භූෂන් ප්‍රදීප්:
නයෝමී අමරසිංහ කව්යත් එක්ක ගොඩක් පොරබදපු , දැනටද පොරබදිම්න් සිට්න කිව්දියක්. ඇයගේ කව් මීට කලින් මම කියවා නැතිවුණත් මෙම කව්පොත ගැන ඇගේ හිතවතුන් සහ කාව්‍යය කරණයේ නියෙලෙන බොහෝ දෙනා ව්ව්ද ලෙස පොත ගැනත් ඇයගේ කව් ගැනත් වර්ණනා කරනු ලැබු මොහොතක තමයි මට මේ පොත කියවන්න ලැබුණේ.

ඇය ද සමාජ වෙනසක් වෙනුවෙන් සහ ඒම අරමුණු ජයගන්න වැඩකරන කෙනෙක් ලෙස ද ඇය කව්ය මාධ්‍යය කොටගෙන ඇයගේ ආත්මීය ප්රකාශණය සහෘදයා සමග බේදාගැනීමේදී ඇය කොතරම් දුරකට ගමන්කර ඇත්දැයි දැනගැනීමට නයෝමීගේ මෙම මුල්ම කෘතිය ඉවහල්වේයැයි සිතම්. කෘතියේ නම තුළින්ම නයෝම්ව කියවාගන්නට උත්සාහ ගතහොත් , ඇත්තටම වැස්ස තුලින් කව්යාගේ අරමුණ පැහැදිළියි.
පවතීන ජරාජීර්ණ සමාජය තුල දිව්ගෙන බොහෝදෙනා අතර සමාජ වෙනසක් අපේක්ෂාවෙන් බලාපොරොත්තු දල්වා සිට්න පිරිසක්ද සිට්නු ලබනබව අප අමතක නොකලයුතු සේම ඒ වෙනුවෙන් වැඩකරන පිරිසක්ද සිට්නු ලබයි. බොහෝ දෙනා පවතින පාරිභෝජන වාදයේ කරවටක් ගිලී ඇති මොහොතක එයට ප්රතිපක්ෂව සමාජ අරමුණ වෙනුවෙන් මෙවැනි යුගයක වැඩකිරිම බොහෝ දෙනාගේ හාස්‍යට ලක්වී ඇත්තේ ඇයි? ඒතරමටම ධනවාදය පුද්ගල ජීව්තය හා තදින් බද්ද වී ඇත. සමකාලීන සමාජය තුල ම්නිසුන් පාලනය වෙන්නේ ව්නෝදය තුලය. මෙවන් ව්පරීත කාලපරාසයක කෙනෙකු සමාජ වෙනසක් අරභයා පෙනිසිට්මට පළමුව තමන් පළමුව වෙනස්ව්ය යුතුවේ යැයි සිතම්.
අප මේතාක් කල් වගා කොට ඇත්තේ ද වගා කල යුතුම මල් ඇට නොවේද , සමාජ ජීව්තය තුල තීරණ ගැනීමේදී අප ගත් බොහෝ තීරණ තුල අපට අපව අහිම්ව් ගියා ම්සක අනෙකා සමග යහපත් සමාජ සම්බන්ධතාවයකට යෑමට අපොසත්ව්ම තුල ,අපට ඇහුම්කන් දෙන්නෙකු නොමැතිව්ම අපලත් අභාග්‍යක්. වැස්සක් සංකේතීයව යොදාගනිම්න් නයෝමී කියන්නට හදන්නේ මෙම ජරාජීර්ණ සමාජයට ප්රතිපක්ෂව නව සමාජ පරිවර්තනයක අවශ්‍යයතාවයයි. ඉහත කව්ය තුල ඇය තමන්තුල ගොඩ නැගෙන ආත්මීය කැරැල්ලෙන් තමන් නිදහස්වෙන ආකාරය අපුරු නොවන්නේද ? මෙහිදි අපට වැදගත් වන්නේ ඇය කියන්න යනදේ නොව , එය ඇය අපට කියන ආකාරයයි.
හිම්දිරියකින් නිදි හැර
ගසා ගෙනව්ත් සුළගට
වගා කළ යුතු මල් ඇට
වහා ඉසලම් පොළාවට
දෑත කියන කව්යට අප මොහොතක් යමු.
දුර බැහැර නැවතී රැකියාව නියුතු සිය ස්වාම්යා අසනීපව සිට්න මොහොතවල් ජීව්තයේ කොතෙකුත් අප අද්දකින දේවල් , කව්යෙකුට මෙම දේවල් තම කුටුම්භ බැදීම් සමග ආත්මීයව බැදෙන්න හැකි නම් මේ අවස්ථාව එයට කදිම නිදසුනක්.
ඈත
සහලෝල උණෙන්
ගැහෙම්න් සිට්න ඔබය
මෑත
තෙත පාංකඩයක්
හිතින් ගත් මාය
ඈත
ඇඟිලි තුඩගක
පිරිමැදීමක්
බලා සිට්නා ඔබය.
මෑත
කොත්තමල්ලි කෝප්පය
හිතින් වත්කරම්න් මාය
ඈත
මම හොඳ සුවෙන්
පසුවෙම්යි පවසන ඔබය
මෑත
පරිස්සම්න් ඉන්න යයි
පවසන මාය.
දුර බැහැර ප්‍රදේශයක රැකියාවක නියුතු සිය ස්වාමීයා අසනීපව සිට්න මොහොතක , ඇයට අසනීපව සිට්න ඔහුව බැලීමට නොහැකි මුත් ඇය ඔහුව Fantasies කරන ආකරය බලන්න. ඇය සහ ඔහු අතර ඇති ආදරභරිත ආත්මීයත්වයත් , භාෂාව තුල තම ආදර වස්තුව සමග කරන භාෂාත්මක සංවාදය කෙතරම් දුරකට ගෙනැව්ත් ඇද්ද , තමන් භාෂාවෙන් වැඩ ගන්න ආකාරය නවකයෙකු වුවත් පරිණත කව්යෙකුගේ ලක්ෂන ප්‍රකට කිරිමට ඇය සමත්ව තිබේ.
