දිනීප මධුෂාන් නානායක්කාර:
ඈත දුර ආකහේ පෙනෙනා
අමුතු හැඩයක වලාකුලකට
නමක් දෙන්නට සැරසුණා
හැඩය ගැන විපරමින් බැලුවට
නිශ්චිතව මේ යැයි කියන්නට
කොහෙත්තම මට බැරි වුණා

මොහොතකින් තව වලාකුලකට
හාව තව එක අමුතු හැඩයක්
ඒත් එක්කම බිහිවුණා
සුළඟ යන අත පාව යන ඒ
මාව ඩැහැගත් වලාකුල මත
මගේ සිතිවිලි සැතපුණා

දිනීප මධුෂාන් නානායක්කාර–Dineepa Madushan Nanayakkara





