ඒස්.ජයරත්න
118 වැනි ධර්මරාජ-කිංස්වුඩ් “මෙරූන් මහ සටන ” මෙම මස 4,5,6 තෙදින මහනුවර පල්ළේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දි පැවැත්වේ .
ටි.බි තෙන්නකෝන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් තරග වදින තරගයේ පෙර පැවති තරග අතරින් තරග 37 ක ජය මහනුවර ධර්මරාජ පිළ හිමිකර ගෙන ඇති අතර තරග 19 ක ජය කිංස්වුඩ් පිළ සතුවිය. තරග 61ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ඇත.

ධර්මරාජ කණ්ඩායමේ නායකත්වය මෙවර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියෝජනය කල පුලිදු පෙරේරා දරණ අතර, කිංස්වුඩ් කණ්ඩායමේ නායකත්වය වර්ණ ලාභි ක්‍රීඩක කවිජ ගමගේ දරනු ලබයි.
ධර්මරාජ විද්‍යාලයේ නායක පුලිදු පෙරේරා හා ලක්වින් අබේසිංහ මෙවර තරග වාරයේදී ලකුණු දහස සම්පුර්ණ කිරිමට සමත් වු අතර දක්ෂිත මනුකල්ප ධර්මරාජ පිළ වෙනුවෙන් කඩුළු 50 සීමාව පසු කිරිමට සමත් විය.

කිංස්වුඩ් නායක කවිජ ගමගේ ලකුණු දහස සම්පුර්ණ කරමින් තරග වාරයේදී කඩුලු 93ලබා ගෙන තිබේ. උපනායක නිකේෂල නානායක්කාර හා චනුල් කොඩිතුවක්කු ලකුණු 500සිමාවට පැමිණ ඇත .පන්දුවෙන් දස්කම් දක්වමින් කේනුල පිහිලිඅංග හා උපාධි ජයවර්ධන කඩුලු 40බැගින් ලබා තිබේ .
ප්‍රතම වරට දින තුනක් පුරා පැවැත්වෙන තරගය සදහා ධර්මරාජ විද්‍යාලයේ වැඩබලන විදුහල්පති මහේෂ් කරුණාරත්න සහ කිංස්වුඩ් විද්‍යාලයේ විදුහල්පති ඩී.එ්. හේරත් යන මහත්වරුන්ගේ මගනේවීම යටතේ සිදු කෙරෙ.
ධර්මරාජ විද්‍යාලයේ දුම්න්ද බණ්ඩාර, කපිල එකනායක යන මහත්වරුන්ගේ කළමණාකාරිත්වය දරණ අතර පුහුණුකරු ලෙස සේනක දිසානායක මහතාකටයුතු කරයි.
තිංස්වුඩ් විද්‍යාලයේ ලක්ෂ්මන් තිලකරත්න හා ඉන්දික තෙන්නකෝන් යන මහත්වරුන්ගේ කළමණාකාරිත්වය දරණ අතර පුහුණුකරු ලෙස එස් බස්නායක මහතා කටයුතු කරයි.

කිංස්වුඩ් කණ්ඩායම
කවිජ ගමගේ (නායක) එස්. බස්නායක මහතා (ප්‍රධාන පුහුණුකරු) ලක්ෂ්මන් තිලකරත්න මහතා (ක්‍රීඩා භාර ආචාර්ය) එච්. එම්. ඩී. ඒ.හේරත් මහතා (විදුහල්පති) ඉන්දික තෙන්නකෝන් මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) හිම්සර බණ්ඩාර මහතා (සහකාර පුහුණුකරු) නොමන් ජයකුමාර මහතා (සහකාර පුහුණුකරු) නිලක්ෂල නානායක්කාර (උප නායක)
පළමුපෙල
පමුදිත බණ්ඩාර, සදේශ රත්නායක, චනුල කොඩිතුවක්කු, උමන්ත කිත්සිරි, ඩී පීරිස්, නදීෂ බණ්ඩාරනායක, ඒ්ෂාන් අයොද්ධ්‍ය, ගයාන් තෙන්නකෝන්, උපාධි ජයවර්ධන, ගරුනගේ බණ්ඩාර,
දෙවන පෙළ
යොෂිත අබේකෝන්, ආදිල් ෂාරීෆ්, රිස්වාන් රසාක්, කෙනුල පිහිලිඅංග, තේශාන් දංගම්පොල, හේෂාන් වීරසිංහ, දිල්ෂාන් වීරවංශ, මනුල විජේතුංග

වාඩිවි
ඉසුරු පන්නල (උප නායක) දුමින්ද බණ්ඩාර මහතා (ක්‍රිකට් භාර ආචාර්ය) මහේෂ් කරුණාරත්න මහතා (විදුහල්පති) කපිල ඒකනායක (ක්‍රීඩා භාර ආචාර්ය) සේනක දිසානායක මහතා (පුහුණුකරු) පුලිදු පෙරේරා (නායක)_
පළමු පෙළ : සනුක රත්නායක, ඉසුරු ජයවර්ධන, ලක්වින් අබේසිංහ, දක්ෂික මනුකල්ප, නිසල අබේරත්න, කවිදු ගුණරත්න, ඔනිජ සේසත්, තරිදු වර්ණකුලගේ.
දෙවන පෙල: මෙත්සිලු බණ්ඩාර, සුමේද ප්‍රසාද්, චනුත් ජයසිංහආරච්චි, කේෂාන් ගුණවර්ධන, ගවේෂ් පූර්ණ, චානුක ලක්ෂාන්, මතීශ රූපසිංහ, ජයොද කඩිගාව.