සියල්ල නිමා වූ තැන හුස්ම ගන්නා යමක් ඒ තුළ ඉතිරි වී නැතැයි කිව හැක්කෙ කාට ද?

මල් ඕනේ ම නෑ සොඳුර
තැනක් ලස්සන වෙන්න
වියළුණු කතරක ද
වටිනා ම පණැති බිජුවක්
ඉතිරි ව තිබිය හැකි ය

පෙරදාක
මුල් වරට අප මුණ ගැහුණු දින
මග වැරදිලා ගිය පටු මග
තවම මම යන එද්දි බලනවා
ඒ දෙස
හරි ලස්සනයි !
ගහක් මලක් මොනවත් ම
එතැන නැතිවට….

මතකද මන්ද
ඒ රහස් මන්දිරය …..?
කොන්ක්‍රීට් රාමු අතරින් මතු ව
නෙත් අදියි
අද ද යන එන විට
නරඹමි අසිරිය තනි ව
මොන තරම් ලස්සන ද එතැන ….
හිස් බිත්ති හතරකියි
ඉතින්, කිව හැකි ද ?

ජීවිතේ පසු බැලුම් බලමි
ප්‍රියය,
ඔබ පිටව ගිය අයුරු ය
එහි ලොකු ම පින්තූරය

සියල්ල නිමා වූ තැන ද
හුස්ම ගන්නා යමක්
ඒ තුළ ඉතිරි වී නැතැයි
කිව හැක්කෙ කාට ද?
ඇත්තට ම !
කාටවත් එහෙම කිව හැකි ද ?

පින්තූරය- අන්තර්ජාලය

More From Author

අඩියක් පසු පසට ගැනීමේ ට්‍රම්ප් තීරණය

න්‍යෂ්ඨික අවියෙන් තොර ලොවක් පැතූ විසල් ලාංකිකයා: විනිසුරු සී.ජී. වීරමන්ත්‍රී

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348