රංජනී සෝමචන්ද්‍ර:
පුංචි කාලේ ඉදලම ගොඩක් ආස කලේ පොත් පෑන් පැන්සල් වගේ දේවල් වලට.
අලුතෙන් පොතක් ලැබුණම පොත සිඹින එක සාමාන්‍ය දෙයක්.ඒක අදටත් එසේමයි..

මම හරිම ආසයි මගෙ නම දකින්න..මම ඒක ලියලා හැඩ බලනවා.අකුරු වෙනස් කර කර ලස්සන බලනවා.
ඉස්සර වෙලාම මම අකුරු ලීවෙ ගල්ලෑල්ල මත.එතකොට පොත් දකින්න ලැබෙන්නෙ හරිම අඩුවෙන්..
මම හරියට පොඩිකාලේ ඉඳලාම හරිම වෙනස් විදිහට හිතන කෙනෙක්…
මගේ දේවල් පරිස්සමින් තබාගන්න එක සූවිශේෂයි..ඒ අතර පොත් විශේෂයි..
මාධ්‍ය ජීවිතය තුළ ඉස්සර වෙලාම ලංකාදීපෙට ලිව්වේ..ඒකෙ ප්‍රවෘත්තිය වඩා මා ප්‍රිය කලේ නම උඩින්ම තියෙන by line එක දකින්න..ඒ ඔස්සේ පත්‍ර ගණනාවකටම ලියන්න ලැබුණා.. ලක්බිම ,ඩේලි මිරර් ,Times ආදි… අදටත් මම හරිම ආදරෙයි මේ පත්‍ර කලාවට.. කවදත් ආසාවෙන් ලියන්නෙ…
රාජ්‍ය සේවාව තූළින් ලබන අත්දැකීම් පවා ලියන්න පිටිවහලක් වෙලා..
ප්‍රථම නවකතාව අමාලි නොදුටු සාපය නවකතාව ලීවේත් ඒ අත්දැකීම් එක්ක.එවගේම අපට ලේඛකයින් දිරිගැන්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභාව සහ මහජන පුස්තකාල දෙන ශක්තිය අතිශයින්ම වටිනවා…
ඉතින් හරිම ආදරණීයයි පාඨක අදහස්..සහ දෙන සහාය ඔබ වන් අය අපට.

මේ දිනවල “දෛවෝපගත උරුමයන්” කෙටිකතා සංග්‍රහය ප්‍රකාශනයට සූදානමින්… හරිම සතුටුයි..මේ ජීවිතය.ගැන …
මා මේ දිනවල “සුන්දර දැරණියගල” ශාස්ත්‍රීය ග්‍රන්ථය ලියමින් ඉන්නෙ…
ලැබෙන ආශීර්වාද සහ දෙන ශක්තිය ධෛර්යය නිසා ම ඉක්මනින් ම ඒ ග්‍රන්ථය එළි දකින එක මගෙ තවත් සිහිනයක්…මේක නම් සැබෑම වූ ඇබ්බැහිවීමක්…අපෙ ජීවිත විඳින්න තියෙන සුන්දරම තෝතැන්නක් තමයි මේ ලේඛන කලාව….
ලේඛන කලාවට ,සාහිත්‍ය කලාවට යමක් කරන්න වටිනාකමක් ලබාදෙන්න හැකියාවක් ලැබෙන එක ..

රංජනී සෝමචන්ද්‍ර-Ranjani Somachandra





