කාල් ශ්ම්ට්ගේ(Carl Schmitt) දේශපාලනික දේව ධර්මයට සරල හැඳින්වීමක්

මෙ මොහොතේ පවතින ඊශ්‍රයෙල් සහ ඉරානය අතර පවතින පසමිතුරු තාවයට උත්තරේ වන්නේ සාමයද? කාල් ශ්මිට් යනු ජර්මනියේ ජිවත් වුනු නීති වෙදියෙකි. නාසි පක්ෂයට අවශ්‍ය වූ ව්‍යාස්ථාපිත සුජාත බව වෙනුවෙන් වෙහෙස මහන්සි වී තම බුද්දිමය ශ්‍රමය වැය කලත් පසුව ඔහුගේ තාර්කික බුද්දිය නොඉවසු නාසි පක්ෂයේ ක්‍රියා කාරකයින් පසුව ඔහුව පක්ෂෙන් පන්නා දමන ලදී.ඔහුගේ දේශපාලනික දේවදර්මයට සරල හැදින්වීමක් ලබා දීම අදටත් වැදගත්, අපි බලමු ඔහුගේ අදහස් සරලව තේරුම් ගන්න.

කාල් ශ්මිට්ගේ මතය අනුව නීතියේ පාලනය රඳා පවතින්නේ,  හිංසනය මතයි. මෙහිදී හිංසනය යනු රාජ්‍යය විසින් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගන්නා බලයයි.

මෙම බලය පදනම් වී ඇත්තේ, රාජ්‍යයේ ස්වෛරීභාවය මත වන අතර, එය නීතියේ වලංගුභාවය තහවුරු කරයි.සරලව කිවහොත්, සෑම නීති පද්ධතියක්ම තමන් විසින්ම තම නීත්‍යානුකූලභාවය තහවුරු කර ගනී. වෙනත් වචන වලින් කියනවා නම්, නීතියේ වලංගුභාවය තීරණය කරනු ලබන්නේ නීතිය මගින්මය.මෙමගින් ශ්මිට් පෙන්වා දෙන්නේ නීතියේ පාලනය යනු බලය හා බැඳී පවතින සංකීර්ණ සංකල්පයක් බවයි.ෂ්මිට් ගේ තර්කය සරලවම මෙහෙමයි.නීතියේ පාලනය (Rule of Law) කියන එක, නීතිය සාධාරණව සහ හැමෝටම එක ලෙස ක්‍රියාත්මක වෙනවා කියන එක නෙවෙයි.  ඔහු කියන විදියට, නීතියේ පාලනය තියෙන්නෙම “බලහත්කාරය” (Force) මතයි. ඒ කියන්නේ, නීතිය ක්‍රියාත්මක කරන්න බලය පාවිච්චි කරන්න ඕන. (උදාහරණයක් විදියට, නීතිය කඩ කරන කෙනෙකුට දඬුවම් දෙන එක.) මේ බලය එන්නේ රාජ්‍යයෙන්. රාජ්‍යය තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ.  වැදගත්ම දේ තමයි, රාජ්‍යය තමන්ගේම බලය “නීත්‍යානුකූල” කරගන්නවා. ඒ කියන්නේ, රාජ්‍යය තමන්ගේ බලය පාවිච්චි කරන එක “හරි” කියලා තීරණය කරන්නේ රාජ්‍යය විසින්මයි. ඒක තමයි “ස්වයං-යොමු කිරීම”කියලා කියන්නේ.  උදාහරණයක් විදියට, පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා. පොලිසියට ඒක කරන්න බලය දෙන්නේ රාජ්‍යය විසින් ඔවුන්ව පත් කරපු නිසා. රාජ්‍යය කියන්නේ, “අපි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන, ඒක හරි” කියලා.කෙටියෙන් කිව්වොත් නීතියේ පාලනය තියෙන්නේ බලය නිසා. රාජ්‍යය තමන්ගේ බලය පාවිච්චි කරන්නේ නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම තමන්ගේම ක්‍රියාවන් නිවැරදි බව ඔප්පු කරන්නේ තමන් විසින්මයි.

කාල් ශ්මිට් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විවේචනය කරන්නේ එහි “විධිමත් උගුලක්” මත පදනම් වන නිසා. මෙහිදී “විධිමත් උගුලකට” යන්නෙන් අදහස් කරන්නේ, නීතිය හා රාජ්‍යය පිළිබඳව තීරණ ගැනීමේදී, යම් නීති රීති හෝ ක්‍රමවේදයන්ට පමණක් මුල් තැන දීමයි. ශ්මිට්ට අනුව, මෙය ප්‍රමාණවත් නොවන අතර දේශපාලනයේ සැබෑ ස්වභාවය එයින් මග හැරී යයි.ශ්මිට් තවදුරටත් පවසන්නේ, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනය “තනි පුද්ගල අවශ්‍යතා” මත පදනම් වූ ගනුදෙනුවක් ලෙස සලකා කටයුතු කරන බවයි. ඔහුට අනුව, දේශපාලනය යනු තනි පුද්ගල අවශ්‍යතා පමණක් නොව, පොදු යහපත, සතුරන් හඳුනා ගැනීම සහ ජාතික අනන්‍යතාවය වැනි ඊට වඩා ගැඹුරු දේවල් සමග බැඳී පවතී.ශ්මිට්, නීතිය පිළිබඳව කෙල්සන්ගේ මතයද විවේචනය කරයි.