නයෝමීගේ ගොඩක් කව්වල ප්රස්තුතය උකහාගෙන තියෙන්නෙම තමන් ජීවත්වන පරිසරය තුලින් සහ තම ජීව්ත තුල අද්දකින සිද්දි සමුදායන් මගින්. ඇත්ත කව්යෙකුට තම සහෘදයන් සමග සම්මුතිගත වෙන්න මෙවැනි අද්දැකිම් කොතෙකුත් උපකාරීවනු ලැබුවත් භාෂාත්මක හැඩතල තුල කපාකොට පුරැද්දා භාෂාව තමන්ට අවශ්‍යය පරිදි හිලෑකර ගැනිමේ හැකියාව පවතීනම් පමනක් කව්ය තුල දිගු ගමනක් යාහැකි බව නම් නොරහසක් , වෙනත් ව්දියකට කිවහොත් භාෂාවේ ආධිපත්‍යයෙන් ගැලවෙන්න හැකිනම් එය සාර්ථක නිර්මාන කරැවෙකුගේ දක්ෂතාවක්. එහෙමනම් සහෘදයා නයෝමීව තම කව්ය තුල සොයායෑමේ අරමුණ දැන් පැහැදිලියි.
කෙට්කව් ජනප්‍රිය වෙම්න් තිබෙන මෙවන් මොහොතක එහි සීමාමායිම් අතික්‍රමණය කරන්නට බොහෝමයක් කව්න් උත්සගෙන තිබ්ම පැසසිය යුත්තක් . නයෝම් අමරසිංහ ද එය අත්හදා බලන්නට ගත් මේ උත්සාහය බලන්න.
අන්න
මහ වැස්සෙ
හබරල කොළය යට
කුඩ මහන ම්නිහෙක්.
ගොඩක් කව්යට ආශක්ත වුවන් මෙම කෙට් කව්ය පන්ති අරගලයට උනනය කරතිබුනු මොහොතක , නයෝම්ද ඇතුළුව සමාජ වෙනසක් සහ එයි අරමුණු වෙනුවෙන් පෙනීසිට තම දේශපාලන අරමුණ ජයගෙන සිට්න මෙවන් අවස්ථාවක මෙම කෙට් කව්ය අපි හැමෝම අශාකරන කලාපයෙන් බැහැරව එයට වෙනත් අර්ථකථනයක් දිය හැකිනම් එය මෙම කව්යටත් නයෝමීගේ සමාජ මැදීහත්ව්ම් වලටත් කරන උදව්වක් වේයැයි සිතම්.
ව්ශාල සමාජ අරමුණු වෙනුවෙන් පෙනිසිට්ය බොහෝමයක් දෙනාට පවතින පරිභෝජන වාදය තුල ගිලි ව්නාශව් ගිය අන්දම අප අද්දැක ඇත්තෙමු. ධනවාදය ම්නිස් ජීව්ත කොතරම් දුරට හෑල්ලුකර ඇත්දැයි සමකාලින සමාජය අපට කියාදෙයි. වරද ඇත්තේ ධනවාදය තුල නොව එයට අවශෝෂණ වන මිනිසා තුලය ම්නිස් ආශාව ව්‍යුහගතවී ඇති ආකාරය ඔහුට අව්න්ඣනිකය. රැස්ස ගස් පොළොවට සමතලා වෙද්දී සමාජ පරමාදර්ශයන් අමු අමුවේ පාවාදෙද්දී දෙව්යන් ම්යගිය මොහොතක ( ම්යගිය පරමාදර්ශයන් නැවත ප්‍රතිෂ්ඨාපනය කිරිමට ) කවරෙකු හෝ උත්සාහගනී . එය බොහෝ දෙනාගේ ආශාව පැහැර ගනුලබනමුත් එවන් අතිශය දුර්ලභ ම්නිස්සුන්ද මේ සමාජය තුල අහම්බෙන් මෙන් හමුවන අවස්ථාවන් නැත්තේද නොවේ. සමාජයම සෝදාපාළුවට ලක්වු මොහොතක එවන් එක් ම්නිසෙකුට හෝ ඇහුම්කන් දීය හැකි නම් එය අප ලද භාගයක් වනු නොඅනුමානය .
නයෝම් අමරසිංහගේ මෙම මැදිහත්වීම වඩාත් ව්වෙචනශීලීව ඇයට ඉදිරියේදී තම කාව්‍යයන් තුලින් ගෙන ඒමේ හැකියාවක් ඇය තුළින්ම ගොඩනැගේ නම් ඇයගේ ආස්ථානය පැහැදිලිය. අපට දැන් අවශ්‍යයව ඇත්තේ අපෙන් පිට බාහිර භාදව හඳුනා ගැනිමට වඩා අප තුලම නඩත්තුවෙම්න් පවතින අභයන්තර භාදාව හඳුනා ගැනිමයි. එය සමාජ වෙනසක් බලාපොරොත්තු වු නයොම්ද ඇතුළු ව සැමගේ ප්‍රාර්ථනාවන් නඩත්තු කිරිමට තව දුරටත් උපකාරිවනු ඇත. එය ඇය පවසන පරිදි නුවන් ව්වර කරවු ම්නිසුන්ට මහෝපකාරී වනු ඇත.

භූෂන් ප්‍රදීප් -Bushan Prdeep





