පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්  සූර්ය විදුලිබලය ජාතික විදුලි බල පද්ධතියට ඒක් කරයි. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ  සංවර්ධන සැලැස්මට අනුව විශ්වවිද්‍යාලයේ විදුලිබල සැපයුම මුළුමනින්ම හරිත කිරීම ප්‍රධාන ඉලක්කයකි. ඒ අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාලය තුළ සූර්ය බල ශක්ති උත්පාදනය සදහා  විශ්වවිද්‍යාල   සූර්ය විදුලිබල පද්ධති ස්ථාපනය කළ අතර එය ජාතික  විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ පළමු අදියර  2025 මාර්තු 10 දින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිදු කරන ලදී.

විශ්වවිද්‍යාලයේ ස්ථාන තුනක ස්ථාපනය කර ඇති මෙම සූර්ය විදුලි බල පද්ධති තුන මගින් දිනකට විදුලි ඒකක  6000  (කිලෝ වොට් පැය) ජනනය කිරීමට හැකිව පවතී. සූර්ය විදුලිබල පද්ධති දෙකක් ඉංජිනේරු පීඨයේ ද තවත් සූර්ය විදුලි බල පද්ධතියක් ශ්‍රාස්ත්‍ර පීඨ අධ්‍යාපන විද්‍යා  පීඨයේ ද ස්ථාපනය කර ඇත.

ඉංජිනේරු පීඨයේ ස්ථාපිත පද්ධති දෙක 820 kWp ක ජනන ධාරිතාවක් සහිත වන අතර  ශාස්ත්‍ර පීඨයේ ස්ථාපිත  සූර්ය විදුලිබල පද්ධතියෙහි ජනන ධාරිතාවය  380 kWp කි. ඒ අනුව මෙමගින් කිලෝවොට් 1200 (kWp) ධාරිතාවයක් විදුලි බල පද්ධතිය එකතු කිරීමට  අපේක්ෂා කෙරේ.

විශ්වවිද්‍යාලයේ මුළු විදුලි පරිභෝජනය මසකට ඒකක 500,000ක් පමණ වන අතර සූර්ය විදුලි බල පද්ධතිය  ස්ථාපනය කිරීම මගින් එනම්  1200 kWp ක ධාරිතාවයක් පද්ධතියට එකතු කිරීම විශ්වවිද්‍යාලයේ මුළු  විදුලි පරිභෝජනයෙන් 36% ක් ආවරණය කිරීමට සමත් වේ. ව්‍යාපෘතියේ එම අදියර යටතේම  තවත් කොටසක්  මේ වනවිට වෛද්‍ය පීඨයේ ස්ථාපනය වෙමින් පවතින අතර එය ද  හැකි ඉක්මනින් පද්ධතියට එක්කිරීමට  බලාපොරොත්තුවන අතර එමගින් තවත් 300 kWp ධාරිතාවයක් විදුලි බල පද්ධතිය එකතු කිරීමට  අපේක්ෂා  කෙරේ. එය ද පද්ධතියට එකතුවූ පසු විශ්වවිද්‍යායේ මුළු විදුලි පරිභෝජනයෙන් 45% දක්වා ආවරණය කරනු ඇත. ඒ සමගම විශ්වවිද්‍යාලයේ වාර්ෂික විදුලි පිරිවැය අවම වශයෙන් තුනෙන් එකකින් අඩු කර ගෝලීය හරිත මෙට්‍රික්  (global green metric) සහ තිරසාර ‌ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් ඉහළ යාමට විශ්වවිද්‍යාලය අපේක්ෂා කරයි.

විශ්වවිද්‍යාල සූර්ය විදුලිබල සැපයුම ජාතික විදුලි පද්ධතිය හා එක් කිරීමේ මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම ඉංජිනේරු පීඨ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක හා මහාචාර්ය ජනක ඒකනායක මහතා ඇතුළු විශ්වවිද්‍යාලයේ ආචාර්ය මහාචාර්යවරුන් පිරිසක් හා වැඩබලන ලේඛකාධිකාරි මහින්ද ඒකනායක මහතා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ආචාර්‍ය ටී එම් ඩබ් ජේ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් සමග සූර්ය පැනල හා පද්ධතිය ස්ථාපිථ කල හේලීස් සමාගමේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

More From Author

මතක අවුළුවන මතක මල් අතර හුදෙකලා මිහිරක…

ජාත්‍ය‍යන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්

Leave a Reply

Categories

LDM Columns