නිහඩ ණයකාරයා.

කෙටි කතාවක්
කෙල්ලේ ඉඳා මේ මාළු ටික ගනින්
මට එපා අම්මෝ අපේ අම්මා ඕක මගේ ඔලුවේ ගහයි.
යකෝ මම උබේ බාප්පා උබේ තාත්තාගේ එකම මල්ලී මම උඹලා ගැන බලන්නේ නැතුව වෙන කවුරු බලන්න ද ?
කෙල්ලේ….. උඹ මොකද ඔය කඩුල්ල ලඟට වෙලා පාරේ දිග පළල මනිනවද ?
මේ බාප්පා මාළු ගෙනැත්…
ගිහින් දෙන්න කියපන් මහ උන්දැට මට තාම අතපය හයිය තියෙනවා උබට කන්න බොන්න දෙන්න.
බාප්පා කඩුල්ල පැන ගෙට ආවේය.
උඹ මගෙන් කුණුහරුප අහගන්නේ නැතුව මේක කෙලීට හදල දීපන් මේ බෑග් එකේ අඩුම කුඩුම ටිකක් ඇති කෙල්ලට කටට රහට කන්න දීපන්.
බාප්පා කේන්තියෙන් පිටව ගියේය.
අම්මා බාප්පා දිහා බලන් හීල්ලුවාය. අවසන “මගෙ ණයකාරයා” යැයි මට නොතේරෙන අමුතු සිනහවකින් මුහුණ සකසා ගෙන කීවාය.
මගේ පියා මීට මාස කිහිපයකට පෙර බීමතින් දුම්රියක ගැටීමෙන් මරු මුවට පත් විය.
මට වැඩි තේරුමක් නැහැ එත් අම්මා ඇඬුවා ආච්චී නම් අඩනවට වඩා කලේ අම්මට බැන්න එක. බාප්පා තමයි හැම දෙයක්ම කරට අරන් කලේ.
පාන්දරින් අම්මා මට කතා කලේ ඉස්කොලේ යන්න ඕනි නිසා මෙන්ම අම්මා අද ඉඳන් මාළු විකුනන්න යන නිසාත්ය
එහෙත් ………
උදේ පාන්දරම ආච්චී දොරකඩ…
කෝ මේ වල් බැ..@# තෝ මගේ එක කොල්ලෙක් මරා ගත්තා මදිවට දැන් අනික් එකාවත් අල්ල ගන්න ද හදන්නේ….
උදේ පාන්දරම ආච්චී අම්මාගේ කෑගැහිල්ල කන වැකුණු සැනින් අම්මා දොර වසා දැම්මේය. වරුවක් පමණ අම්මාට බැන ආච්චී පිටව ගියාය.
කෙල්ලේ යමන් පරක්කු වෙනවා,
මා පාසල වෙත අනික් ළමුන් හා එක්කර අම්මා වැල්ලට ගියාය.
ආ සීතා වරෙන් වරෙන් බං මොකෝ පස්සට ගිහින් ඒයි විල්බා මේ කෙල්ලට හොඳ මාළු ටිකක් දීපන් හවසට ගනන් හිලව් බලමු.
මා ඉදිරියට යන්න හැදුවා පමණි කවුරුන් හෝ මා අතින් ඇද්ද අතර මා නැවතුනේ ඔහුගේ පපුවේ වැදීය.
පල බැ..#$ ගෙදර තොට මොන අඩුපාඩුවටද මෙහෙ ආවේ.
කමල් මා ඇදගෙන ගොස් ගෙට දමා දොර වසා මා ළඟට පැමිණියේ දෑස් මත කඳුලක් රඳවන්
ඇයි රත්තරන් උඹ මට මෙහෙම කරන්නේ?.