Hans Kelsen

කෙල්සන් නීතිය සලකන්නේ “විශ්වීය” නීති පද්ධතියක් ලෙසයි. එනම්, නීතිය සැමටම එක හා සමානව අදාළ විය යුතුයි. ශ්මිට්ට අනුව, මෙවැනි ප්‍රවේශයක් මගින් දේශපාලනයේ සත්‍ය ස්වභාවය හඳුනාගත නොහැක. මක්නිසාද යත්, දේශපාලනය තුළ සතුරන් සහ මිතුරන් සිටින අතර, එය සැමවිටම හැමෝටම අදාළ වන විශ්වීය මැදිහත් වීමක් නොවිය හැකිය.අවසාන වශයෙන්, ශ්මිට් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථික උපයෝගීතාවාදයකට (Economic Utilitarianism) නැඹුරු වන බව විවේචනය කරයි. ආර්ථික උපයෝගීතාවාදයකු පවසන්නේ, සෑම දෙයක්ම තීරණය කළ යුත්තේ ආර්ථිකමය වාසි මත වන බවයි. ශ්මිට්ට අනුව, දේශපාලනය ඊට වඩා සංකීර්ණ වන අතර එය ආර්ථික වාසිවලට පමණක් සීමා කළ නොහැක.ශ්මිට්ගේ විවේචනය මගින්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලනයේ පැවැත්ම අවතක්සේරු කරන බවත්, එය තනි පුද්ගල අවශ්‍යතා, නීති රීති සහ ආර්ථික වාසිවලට පමණක් සීමා කරන බවත් පෙන්වා දෙයි. ඔහුගේ තර්කයට අනුව, සැබෑ දේශපාලනය තුළ බලය, සතුරන් සහ මිතුරන්, සහ ජාතික අනන්‍යතාවය වැදගත් වේ.

ශ්මිට් විශ්වාස කරන්නේ, නීතිමය න්‍යාය එහෙම නැතිනම්, සම්මත අනුපිළිවෙල (normative order) සමාජ යථාර්ථය නොහොත් ජීවිතයේ යථාර්ථය (actuality of life) සමඟ සම්බන්ධ කිරීමට “ස්වේච්ඡා තීරණයක්” නැත්නම් කැමැත්තේ ක්‍රියාවක්‌(act of Will) අවශ්‍ය බවයි. මෙහි තේරුම වන්නේ, නීතිය යථාර්ථය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා, යම් බලයක් හෝ අධිකාරියක් විසින් “තීරණයක්” ගත යුතු බවයි.මෙම තීරණය ස්වයං-පදනම් වූ එකක් විය යුතුයි. එනම්, තීරණය ගන්නා පාර්ශවය විසින්ම තමන්ගේ බලය තහවුරු කරගත යුතුයි. වෙනත් වචන වලින් කියනවා නම්, නීතිය ක්‍රියාත්මක කිරීමට බලය අවශ්‍ය වන අතර, එම බලය තීරණයක් මගින් ලබා ගත යුතුයි.ශ්මිට් තවදුරටත් පවසන්නේ, නීති පද්ධතියක් තනිවම ” වියුක්ත විධිමත්භාවයකට” (abstract formalism) සීමා විය හැකි බවයි. මෙහි අදහස වන්නේ, නීතිය යම්කිසි වියුක්ත රාමුවකට සීමා වී, ප්‍රායෝගික තත්ත්වයන්ට මුහුණ දීමට නොහැකි වීමයි. නීතියට යථාර්ථය සමඟ සම්බන්ධ වීමට නම්, “තීරණයක්” මගින් එය සමාජයට සම්බන්ධ කළ යුතුයි.ශ්මිට්ට අනුව, නීතිය යථාර්ථය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා, බලය සහිත පාර්ශවයක් විසින් තීරණයක් ගත යුතුයි. මෙම තීරණය, නීතියට එහි අර්ථය සහ බලපෑම ලබා දෙන අතර, නීතිය වියුක්ත රාමුවකට සීමා වීම වළක්වයි.සාරාංශයක් ලෙස බැලුවොත් නීතියේ බලය සහ යථාර්ථය අතර සම්බන්ධතාවය තහවුරු කිරීම සඳහා තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි.

ශ්මිට් තීරණයේ වැදගත්කම අවධාරණය කළත්, ඔහුගේ මතයේ යම් පරස්පරතාවයක් පවතින බව  පෙන්වා දිය හැක.  පළමු පරස්පරතාවය තේරුම් ගමු. ශ්මිට් පවසන්නේ, ” තීරණය” කිසියම් විශේෂිත සමාජ තන්ත්‍රයක් සඳහා ගත් තීරණයක් නොවන බවයි. එනම්, මෙම තීරණය ගන්නේ නිශ්චිත සමාජ ක්‍රමයක් තහවුරු කිරීම සඳහා නොව, “ක්‍රමයේ/තන්ත්‍රයේ පැවැත්මේ මූලධර්මය”වෙනුවෙනි. මෙයින් අදහස් කරන්නේ, තීරණය ගනු ලබන්නේ යම් නිශ්චිත සමාජ පිළිවෙළක් සඳහා නොව, සාමාන්‍යයෙන් “පිළිවෙල” පවත්වා ගැනීම සඳහා බවයි.  දෙවන පරස්පරතාවය වන්නේ ශ්මිට්ගේ මතයට අනුව, ස්වාදිපතිකයා එහෙම නැති නම් සාමූහික බලධාරියා” (Sovereign) ගන්නා තීරණයෙන් පැන නගින තන්ත්‍රයේ අන්තර්ගතය (content) සම්පූර්ණයෙන්ම “අත්තනෝමතික” (arbitrary) වේ. මෙයින් අදහස් කරන්නේ, තීරණයෙන් පසුව එම නීතිරීති හෝ ප්‍රතිපත්ති මොනවා විය යුතුද යන්න බලධාරියාගේ කැමැත්ත මත තීරණය වන බවයි. මෙම තත්ත්වය තුළ, තීරණයේ අන්තර්ගතය කිසිදු නීතියකට හෝ සදාචාරාත්මක මූලධර්මයකට බැඳී නොමැත.මෙම පරස්පරතා දෙක මගින් ශ්මිට්ගේ තර්කයේ දුර්වලතා පෙන්වා දිය හැක. පළමුව, තීරණය ගන්නේ “විධිමත් පිළිවෙල” එහෙම නැත්නම් දේශපාලනිකයේ පැවැත්ම වෙනුවෙන් නම්, එම තීරණය මගින් යම්කිසි නිශ්චිත සමාජ පිළිවෙලක් ඇති කරන්නේ කෙසේද?  දෙවනුව, තීරණයේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම අත්තනෝමතික නම්, එමගින් අත්තනෝමතික පාලනයක් ඇතිවීමේ අවදානමක් තිබේ.සාරාංශයක් ලෙස ශ්මිට්ගේ මතය තුළ, “තීරණය” මගින් සමාජ පිළිවෙලක් ඇති කිරීමේදීත්, තීරණයේ අන්තර්ගතය තීරණය කිරීමේදීත් ගැටලුකාරී තත්ත්වයන් පැන නගී.

