සංජීවනී රූපසිංහ:
ඩු බුවා ගැන මට කියවන්න ලැබෙන්නේ මගේ ආචාර්ය උපාධියට අදාල සාහිත්‍යය පරිශීලනයේදී. මට
ඔහු මහා පතාක යෝධයෙක් ලෙස පෙනී ගිය නිසා මම හිතුවා ඩු බුවා ගැන යමක් කෙටියෙන් ලියන්න.
ඒත් ඒක දවසින් දවස මඟහැරුණත් දිනක් පුංචි ඔන්ලයින් කතා බහක යෙදී ඉන්න අතර ප්‍රියාන් කිව්වා
යමක් ලියන්න කියලා. මගේ මතකයට නිතැනින් ආවේ ඩු බුවා.
අද වන විට ලෝකයේ දියුණු වී ඇති ආන්තීකරණයට විරුද්ධ ඇති කථිකාවේ මූලික පුරුකක් වුණේ
බුවා. බුවා කිව්වම අපිට හොඳින් මතක් වෙන්නේ සිමොන් ඩී බෝවා. ඒත් බෝවා ලියන විදිහයි මේ
බුවා ලියන විදිහයි වෙනස්. සිමොන් ඩි බෝවා ප්‍රංශ ජාතික ස්ත්‍රීවාදිනියක් ඇගේ නම ලියවෙන්නේ
Beauvoir කියලා. ඒත් ඩු බුවා අප්‍රිකානු අමරිකානු සම්භවයක් ඇත්තෙක්. Bois කියන ඔහුගේ නමේ
සම්භවය ප්‍රංශ සම්භවයක් සහිතයි. මේ වාසගම් දෙකම කියවෙන්නේ ටිකක් එක විදිහට.

බුවා ඉපදෙන්නේ 1868 අමරිකාවේ මැසචුසෙට්වල. ඔහුගේ විශේෂත්වය නම් හාවඩ් විශ්වවිද්‍යාලයෙන්
ආචාර්ය උපාධියක් හිමි කරගත් පළමු අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයා වීම. ඔහු සමාජ විද්‍යාඥයෙක්
ලෙස මෙන්ම ඉතිහාසඥයෙකු ලෙසද සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගූ ක්‍රිකාරිකයෙකු ලෙස
විශේෂ වැදගත්කමක් උසුලනවා. නූතන අප්‍රිකානු අමරිකානු අධ්‍යයන ක්ෂේත්‍රය තුළ ඔහුගේ දායකත්වය
මිළ කළ නොහැකියි. අප්‍රිකානු අමරිකානුවන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් දේශපාලනික
සහභාගීත්වය වෙනුවෙන් ඔවුන්ගේ අනන්‍යතා ගැටලුව ඔහු ප්‍රධාන ධාරාව කරා රැගෙන එනවා. “කලු
ජනතාවගේ ආත්මයන්” (The Souls of Black Folk) කෘතිය තුළ ඔහු කතා කරන ප්‍රධාන සංකල්පයන්
නම් “ද්විත්ව සවිඥානිකත්වය”( Double Consciousness) එම කෘතිය ඔහු රචනා කරන්නේ
තමන්ගේ අත්දැකීම් ඇසුරෙන් තමා අත්විඳි පීඩනය වෙන් කොට සැලකීම පහත් කොට සැලකීම
ආන්තීකරණය කියන කරුණුත් එක්ක.
බුවාගේ ලේඛනයන් විසිවන සියවසේ සමාජ විද්‍යාවට, ඉතිහාසයට, සාහිත්‍යයට, මෙන්ම වාර්ගික
යුක්තිය කෙරෙහි අතිශයින් තීරණාත්මක ලෙස බලපානු ලැබීය.
ඔහුගේ කලු ජනතාවගේ ආත්මයන් නැමැති කෘතියේ සඳහන්වන ප්‍රධාන සංකල්පයක් වනන්නේ ද්විත්ව
සවිඥානිකත්වය පිළිබඳ අදහසයි. මේක නූතන ලෝකයේ මිනිසා මුහුණ දෙන අනනන්‍යතාව නමැති
ප්‍රශ්නය දෙස ඔහු බැලූ ආකාරය. අමරිකානුවෙක්: නීග්‍රෝ ජාතිකයෙක්, ආත්ම දෙකකි. සිතිවිලි දෙකකි.
එකිනෙක ගලපා ගන්නට උත්සාහ කරන ආත්මයන් දෙකකි. අනිත් අයගේ ඇස්වලින් නිතරම තමන්
දෙස හෙලන බැල්මකි. තමන්ට තමන්ගේ ද්විත්ව දැනීමකි. අමරිකාව තුළ වර්ණය, වර්ගවාදය මත බෙදී
ගිය ද්විත්ව ආත්මය ඔහු විදාරණය කරයි. අමරිකානුවෙකු වෙන අතරම නීග්‍රෝවකු වන මිනිසෙකි.
පද්ධතිමය ජාතිවාදය මඟින් ඇති කරන අනන්‍යතා ගැටලුව ඔහු සාකච්ඡා කරයි. මෙමඟින් කැඩී විසිරී
ගිය ආත්මය තුළ සිය වාර්ගික අනන්‍යතාවයන් අවතක්සේරු කරන ජන කණ්ඩායමකි. සුදු මිනිසුන්ගේ
අගතිගාමී දෘෂ්ටීන් තුළින් තමා දෙස බැලීමට කලු මිනිසාට බල කරන සමාජයකි. මෙහි ප්‍රතිඵල ලෙස
විරසකභාවය, පරාරෝපණය, කලකිරීම, ආන්තීකරණය, නොපෙනී යාම සහ නොතැකීම ජනිත වේ.
එවිට තමා පිළිගැනීම පිළිබඳ අරගලය ඇති වේ.
බුවා තර්ක කරන්නේ අප්‍රිකානු අමරිකානුවන් තමාගේ ගෞරවය සහ මනුෂ්‍යත්වය තහවුරු කිරීමට
උත්සාහ ගන්නේ එය ප්‍රතික්ෂේප කරන සමාජයක් තුළ බවයි.
ද්විත්ව සව්ඥානිකත්වය පිළිබඳ අදහස මනෝවිද්‍යාත්මක වශයෙන් ව්‍යසනයක් ලෙස සාකච්ඡා කරද්දී
එය අමරිනකානු සමාජයේ ගැඹුරු ප්‍රතිවිරෝධතා පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. එම නිසා එම
සංකල්පය හුදෙක් මනෝවිද්‍යාත්මක එකක් නොව සමාජ දේශපාලන විචාරයක් වෙයි. අප්‍රිකානු
ඇමරිකානුවන් මුහුණ දුන් ව්‍යහාත්මක අසමානතාව ඉස්මතු කිරීමට සිදු කළ උත්සාහයකි. සමාජයක
අන්තර්ග්‍රහණණය පිළබඳ පාඩමකි. ප්‍රජාතනන්ත්‍රවාදය නැවත සකස් කිරීම වෙනුවෙන් තර්ක කිරීමකි.වාර්ගික අනන්‍යතා සහ ආන්තීකරණය පිළිබඳ පසුකාලීන කථිකාව තුළට බුවා මූලික ප්‍රවේශ ලබා දෙයි.
එසේම අන්තර්ඡේදනය පිළිබඳ පසුකාලීන සංකල්පයේ මූලික හැඩ රුව නිර්මාණය කරයි.

සංජීවනී රූපසිංහ –Sanjeewani Rupasinghe
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
දර්ශන අධ්‍යයන අංශය,
කැලණිය විශ්ව විද්‍යාලය.