උබට මං ආදරේ කලේ උඹ මහ ගෑණියෙක් වෙන්නත් කලින් අය්යා උබට කරදර කරපු වෙලෙත් මම කිව්වා කමක් නෑ මට උඹ ඕනි අපි කොහෙ හරි යමු කියලා උඹ එදත් මාව පිළිගත්තේ නැහැ.
ඇයි මගේ අම්මා උඹ මට ආදරේ නැද්ද?
ඔහු පැනයෙන් මම නිරුත්තර වූනෙමි. මා ඔහුට ආදරය කරන තරම් මගේ දියණියගේ පියාටවත් ආදරය කර නොමැත. තවමත් 25 වන වියේ පසු වන මා ඔහු දුටු විට ඇති වන ඒ සියලු ආදරණීය හා රාගික හැඟුම් මැඩ පවත්වා ගන්නේ කණවැන්දුම් දරුවෙක් සිටින මවක් බව සිහිපත් කරගෙනයි.
මගේ දෑසින් කඳුළු කඩා හැළුනේ මා අසරණකම සිහි වූ නිසාය
හරි හරි කමක් නැහැ මම උබටත් එක්කම ආදරේ කරන්නම්…. උඹ…….
ඔහු නැවත යමක් කියන්නට පෙර මා ඔහුට තුරුල් උනේ දරා ගත නොහැකි දුකකින් හඬ වැටෙමින්.
ජීවිතයේ ප්‍රථම වතාවට ආදරණීය සිප වැළඳ ගැනීම් පිළිබඳ අත්දැකීම් ලැබුවෙමි. මා ඔහුගේ දෙතොල් පහසින් උමතු විය. මට දැනුනේ මා වෙනම ලෝකෙක සැරි සරන බවය. මින් පෙර නිදි යහනේ මන්දගාමී අත්දැකීම් ඈති මා මෙසේ ක්‍රියාශීලී වූයේ කෙසේ දැයි සිතන විට මට මා පිළිබඳව ලැජ්ජවක් ඈතිවුණි. සියල්ල අවසානයේ ඔහුට මුහුණ දීමට නොහැකි කෝල බවක් දැනුණි.
උඹ මගේ….. මතක තියාගනින්…. උඹ මගේ විතරයි. යළිත් මා උමතුවෙන් මෙන් සිප ගනිමින් ඔහු කෙඳිරිය.
කෝ අහකට වෙන්න තව ටිකකින් කෙල්ලත් එයි….. මොනාහරි රත් කරන්න ඕන.
ටිකක් හිටපන් මයේ අම්මා මට මේක හීනයක් වගේ…
ඉඳා මල කෝලම් නාකි විසේ ගෙටත් උසයි කියන්නේ නිකන් ද?
කොහෙද බොල නාකි හිටපන් මම උබට පෙන්නන්න…
මා උයන ගෙට දිව ගියේ ඔහුට තේ ටිකක් සාදා කෑම ටිකක් හදන්න. මා මවක් බව අමතක වීමට තරම් ඔහුගේ උණුහුමින් ක්‍රියාශීලී වී ඈත.
සිත පිරී ඇති මේ සතුට කෙසේ නම් පවසමි ද?
අම්මේ…. බඩගිනි අම්මේ…..
හානේ…. බාප්පා…….
මෙහෙ වර හොර කෙල්ල කන්න කලින් මූණ කට හෝදගෙන වරෙන්
එදා සිට ඔහු මගෙත් දියණියගෙත් ආරක්ෂකයා විය. මගේ දියණියට ඔහු ආදරය කරන තරම් ඇගේ පියා වන ඔහුගේ සොහොයුරාවත් ආදරය කර නැත.

