ඇය ද සීතාවක්ය…

මම අද කතන්දර දෙකක් එකට ගැට ගසමි. පසුගිය දිනක කුඹුරක දමා ගිය දියණිය ගැන යමක් ලියන්නට මම සිතමි. රාමයනයේ සීතා ද කුඹුරක හැර දමා ගිය දියණියකි. සී සාන ලද කුඹුරකින් හමු වූ නිසා ඇය සීතා නම් විය. විවිධ හේතු නිසා මිනිස්සු දරුවන් අත් හරිති. ඒවා බොහොමයක් සාමාජීය ආර්ථික හේතූන්ය.

අතීතයේ නම් මිථ්‍ය කතා, රාජ්‍යත්වය පිළිබඳ ප්‍රශ්න ඒ සඳහා බලපෑවේය. ඊඩිපස්ව ඔහුගේ දෙමාපියන් අතහැර දැමුවේ ඩෙල්ෆි දේවාලයේ අනාවැකියක් නිසාය. සීතා අතහැරියේ ඇයි දැයි ඉතිහාසය නොකියයි. ඇය පොළොවෙන් උපන් දියණියක් යැයි එම අඛ්‍යානය කියන්නට උත්සාහ කරයි. අද ඉන්දියාවේ දියණි කළලයන් ගබ්සාවට ලක් කරයි. එය පිටුපස මිථ්‍යාව මෙන්ම දියනියක විවාහ කර දීම දායාද වැනි අනේක විධ සමාජ ප්‍රශ්නන පවතී. අසූ ගණන්වල ලංකාවේ දුප්පත් දෙමාපියන් දරුවන් නෙදර්ලන්තය වැනි රටවලට දරුකමට විකුනණු ලැබීය.

දයාසේන ගුණසිංහගේ “රන්තැටියක කඳුළු” නම් ප්‍රසිද්ධ කවට හේතුවන්නේ එම දුක්ඛිත සමාජ සංසිද්ධියයි.
ඉතිහාසය කෙසේ වුවද දරුවන් මැරීම හෝ විසි කිරීම සමාජ ඛෙිදවාචකයකි. ශිෂ්ට සම්පන්න සමාජයක් මෙය වැලැක්විය යුතුය.

මෙවැනි සිදුවීමකදී බොහෝ විට බැනුම් අසන්නේ මවය. මවකට එසේ දරුවන් මහමඟ හැර යාමට සිදු වන්නේ දරුවාට ආරක්ෂාව දෙන්නට පියෙකු නොමැති නිසාය. ඇය අසරණ කර දමා ගියා පිරිමියා අල්ලන්නට පොලිසියෙන් නොයන්නේ ඇයි? එසේ අසරණ වූ තනි මවක් දරුවකු තනිවම හදා ගන්නේ කෙසේද? රජයෙන් කිසිඳු සහනයක් නොලැබේ. ඇය දරුවා දමා රැකියාවක් කිරීමට යන්නේ කෙසේද? ඇය ජීවත් වන්නේ කෙසේද? සමාජය එවන් දරුවෙකුට මවකට කියන කතා කොතරම්ද?
මෙම ප්‍රශ්න විසඳිය හැක්කේ කෙසේද? පාසල් කාලයේම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතුය.

අනාරක්ෂිත ලිංගික එක්වීමකින් පසු ගැබ් නොගන්නට නම් කුමක් කළ යුතු දැයි ගැහැණු ළමයා දැන ගත යුතුය. දූෂණයකදී ඇති වූ කළලයක් ගබ්සා කිරීමට නීති සම්පාදනය විය යුතුය. දූෂකයින්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුය.
මේ කතාව පමණක් ගතහොත් සමාජයම බැන වැදුණේ අම්මා දරුවා කුඹුරේ දමා ගියා යැයි කියමිනි. ඇත්ත කතාව නම් දරුවා දමා යන්නේ තාත්තාය. මෙම දෙමාපියන් අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන ක්‍රම දන්නේ නැත. ඔවුන්ට මේ වෙලාවේ දරුවකු හැදීමට හැකියාව නැත. ඇතැම් විට විවාහ වී නැත. ආර්ථික ශක්තිය නැත. එහෙත් ලිංගිකත්වය ඔවුන්ගේ අවශ්‍යතාවයකි. එසේ නම් ඔවුන් දරුවන් නොහැදෙන්නට ජීවත්වන ආකාරය දැන සිටිය යුතුය. මෙම සිද්ධියේදී ඔවුන් එය දැන සිටියේ නැත. එය ලිංගික අධ්‍යාපනනය පිළිබඳ ප්‍රශ්නයකි. ලංකාවේ ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු යැයි කීමට මීටත් වඩා උදාහරණ කුමටද? ලිංගික අධ්‍යාපනනයට විරුද්ධ වන භික්ෂූන් මෙවැනි දරුවන් භාර ගැනීමට ස්ථාන සූදානම් කරනවාද? ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වන භික්ෂූන් මහණ ව ීසිටියාට අනෙකුත් සාමාන්‍ය මිනිසුන් මහණණ වී නොමැති නිසා කනවා බොනවා මෙන්ම වැඩිහිටියන්ට ලිංගිකත්වය ද සාමාන්‍ය මානව අවශ්‍යතාවයකි. එය කිසිවෙකුට හානියක් නොවනන සේ සපුරා ගන්නේ කෙසේ දැයි ඔවුන් දැනන ගත යුතුය.
දරුවන් මහමඟ දමා යාම යනු හුදෙක් ගැහැණුන්ගේ චර්යාව පිළිබඳ ප්‍රශ්නයක් නොවන බව සමාජය දැන ගත යුතුය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය. 

More From Author

ශ්‍රිමතී ප්‍රභා වීරසේකර ලියු ‘දුක දිනූ කුමරිය’ කෘතිය එළදැක්වීම අගෝස්තු 28

පාර වසා නැත…. VIP පාස් අනවශ්‍යයි! Touched the ‘Untouchables’

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348