මහේෂි බී. වීරකෝන්:
කළු රොබින්ට පුදුම තරම් ආදරේ වෙනවා. ඒ වගේ පෙම්වතෙක් ගැන හීන මවනවා. ඒ කොන්ඩේ, ඒ ඇස්, ඒ ජෝ ලයින් එක, ඒ නහය, ඒ දෙතොල් එහෙ මෙහෙ වෙන විදිය, නහය නහයේ නොවද්දා බෙල්ල පැත්තකට ඇල කරලා මුදුවට හාදුවක් දෙන විදිය…හීනෙනුත් දකිනවා.

ලොකු උනාම කවදාහරි මැරියන් වගේ ලස්සන වෙන්න පතනවා. එයා තමයි රූමත් බවේ පරමාදර්ශය. බිම වැටුනු මල් වලින් රීත් එකක් හදලා ඔළුවට දාගෙන ශර්වුඩ් කැලේ සරන බව හිතාගෙන හීනෙන් වගේ මිදුලේ එකල මෙකල වෙනවා.

කළු රොබින් මැරෙනවා. හදවත බිඳෙනවා. සතියක් විතර අඬනවා. දුකටම ඊගාව කොටස නොබලා අරිනවා.
සුදු රොබින් පේන්න බැරි වෙනවා. කළු රොබින් එක්ක කම්පෙයා කර කර ඇද හොයනවා. එපිසෝඩ්ස් දෙක තුනක් යනවා. මෙන්න අර අමුතු ඇක්සන්ට් එකත් එක්ක සුදු රොබින් ලස්සනට පේන්න ගන්නවා. එයා ශෝන් කොනරිගේ පුතා බවත් දැනගන්නවා. එයා එක්ක ආදරෙන් බැඳෙනවා.

සුදු රොබින්ගේ ලෙජන්ඩ් එක ඉරව වෙනවා, ආයෙමත් හදවත බිඳෙනවා. සතියක් විතර අඬනවා. ආදරේ වෙනුවෙන් දුක් වෙනවා. මැරියන් වෙනුවෙන් දුක් වෙනවා. යුක්තිය වෙනුවෙන් දුක් වෙනවා. ආයිම කාලේකට පස්සේ රොබින් ඔෆ් ශර්වුඩ් ටෙලිකාස්ට් වෙනවා.
ඒත් එක්කම ආයිම රොබින් හුඩ් ආදර චක්‍රය පටන් ගන්නවා!
“Robin of Sherwood” [YouTube Shorts] කෙටි වීඩියෝව පහත සබැඳියෙන් නැරඹිය හැකිය. එහි සියළු අයිතිය මුල් නිර්මාපකයාට අයත්ය. Credit: Evios96 – [@ianu02]

මහේෂි බී. වීරකෝන්-Maheshi B. weerakoon
ඡායාරූප අන්තර්ජාලයෙනී





