අසීමිත මව් සෙනෙහස

මා හිමිදිරියේ අවදිවුණේ රැකියාව සඳහා පිටත් වීමටය. අම්මාද මට වඩා කලින්ම නැගිට, පිළියෙළ කළ බත් මුල මාගේ අතට තැබූයේ උතුරා ගිය මව් සෙනෙහසිනි.  මම එය රැගෙන, රැකියාවට පිටත් වූයේ සතුටු කඳුළු දෙනෙතෙහි සඟවාගෙනය.  ඉන්පසු, මා නොපෙනෙන තෙක් ඇය බලා සිටියේ කුඩා දරුවෙකු පාසලට යවමින් සිටින මවක් මෙන්ය.  උදේ වරුවේ රැකියාවට ගිය මම, දවල් ආහාරය සඳහා නැගී සිටියේ කෑම සඳහා වෙන්කර තිබූ කාමරය වෙතය.  ඉන්පසු, බත් මුල සෙමින් අරිද්දී, මවගේ සෙනෙහසින් පිරි බත් පතේ සුවඳ මගේ මුලු ශරීරය පුරා විහිදෙන්නට විය.  ” මට හිතුණේ මා තවමත් නිවසේ සිටිනවාක් මෙන්ම, ඒ සුවඳ මවගේ ආදරයේ උණුසුම මෙන් මට හැඟුණි.” අම්මා වෙහෙසී සූදානම් කළ බත් මුලේ බත් ඇටයක් නෑර කෑවේ, අවුරුදු ගණනාවක් කුසගින්නෙන් සිටි යාචකයෙකු මෙන්ය.  එය කෑවේ පෙරේතකමක් හෝ ලෝභකමක් නිසා නොව, මවගේ අතින් සූදානම් කළ ආහාරයට තිබූ ආදරය සහ ඇයගේ මහන්සිය අහක දැමීමේ අකමැත්ත නිසාවෙනි.

“ඉන් අනතුරුව, ඉර බැස යන හැන්දෑවෙ දී රැකියාව අවසන් කර මා ආපසු ගෙදර බලා යාමට සැරසෙද්දී, හදිසියේ ඇද හැලුණු ධරානිපාත වර්ෂාව නිසා මා ගල් ගැසී සිටියදී, රැකියා ස්ථානයේ යෙහෙළියක් පැමිණ, ‘ඔබට කුඩයක් නැද්ද?’  අසමින්, ඇයත් සමඟ යා හැකි බව පැවසූ අවස්ථාවේ, මගේ සිතට සියුම්   සැනසීමක් දැනුණි. “එක කුඩයකින් යාම අපහසු වුවද, අප දෙදෙනා සෙමින් සෙමින් බස් නැවතුම්පොළට පැමිණියෙමු.

මිතුරිය මට සමුදී, වෙනත් බසයකට නැග ගියාය. මා ගමන් ගන්නා බස් රථය බොහෝ ප්‍රමාදවි පැමිණියේය.”මට සියුම් සැනසිමක් දැනුනේ එවිටය.මා විශාල සුසුමක් ඉහලට ගෙන වාතලයට මුදා හැරියේ නොදැනුවත්මය. “බසය පන ගන්වා ටික දුරක් ගිය විට අහඹු ලෙස මට සුන්දර දසුනක් දැක ගැනීමට හැකි විය — සුනඛ මවක් තම පැටවුන් ඇකය තුළ සඟවාගෙන, තමන් ගැන නොසිතා ඔවුන් වැස්සෙන් ආරක්ෂා කිරීමට දරන වෙහෙස.

එය දැක මගේ සිතට වේදනාවක්  දැනුණි මම බසයක සිටින බැවින් ඔවුන්ට කිසිඳු ආකාරයක උපකාරයක් කිරීමට නොහැකි වූනි. තිරිසන් සත්ත්වයෙකු තුළ පවා ඇති මව් සෙනෙහස කෙතරම් ගැඹුරුදැයි මට එවිට සිතුණි…” ඉන්පසු, මාගේ ගමනාන්තය වෙත පැමිණ, අපහසුවෙන් බසයෙන් බැස නිවසට ළඟා වූ විට දුටු දසුනින් මා තැතිගත්තාය.  මාගේ වියපත් මව නිදි වර්ජිතව මා එන මඟ බලා සිටියි.  ඇගේ ඇස් ශෝකයෙන් සහ බියෙන් තැතිගත් අයුරු මා දැක ගත්තේ ඈත සිටමය.  ඇය මා දැක, ඇගේ වියපත් භාවය පසෙකලා, මා ඉදිරියට දිවගෙන ආවේ අහිමිවූ සම්පතක් නැවත ලැබූනා වාගේය.  ඇය කිසිවක් නොපවසා, මා දැඩිව වැළඳ ගත්තේ අසීමිත මව් සෙනෙහසිනි.

ඇගේ වියපත් දෑත් වෙව්ලන නමුත් උණුසුම්ව තිබුණාය.  ඇය මා හට දොස් පවසනු වෙනුවට, නිහඩවම මගේ ගතෙන් ඇද හැලෙන වතුර බිඳු පිසලා දැමුවේ  කුඩා දරුවෙකුගේ මවක් මෙන්ය.  මම ද ඇගේ උණුහුමට තුරුල් වුයෙමි. එවිට මට සිතුනේ මව් සෙනෙහස කෙතරම් පිවිතුරුද? එය කිසිවකට සමාන කළ නොහැකි බවය.  මට එය ඉවසා ගත නොහැකිව, මගේ නෙත් කඳුලින් බරවුණේ නොදැනුවත්වමය.  ඉන්පසු අප දෙදෙනා මෝර සුරන වැස්සෙම එකට තුරුල් වී ගෙදරට ගියෙමු.  ඇය මාහට උණුසුම් කෝපි කෝප්පයක් දි, තෙත බරිත වූ මාගේ හිස තුවායකින් පිස දැමුවාය.  ඒ මොහොතේ මට හැඟුණේ, මම කොපමණ උස් මහත් වුවද, මාගේ අම්මාට තවමත් ඇගේ කුඩා දරුවාමය.  ඇගේ ආදරය සෑම දවසකම,ඔබ එනතුරු දොරකඩ ලඟ බලා සිටී!

ලෝකය සෑදී ඇත්තේ මවගේ කිරිවලින් හා හිරුගේ රැස්වලින් – මක්සිම් ගෝර්කි” පැවසූ එම අර්ථවත් වැකිය ද මට සිහිපත් විය. 

නිමි

More From Author

ඉතාලියේ ජන මත විචාරණ ඉතිහාසය සහ පුරවැසිභාවය ලබා ගත්තත් තමන් වෙනුවෙන් නැති විදේශික පුරවැසියෝ

මැඩ්ලීන් නෞකාව ඊශ්‍රායලයේ අෂ්ඩෝඩ් වරායේ රදවාගෙන ?

Leave a Reply

Categories

LDM Columns

https://www.facebook.com/profile.php?id=61575953530348