ප්රදීප් සාරංග කුමාර:
ගුහා සිත්තරෙකි මම
මගෙ ම තීන්තෙන්
ගුහා බිත්තිය
වසාලන
කෙටි නිවාඩුවකට
නගරයට ගිය විටෙක
ඔබෙන් ඉල්ලා ගත් තීන්තෙන්
ඇදි සිතුවම් වලට ය
ඔය සියලු පැසැසුම්

ඒ කිසිවක් ම අසන්නට
නො රැඳි මොහොතක හෝ ඔබ ළඟ
පැමිණ පෙරළා
ගුහාවට
නැවත වසන්නට පටන් ගමි බිත්තිය
නො කැඳවමි
ඔබ මේ ගුහාවට
ඉඩ හරිමි
ඔබේ මුනුබුරකුට
වනය පීරා සොයාගන්නට
ප්රදීප් සාරංග කුමාර-Pradeep Saranga Kumara