ශ්මිට්ගේ තර්කයේ තිබෙන පරස්පරතාවය තේරුම් ගැනීම ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඒක සරලව පැහැදිලි කරගමු.ප්‍රධානම ප්‍රශ්නය වන්නේ
ශ්මිට් කියන විදියට, නීතිය හදන්න නම් “තීරණයක්” ගන්න ඕන. ඒක තමයි නීතිය යථාර්ථයත් එක්ක සම්බන්ධ කරන්නේ. හැබැයි මෙතනදී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි තීරණය ගන්නේ මොකක් ගැනද කියන එක.පළවෙනි ප්‍රශ්නය තමයි මින් පැනනගින දේ වන්නේ ශ්මිට් කියන විදිහට”තීරණය” ගන්නේ “විශේෂිත සමාජ ක්‍රමයක්” ගැන නෙවෙයි. ඒ කියන්නේ, මේ තීරණය ගන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, ඒකාධිපතිවාදය වගේ ක්‍රමයක් ගැන නෙවෙයි. එහෙනම් මේ තීරණය ගන්නේ මොකක් ගැනද? ශ්මිට් කියනවා ඒක “ක්‍රමය” ගැන. ඒ කියන්නේ හැම “ක්‍රමයකටම” පොදු දේවල් ගැන. හැබැයි, ක්‍රමයක් නැතුව කොහොමද නීතියක් හදන්නේ? ක්‍රමයක් නැත්නම්, නීතියක් තියෙන්නෙත් නැහැ. දෙවෙනි ප්‍රශ්නය තමයි ශ්මිට් කියනවා “සාමූහික බලධාරියා” (ඒ කියන්නේ රටේ නායකයා හෝ පාලකයා) ගන්න තීරණයේ ප්‍රතිඵල මොනවාද කියලා හරියටම කියන්න බැහැ කියලා. ඒක “අත්තනෝමතික”යි. ඒ කියන්නේ, නායකයාට ඕන විදියට ඒක වෙනස් කරන්න පුළුවන්. අද එකක්, හෙට තව එකක්. මේක ප්‍රශ්නයක්. මොකද නීතිය හැමෝටම එක විදියට තියෙන්න ඕන. හැබැයි නායකයාට ඕන විදියට නීතිය වෙනස් කරන්න පුළුවන් නම්, ඒක සාධාරණ නැහැ.උදාහරණයකට හිතන්න රටක නීතියක් හදන්න ඕන කියලා.  ශ්මිට් කියන විදියට නීතිය හදන්න නම් “තීරණයක්” ගන්න ඕන.  ඒත් ඒ තීරණය ගන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය” ගැන නෙවෙයි. ඒ ගන්නේ “ක්‍රමය” ගැන. ඒ කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන විදිය වගේ දේවල් ගැන.  ඒත් ඊට පස්සේ මොන නීතිද හදන්නේ කියලා නායකයා තීරණය කරනවා. නායකයාට ඕන විදියට නීති හදන්න පුළුවන්.ශ්මිට්ගේ මේ තර්කයේ තියෙන ප්‍රශ්නෙ තමයි, නීතිය හදන්න ඕන විදිය පෙන්නුවට, ඒ නීතිය මොනවගේද කියලා හරියටම කියන්න බැහැ. ඒක නායකයාගේ කැමැත්ත මත තීරණය වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ, නීතිය හැමෝටම එක විදියට නැහැ කියන එකයි.

නූතන ගතානුගතිකවාදය සම්ප්‍රදායිකවාදයෙන් වෙනස් වන්නේ, එය සම්ප්‍රදායික වටිනාකම් සහ බලතල විසුරුවා හැරීම පිළිගන්නා නිසාවෙනි. මෙයින් අදහස් කරන්නේ, නූතන ගතානුගතිකවාදය සම්ප්‍රදායිකවාදයේ මෙන් සම්ප්‍රදායන් හා පැරණි වටිනාකම් ආරක්ෂා කිරීමට පමණක් සීමා නොවී, ඒවා වෙනස් වන ආකාරය පිළිගන්නා බවයි.විශේෂයෙන්ම,නූතන ගතානුගතිකවාදය විසින් “සාර්වත්ත්‍රිකව පිළිගත් විශ්විය සමාජ මිනුම් දඩු” (universally accepted frame of reference) පිළිගන්නේ නැහැ. මෙයින් අදහස් කරන්නේ, සමාජය තුළ පොදු එකඟතාවයකට එළඹිය හැකි, විශ්වීය වශයෙන් පිළිගත හැකි වටිනාකම් පද්ධතියක් තවදුරටත් නොමැති බව ඔවුන් පිළිගන්නා නිසයි.ශ්මිට් මෙම තත්ත්වය හොබ්ස්ගේ “ක්‍රම මූලධර්මය” සමග සම්බන්ධ කරනවා. හොබ්ස්ගේ දර්ශනය තුළ, රාජ්‍යයේ ප්‍රධාන කාර්යය වන්නේ සාමය හා ආරක්ෂාව පවත්වා ගැනීමයි.   සම්ප්‍රදායිකවාදින් (Traditionalism) පැරණි වටිනාකම්, සම්ප්‍රදායන් සහ බලතල ආරක්ෂා කිරීමට උත්සහ දරනවා.  නූතන ගතානුගතිකවාදින්(Modern Conservatism) විසින් සම්ප්‍රදායිකවාදින්ට වඩා වෙනස් වන්නේ, සමාජයේ වෙනස්වීම් පිළිගැනීම සහ සාර්වත්ත්‍රිකව පිළිගත් විශ්විය සමාජ මිනුම් දඩු නොමැති බව පිළිගැනීමයි. ඔවුන් සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උත්සාහ කරයි.සාරාංශයක් ලෙස කිව්වොත් නූතන ගතානුගතිකවාදින්  යනු සම්ප්‍රදායිකවාදින්ගෙ නවීන ස්වරූපයක් වන අතර, එය සමාජයේ වෙනස්වීම් පිළිගනිමින් සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමට උත්සාහ කරයි.

