ අයුක්තිය නැවැත්වීමට සහ ජනසංහාරය නැවැත්වීමට බැරෑරුම් පියවර ගන්නා ලෙස අපි ලෝකයෙන් ඉල්ලා සිටිමු" යැයි පැවසීමට ධෛර්‍යමත් වූයේය.

More From Author

අපේ කාලයේ පිය සටහන්

රොබරෝසි පිපෙන හැමදාකම මගේ හිතට ගෙන එන වසත් ගීතයක්……

Leave a Reply

Categories

LDM Columns