දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පලස්තීන මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබේ.

ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගිය මාධ්‍යවේදීන් රොයිටර් ප්‍රවෘත්ති ඒජන්සියේ (Reuters news agency) ඡායාරූප මාධ්‍යවේදියෙකු වන හුසාම් අල්-මස්රි (Hussam al-Masri); අල් ජසීරා (Al Jazeera) හි ඡායාරූප මාධ්‍යවේදියෙකු වන මොහොමඩ් සලාමා (Mohammad Salama); ඇසෝසියේටඩ් ප්‍රෙස් (Associated Press) සමඟ සේවය කළ නිදහස් මාධ්‍යවේදියෙකු වන මරියම් අබු ඩක්කා (Mariam Abu Daqqa); ඡායාරූප ශිල්පියෙකු වන මෝස් අබු ටහා (Moaz Abu Taha); සහ මිඩ්ල්ඊස්ට් අයි (Middle East Eye) නිදහස් මාධ්‍යවේදියෙකු වන අහමඩ් අබු අසීස් (Ahmad Abu Aziz) ලෙස හඳුනාගෙන ඇත.

ඊශ්‍රායල ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වූ මාධ්‍යවේදීන්

පසුගිය මාස 23 තුළ ගාසා තීරයේ අවම වශයෙන් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය සේවකයින් 244 දෙනෙකු ඝාතනය කර ඇත.

Source and Photos: BBC News and Democracy Now

More From Author

නෑබොඩ; ඉංග්‍රීසි වැවිලිකරුවන්ගේ මුදලින්, මලෛයහ කම්කරුවන්ගේ ශ්‍රමයෙන් ගොඩනැගූ දේව වංශිකයන්ට උරුමවූ නගරය.

වලාකුලකට නමක් දෙන්නට සැරසුණා

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348