දියණිය දිනකට අම්මා කියනවට වඩා වාර ගණනක් බාප්පා කියයි.ඇය ඔහුට අපමණ ආදරයක් දක්වයි. මෙය සසරේ බැඳීමක් යැයි මට සිතේ.
කමල්ගේ අම්මා නොසෑහෙන සේ බැන අඬගසා දැන් එය නවතා ඇත. ඇය මහගෙදර වාසය කරන අතර කමල් හෝ දියණිය ඇගේ ආහාර ගෙන ගොස් දෙයි.
ඒයි මේ ඇහුණ ද? මේ පැත්තට හැරෙන්නකෝ…
මෙකීගේ මුකුළුව මොකෝ කියන්නේ ම්…..
විහිළු නෙවෙයි අපි දොස්තර කෙනෙක් ලඟට යමු.
මොකටද? ඇයි මයේ අම්මා මොකෝ
අපිට දරුවෙක් නැත්තේ ඇයි තාම?
අම්මත් කීප සැරයක් ඇහුවා.
ඇයි බං මේ ඉන්නේ මැණිකක් අපිට
ඒ උනාට අනේ….ඔහු මා සිපගන්නට විය. අහන්න කෝ අනේ…
ආයේ කතා එපා මැණික මේ ඇති අපිට
ඇයගෙන් මේ සියල්ල වසන් කර ගත යුතුය. සැමදා මේ රහස රැක ගත යුතුය.
ඒ ඇයව රැවටීමට නොව හුදු මොවුන් දෙදෙනා සතුටින් තැබීමටයි.
මගේ පහසින් සැනසී ඇය නිදාගත් පසු මා කල්පනා ලොවක අතරමං උනි. මේ පුංචි කෙල්ල මගේ මුළු ජීවිතේම උනේ කෙසේ දැයි මට නොතේරේ
වසර කිහිපයකට පසු…..
බාප්පේ…. බාප්පේ… මම කැම්පස් පාස්
අනේ මගේ කෙල්ලේ මොකද මේ ඇයි?
මම කැම්පස් පාස් මම ලංකාවෙන්ම තුන්වෙනියා කියලා ලොකු සර් කිව්වා
අනේ දේව මෑණියනේ…..
බාප්පා මෙන්ම අම්මා ද මා තුරුළු කර ගත්තේය.
මගේ කෙල්ල උබට මොනාද ඕනි මයේ අම්මා.
කියාපන්……. ඉරද හද ද?
අනේ බාප්පේ…මාව බිමින් තියන්න.
මේ මනුස්සයට නම් පිස්සු ඕකි දැන් ලමිස්සියෙක් පොඩි එකෙක් නෙමෙයි
බලාපන් උබේ අම්මගේ ඉරිසියාව වරෙන් උබවත් වඩාගන්න..
අනේ වැඩේමයි… නාකි හුරතල්..
මේකීගේ කටේම තියෙන්නේ නාකි හිටපන් මම නාකිකම පෙන්නන්න
මම ආච්චි අම්මට කියල එන්නම්..
ඔහු වෙත ගොස් ඔහුගේ දෙපා පාමුල වැටීනෙමි.
මගේ දෙයියෝ ඔයෑයි නිසයි මේ හැමදෙයක්ම.
නැගිටපන් මයේ අම්මා උබලා දෙන්නට නොකර මම වෙන කාට කරන්නද?
මේ දේවතා නොසිටින්නට අද මේ සතුට අප දෙදෙනාට නැත. කිසිදා ඔහුගේ දරුවෙක් පිළිබඳව උනන්දුවක් තිබුණේ නැත. මා ඒ පිළිබඳව කතා කරනා සෑම විටම එය මග අරින්නේ මා ඔහු වසඟයට ගෙනයි.
වසර කිහිපයකට පසු….
කෙල්ල ආණ්ඩුවේ ලොකු රස්සාවක් කරනවා කියන එක මට තාමත් හීනයක් ඔයා නිසයි මේ හැමදෙයක්ම.
නැහැ බං උබලා දෙන්නා නිසයි මම අද සතුටින් ඉන්නේ ඒ වගේම මම සම්පූර්ණ උනේ. උබට පිං මයේ අම්මා.
දුවේ අනේ පුතේ….
ඇයි අම්මේ හෙලෝ…. අම්මා….. හෙලෝ….හෙලෝ…..
