ජනතාවාදී සිනමාවේ පියා

චාලි චැප්ලින්

සිනමා කලාව ලොව පහළ වන්නටත් වසර කිහිපයකට කලින් මෙලොවට බිහි වී ලෝක සිනමාව දිග්විජය කල නිර්මාණ කරුවෙකු වේනම් ඒ චාලි චැප්ලින්ය . ශරීර ප්‍රමාණයෙන් කුඩා මිනිසෙකු වුවද හෙතෙම තම ප්‍රහසන රංගනප්‍රතිභාව ඔස්‌සේ මුළු ලොවම අමන්දානන්දයට පත් කළේය. එක්‌දහස්‌ අටසිය අසූ නවය වසරේදී ලන්ඩනයේ දකුණු ප්‍රදේශයෙහිදී උපත ලද ඔහු මව විසින් නම් කරනු ලැබුවේ ” චැප්ලින් චාලිස්‌ ස්‌පෙන්සර්” යනුවෙනි.

චාලි චැප්ලින් කියූ පමණින් මේ පෘථිවි තලයේ ඕනෑම සිනමා රසිකයකු හට ආගන්තුකයකු විය නොහැකි අපුර්ව රංගධරයෙකු වීමට ඔහු සමත් විය. ඔහුගේ සෑම කළා නිර්මානයක දේශපාලන අර්ථයක් ගැබ්වී තිබීම තුලින් ඔහු ජනතාවාදී කලාකරුවෙකු ලෙස හැඳින් වීම වඩා උචිත බව මගේ හැඟීමය. ඔහු දුගී ජනතාවගේ මිතුරෙක් ලෙසද , සමාජයේ වරප්‍රසාධ ලත් පන්තිය ප්‍රහසන කලාවෙන් නිර්ධය ලෙස විවේචනයට ලක් කිරීමටද නොපසුබට වූ කළාකරුවෙකි.

මුළු සිනමා පටය පුරාම එකදු වදනක්‌ හෝ නොදොඩාම මුල සිට අග දක්‌වාම රසිකයා ග්‍රහණය කරගැනීමට ඔහු සමත් විය. එසේ වීමට සුවිශේෂී හේතුවක්‌ තිබුණි. සිනමාව ලොවට බිහි වූ දහනව වන සියවසෙහි අග භාගයේදී එනම් චිත්‍රපට කලාවෙහි මුල් යුගයේදී නිපද වූ සෑම චිත්‍රපටයක්‌ම “නිහඬ” විය. චිත්‍රපට හඬ කැවීම පිළිබඳව එකල ශිල්පීන් දැන සිටියේ නැත.එසේ වුවද 1930 වර්ෂයේදී හඬ කවන ලද චිත්‍රපට බිහි වූ පසුවද චාලි චැප්ලින් තම රසිකයන් ගේ ඉල්ලීම් වෙනුවෙන් නිහඬ සිනමාපට තව දුරටත් නිපද වූයේය.

ඔහුගේ චිත්‍රපට තුළ බොහෝ විට තමාගේම යෑයි නිවසක්‌ නොලද ඉබාගාතේ සැරිසරන පීඩිතයෙකු ලෙස නිරුපනය කල අතර , එවන් වූ මිනිසුන්ට සමාජයේ ප්‍රභූන් යැයි සැලකෙන පන්තියේ අවමානයට අපහාසයට ලක්වන අයුරු රසිකයාට පෙන්වුයේ සමාජයේ වැසි ගිය කඩතුරාවක් විවර කරමිනි. එමෙන්ම 1936 දී modern Times නම් චිත්‍රපටය තුළින් ඔහු වික්‍රමාන්විත කම්කරුවකුගේ චරිතයට ජීවය දුන්නේ තම පන්තිය සතු බලයට බමුණු කුලය යට කල හැකි බවට ලොවට පෙන්වමිනි.

Modern Times

හිට්ලර්ගේ ආඥාදායකත්වයට ලොව නතු වෙද්දී ඔහුට එරෙහිව තම නිර්මානශීලීත්වයෙන් පහර දීමට තරම් චාලි චැප්ලින් නිර්භය මිනිසෙකු විය. ඔහු විසින් නිපදවනු ලැබූ බලසම්පන්න ආඥාදායකයා, (Great Dictator-1940) නම් වූ චිත්‍රපටයෙන් හාස්‍යයට ලක්‌ වූයේ ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්‌ලර් සහ ඔහුගේ නාසිවාදී අනුගාමිකයන් ය.එය ලොව පුරා ප්‍රගතිශීලී ජනතාවගේ නොමද පැසසුමට ලක් වූ අද්විතීය සිනමා සිත්තමකි.

The Great Dictator

ඔහුගේ දේශපාලන දර්ශනය මාක්ස්වාදී විය. ඇමෙරිකාවේ වාසය කරන කාලය තුල බොහෝ වාමාංශික දේශපාලන පක්ෂ සමග සමීප සබඳතා පැවැත්වීය. එරට වර්ණභේදවාදයටද , දුගීන් හා ධනවතුන් අතර ඇති දැවැන්ත ආර්ථික විෂමතාවන් ගැනද ඔහු ප්‍රශ්න කරන්නට විය. එහි ප්‍රතිපලයක් වශයෙන් ඇමරිකානු රජය විසින් චාලි පිටුවහල් කරනු ලැබීය. ඔහුගේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමද තහනම් කෙරිණි.
එහෙත් 1972 වර්ෂයේදී ඔහු නැවත ඇමරිකාවට ගියේ දැවැන්ත ජයග්‍රහණයක්‌ ලද සිනමාකරුවකු වශයෙනි. ඒ ඔස්‌කාර් (OSCAR) සම්මානයක්‌ ලබා ගනු සඳහා ය. චලන චිත්‍රපට බිහි කරනු වස්‌ ඔහු දැක්‌ වූ අප්‍රතිහත උත්සාහය අගයනු පිණිසයි. එම සම්මානය ඔහුට පුද කෙරුණේ.

Charlie Chaplin receiving his Honorary Oscar at the 1972 Academy Awards

1977 දී එනම් වයස අවුරුදු අසූ අටේදී චාලි චැප්ලින් ලොව හැර ගියේ ඔහුගේ ශ්‍රී නාමය සදාකාලිකවම මෙදියතෙහි හැර පියා තබමිනි. ඊට දෙවසරකට පෙරාතුව ඔහු ” සර් චාලි චැප්ලින්” ලෙසින් හැඳින්විණ. ඒ මානව වර්ගයා වෙනුවෙන් ඔහු කළ අසීමිත මෙහෙවරට ගෞරව කරනු පිණිසය.

More From Author

ආදරයේ මරණය

ගර්භණීබව යනු ස්ත්‍රියකගේ හුදෙකලා සංසිද්ධියක් නොව මානව සමාජයේම අවශ්‍යතාවයක් ඉටු කිරීමකි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348