ශ්මිට්ගේ මතයට අනුව, නීතිමය වශයෙන් සම්මත වී ඇති විධිමත්භාවයකට (legal normative formalism) එරෙහි වීමට ඇති එකම ක්‍රමය තීරණවාදී විධිමත්භාවයකට(decisionist formalism) පිවිසීමයි. මෙයින් අදහස් කරන්නේ, නීතිය තීරණය කිරීමේදී නීති රීතිවලට පමණක් සීමා නොවී, බලය සහ තීරණ ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමයි.කෙසේ වෙතත්, මෙහිදී පැන නගින්නේ ගැටලුවකි. ශ්මිට්ගේ මූලික පරස්පරතාවය වන්නේ, නූතනත්ව යුගයේදි (modernity) නීතියේ පවතින සීමාවන් තුළ  ඇති විධිමත්භාවයෙන් (formalism) මිදීමට නොහැකි වීමයි. මෙයින් අදහස් කරන්නේ, ශ්මිට් නීතියේ විධිමත් ස්වභාවය (formal nature) විවේචනය කළද, ඔහුට සම්පූර්ණයෙන්ම  විධිමත් වීමෙන් මිදී යාමට නොහැකි වීමයි.ශ්මිට් නීතියේ විධිමත් ස්වභාවයට (formal nature) විරුද්ධ වුවද, ඔහුටත් එම විධිමත් බවෙන් සම්පූර්ණයෙන්ම මිදීමට නොහැකියි. ඔහු තීරණවාදී විධිමත්භාවය කට (decisionist formalism) නැඹුරු වන අතර, එයද යම් ආකාරයක විධිමත්භාවයක්‌ ලෙස සැලකිය හැකියි.සාරාංශයක් ලෙස ගත්තොත් ශ්මිට් නීතියේ විධිමත් ස්වභාවය විවේචනය කළද, ඔහුටත් එම විධිමත්භාවයෙන් සම්පූර්ණයෙන්ම මිදීමට නොහැකි වීම ඔහුගේ මතයේ පවතින පරස්පරයයි.

  ශ්මිට් කියනවා, නීතිය නිකම්ම නීති රීතිවලට සීමා වෙලා තියෙන්න හොඳ නැහැ. නීතියට ජීවයක් තියෙන්න ඕන. ඒක නිසා, නීතිය තීරණය කරන්න බලය තියෙන කෙනෙක් “තීරණයක්” ගන්න ඕන. (තීන්දුවාදය)ඒත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ශ්මිට් කොච්චර කිව්වත්, නීතියේ “විධිමත්භාවයෙන්” (formalism) මිදෙන්න අමාරුයි. විධිමත්භාවය කියන්නේ නීති රීති වලට බැඳිලා ඉන්න එක.  ශ්මිට් “නීතියේ විධිමත්භාවයට” විරුද්ධයි. ඒ කියන්නේ නිකම්ම නීති රීති වලට බැඳිලා ඉන්න එකට.  ඒත් ශ්මිට් “තීන්දුවාදය” අනුගමනය කරනවා. ඒ කියන්නේ බලය තියෙන කෙනෙක් තීරණයක් අරගෙන නීතිය හදන්න ඕන කියලා.ඒත් “තීරණය” කියන්නෙත් එක විදියක විධිමත්භාවයක්. බලය තියෙන කෙනා මොකක්ද තීරණය කරන්නේ කියලා හරියටම කියන්න බැහැ. හැබැයි නීතියක් තියෙන්න නම් ඒක යම්කිසි විධිමත්වයක් (formal) තුළ තියෙන්න ඕන.සරල උදාහරණයක් ගමු.නිකමට හිතන්න, පොලිසිය නීතිය ක්‍රියාත්මක කරනවා.  ශ්මිට් කියනවා, පොලිසිය නිකම්ම නීති රීති වලට යටත්වෙලා වැඩ කරන්න හොඳ නැහැ. පොලිසිය තීරණයක් ගන්න ඕන.  ඒත්, පොලිසිය තීරණයක් ගත්තත්, ඒ තීරණය යම්කිසි නීති රාමුවක් (formal rules) ඇතුලේ තියෙන්න ඕන. නැත්නම් ඒක හොයලා බලන්න විදිහක් නැහැ.අවසාන වශයෙන්:ශ්මිට් කොච්චර කිව්වත් නීතියේ විධිමත්භාවයෙන් (formalism) මිදෙන්න බැහැ. තීන්දුවාදය කියන්නෙත් එක විදියක විධිමත්භාවයක්. නීතියක් තියෙන්න නම් ඒක යම්කිසි නීති රීති වලට අනුව (formal) තියෙන්න ඕන.

