බොහෝ පලස්තීනුවන් සන්නද්ධ ප්‍රතිරෝධයට සහාය දක්වන්නේ ඇයි?

මෙම කතාව ලොවට පවසන්නේ සහීර් නෆාල් නම් පලස්තීන කාන්තාවක් විසිනි. ඉතා සීමිත අන්තර්ජාල ප්‍රවේශයක් තිබියදීත්, ඇය තම සමාජ මාධ්‍යවල නිතිපතා පළ කරන ලේඛිකාවකි. තවත් සුවිශේෂී කරුණක් නම් ඇය පලස්තීනයේ ජීවත් වන නිදහස් කිතුනුවකු වීමයි. මෙය ඇය ඇගේ සමාජ මාධ්‍යවල ලියූ කෙටි සටහනකි.


ගාසා තීරයේ අපට කුසගින්නෙන් ජීවත් වීමට සිදු වේ. අපේ දරුවන් කුසගින්නෙන් මිය යති. අපේ පවුල් දිනපතා විනාශ වෙමින් පවතී. බටහිර ඉවුර පුරා සමූහ මිනී වළවල්. ඊශ්‍රායල හමුදාව ගම්මාන ගිනිබත් කරමින් සිවිල් වැසියන් මරා දමමින් සිටී. වසර 77 කට වැඩි කාලයක් පලස්තීනුවන් සාමය සඳහා සෑම දෙයක්ම උත්සාහ කර ඇත. සාම සාකච්ඡා, එක්සත් ජාතීන්ගේ යෝජනා, අවිහිංසාවාදී විරෝධතා.
අපි අපේ භූමියෙන් 22% ක් පමණක් පිළිගත්තා. ඒත් අපට ලැබුණේ කුමක්ද? බෝම්බ හා නෙරපා හැරීම…

සන්නද්ධ ප්‍රතිරෝධය අපගේ තේරීම නොවේ. ජාත්‍යන්තර නීතිය දැන් අපට ඉතා පැහැදිලිය. යටත් විජිත ජනතාවට ආපසු සටන් කිරීමට අයිතියක් ඇත. ඇල්ජීරියානුවන් එය කළා. දකුණු අප්‍රිකානුවන් එය කළා. වියට්නාම ජාතිකයන් එය කළා. අපිත් එහෙමයි. මෙය ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවීමක් නොවේ. ලෝකය අහක බලාගෙන සිටියදී අපගේ පැවැත්ම ආරක්ෂා කර ගැනීම හැර අපට වෙනත් මගක් නැත.

මිලියන 2+ පලස්තීන පවුල් – මව්වරුන්, දරුවන්, පියවරුන් – බෝම්බ හෙලීමට, කුසගින්නේ තැබීමට හෝ පණපිටින් වළලනු ලබන බව දැන දැනම ජීවත් වේ

ගාසා තීරය වසර 2 කට ආසන්න කාලයක් මෙම බියකරු සිහිනය දිනපතා – අඛණ්ඩව – ගත කර ඇත….මුළු පලස්තීනය පුරා පලස්තීනුවන් අවුරුදු 77 ක්…

තවත් දිනක, තවත් සංහාරයක්. ගාසා තීරයේ කුසගින්නේ සිටින පලස්තීනුවන්, ආහාර ලබා ගැනීමට උත්සාහ කළ නිසා ඊශ්‍රායල ස්නයිපර්වරුන් විසින් වෙඩි තබා මරා දමන ලද පුද්ගලයින්. මෙය යුධ පිටියකි. බටහිර ඉවුර ඝාතකාගාරයකි. අපගේ ජීවිත කාලය තුළ අපි මෙය දකිනු ඇතැයි මට විශ්වාසයි.

පරිවර්තනය : ගාමිණි මුතුකුමාරණ

More From Author

ඩු බුවා සහ ඔහුගේ ද්විත්ව සවිඥාණිකත්ව සංකල්පය

ඉරානියානු කිවිඳියක වන 23 හැවිරිදි පාර්නියා අබස්සි, ටෙහෙරාන් නගරයේ සිදු වූ ප්‍රහාර වලින් තෙදිනකට පෙර ජීවිතක්ෂයට පත් විය. මේ ඇගේ කෙටි කවියක සිංහල පරිවර්තනයකි

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348