භූෂන් ප්‍රදීප්:
ආදරයේ මරණය යනු පුලස්ති නොදන්නා පුලස්තිගේ අවීඥානික ආශාව ව්යමනක් ලෙස කියවාගැනිමට අප හට සැලැස්ව්මයි.ඇත්තෙන්ම අප ආශා කරන්නේ අපගේ ආශාවට නොව අනෙකාගේ ආශාවටයි ඇත්ත පුලස්ති ව්සින් ලියන ලද ආදරයේ මරණය මාද ඔබද අප සියල්ලම ආදරය හමුවේ කඩා වැටුණු නිමේෂයන්හි ඇතිවෙච්ච හිස්කම කාව්‍යයෝක්තියකට හරවා එයින් අපව වේදනාවෙන් සතටුව්මට පුලස්ති ගන්නා මෙලව්කොලික ආශාවයි . නැතහොත් ආදරයේ බිිදවැට්ම් ඉදිරියේ අප ලබන වේදනාත්මක සතුටුව්මයි.
පුලස්ති ආදරයේ මරණය ගැන කියන්නට ගන්නා සෑම උත්සාහයක්ම භාෂාව හමුවේ කියවාගැනිමට නොහැක්කේ ඇයි? ආදරය ගැන කියාගන්නට ගන්නා සෑම මොහොතකම භාෂාව දක්වන අපොහොසත්කම මත තමයි ආදරය ගැන අදහස වඩාත් තිවරව අපට දැනෙන්න ගන්නේ , එසේම මේ අපොහොසත් විම නිසාම අපට පුළුවන් වෙලා තියනවා ආදරය ගැන වඩ වඩා කථාකරන්න .
පුලස්ති ආදරයේ මරණය තුල අත්ව්දින හිස්කම අපට ප්‍රක්ෂේපනය කරන හැට් බලන්න ,
නිමා කල යෞවනයේ සුහද ඇදුරාණනේ
පෙමාලිංගන නුරා සනහස
කිමද සන්තානයේ නිවි බොදව් ගියේ
ආදරයේ මරණය පුරාවට අත්දකින්නට ලැබෙන අනෙකාගේ දුරස්ථභාවය මත අප ලබන ප්‍රමෝදය බලන්න .
කාලයේ තිර පට ඉරා
අබවසෙහි යදමන් හැර
ප්‍රේමයේ නිෂ්ඨාව දරා
වරෙන් මා වෙත සුන්දරා….
හිස්කම් දෙකක් අතර ගනුදෙනුව තමයි ආදරය , ආදරය ඉල්ලා සිට්න්නේ කුමක්ද ?
මා තුල නැති දෙයක් අනෙකා තුල ඇතැයි සිතා අනෙකාගෙන් බලාපොරොත්තු වන දෙය අනෙකා ද නොදන්නා පුද කරනු ලබන දෙය නමුත් අපව පරිපුර්ණත්වයකට පත්වෙතැයි සිතා අනෙකාගෙන් ඉල්ලා සිට්න දෙය, මාතුල නැති මට දෙන දෙය අතර ගතයුත්ත කියා ගන්නට භාෂාව ගන්නා උත්සාහයේදි ඇතිවන අසමත් භාවය අපවත් නොදන්නා ආදරයේ පැවැත්මයි.
කිසිදා ලගා කරගත නොහැකි පරිපුර්ණ ප්‍රේමයක අහිම්ව්ම , අහිම්ව්ම තුළම අප සොයන ප්‍රේමය යැයි කියා ගන්නා පුලස්තිගේ මෙි වේදනාත්මක මැදිහත්වීම අපව ආදරයේ ගුඨාර්ථයකට රැගෙන අපව වල්මත් කරන්නට සමත්ව්ම ආදරය නැමති කිසිදා ලගා කරගත නොහැකි ප්‍රපංචයේ එහිම වු ස්වභාවය නොවන්නේද ?

භූෂන් ප්‍රදීප් -Bushan Prdeep