කාල් ශ්මිට් කියන්නේ නීතිය නිකම්ම නීති රීති වලට සීමා වෙන්න හොඳ නැහැ, ඒක ප්‍රශ්නයක්. නීතියට ජීවයක් තියෙන්න ඕන. නමුත්, ඒක කරන්න ගියාම, එයාගේම මතයේත් ප්‍රශ්නයක් එනවා.මොකක්ද ඒ ප්‍රශ්නය, ඒ තමයි ලිබරල්වාදීන් නීතිය හදන්නේ නිකම්ම නීති රීති පාවිච්චි කරලා. ඒක “ව්‍යුක්තයි”, ඒ කියන්නේ ජීවිතයට සම්බන්ධ නැහැ. ශ්මිට් ඒකට විරුද්ධයි. විසඳුම විදිහට එයා දකින්නේ නීතිය හදන්න බලය තියෙන කෙනෙක් “තීරණයක්” ගන්න ඕන. ඒකෙන් තමයි නීතියට ජීවය එන්නේ.  ඒත්, බලය තියෙන කෙනා ගන්න “තීරණය”ත් තව “විධිමත්” වෙනවා. ඒකෙ තේරුම මොකක්ද? නීතිය හදන්න බලය පාවිච්චි කරන කෙනාට කැමති විදියට නීති හදන්න පුළුවන්. ඒක “අත්තනෝමතික”යි. ඒ කියන්නේ හැමෝටම එක විදියකට නීතිය හැදෙන්නේ නැහැ.එතකොට මෙතන ප්‍රධාන පරස්පරතාවය වන්නේ ශ්මිට් කොච්චර කිව්වත්, නූතන දේශපාලන චින්තනයට නීති රීති වලින් (විධිමත්භාවයෙන්) සම්පූර්ණයෙන්ම මිදෙන්න බැහැ.උදාහරණයක් ගැන හිතන්න, රටක නීතියක් හදන්න ඕන.  ශ්මිට් කියනවා, ලිබරල්වාදීන් නීති හදන්නේ නිකම්ම නීති රීති පාවිච්චි කරලා. ඒක හරියන්නේ නැහැ.  ඒ වෙනුවට, නීතිය හදන්න නම් කවුරුහරි “තීරණයක්” ගන්න ඕන. (උදාහරණයක් විදියට ජනාධිපති)  ඒත්, ජනාධිපති මොනවාද තීරණය කරන්නේ? එයාට කැමති විදියට නීති හදන්න පුළුවන්. ඒක හැමෝටම එක විදියකට නැහැ.  ශ්මිට් කියන්නේ, නීතියක් හදන්න නම් නීති රීති තියෙන්නත් ඕන, ඒත් ඒ නීති රීති වලට අමතරව තවත් දෙයක් තියෙන්න ඕන. හැබැයි ඒක කරන්න ගියාම ඒකත් නිකම්ම නීති රීති වලට යටවෙනවා.අවසාන වශයෙන් ශ්මිට්ට ඕන වුණේ නීතියට ජීවය දෙන්න. ඒත්, ඒක කරන්න ගියාම එයාගේම මතයේ ප්‍රශ්නයක් ඇති වෙනවා. නීතියට ජීවය දෙන්න හදන කොට නීතියේ යම්කිසි විධිමත්භාවයකට (නීති රීති වලට) බැඳෙන්න වෙනවා.

ෂ්මිට්ගේ “ව්‍යතිරේකය” සංකල්පය තුළ පවතින සංකීර්ණත්වය සහ එය ලැකානියානු අර්ථ නිරූපණය අනුව තේරුම් ගන්නේ කෙසේද.1. ව්‍යතිරේකයේ ද්විත්ව ස්වභාවය (Lacanian අර්ථකථනය) සහ යථට බලෙන් ඇතුලත් වීම. (Intrusion of the Real)
  මෙමගින් අදහස් කරන්නේ, ව්‍යතිරේකය යනු සාමාන්‍ය නීති රීතිවලට, එනම් “සංකේතාත්මක පිළිවෙලට බාධා කරන දෙයක් බවයි. එය “පිරිසිදු අහඹු බවක්” ලෙස සැලකෙනවා. මෙහිදී “යථ” (Real) යනුවෙන් හැඳින්වෙන්නේ, සංකේතමය ක්‍රමයට සම්පූර්ණයෙන්ම ඇතුළත් කර ගත නොහැකි, අවිනිශ්චිතතාවයෙන් පිරුණු යථාර්ථයේම කොටසකි.  සරලව කිවහොත්, ව්‍යතිරේකය යනු අනපේක්ෂිත ලෙස මතුවන තත්වයක් වන අතර, එය පවතින පිළිවෙලට අභියෝගයක් එල්ල කරයි.

අපි දැන් කාල් ෂ්මිට්ගේ “ව්‍යතිරේකය” පිළිබඳ සංකල්පය තවදුරටත් පැහැදිලි කර ගමු. “ව්‍යතිරේකය” යනු කුමක්දැයි සරලව තේරුම් ගනිමු. සාමාන්‍යයෙන් රටක නීති රීති, රෙගුලාසි පවතී. නමුත් හදිසියේම ඇතිවන තත්වයක් නිසා එම නීතිරීති අදාළ කරගත නොහැකි තත්වයක් ඇති විය හැකියි. එවැනි තත්වයක් “ව්‍යතිරේකයක්” ලෙස හැඳින්විය හැකියි.  ෂ්මිට්ට අනුව, ව්‍යතිරේකය නීතියටම අභියෝගයක් එල්ල කරනවා. මන්දයත්, නීතියට සෑම විටම ව්‍යතිරේක තත්වයන්ට මුහුණ දීමට නොහැකි විය හැකියි.  ලැකාන්ගේ අර්ථකථනයට අනුව, යථ යනු මිනිස් අවබෝධයට එහා ගිය දෙයක්. ව්‍යතිරේකය හරහා  යතෙහි බලපෑම යථාර්ථය තුල මතුවන අතර, එය පවතින පිළිවෙල කඩාකප්පල් කළ හැකියි.උදාහරණයක් ලෙස රටක හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කිරීම “ව්‍යතිරේකයක්” විය හැකියි. සාමාන්‍ය කාලවලදී ක්‍රියාත්මක වන නීති අත්හිටුවා විශේෂ බලතල සහිත පාලනයක් ගෙන ඒම මෙහිදී සිදුවිය හැකියි.

