අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ මහනුවර පිළට තවත් ජයක්……

අන්තර් සමාජ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ මහනුවර පිළ හා සී ආර් සහ එෆ් සී තරගයෙන් ලකුණු (39/20) ලෙස මහනුවර පිළ ජය ලැබීය.
මහනුවර නිත්තවෙල ක්‍රිඩාංගනයේ (10 දා) පැවති තරගයේ දෙවැනි මිනිත්තුවේදී මහනුවර කණ්ඩායමේ චතුර සිල්වා ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කලේය. දඩුවම් පහරක් සාර්ථක කරගත් සී ආර් එෆ් සී පිලේ සුබයිර් දොරේ, දහසය වන විනාඩියේදී දඩුවම් පහරක් සාර්ථක කර ගනිමින් සිය පිල වෙනුවෙන් ලකුණු රැස්කර දිමට සමත් විය .
තරගයේ පලමු අර්ධයේ මිලාන් විරසිංහ, දිනාල් එකනායක මහනුවර වෙනුවෙන් උත්සාහ දිනුම් වාර්තා කලේය. ප්‍රථම අර්ධයේ 22-11 මහනුවර පිළ ඉදිරියෙන් සිටිමට සමත් විය.
සී ආර් එෆ් සී පිළ වෙනුවෙන් වාර්තා කල උත්සාහක දිනුම් දෙකම චමල්ක ගුණරත්න විසින් වාර්තා කලේය .
දෙවන අර්ධයේ කේනුල හෙට්ටිආරච්චි හා ඩිනාල් එකනායක උත්සාහක දිනුම් දෙකක් සිය පිළට එක් කිරිමට සමත් විය.
මහනුවර කණ්ඩායමේ හේශාන් ජැන්සන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා විය. රවීන් ඇලෙක්සැන්ඩර් තරගයේ විනිසුරු ලෙස කටයුතු කලේය.

More From Author

ජාත්‍ය‍යන්තර කාන්තා දිනය හා ක්ලාරා සෙට්කින්

මධ්‍යස්ථ ආන්තිකයේ ලාංකේය රාජ්‍යය – උදය ආර්. තෙන්නකෝන්

Leave a Reply

Categories

LDM Columns