බාප්පා කතා කරන්නේ නැහැ පුතේ අනේ උදේ නැගිට්ටේ නැති නිසා මම බැලුවේ ඇයි කියලා
මගෙ ආදර බාප්පා….
අනේ මගේ ආදර බාප්පා මේ ලස්සන ජීවිතයේ නිමැවූම්කරු අපිව දාල යන්න ගිහින්.
බාප්පාට අවසන් ගෞරව දක්වන අවස්ථාවේ අම්මා බාප්පා දෙස බලා “මගේ ණයකාරයා” යැයි කීවේ බාප්පාගේ කුකුල් මතට වැටෙමින්.
පුංචි කාලෙ නොතේරුණු එහි අර්ථය දැන් මට තේරෙයි.
හත් දවසෙ දානේන් පසු බාප්පාගේ හොඳම මිතුරා වන සරත් මාමා අප දෙදෙනා අසලට පැමිනියේය.
මට උබලා දෙන්නටම කියන්න දෙයක් තියෙනවා. දැන් මම පොරොන්දු කැඩුවට කමක් නෑ, මට පවු නෑ
සිතා නංගී උඹව බැන්ද ගමන් කමලයා මා එක්ක ගිහින් වද සැත්කම කලා.
අම්මා මෙන්ම මමත් අනේ දෙවියනේ ඇයි ඒ… කිව්වේ එකටමය.
ඌ කැමති උනේ නෑ උගේ දරුවෙක් හදන්න මොකද ඌ අතින් මේ කෙල්ලට වෙනස් කමක් වෙයි කියලා.
ඊට පසු සරත් මාමා කියු කිසි දෙයක් මට ඇසුනේ නැත. බාප්පාගේ පින්තූරය අතට ගත් මා එය තුරුල් කරන් බොහෝ වේලා හඬ වැටුනෙමි.
ඔහු කිසිදා මට ඔහුට තාත්තා යැයි කියා අමතන ලෙස ඉල්ලා නැත අම්මා ද ඔහුට එසේ අමතන්න යැයි කියා නැත. මට ද එසේ කරන්නට සිති නැත.
කාරයේ යතුර ගත් මා ඔහුගේ සොහොන වෙත මල් කලඹක් රැගෙන ගියෙමි.
ඔහුගේ වල අසල දන ගසා මල් කලඹ තැබුවෙමි.
තාත්තේ….. අනේ… තාත්තේ…….
මට සමාවෙන්න…..
අද මගේ ණයකාරයා නික්ම ගොස්ය. මගෙත් දියණියගෙත් ජීවිත අපූරුවට පින්තාරු කල ආදරණීය සිත්තරා නික්ම ගොස්ය.
ඔහු මගේ ජීවිතයට පැමිණිමට පෙර මා දෑන සිටියේ ලිංගික ජීවිතය යනු හුදු පිරිමියා සතුටු කිරීමත් දරුවන් වැදීමත් පිණිස සිදුවන කාර්යයක් බවය. යහනේ උඩුබැලි අතට දිගා වී දෙ ඇස් පියාගෙන සියල්ල ඉවසා සිටි මට ඊට එහා ආදරණීය ආධ්‍යාත්මික බැඳීමක් කියාදුන් මගේ ආදරණීය සොදුරු අඥාදායකයා නික්ම ගොස්ය. ඉතින් සසර පුරා මා ඔබ සමග එමි. මෙයින් මතු මගේ කුස තුළ වැඩෙන සියලු දරුවන්ගේ පියා ඔබම පමණය. අප දියණිය සෑම බවයකම පියා ලෙස ඔබවම පතන බව මා දනිමි.


මෙවැනි බෝසත් මිනිසුන් දැනුදු අප අතර සිටිති. නිහඩ ලෙස තම යුතුකම් ඉටුකොට පෙරළා කිසිත් බලාපොරොත්තු නොවි නිහඩව නික්ම යති. ඔවුන් මෙලොව පැමිනෙන්නේම සතුට බෙදා දීමට පමනක්මය.

More From Author

ඔක්තෝබර් විප්ලවයේ නිර්ධන පංතික   ස්ත්‍රියකගේ  හඬ

බටලන්ද කොමිෂන් සභා වාර්තාව බලාත්මක කරන්න අවස්ථාව

Leave a Reply

Categories

LDM Columns