අපි දැන් බලමු ස්වාදිපත්‍යයිකයාගේ අභිනය (Gesture of the Sovereign) කොහොමද තේරුම් ගන්නේ කියලා.මෙය කාල් ෂ්මිට්ගේ “ව්‍යතිරේකය” සංකල්පයත් සමඟ සම්බන්ධ වූ තවත් වැදගත් සංකල්පයකි. අපි එය විස්තරාත්මකව තේරුම් ගනිමු.ස්වාදිපත්‍යයිකයාගේ අභිනය (Gesture of the Sovereign)සහ  නව නීති පද්ධතියක් බලාත්මක කිරීම යනු  , ස්වාදිපත්‍යයිකයාගේ අභිනය යනු පවතින නීති රීතිවලට පිටින්, හදිසියේම නව නීති පද්ධතියක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කිරීමයි. මෙය සිදු කරනු ලබන්නේ, “ව්‍යතිරේක” තත්වයක් තුළයි.   ලැකාන්ගේ අදහස අනුව,ස්වාමි හැගවුමකාරකය යනු ආඥාව ස්වාදිපත්‍යයිකයාගේ ආඥාව ලෙස සැලකේ. මෙය බලයේ සංකේතය වන අතර, එය සංකේතාත්මක නීතිවලින් තොරව, තමන්ගේම කැමැත්ත අනුව ක්‍රියා කරයි. මෙම ක්‍රියාවලිය තුළ හිංසනයක් සිදුවිය හැකියි. මන්දයත්, ස්වාදිපත්‍යයිකයාගේ ආඥාව, පවතින නීති රීති කඩ කරමින්, නව නීති පැනවීම තුළින් බලය පෙන්වයි.Lacan ට අනුව:  Objet petit a: මෙය ක්ෂුද්‍ර ඒ වස්තුව ලෙස හැඳින්වේ. මෙහිදී,ස්වාදිපත්‍යයිකයාගේ  ආඥාව මගින්, අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති විය හැකියි. ස්වාදිපත්‍යයිකයාගේ ආඥාව මගින් මෙම සංකේතය ක්‍රියාත්මක වන අතර, බලය ප්‍රකාශයට පත් කරයි.සරලව කිවහොත් ස්වාදිපත්‍යයිකයා විසින් “ව්‍යතිරේක” තත්වයක් තුළ, පවතින නීතිරීති අත්හිටුවා, තම කැමැත්ත අනුව නව නීති පනවයි. මෙය බලය ප්‍රකාශ කිරීමක් වන අතර, ඇතැම් විට හිංසනයක් ද විය හැකියි. ලැකාන්ගේ අදහස අනුව, මෙය “රියල්” සමග සම්බන්ධ වන අතර, අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කළ හැකියි.

.සිතන්න, රටක නීතියක් තියෙනවා, හැමෝම ඒ නීතියට යටත් වෙලා ජීවත් වෙනවා. නමුත් හදිසියේම රටේ ලොක්කා (අධිපති) තීරණය කරනවා, මේ නීතිය දැන් වෙනස් කරන්න ඕන කියලා.ස්වාදිපත්‍යයිකයාගේ ආඥාව කියන්නේ මෙන්න මේකට.ඔහු හෝ ඇය හදිසියේම තීරණයක් ගන්නවා, පරණ නීති අයින් කරලා අලුත් නීති ටිකක් ගේන්න ඕන කියලා.මේ අලුත් නීති ටික කිසිම කෙනෙක්ගේ අකමැත්තක් නැතුව, බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ, කවුරුත් කැමති වුණත් නැතත්, අලුත් නීතිය පිළිගන්නම වෙනවා.  මේකෙන්  පෙන්නුම් කරන්නේ තමන්ගේ බලය. තමන්ට ඕන විදිහට නීති හදන්නත්, ඒ නීති ක්‍රියාත්මක කරන්නත් පුළුවන් කියලා. මේක කරනකොට ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මොකද, පරණ නීතිවලට පුරුදු වෙලා හිටපු අයට, අලුත් නීති තේරුම්ගන්න අමාරු වෙන්න පුළුවන්. සමහරවිට අකමැති වෙන්නත් පුළුවන්.ලැකාන්ගේ අදහස අනුව මේ ක්‍රියාව, “අපේක්ෂා නොකළ දෙයක්” වගේ.(real) ඒ කියන්නේ, හිතපු නැති දේවල් වෙන්න පුළුවන්.  මේක බලයේ සංකේතයක්. ස්වාදිපත්‍යයිකයා පෙන්නන්නේ තමන් තමයි හැමදේම තීරණය කරන්නේ කියලා.උදාහරණයක්:රටක හදිසි අවස්ථාවක් ඇති වුණාම, ඔහුට පුළුවන් සාමාන්‍ය නීති අත්හිටුවලා, තමන්ගේම නීති දාන්න.

ක්‍රිස්තුස්ගේ “සදාචාරයේ ආගමික අත්හිටුවීම” (Religious Suspension of the Ethical) කියන සංකල්පය පිළිබඳව අපි තේරුම් ගන්න උත්සහ දරමු. මෙය ඉතාමත් වැදගත් සංකල්පයක්. අපි දැන් එය විස්තරාත්මකව තේරුම් ගනිමු.ක්‍රිස්තුස්ගේ “සදාචාරයේ ආගමික අත්හිටුවීම”:  මෙම සංකල්පය මගින් අදහස් කරන්නේ, සමහර අවස්ථාවලදී, ආගමික විශ්වාසයන් නිසා සාමාන්‍ය සදාචාර නීති කඩ කිරීමට සිදුවිය හැකි බවයි. මෙහිදී, ආගමික විශ්වාසයන්, සදාචාරයට වඩා ඉහළින් සලකනු ලැබේ.  මෙය සරලව තේරුම් ගතහොත්, යම් පුද්ගලයෙකුට ආගමික විශ්වාසයන් නිසා, තමන්ගේ පවුලට හෝ සමාජයට එරෙහිව කටයුතු කිරීමට සිදුවිය හැකියි.  මෙම සංකල්පය අධිකාරියේ විරුද්ධාභාසය (Paradox of Authority) සමඟ සම්බන්ධ වෙනවා. යේසුස් ක්‍රිස්තුස් විසින් පවසන ලද ඉහත සඳහන් පාඨය මෙහිදී වැදගත් වෙනවා. මෙහිදී යේසුස්තුමා පවසන්නේ, ඔහුගේ අනුගාමිකයෙකු වීමට නම්, තමන්ගේ පවුලේ සාමාජිකයන්ට පවා “වෛර” කළ යුතු බවයි.  මෙම ප්‍රකාශය හරහා, ආගමික විශ්වාසයන් වෙනුවෙන්, පවුල, සමාජය වැනි දේ පවා අත්හැරීමට සිදුවන බව පෙන්වා දෙනවා.  සාමාන්‍යයෙන් පවුලට ආදරය කිරීමත්, යුතුකම් ඉටුකිරීමත් සදාචාරාත්මක වුවත්, ආගමික විශ්වාසයන් වෙනුවෙන් ඒවා අත්හැරීමට සිදුවීම නිසයි.සරලව කිවහොත්:ක්‍රිස්තුස්ගේ “සදාචාරයේ ආගමික අත්හිටුවීම” තුළින්, ආගමික විශ්වාසයන් නිසා සාමාන්‍ය සදාචාර නීති කඩ කිරීමට සිදුවිය හැකි බව කියවෙනවා.  යේසුස්තුමාගේ ඉගැන්වීම්වලට අනුව, ආගමික විශ්වාසයන් වෙනුවෙන් පවුලට පවා “වෛර” කළ යුතු බව පෙන්වා දෙනවා.

