ගර්භණීබව යනු ස්ත්‍රියකගේ හුදෙකලා සංසිද්ධියක් නොව මානව සමාජයේම අවශ්‍යතාවයක් ඉටු කිරීමකි

දරුවන් කුස දරා සිටීම අසීරුය
මානව ප්‍රගමනයේ අඛණ්ඩතාව උදෙසා මිනිසා දරුවන් ජනනය කළ යුතුය. එය ජීවවිද්‍යාත්මකව ගැහැණිය සතු කාර්යභාරයකි. ගැහැණනියක් දුක් විඳින ආකර කිහිපය අතරින් ප්‍රධාන එක් ආකාරයක් නම් ගර්භණීත්වයයි. ගැහැණිය වෙනුවෙන් සමානාත්මතාව ඉල්ලා සිටින අතරම ගැහැණිය වෙනුවෙන් සාධාරණය ඉල්ලා සිටිය යුතු අවස්ථා බොහෝ ගණනක් ජීවිතයේ අපට හමුවේ. එයින් එක් ප්‍රධාන උදාහරණයක් නම් දරුවන් ලැබෙන්නට සිටින ස්ත්‍රීන් වෙනුවෙන් ඇති සාධාරණත්වයයි.

සමානාත්මතාව යනු අධ්‍යාපනය ගකියා අවස්ථා ආදියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබා දිය යුතුය යන අදහසයි. සාධාරණත්වය යනු ඉහත කී සමානාත්මතාවෙන් ඔබ්බෙහි ඇය කෙරෙහි දැක්විය යුතු සාධාරණ ආකල්පයයි. සමාන ආකාරයෙන් සැලකීම එහිදී වැදගත් වන්නේ නැත. එය විශේෂ අවස්ථාවක් බැවින් ඇය දෙස විශේෂිතව බලා අවශ්‍ය පහසුකම් සැපයිය යුතුය.
ගර්භණීත්වය අතිශය වෙහෙසකරය. එහි අවධිවලදී හෝමෝනවල ඇතිවන වෙනස්කම් ඇය බෙහෙවින් ආතිතියට පත් කරයි.

ඇතැම් ස්ත්‍රීන්ට උදෑසන හෝ සවස්කළ ඇතිවන අපහසුතා දැක ගත හැකිය. වමනය, කලන්තය වැනි අපහසුතා ඒ අතර ප්‍රධානය. දිවට දැනෙන අමුතු රස නිසා කෑම අප්පිරියා වෙයි. ඇතැම් විට මානසික ව්‍යාකූලතා ඇති විය හැකිය. අධික වෙහෙස අධික කේන්තිය හෝ අධික දුක ඇති විය හැකිය. සිය සැමියාගේ දෙමාපියන්ගේ මිතුරන්ගේ මෙන්ම වැඩ කරන පරිසරිය තුළ ඇයට සුවිශේෂ සැලකීමක් මේ කාලයේ අවශ්‍ය කරයි. ඇයගේ වැඩවලට උදව් වීම, වැඩ බෙදා ගැනීම අත්‍යාවශ්‍ය දෙයකි. උයද්දීද වළං පිඟන් සොදද්දීද ඇඳුම් සෝදද්දීද සැමියාට ඒ වැඩවලට සහාය දිය හැකිය.

විශේෂයෙන් නිවසේදී සැමියා ඇයගේ වැඩට සහාය දිය යුතු අතර වැඩ කරන ස්ථානවල සිටින අය ඇයට උදව් සැපයිය යුතුය. පඩි ගනිමින් යා යුතු තැනකදී එයට වෙනත් ⁣කෙනෙකුට ඉදිරිපත් වී සිදු කර දිය හැකිය. ඇයගේ ආරක්ෂාව ගැන විශේෂයෙන් මේ කාලයේ සැලකිලිමත් විය යුතුය.

පොදු ප්‍රවාහනයේදී ඇයට අසුනක් පිරි නමන්නට පවා බොහෝ අය මැලි වෙති. ඇතැමෙක් අහක බලා ගනී. ගර්භණී ස්ත්‍රියක් දුටු විටම අසුනින් නැගී සිට අසුන පිරිනමන සංංස්කෘතියක් අප ඇති කර ගත යුතුය. ගර්භණීබව යනු ස්ත්‍රියකගේ හුදෙකලා සංසිද්ධියක් නොව මානව සමාජයේම අවශ්‍යතාවයක් ඉටු කිරීමකි.

එහෙයින් ඇය දෙස සෙනෙහසින් බැලිය යුතු නොවේද?
ගර්භණීභාවයේ අවසන් කාර්තුවේදී ඇයට නිසි පරිදි නිදිය ගැනීමට හෝ හැරීමට හෝ අපහසු වෙයි. ඇතැමෙකුට අධි රුධිර පීඩනය රුධිරගත සීනි වැඩි වීම මෙන්ම අධික ආතතිය ඇති වේ. කකුල් ඉදිමී ඇවිදීම අපහසු වේ. දරු ප්‍රසූතිය පිළිබඳව ඇතිවන බිය වැඩි වේ. ඇයව ගෙදර දොර වැඩවලින් බොහෝ දුරට නිදහස් කිරීම සැමියෙකුගේ යුතුකම වේ.

එසේම ඇය සතුටින් තැබීම සැමියාගේ මෙන්ම ආදරණණීයන් සියලු දෙනාගේ යුතුකම වේ.

ලොවට නිරෝගී දරුවකු දෙන්නට ඇයව ආදරයෙන් අපි බලා ගත යුතු වෙමු.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.  

තරුණි

ඡායාරූප අන්තර්ජාලය සහ Meta AI ඇසුරිනි.

More From Author

ජනතාවාදී සිනමාවේ පියා

ට්‍රම්ප්-පවෙල් ගැටුම පිටුපස ඇති හේතුව කුමක් ද?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348