දැලි වලං

ලෝකයේ පදමට තැලෙන්නෙමි
සොඳුරු කුණු රොඩු අත් හරින්නෙමි
සකපෝරුවක කරකැවෙන්නෙමි..
කාගෙදෝ හැඩකට ඇඹෙන්නෙමි

බතක් හොද්දක් පිස තබන්නෙමි
ලෙඩට තැම්බුම් හොදි හදන්නෙමි
සියළු විස වස උරා අවසන
රොස් නොවී නිවුමට යදින්නෙමි

උපන් ගෙයි කිළි, වැදුම් සන්නිය,
තනි කමේ පුස් , කලු කුමර ඇස්
සකල දෙස් මැද පුරවමින් කුස්
හුදකලාවක බිඳිමි වස්දොස්

More From Author

මේ ගිනියමේ මං රෝමේට ආවේ මේ නිසා

නුවර මතක

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348