  1. රැඩිකල් ඍණාත්මක ක්‍රියාව (Radical Negativity):  මෙමගින් අදහස් කරන්නේ, ආගමික විශ්වාසයන් වෙනුවෙන්, සමාජයේ පවතින සියලුම බැඳීම් අත්හැරීමයි. මෙහිදී පවුල, මිතුරන්, සමාජයේ සාමාජිකයන් සමඟ තිබෙන බැඳීම්, යුතුකම්, වගකීම් ආදී සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබේ.  සරලව කිවහොත්, ආගමික විශ්වාසයන් වෙනුවෙන් සමාජයෙන් සම්පූර්ණයෙන්ම ඈත්වීම සිදුවනවා.
  1. මැදිහත් වූ ප්‍රතිසංස්කරණය (Mediated Restoration):  මෙමගින් අදහස් කරන්නේ, සමාජ බැඳීම් අත්හැරීමෙන් පසුව, ක්‍රිස්තුස්ගේ බලය තුළින් සමාජ නීති නැවත පිළිගැනීමයි. මෙහිදී, ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට අනුව, නව සමාජ සම්බන්ධතා ඇති කරගැනීම සිදුවේ.  සරලව කිවහොත්, ක්‍රිස්තුස්වහන්සේ තුළින් නව සමාජ පිළිවෙළක් ඇති කිරීම සිදු වේ. (ක්‍රිස්තුස්) නීති අත්හිටුවන විටම (ආගමික අත්හිටුවීම), එම නීතිවලට ගරු කිරීමට මිනිසුන්ට බල කරන බවයි.  යේසුස් ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට අනුව, පැරණි නීති අත්හැරියත්, නව නීති (ක්‍රිස්තුස්ගේ නීති) පිළිපැදිය යුතුයි.  මෙය පරස්පරතාවයක් ලෙස සැලකෙන්නේ, නීති අත්හිටුවන අතරම, එම නීතිවලට යටත් වන ලෙස පැවසීම නිසයි.සරලව කිවහොත්  මූලික ඍණාත්මක ක්‍රියාව වන්නේ ආගම වෙනුවෙන් සමාජයෙන් ඈත්වීම සහ  ක්‍රිස්තුස් තුළින් නව සමාජ සම්බන්ධතා ඇති කරගැනීමයි.නීති අත්හිටුවන අතරම, එම නීතිවලට යටත් වන ලෙස පැවසීමයි.
  1. (Radical Negativity)මේකෙන් අදහස් කරන්නේ, ආගම නිසා ඔයාගේ ජීවිතේ හැමදේකින්ම ඈත් වෙනවා. ඔයාගේ පවුලෙන්, යාළුවොන්ගෙන්, සමාජයෙන් ඈත් වෙනවා. ඒ කියන්නේ ඒ හැමෝම එක්ක තිබ්බ බැඳීම්, ඔයාගේ යුතුකiම්, වගකීම් ඔක්කොම අත්හරිනවා.
  1. මැදිහත් වූ ප්‍රතිසංස්කරණය (Mediated Restoration):  ඔයා සමාජයෙන් ඈත් වුණාට පස්සේ, ක්‍රිස්තුස්ගේ බලයෙන් ඔයාට ආයෙත් අලුත් සමාජයක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ, ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට අනුව ඔයාට අලුත් යාළුවෝ, අලුත් බැඳීම් හදාගන්න පුළුවන්.උදාහරණයකට යම් කෙනෙක් තමන්ගේ පරණ ජීවිතය අත්හරිනවා. ඒ කියන්නේ තමන්ගේ යාළුවෝ, පවුලේ අය, සමාජයත් එක්ක තිබ්බ බැඳීම් අත්හරිනවා.  ඊට පස්සේ එයා ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට අනුව ජීවත් වෙන්න පටන් ගන්නවා. එතකොට එයාට අලුත් යාළුවෝ හම්බ වෙනවා, අලුත් සම්බන්ධතා ඇති වෙනවා.
  1. අධිපති-නීති සම්බන්ධයේ පරස්පරතාව:  යේසුස් ක්‍රිස්තුස් කිව්වා, ඔයාලා පරණ නීති අත්හරින්න ඕනේ කියලා. ඒත් ඒ එක්කම එයා කිව්වා, මම කියන දේවල් අහන්න ඕනේ, මම කියන විදිහට ජීවත් වෙන්න ඕනේ කියලා.  මේක ටිකක් අවුල් සහගතයි නේද? මොකද, එක අතකින් පරණ නීති අත්හරින්න කියනවා, අනිත් අතින් අලුත් නීති පිළිපදින්න කියනවා.සරලව කිවහොත්:  ආගම නිසා ඔයා ඔයාගේ ජීවිතෙන් ඈත් වෙනවා.  ඒත් ආයෙත් අලුත් ජීවිතයක් හදාගන්න පුළුවන්.  අලුත් ජීවිතේ ගොඩනගද්දි, අලුත් නීති ටිකක් පිළිපදින්න වෙනවා.

