කාංචනා ප්‍රියකාන්ත ගේ “කර්මක්‌ෂය” පොත

පොත ගැනත් ලියන්න ගියොත් මට‍ සෑහෙන්න කාලයක් යයි…

ඒ නිසා මම කෙටියෙන් මේ තැන් ලියනවා..

ස්වාධීන බෝනික්කා ට අනුව උවමනාවක් තියෙනවා නම් සබෝනික්‌කෙක්ට ස්වාධීන බෝනික්කියක් වෙන්න පුළුවන් ඒත් හීන දකින එක මගේ හීනේ පණ ගැන්වුණා කියලා ලියන්න පුළුවන් බොහොම ටික දෙනෙක්ටයි… සමහර වෙලාවට එහෙම ස්වාධින වෙලා ගිය බෝනික්කියන්ට අන්තිමට වූ දෙය හිතාගන්නත් බෑ…

ඒවගේම වැඩකට නැති බෝනික්කියක් වෙන්න හදන්න එපා. ඉබාගාතේ යන බෝනික්කියන් හැමෝම සෙල්ලමට ගන්නවා…ඒ පරණ විකිනෙන්නේ නැති බෝනික්කි ගේ උපදෙස… ඇය ඒ කියන්නේ මුළු සමස්ථ බෝනික්කි සංහතියටමයි..සමහර වෙලාවට වයසට ගිය පරණ නාකි බෝනික්කියන්ට පොඩි ඉවක් තියෙනවා… ඇයි ඒ අත්දැකීම් නිසාම…
ඔය බෝනික්කි නකිච්චි ඔය බෝනික්කි කියන ඒවා අහන්න එපා කියලා තරුණ බෝනික්කියෝ බොහෝ වෙලාවට යනවා…

හැබැයි බෝනික්කියෙක් ට පොඩි වෙලාවක් වුණත් ඇති වරදින්න.. වරද්දන්න මානගෙන ඉන්නේ… වැරදුනා කියලාවත් තේරෙන්නේ නැති සමාජයකට කාංචනා කියන කථාව අපුරුයි..

කාංචනා ප්‍රියකාන්ත

ස්වප්නා මීනක්ෂි කතාවේ.. ඇය කියනවා සවප්නා දානවා face book status වල… Relationship status වල නිතර නිතර වෙනස් කම් වෙනස් වුණා කියලා.. එක වෙලාවකට දානවා im in a relationship, ආයේ දානවා single, ආයේ දානවා Its complicated කියලා..

ලිව්වේ නැතත් අපි බොහෝ දෙනෙක් ගේ ජීවිත complicated වෙලා ඉවරයි… ඒකෙන් ගොඩ එන්න නම් මීනක්ෂි කෙනෙක් වෙන්නම ඕනේ..
හොඳ ඒකි නම් බැල්ල ගේ කථාව කියවලා මම ලොකු හුස්මක්‌ පිටකරා.. මොකද මට‍ ඒක දරාගන්න බෑ…

සමස්ථයක්‌ වශයෙන් මම පොත කියෙව්වා දවස් ගානක්.. මොකද මට‍ සමහර කථා දරාගන්න සෑහෙන්න වෙලාවක් යනවා… මට‍ ආ මෙන්න මේ පොත පිටු පොඩ්ඩයි කියලා කියවලා ඉවර කරන්න බෑ… මෙහෙම පොත්. කථා ඇතුලේ කථා 100ක්‌ තියෙනවා…
මට‍ රිදෙනවා ඒවා කියවන කොට…

කාංචනා ඔයාගෙ කථා වලින් මගේ හොඳ වෙච්ච තුවාල ආයේ පෑරෙනවා.. ඇයි දන්නේ නෑ මම ඒත් ඒවා කියවනවා..
ඔයාගෙ හැම පොතක්ම කියවයි හැබැයි රිදෙනවා කියලා දැන දැනත්…

More From Author

නිවාස අහිමි වන ඇමරිකානුවන්ගේ කතාව

ලෝකයට එරෙහි ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධයේ හරිමැද ඇති මිලිටරිවාදී න්‍යාය පත්‍රය

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348