චමිල් ජයනෙත්ති:
නිවාස නොමැතිකම ඇමරිකාවේ වඩාත්ම දැවෙන සමාජ අභියෝගවලින් එකක් වන අතර එය ඇමරිකාව පුරා මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සහ පවුල් වලට බලපා ඇත. මෙම ගැටළුව පෙර නොවූ විරූ මට්ටම්ක් කරා ළඟා වී ඇති අතර, මෑත කාලීන දත්ත මගින් ප්‍රතිපත්ති සම්පාදකයින්, ප්‍රජාවන් සහ සමාජ සේවා සංවිධානවල ක්ෂණිකව අවධානය යොමු වූ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබේ. නිවාස නොමැතිකමේ විෂය පථය සහ ජනවිකාශනය අවබෝධ කර ගැනීම ඇමරිකානු සමාජයේ සෑම අස්සක් මුල්ලක් නෑරම ස්පර්ශ වන සංකීර්ණ මූල්‍ය ආර්ථික අර්බුදයේ ප්‍රශ්නයක් ලෙසය.
එක්සත් ජනපදයේ නිවාස නොමැතිකමේ අර්බුදය විකාශනය වන්නේ, දැරිය නොහැකි මිලකට පවතින ඉඩම් හා නිවාස ක්‍රමය, ආර්ථික අසමානතාවය සහ ප්‍රමාණවත් නොවන සමාජ ආරක්ෂණ ජාල ඇතුළු ගැඹුරු පද්ධතිමය ගැටළු පිළිබිඹු කරයි. මෑත කාලීන සංඛ්‍යා ලේඛන මගින් එහි මූල හේතු විසඳීමට පාලකයන් උත්සාහයක් නොගන්නවා සේම අඛණ්ඩව වීදිවලට වැටෙන ජනතාවගේ බියජනක චිත්‍රයක් වීදි වලින් දැක ගත හැකියි. දත්ත මගින් පවසන සංඛ්‍ය ලේඛන මගින් හෙළි කරන්නේ ක්ෂණික නවාතැන් අවශ්‍යතා සහ දිගුකාලීන නිවාස ස්ථාවරත්වය යන දෙකම සපුරාලීමට අවුරුදු 2007 සිට පත්වන පාලකයන්ට හැකියාව නොමැති බව පෙන්නුම් කර ඇත.

ඇමරිකානු පුරවැසියෙකු ලෙස සංඛා ලේඛනය වාර්තා කරන්නේ මිලියන 342ක ජනතාවක් ඇමරිකාවේ වත්මනේ ජීවත් වන බවයි. එයින් 64%කට නිවාසක් හිමි අතර 36%ක් වන පිරිස නිවාස නොමැතිකමින් පීඩා විඳිනති. නිවසක් හිමි හෝ නවාතැන් හිමි (64%) – ජනතාව තමාගේ ස්ථීර නවාතැන හෝ සංක්‍රාන්ති (කුලී) නිවාසවල රැඳී සිටිති. නවාතැන් නොමැති (36%) – ජනතාව මුඩුක්කු නිවාසවල හෝ වීදියේ කූඩාරම්වල හෝ තමන් සතු මෝටර් රථවල හෝ අතහැර දැමූ ගොඩනැගිලිවල හෝ රැඳී සිටිති. (AHAR සිට කොංග්‍රසය, 2024)
නිවාස අහිමි පිරිසනේ ඇමරිකානුවන් 354,000ක් තාවකාලික (හෝටලයක හෝ යහලුවෙකුගේ නිවසක) යම් නවාතැනක එක දිනක් හෝ දින කීපයක් ගත කරති.
නිවාස නොමැති බොහෝ පුද්ගලයින් අවුරුදු 25ට වැඩි තනි පුද්ගලයන් ලෙස හැඳින් වේ. ඇමරිකාවේ නිවාස නොමැති පුද්ගලයින්ගෙන් 28%කට දරුවන් සිටින පවුල් ලෙස හඳුනාගනියි. වඩාත්ම පොදු නිවාස නොමැති පවුල් වල වයස අවුරුදු 27ට අඩු මවක් සහ කුඩා දරුවන් දෙදෙනෙකුගෙන් සමන්විත පවුල් ද ඒ අතර සිටිති. සෑම වසරකම නිවාස නොමැති ඇමරිකානුවන් 13,000ක් ප්රචණ්ඩ ක්‍රියා මගින් ඇතිවන ගැටුම් වලින් මිය යති. සියැටල් වැනි සමහර නගරවල, මිනීමැරුම්වලට ගොදුරු වූවන්ගෙන් තුනෙන් එකක් නිවාස නොමැති අය ලෙස වාර්තා වෙයි.

නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින් සඳහා වන ජාතික වාර්තාව 2023 සහ 2024 අතර 13%කින් වැඩි වී ඇති බව වාර්තා කරයි. හදිසි නවාතැන් මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම වැඩිවීම සිදු වී ඇත අතර එය 2023 සහ 2024 අතර 18% කින් වැඩි වී ඇති අතර 2007 සිට බැලුව කළ එය දෙගුණ දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර, තාවකාලික (කුලී) නිවාස ජීවත් වූ සංඛ්‍යාව කාලයත් සමග ක්‍රමයෙන් අඩු වෙමින් ඇත – 2023 සහ 2024 අතර 60%කින් වැඩි වී ඇති අතර 2007දී එය පැවතියේ 4% මටටමකය.
2007 සිට 2022 දක්වා කාලය තුළ මුළු නිවාස නොමැති ජනගහනය සාමාන්‍යයෙන් පහත වැටුණු අතර 2023දී 12%කින් සහ 2024දී තවත් 18%කින් ඉහළ ගියේය. නිවාස නොමැතිකම පිළිබඳ එක්සත් ජනපද අන්තර් නියෝජිතායතන කවුන්සිලය පවසන්නේ මිල ගණන් දැරිය හැකි නිවාස, වැටුප් සහ සෞඛ්‍ය සේවා සහ ආර්ථික අවස්ථා සඳහා සාධාරණ වේතන කළමනාකරණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන පද්ධතියකින් නඩත්තු වීමට සිදුව ඇති නිසා වත්මන් ඇමරිකානු ජනයාගේ නිවාස අහිමි වීම වැඩිවීමට හේතු වී තිබෙන බවයි. එම කවුන්සිලයට අනුව, නිවාස නොමැතිකම අත්විඳින පුද්ගලයින්ගේ ආයු අපේක්ෂාව සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 77ක් වන අතර එය අවුරුදු 50ක් දක්වා පහත බැස ඇති බව ද වාර්තා කරයි.
ඇමරිකානුවන්ගෙන් මිලියන 24.5ක් (හෝ 7.4%) පමණ ඔවුන්ගේ ජීවිත කාලය තුළ නිවාස නොමැතිව තම ජීවිතය අත්විඳින බව මෑතදී වාර්තා වෙයි. ඔවුන්ගේ ජීවිත විශාල ගැටලුකාරී වී ඇත.
නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුවේ (HUD) 2024 වාර්ෂික වාර්තාවට අනුව, සෑම කාලයකම එක් රාත්‍රියක එක්සත් ජනපදය පුරා නිවාස නොමැතිකම නැමැති වාර්තාවෙන්, සෑම ඇමරිකානුවන් 10,000කින් 123ක් වන – පුද්ගලයින් 771,480ක් – නිවාස නොමැතිකම නිසා විදි වල කූඩාරම් අටවාගෙන ජීවත් වන බව ද වාර්තා කරයි.
මහා නගර කුඩා නගර සහ ග්රාමීයව නිවාස නොමැතිකම බෙහෙවින් වෙනස් ලෙස පෙනෙන අතර, රජයේ වගවීමේ කාර්යාලය (GAO) සොයා ගත් තොරතුරු අනුව නිවාස කුලිය සහ රැකියා අහිමිවීම් නිසා නිවාස නොමැතිකමට ප්‍රධාන හේතු වන බව පවසයි. කඳවුරු බැඳීම සහ නවාතැන් සීමා කිරීම් පිළිබඳ ප්‍රතිපත්ති මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන තත්වයන් ද (දරිද්‍රතාවය සහ ගෘහස්ථ හිංසනය අත්විඳීම වැනි) නිවාස නොමැතිකමේ අනුපාතවලට වැඩි වීමට බලපා තිබෙන බවද පවසයි. 2024දී නිවාස නොමැති කළු, ජැමැයිකා සහ අප්‍රිකානු ඇමරිකානුවන් 240,000කට වැඩි පිරිසක් – නිවාස නොමැති ඇමරිකානු ජනගහනයක් ලෙස හඳුනාගෙන ඇත.