නියමයේ “සම්පූර්ණ කිරීම” (Fulfilment) යන අරුත තේරුම් ගමු.මෙමගින් අදහස් කරන්නේ, ක්‍රිස්තුස් පැරණි නීති රීති (පැරණි ගිවිසුමේ නීති) අහෝසි කිරීමට නොව, ඒවා “සම්පූර්ණ” කිරීමට පැමිණි බවයි. මෙහිදී “සම්පූර්ණ කිරීම” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න විමසා බලමු. ජැක් ඩෙරීඩාගේ අදහස්වලට අනුව, “සම්පූර්ණ කිරීම” යනු සංකීර්ණ සංකල්පයකි.ක්‍රිස්තුස්ගේ තර්කය ඇතුළත  ක්‍රිස්තුස් පවසනවා, “මම පැරණි නියමය අහෝසි කිරීමට නොව, එය සම්පූර්ණ කිරීමට පැමිණියෙමි” කියා. මෙහිදී “සම්පූර්ණ කිරීම” යන්නෙහි තේරුම පහත පරිදි දැක්විය හැකියි.
සම්පූර්ණ කිරීම = අධිපති ක්‍රියාව: මෙහිදී පැරණි නීති රීතිවල සෘජු බලය බිඳ වැටෙනවා. ක්‍රිස්තුස්ගේ පැමිණීමත් සමඟ, පැරණි නීතිවලට නව අර්ථයක් ලැබෙනවා.  “ප්‍රේමය නියමයේ සම්පූර්ණ කිරීමයි” (රෝම 13:10): මෙම ප්‍රකාශය තුළින් ප්‍රේමය, නීතියේ අරමුණු ඉටු කරන බව කියවෙනවා. ප්‍රේමය තුළින් නීතියේ සැබෑ අර්ථය සහ අරමුණ ඉටු වෙනවා.සරලව කිවහොත්:ක්‍රිස්තුස් පැරණි නීති අහෝසි කළේ නැහැ, නමුත් ඒවාට නව අරුතක් ලබා දුන්නා. ප්‍රේමය තුළින් නීතියේ සැබෑ අරමුණ ඉටු වෙනවා.

කීර්කේගාඩ්ට අනුව, විශ්වාසය කියන්නේ ඉතාමත් පෞද්ගලික හා අභ්‍යන්තර අත්දැකීමක්. එය බුද්ධියෙන් හෝ තාර්කිකත්වයෙන් තේරුම් ගත හැකි දෙයක් නොවෙයි.  කීර්කේගාඩ් විශ්වාස කරන ආකාරයට, ආගම, සාම්ප්‍රදායික සදාචාරය බිඳ දමන දෙයක් ලෙස පෙනෙනවා. සාමාන්‍යයෙන් මිනිසුන් සදාචාරයට අනුව ජීවත් වීමට උත්සාහ කරනවා. නමුත් ආගම, එම සදාචාර නීතිවලට අභියෝග කරනවා.  ආගම, ජීවිතයේ සාමාන්‍ය සාරධර්මවලට වඩා වෙනස් වූ දෙයක් ලෙස ඔහු දකිනවා.  විශ්වාසය කියන්නේ, තාර්කිකව පිළිගත නොහැකි දෙයක් සමඟ එකඟ වීමයි. මෙහිදී සාමාන්‍ය බුද්ධියට පටහැනි දෙයක් විශ්වාස කිරීමට සිදුවිය හැකියි.  සම්ප්‍රදායේ සහයෝගය නැති වූ විට, විශ්වාසය තෝරා ගැනීම, පිළිකුල් සහගත තීරණයක් වගේ විය හැකියි.සරලව කිවහොත්  කීර්කේගාඩ්ට අනුව, විශ්වාසය කියන්නේ පෞද්ගලික අත්දැකීමක්.  ආගම, සාමාන්‍ය සදාචාරයට පටහැනි වෙන්න පුළුවන්.  විශ්වාසය කියන්නේ, තාර්කිකව පිළිගත නොහැකි දෙයක් විශ්වාස කිරීමයි.

කීර්කේගාඩ් කියන්නේ, විශ්වාසය කියන්නේ ඔයාගේ පෞද්ගලික අත්දැකීමක්, ඒක කාටවත් පෙන්නන්න බැහැ. ඒක හිතෙන් දැනෙන දෙයක්   සාමාන්‍යයෙන් මිනිස්සු ජීවත් වෙන්නේ හොඳ නරක කියලා හිතලා තියෙන දේවල්වලට අනුව. ඒත් ආගම කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. සමහර වෙලාවට ආගමේ තියෙන දේවල්, සාමාන්‍යයෙන් අපි හිතන විදිහට හරි යන්නේ නැහැ.  උදාහරණයක් විදියට, සාමාන්‍යයෙන් මිනිස්සුන්ට උදව් කරන එක හොඳ දෙයක්. ඒත් ආගම කියන දේ වෙනස් වෙන්න පුළුවන්.විශ්වාසය කියන්නේ මොකක්ද:  විශ්වාසය කියන්නේ බුද්ධියට එකඟ නැති දෙයක් පිළිගන්න එක. ඒ කියන්නේ, ඔයාට තර්ක කරන්න බැරි දෙයක් විශ්වාස කරනවා. ඒක ටිකක් අමුතුයි නේද?  සම්ප්‍රදාය කියන්නේ පරම්පරාවෙන් ආපු දේවල්. ඒවට අනුව අපි හැමෝම ජීවත් වෙනවා. ඒත් විශ්වාසය කියන්නේ, ඒ හැමදේම අතහැරලා ඔයාගේ හිතට එකඟව ජීවත් වෙන එක.උදාහරණයකට  යේසුස්වහන්සේව විශ්වාස කරන කෙනෙක් හිතන්න. යේසුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට්ටා කියලා විශ්වාස කරන එක ටිකක් අමාරුයි නේද? ඒත් ඒක විශ්වාස කරනවා නම් ඒක විශ්වාසයක්.  තවත් උදාහරණයක් විදියට, දෙවියන්වහන්සේට යාච්ඤා කරන එක. ඒක ඔයාට පේන්නේ නැති දෙයක්. ඒත් ඔයා ඒක විශ්වාස කරනවා.  විශ්වාසය කියන්නේ ඔයාගේ පෞද්ගලික හැඟීමක්.  ආගම සමහර වෙලාවට සාමාන්‍ය විදිහට හිතන දේවල්වලට වඩා වෙනස්.  විශ්වාසය කියන්නේ, තර්ක කරන්න බැරි දෙයක් වුණත් දැඩිව පිළිගන්න වන දෙයක්.

More From Author

පවුලෝ ෆ්‍රෙයරේගේ Pedagogy of the Oppressed කෘතිය සිංහලෙන් රවින්ද්‍ර රණසිංහගේ පරිවර්තනය (2023)

ජගත් J. එදිරිසිංහගේ දෙවැනි යොවුන් නවකතා සංග්‍රහය ‘සමන්’

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348