2024දී, නිවාස නොමැති අධ්‍යාපන සඳහා වූ ජාතික මධ්‍යස්ථානය වාර්තා කළේ එක්සත් ජනපදයේ පොදු අධ්‍යාපන ක්‍රමය තුළ, 2020 සහ 2024 පාසල් වර්ෂය තුළ සිසුන් මිලියන 1.3කට වඩා නිවාස නොමැතිව සිටින බවයි. දත්ත වලට අනුව, 2023 සහ 2024 අතර, වයස අවුරුදු 18ට අඩු ළමුන් අතර නිවාස නොමැතිව එළියට වැටුනු ළමුන්ගේ සංඛ්‍යාව 33%කින් ඉහළ ගොස් ඇති අතර, ළමුන් 150,000ක් මෙම අර්බුදයට අලුතෙන් එකතු වී ඇති බවයි.
සමස්තයක් වශයෙන්, LGBTQ තරුණයින්ගෙන් 28%ක් තම ජීවිතයේ යම් අවස්ථාවක නිවාස නොමැතිකම හෝ නිවාස අස්ථාවරත්වය අත්විඳින බව වාර්තා වේ. මැසචුසෙට්ස් තරුණ අවදානම් හැසිරීම් සමීක්ෂණයට අනුව, මෙම සමීක්ෂණයට සහභාගී වූ සමලිංගික හෝ සමලිංගික ලෙස හඳුනා ගන්නා යෞවනයන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු නිවාසක් නොමැති පුද්ගලයෙක් වෙයි. විවිධ මූලාශ්‍ර වාර්තා කරන්නේ මේ පිරිස අතර නිවාස නොමැති 20%ත් 40%ත් අතර සංඛ්‍යාවක් LGBT ලෙස හඳුනා ගන්නා බවයි. 2015 පර්යේෂණවලින් පෙනී යන්නේ එක්සත් ජනපදයේ නිවාස නොමැති තරුණ – තරුණියන්ගෙන් සමානුපාතික සංඛ්‍යාවක් ස්ත්‍රී සමලිංගික, පිරිමි සමලිංගික, ද්විලිංගික හෝ සංක්‍රාන්ති ලිංගික හෝ LGBT ලෙස හඳුනාගත් බවයි.

නිශ්චිත සංඛ්‍යාවක් සැපයීමට ප්‍රමාණවත් දත්ත නොමැති වුවද, දැනට රට පුරා පුද්ගලයින් 600,000 ක් පමණ වාහනයක ජීවත් වන බවට ගණන් බලා තිබේ. මෙවුන්ගෙන් 100,000ට පමණ නිවාස තිබුණත් කරන රැකියාව අනුව සහ දුර ප්‍රමාණය අනුව වාහනයක දිවි ගෙවමින් තම ජීවිතය රැක ගැනීමට විශාල වෙහෙසක් ගනිමින් සිටින බව වර්තා වෙයි. මේ පිරිස අතර ප්‍රධාන රැකියවල නිරත වූ මහාචාර්යවරු සහ නලු නිලියන් ද සිටින බව එම වාර්තා සඳහන් කරයි.
එක්සත් ජනපද නිවාස හා නාගරික සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, එක් රාත්‍රියකදී රට පුරා රැඳී සිටීමට ස්ථානයක් සොයා ගැනීමට නොහැකි සංක්‍රමණිකයන් (හොරෙන් රටට ඇතුළු වූ) 900,000කට වැඩි පිරිසක් සිටින බව වාර්තා කරයි. නිව්යෝර්ක්, ඩෙන්වර් සහ චිකාගෝ වැනි නගරවල මෙම සංක්‍රමණිකයන් වීම හේතුවෙන් නිවාස නොමැතික පිරිසට මොවුන්ව ඇතුළත් කර නොමැත.
ප්‍රධාන ලෙස නිවාස අහිමිවූ ජන අනුපාතයට අනුව (36%) පුද්ගලයන් මිලියන 123කට වැඩි සංඛාවකට නිවසා අහිමි වූ ජනතාව වෙති. ඒ අතර මුඩුක්කු නිවසක හෝ තාවකාලික අටවා ගත් නිවසක ජීවත්වන කොටස මිලියන 118කට ආසන්න බව වාර්තා වෙයි. එයිනුත් මිලියන 2.4කට වැඩි පිරිසක් අතහැර දැමූ බිල්ඩින් වල ජීවත් වෙති. මේ අතරින් මිලියන 4කට වැඩි පිරිසක් කිසිම දෙයක් නොමැතිව වීදි වල ජීවත් වන බව පැහැදිලි ලෙස පෙන්වා දෙයි. මේ මිලියන 4ක (ලක්ෂ 40ක) ජනතාව දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ ආධායම් මට්ටමට දැරිය නොහැකි නිවාස අර්බුදය නිසා දිනකට පුද්ගලයන් 3000ක් සහ 5000ක් යන අගයකින් ඇමරිකාව පුරා නිවාස අහිමි වීම දිගින් සිගටම සිදුවන නිසාය.
මෙවැනි තත්වයක් ඇමරිකාවේ උදා වී ඇත්තේ අමරිකාවේ මූල්‍ය ආර්ථික ක්‍රියාවලිය කඩා වැටීම දිනෙන් දින ලක්ව ඇති නිසාය. එවැනි තත්වයකින් ඇමරිකාවට ගොඩ ඒමට පසුගිය 2008-10 ආර්ථික අර්බුදයෙන් පසුව කිසිම පාලකයෙකුට විසඳුමක් නොවුනේ ඇමරිකානු ධනේශ්වරයේ අවශ්‍යතාවය පමණක් ඉටු කිරීමට බැඳී සිටීම හේතුවෙනි. එය දිනෙන් දින වර්ධනය වෙමින් 2025 වන විට අති විශාල කේදවාචකයක් දක්වා ගමන් කර ඇති බව පෙනෙන්නට තිබේ.

චමිල් ජයනෙත්ති-Chamil Jayaneththi





